Showing posts with label සමාජීය. Show all posts
Showing posts with label සමාජීය. Show all posts

Monday, July 9, 2012

රිච්මන්ඩ් රළ 2008 සංවිධානය කල වික්ටර් රත්නායකයන්ගේ ගාලු පුර අවසන් ස ප්‍රසංගය අතිසාර්ථකයි

රිච්මන්ඩ් රළ 2008 මගින් සංවිධානය කල ගාලු පුරවරේ අවසන් වරට පවාත්වන වික්ටර් රත්නායකයන්ගේ 'ස' ප්‍රසංගය අතිසාර්ථක ලෙස ජූලි 7 වන දින  සවස 6:30 ට කරාපිටිය වෛද්‍යපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත් විය.


සවස 6.30 ආරම්භ කරන ලස මෙම ප්‍රසංගයට නැරඹීමට බොහෝ ජනකායක් පැමින සිටි ආකාරය දක්නට ලැබුනි.. ශාලාව තුල තිබූ සියලු ආසන පිරී ගියද මෙම ප්‍රසංගය නැරඹීමට බොහෝ පිරිස් උද්යෝගීමත් වූ අතර අවසානයේ ඇතැම් පිරිස් ආසන නොමැතිවද මෙම අවසාන ස ප්‍රසංගය නැරඹීමට කැමැත්ත ප්‍රකාශ කර සිටියහ.
ඔවුන්ගේ ඉල්ලිමද ඉටු කල සංවිධායක මණ්ඩලය ඔවුනටද මෙම අවසාන ස ප්‍රසංගය නැරඹීමේ අවස්ථාව උදාකර දුන්හ..මේ සියල්ලන්ගෙන්ම පෙනි යන්නේ රළ 2008 සංවිධානය සංවිධානය කල මෙම ප්‍රසංගයේ සාර්ථක බාවයයි.


රිච්මන්ඩ් රළ 2008 සංවිධානය මගින් මෙම 'ස' ප්‍රසංගය සංවිධානය කිරීමේදී විවිධ බාදක කම්කටොලු රැසකට මුහුණ දීමට සිදු වුවද රිච්මන්ඩ් රළ 2008 සියලු සාමාජිකයන් එකාවන්ව අත්වැල් බැද සිදු කල මෙම දැවැන්ත කාර්යය සියලු දෙනාට ආදර්ශමත් ක්‍රියවක් විය.මෙම ප්‍රසංගය සංවිධානය කිරීමේදී ඇතැම් පිරිස් මෙම ප්‍රසංගය නැවැත් වීමට උත්සාහ කලද රිච්මන්ඩ් රළ 2008 සාමාජිකයින් එකාවන්ව, එකම සහෝදර කැළක් මෙන් අත්වැල් බැද සිදු කරන ලද දැවැන්ත ක්‍රියාව අවසානයේ සියල්ලන්ගේම දහඩිය මහන්සියේ ප්‍රතිඵලයක් විය


මෙම දැවැන්ත කාර්යයට විශාල පිරිසක් තම වටිනා කාලය කැප කල අතර ඔවුනට හිස නමා ආචාර කල යුතුය. කරාපිටිය වෛද්‍යපීඨ ශ්‍රවණාගාරයට විශාල ජනගගක් ගැලුවේ මෙම සියලු පිරිසගේ සහයෝගය හා එකමුතුකම නිසාය.


මේම ප්‍රසංගය සිදුකර ගතව නොහැකිව පරාජය දැකීමට බලාසිටි පිරිසක්ද නැතුවාම නොවේ.නමුත් ඔවුන්ට තවමත් බලා සිටීමට සිදුව ඇත.මන්ද රිච්මන්ඩ් රළ 2008 විශාල ජයක්ග්‍රහණයක් දැනටමත් ලබා අවසන්ය.


අපි රිච්මන්ඩ් මාතාවගේ දරුවන්ය..එමෙන්ම රිච්මන්ඩ් රළ 2008...සියලු බාධක බිද දමමින් නොනැවති ඉදිරියටම.......!!!!!































'ස' ප්‍රසංගයේ සියලුම ඡායාරූප 




*
*
*


RICHMOND රළ 2008

web::   www.richmondrala.org

email:: info@richmondrala.org

*
*
*





Saturday, July 7, 2012

රළ 2008 මගින් සංවිධානය කරන ගාලු පුර අවසාන් වරට පැවැත්වෙන වික්ටර් රත්නායකයන් ගේ 'ස' ප්‍රසංගය අද...

සිහිල් සුළං  රැල්ලේ..ඔබේ සුවද මුසුවේ....

 පුරා වසර 39ක් මුලුල්ලේ පවත්වාගෙන පැමිණි දෙස් විදෙස් රසික රසිකාවියන්ගේ සිත් සතන් ආක්‍රමණය කර වික්ටර් රත්නායකයන්ගේ "ස" ප්‍රසංගයේ ගාලු පුර අවසන් "ස" ප්‍රසංගය  2012 ජුලි මස 7 වන දින සවස 6:30 ට කරාපිටිය වෛද්‍යපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.. 1973 ඇරඹුණ මෙම ප්‍රසංගය දැනට ලොව පුරා දර්ශන වාර 1500ක් පමණ පවත්වා ඇති අතර ලුම්බිනි රගහලේ පැවැත්වෙන අවසාන "ස" ප්‍රසන්ගයෙන් (ජුලි 20) පසු මින් ඉදිරියට මෙම සොදුරු මිනිසාගේ "ස" ප්‍රසංගය සමුගැනිම සනිටුවන්කරයි..........!!!!! 


~~~~~~~~~~~~~~~~~~~~~~~~~


ජුලි 07 - ගාල්ල, කරාපිටිය වෛද්‍යපීඨ ශ්‍රවණාගාරය(අද දින)
ජුලි 18 - නෙළුම්පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල.
ජුලි 19 - මහරගම යොවුන් රඟහල.
ජුලි 20 - හැවුලොක් ටවුන් හි ලුම්බිණි රඟහල.



~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
 අද දින සවස 6:30 ට කරාපිටිය වෛද්‍යපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන ගාලු පුර අවසන් ප්‍රසංගයට ඔබ සැමට ආරාධනා... ප්‍රවේශපත් එදින දොරටුවෙන්...
විමසීම්:: සරින්ද ජයසිංහ 0773761874 / විශ්වජිත් ක්‍රිශාන් 0772616875(රළ 2008)
 
 

Wednesday, May 16, 2012

තමාට කිසිවක් නොහැකියයි කිසිදිනකවත් පසුබට නොවන්න...Don't give up!


බර්සිලෝනා ඔලිම්පික් තරගාවලියේ තවත් එක් දවසක්...මීටර් 400 පිරිමි ධාවන තරගය ඇරඹීමට සූදානම්ව..........Derek Redmond මීටර් 400 ධාවන තරගයන්හි වාර්තා තබා ඇති ඉතා දක්ෂ ක්‍රීඩකයෙකි.ඔහුද මෙම තරගය සදහා තරග වැදීමට සූදානම්ව සිටියහ.ධාවන තරගයේ ඇරඹුම් සංඥාව ලබා දුන් පසු සියල්ලන්ම ජයග්‍රහණය බලා පොරොත්තුවෙන් ඉදිරියටම ඇදී ගියහ.Derek Redmond වෙනදාමෙන් අනෙක් සියළුම තරග කරුවන් පසුකරමින් ඉදිරියෙන්ම......නමුත් මීටර් 150ක් වැනි දුරකදී Derek Redmond පසුබෑමකට ලක්විය.ඔහුගේ පාදයේ හටගත් ආභාදයක් හේතුවෙන් ධාවනය පථය මත වේදනාවෙන් ඇද වැටුණි.


කාලය නතර කිරීමට නොහැක.සියළුම ක්‍රීඩකයන් මොහු අභිබවා ඉදිරියටම ගොස් හමාරය.ප්‍රේක්ශකයන් සියළු දෙනාමමොහු දෙස බලා සිටී....නමුත් මොහුගේ සිතේ අධිෂ්ඨානය ඇත්තේ තරගය නිමා කිරීමටය.මොහු තමාගේ වේදනාව ගැන නොසිතා ධාවන පථය දිගේ ඉදිරියටම ඇදුණි.බොහෝ පිරිස් මොහුව නැවැත්වීමට උත්සාහ කලහ.නමුත් ඔහුගේ අධිෂ්ඨානය කෙසේ හෝ තරගය නිමා කිරීමයි.
ඔහු නොනවත්වාම තම වේදනාව ගැන නොසිතමින් ඉදිරියටම ඇදුණි

ආරක්ෂකයන්ගෙන් මිදී කිසියම් පුදගලයෙකු පැමිනෙයි.වෙන කවුරුන් හෝ නොව ඒ ඔහුගේ පියානන්ය....

"ඔබ මෙය කිරීමට අවශ්‍ය නෑ...." පියාගේ ප්‍රකාශයයි.

"නැහැ.... මට මෙය කිරීමටම අවශ්‍යයි......" හැඩූ කදුලින්ම,

"හරි....එහෙමනම් අපි දෙදෙනාම එකතුවී තරගය අවසන් කරමු..."


ඔහු තම පියානන් සමග එකතුවි තරගයේ අවසානය කරා පැමිණියහ.65000 අධික ප්‍රේක්ෂකයන් පිරිසක් තම ආසන වලින් නැගිට අත්පොලසන් දීමට පටන් ගත්හ.

කිසිදාක ඔබ තමන්ට නොහැකියයි කියා සිතින් පසුබට නොවන්න.එසේ සිතා වැඩ කිරීමෙන් ඔබ කිසිවිටෙකත් පරාජයට ලක් නොවේ.....




මොහු මෙම බාසිලෝනා ඔලිම්පික් තරගාවලියෙන් අනතුරුව කෙරෙනු සැත්කමක් හේතුවෙන් නැවතත් ධාවන තරග වලට සහභාගී වීම හා තම රට නියෝජනය කිරීමට ඇති හැකියාව ඔහු වෙතින් ගිලිහී ගියහ.
නමුත් ධාවන තරගයන්ට සමුදුන් ඔහු Basketball ක්‍රීඩාව සදහා යොමුවිය. ඉතා සුළු කාලයකදී නැවතත් Basketball ක්‍රීඩාව හරහා තම රට නියෝජනය කිරීමට හැකියාව ඔහු ලබාගත්හ.

"ඕනෑම පුද්ගලයකු හිතින් ශක්තිමත්නම් කිසිම දෙයකින් පරාජය කිරීමට මෙන්ම,කිසිවෙකුටත් පරාජය කිරීමට නොහැක....."


*

උත්සාහය හා කැපවීම පිලිබදව තවත් ලිපියක්....

*
 

Wednesday, March 28, 2012

ළමා කාලයේ සොදුරු රූපවාහිනී වැඩසටහන්




ඕනම කෙනෙක් තමන් ගේ බාල කාලයට යන්න කොහොමත් කමතියි නේ..එමෙන්ම පාසල් ජීවිතයට..නමුත් ආපසු ඒ ළමාවියට නැවත ගමන් කිරීමනම් කල නොහැක්කක්..නමුත් ඒ සොදුරු ළමා කාලයේ මතකයන් බොහෝ මයක් අප වටා තාමත් තියෙනවා..ඒ සොදුරු ළමාකාලයේ රූපවාහිනියේ ළමාකාලය හා බැදුනු අමතක නොවන ළමා වැඩසටහන් කිහිපයකගේ මතකයන් ඔබවෙත ඉදිරිපත් කිරීමට සිතුවෙමි.බලන්න මේ සමගම ඔබේ සිතත් ඒ සොදුරු ළමාකාලයට වෙත ඇදී යන අයුරු....



මුහුද මගේ ගොඩබිමයි.... දොස්තර හොද හිත





කවුද බෝයී








පිස්සා මූ පිස්ස මූ..පිස්සු පූසා මූ....





හා හා හරි හාවා....






වැඩිහිටි තොත්ත බබාලා







මල් පිපෙයි දෙනෙත් ඇරෙ අඹ යහළුවෝ





පහන තියා බුදු සාදුට






කටු අකුලේ







වෙසක් කැකුළු.. රේඛාව







සූර පප්පා









මොනවද මුත්තේ මොකද කරන්නේ'..








මොනවද අම්මේ අකුරු ජාතියක්







Tuesday, January 10, 2012

රටේ පවතින අයාලයේ යන බලු ජනගහනය




දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයද ඉදිවී අවසන්ය..මෙතෙක් පැය තුනක්, තුනහ මාරක් යන ගමන දැන් පැයෙන් යා හැකිය.මිනිසුන්ට අධිවේගී මාර්ගය පහසුවක්ය.නමුත් මේයින් නැසෙන පිරිසක්ද සිටී. එනම් පාරේ අයාලයේ යන සුනඛයන්ය. අධිවේගීමාර්ගයේ දවසකට අයාලයේ යන සුනඛයන් අවමය 5ක් හෝ 6 වාහන වලට යටවී මිය යති.වෙනත් මාර්ගයකනම් කෙසේහෝ මග හැර යා හැක.නමුත් මෙවැනි මාර්ගයක එසේ කිරීමට නොහැක.යම් සතෙකු තමාගේ වාහනයට යට වුන විට එ පිලිබදව කලකිරී වහනයෙන් බැස එන සත්ව කරුණාවක් ඇති පිරිසක්ද ලංකව තුල වාසය කරයි.නමුත් මෙම මාර්ගය තුල එසේ කිරීමට නොහැක. සුනඛයන් නිසා දැනට අධිවේගී මාර්ගයේ අනතුරු බොහෝමයක් සිදුවී ඇත.තවම මාරන්තික අනතුරු සිදුව නොමැති බව සතුටට කරුනකි. නමුත් ඉදිරියේදි අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහන ප්‍රමාණය වැඩිවීම නිසා එවැනි අනතුරු නොවී සිටීමටත් නොහැක.එසේ නොවේවායි මාගේ ප්‍රාර්ථනය.


ශ්‍රී ලංකාවතුල මෙම බලු ප්‍රශ්ණය දැන් ඉහලින්ම කාතාකරන මාතෘකාවක් බවට පත්ව සිටී.මෑතකදී ලංකාවට පැමිනි දූතයින් පිරිසක් ජනාධිපතිතුමාට පවසා තිබුනේ ශ්‍රී ලංකාව ඉතා ලස්සන රටක්.නමුත් පාරෙ අයාලයේ යන සුනඛයන් ප්‍රමාණයනම් වැඩි බවයි. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් පවසන්නේද නිදහසේ පරේ ඇවිදීමට නොහැකි බවයි. ලංකාවේ එක මිනෙසෙකුට බල්ලන් දෙදෙනෙකු හෝ දෙදෙනෙකුට වඩා සිටී.. මොරටු විශ්ව විද්‍යාලය තුල තත්වය මෙවැනිය....







 ශ්‍රී ලංකාවතුල බලු වන්ධ්‍යකරනය නොකෙරෙනවාම නොවේය.උදෑසනම පාරේ යමට නොහැක.බලු රෑන් පිටින් පසුපස එලවමින් පැමිනේ.නමුත් එය සාර්ථක වී නොමැති බවක් පේනේ.මේයට විසදුම සියලුම අයාලයේ යන සුනඛයන් මරා දැමීමද නොවේ.මන්ද බුදු ධහමට අනුව සත්වයින් නිකරුනේ මාරා දැමීමද යහපත් කරුණක් නොවන බැවිනි.තමාගේ නිවසේ සිටින බැල්ලියට පැටවුන් බිහිකර පසු ඔවුන් පාරේ අතහැර දැමීමද නොකර යුතුය.  නමුත් මෙයට කිසියම් හෝ පියවරක් ගත් යුතුය.තවමත් මෙයට නිවැරදි පිලිතුරක් නොමැති කාරණයකි



Saturday, January 7, 2012

අද පොඩ්ඩෝ ලොකු උනාම කවුද වෙන්නේ




සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම...!!! මේ අවුරුද්දේ පල කරන පලවෙනිම ලිපිය. මුණුපොතේ සැරිසරන කොට තමයි ITN නාලිකාවේ යන වෙනස වැඩසටහනේ වීඩියෝ දර්ශනයක් දැක්කේ. "අනාගතයේ පොඩ්ඩෝ  ලොකු උනාම මොකද කරන්නේ..??? "






Friday, December 23, 2011

බෝහෝ දෙනෙකු ලග නොමැති මිනිසාගේ මනුස්සකම


අප ජීවත් වන ලෝකය කොතරම් පොඩියිද..?? එහි වසය කරන ඇතැම් මිනිසුම් කෙතරම් හොද යහපත් උසස් පුද්ගලයින්ද..?? මේ බලන්න.මිනිසුන් මීනිසුන්ට උදව් කරගන්නා ආකරය..ඇයි සියල්ලන්ටම මෙසේ වීමට නොහැකි..??මිනිසෙකුත් උපකාර කිරීමට බොහෝ විට පැමිනෙන්නේ තවත් මිනිසෙකි...අනෙක කෙනෙකුට උපකාරයක් කර විට ඔහු පිලිබදව පැහැදීමක් ඇතිවී අන්යන්ටද උපකාර කරනා සැටි..සියල්ලන්ම මෙසේ වනවානම් කෙතරම් හොදද?අන්යන්ට වෙනස්කම් නොකර..!!


Wednesday, June 15, 2011

කස්ටගෙ දෙකක් අහගත් පසු පී ඇමයා... එන්නේ පු*ට පැට්‍රල් ටික ගැසු සැටියා.....


මෘදුකාංග ඉංජිනේරු නමින් හදුන්වන පහත් කුලේ රැකියාවක නියුක්ත වූවන් පිරිසක් තම පාලුව කාන්සිය මකා ගැනීම සදහා රාත්‍රී කාලයට එහා කියුබිකල් එකේ තම සගයාට ඇසෙන සේ කියන කවි මෘදු කවි නම් වේ.

"
ඉන්නේ නාවලයි AC එකක් යට...
කන්නේ බිස්කටුයි රට චොකලට් රහට...
බොන්නේ නෙස්කැෆේයි පූරුවෙ කල පවට...
යන්නේ කවදාද මවුපියො දකින්නට...

ගූගල් කරලමයි සිස්ටම් හදන්නේ...
එම Code බලාලයි ඇස් දෙක රිදෙන්නේ...
ASE නෙමෙයි SE බර අදින්නේ...
පිටරට එවුන්ටයි අපි වැඩ කරන්නේ...

අම්මාපල්ල QA අත වරද නැත...
අපේ තියෙන වැරදී උන් හදුනගතී...
DEV ලා කරල Code වලට හානි නැතී...
ස්ට්ය්ල්‍ර කරනාවුන් නරකා දියේ යතී...

කස්ටන් එකක් වැඩ කරනෙක ලේසි නැතී...
උන්ට ඕනදේ උන්වත් නොදැන ඉතී...
කරනා දෙයක අඩුවක්මය දකිනු ඇතී...
PM කාරයගෙ නිතරම ඔලුව කතී...

කස්ටගෙ දෙකක් අහගත් පසු පී ඇමයා...
එන්නේ පු*ට පැට්‍රල් ටික ගැසු සැටියා...
දවසෙම මූගෙන් අහගන්නට වෙන හැටියා...
SE උනේ පෙර පවකට දෝ සැකයා...

රික්වයර්මන්ට් මෙලෝ දෙයක් නොදන්නේ...
ස්ටෑන්ඩර්ඩ්ස් හැම විටකම සොයන්නේ...
කෝඩ් රිවිව් කරපු ගමන් කෙලවෙන්නේ...
ආකියගේ මවුපියනුයි සිහිවෙන්නේ...

හොරයට බොරුවට වංචාවන්ට නැතිය ඉඩක්...
කීව ඒ එකත් එකවිදිහක පොලෝසියක්...
පොඩ්ඩ එහා මෙහ උනොතින් ලොකු නඩුවක්...
ස්කේල් ඩවුන් කියල ගෙදර යවන හැඩක්...

රැයක් නැත දවාලක්,නින්දක් නැතිය...
කෑමක් නැතිය මහ රෑ ගෙදරට එතිය...
ඉතිං පුංචි දේටත් තරහා යතිය...
අයි ටී ඉන්ංජිනේරුවො ගැන මට දුකය...

රෑ එක දෙක වෙනකල් ඇහැරන් ඉන්නේ...
තව චිත්තර පටිත් බලලයි නිදියන්නේ...
.පෙම්බර ඇත්තගෙ වැඩ කිඩ ගැන දන්නේ...
ගහ දන්නා නිසා කොල ඕනෑ නෑනේ...

සති අන්තෙට ගෙදරින් එළියට ගන්න...
කඹයක් ගෙනත් ඇද්දත් බැරිවෙයි ගන්ඩ...
මේවගෙ උන්දැලා කරකාරෙට ගන්ඩ...
අපි හින්දම හොදයි මේවා ඉවසන්ඩ...
"

E-Mail හරහා ලැබුන ලිපියකි
*
පෙර කවියට මෙතැනින් පිවිසෙන්න
*

Sunday, February 13, 2011

අර කන්ද මුදුනේ ගෙයක් හදාගෙන ලුණුයි බතුයි කාල ජීවත් වෙමු අනේ....!!!

මේක අද TV එකේ News වලදි තමයි අහන්න ලැබුනේ (ඔන්න මම TV එකෙ News බලනව හොදේ)

අපි දෙන්නා අන්න අර පේන කන්දෙ උඩ පොඩි ගෙයක් හදාගෙන ලුනුයි බතුයි කාල ජීවත් වෙමු.. ...!!!!
ඕක ඉතින් ඉස්සර ආදරවන්තයින්ගේ ලග රැදුනු වචන මාලවක්නේ.... හැබැයි දැන් මේක වෙනස් කරන්න තමයි වෙලා තියෙන්නේ.. ලුනුයි බතුයි කන එකනම් කරන්න වෙනවා.. මොකද ඉතින් මේ දවස්වල බඩු මිල වැඩියිනේ... හැබැයි කදු උඩ ගෙවල් හදන එකනම් දැන් කරන්න වෙන්නේ නෑ... දන්නවනේ මේ ලගකදි ලංකාවේ තැනින් තැන සිදුවුන විපත් ගැන.. කදු නාය ගිහින්... ගෙවල් යටවෙලා... මිනිස්සු මැරිලා.... මේවගේ සිද්දි බොහෝමයි...මතකනේ මහනුවර පැත්තෙ සිදුවුන සිදුවීම් පෙල... අන්න එක නිසා දැන් කදු මුදුන්වල අවදානම තත්වයන් පවතින තැන් වල නිවාස ඉදිකිරීම තහනම් කරල තියෙනවා... එකියන්නේ ඒ වගේ තැනක නිවාස ඉදිකිරීමට පවා අවසර ලබා දෙන්නේ නෑ... යම් පෙදෙසක පළාත් පාලන නිළධාරියා එවැනි නිවාසයක් සෑදීමට අවසර ලබා දී එම නිවසට කිසියම් හෝ හානියක් සිදුවූ විට එහි සම්පූර්ණ අලාභය ඔහුවිසින් ගෙවීමට නීති හදල තියෙනවා.. ඉතින් කොහොමද වැඩේ... දැන් ඉතින් තියෙන්නේ අන්න අර පේන තැනිතලාවෙ ලොකු ගෙයක් හදාගෙන ලුණුයි බතුයි කාල ජීවත් වෙමු....!!! කියල තමයි :D :D :D

Saturday, September 18, 2010

අපි කළු කරොත් වැරදිද........????????



දන්නවනේ ඉතින් ලංකාව ගැන...... හැමදාම මොකක් හරි අලුත් නීතියක් දොරට වඩම්මලා නේ දවස පටන් ගන්නේ.. මේකෙන් ඉතින් ගොඩක් වාසිවන්නේ පොලීසියේ කට්ටියට තමයි.(හැමෝම නෙවෙයි,සමහරක් අයට ) හොද කෙලින් පාරක වාහනේ ටිකක් හයියෙන් යන්න බෑ.. මීටරේ ගහල කියනව තොගේ වේගේ වැඩී හයිස්පීඩ් කියලා.... පාරේ තියෙන සුදු ඉරක් කපන්න බෑ.. හරියට ඒව උඩින් ගියාම ඉරි ගෙවෙනව වගේ.. ඉරි කපන එක ඉතින් වැරදි තමයි.. ඔය නීති නැත්තම් ඉතින් කොටි ඉන්න කාලේදි කිව්වා වගේ කොළඹ ගිහින් ගෙදර එනකම් ෂුවර් නෑ වගේ පාරට ගිහින් එනකම් ෂුවර් නෑ කියල කියන්න වෙනවා..ඉරක් තියෙන තැනක බස් එකක් නවත්තල තිබුනොත් ඉතින් බස් එක යනකම් අපි බස් එකේ පිටිපස්සට වෙලා ඉන්න ඕන.. මොකද ඉරි කපන්න බෑනේ.. :D :D

දැන් ලගකදි ඉදල ක්‍රියාත්මක වෙන අළුත් නීතිය තමයි වාහනයක ඇති වීදුරු කළු කරන්න බෑ කියන එක.. මේක දැනට සමහර පළාත් වල ක්‍රියාත්මක වෙන බව අසන්නට ලැබෙනවා.. සොරිම තමයි..මේ නීතිය අනුව වාහනයක නිෂ්පාදිත සමාගම විසින්ම වීදුරු කළු කර ඇති වාහන මෙම නීතියෙන් බේරෙනවා.. මේකට අහුවෙන්නේ අවුවේ යනකොට ඇතුල රත් වෙන එක ටිකක් හරි අඩුකරගන්න, AC එකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න උත්සාහ කරන අයට තමයි. වෙන නීති වල වගේම මේ කළු නීතියටත් අහුවුන ගමන්ම ඉතින් දඩ කොලේ ලියවිල ඉවරයි.

කොටි ත්‍රස්ථවාදීන් උතුර රජ කරන කාලේදිනම් ආරක්ෂක හේතුන් මත මෙම නීතිය තිබ්බද කොහෙද..??( මටනම් එහෙම එකක් මටක නෑ..)

බොහෝ අය වාහනයක වීදුරුවක් අදුරු කරන්නේ,
*ඇතුලත රත් වීම වළක්වා ගැනීමට
*AC එකෙන් උපරිම ප්‍රයෝජනයක් ගැනීමට
*අලංකාරය සදහා

මේ මොනව උනත් මේ නීතියත් වලංගු වෙන්න සාමාන්‍ය ජනතාවට තමයි.. මැති ඇමතිවරුන් වගේ පුද්ගලයන්ට මේ නීතිය නෑ... මොකද ඒ අය අවුවේ යනකොට කළු වෙනවනේ..

Tuesday, August 31, 2010

මේහෙම වැඩකරන අය දොස්තරලද..??? කොන්දොස්තරලද....??


   
  මේ සිද්දිය අද පත්තරෙ බලද්දි තමයි අහුවුනේ.මේක වෙලා තියෙන්නේ ගම්පහ මැදගම සුනන්දාරාම විහරයේ. එහේ ඊයේ දේශීය වෙද්‍ය සායනයක් තිබිල තියෙනව.එකට බොරැල්ලේ ආයුර්වේදේ ශික්ශන රෝහලේ විශේෂඥ වෛද්‍යවරියන් හතර දෙනෙකුත් ඇවිල්ල තියෙනව.
ඔන්න ඔතනදි තමයි මේක වෙලා තියෙන්න. සාමන්‍යයෙන් ඕනම කෙනෙක් පන්සලකට ඇතුළුවෙනකොට පාවහන් ගලවන සිරිතක් තියෙනවනේ. ඒත් මෙම වෛද්‍යවරියන් හතර දෙනා පාවහන් පිටින් ම පන්සලට ඇවිල්ලා තියෙනව. ඔය වෙලාවේදි නායක හිමියන් ඇවිත් කියල තියෙන්නේ ජනාධිපතිත් පන්සලට එනකොට පාවහන් ගලවල එන නිසා පන්සලට එනකොට පාවහන් ගලවල එන්න කියල.ඔය වෙලාවෙදි ඔය වෛද්‍යවරියන් හතර දෙනාට පොඩ්ඩක් යකා නැගල තියෙනවා. හමුදුරුවෝ කියපු ඒ දේට ප්‍රතිචාර දක්වල තියෙන්නේ ඔවුන් ආපු සායනයටත් සහභාගීවීම ප්‍රතික්ශේප කිරීමේනුයි. ඔවුන් ඒ සමගම තමන් පැමිණි වාහනයට වෙලා පැය 5ක් ඉදල තියෙනව. ඔය වෙලාවේදි එතනට ආපු දේශීය වෙද්‍ය නියෝජ්‍ය ඇමති ඇවිල්ල සායනයට සහභාගිවෙන්න කියල ඉල්ලීමක් කරල තියෙනව. ඒත් ඔවුන් එම සායනයට සහභාගි වීම ප්‍රතික්ශේප කරල තියෙනව. මෙම කට්ටියගේ මේ ක්‍රියාව නිසා අසරණ වැඩිහිටි වීශාල පිරිසක් ඉතා අපහසුතාවයකට පත්වෙලා තියෙනව...

අනේ ඇත්තටම මෙහෙම වැඩකරන (කොන්)දොස්තරලත් ල0කවේ ඉන්නවනේ......

Friday, August 27, 2010

ශ්‍රී ලoකාව වැනි ධර්මද්වීපයක් තුල මෙවැනි දේවල් සිදුවිය හැකිද...??

හලාවත මුන්නේශ්වරම කාලි කොවිලේ දී සතුන් ඝාතනය කරමින් සිදුවන මහා බිලි පුජාව (25) එම කොවිල් භූමිය තුල සිදුකෙරුණි. මෙම බිලි පුජාව ගියවසරේදී ද සිදුකල අතර එම වසරේදී එළුවන්,කුකුළන් ඇතුලු අහිoසක සතුන් 500ක් පමන ඉතා කෘර ලෙස ඝාතනය කලහ. මෙවරද එවැනිම වූ සතුන් 400ක් පමණ ඝාතනය විය.

මෙම කොවිලේ විවිධ භාරයන් සිදුකිරීමට මෙවැනි සතෙකුගේ හිස කපා දෙවියන් වෙත පූජා කල යුතුය.මෙවරද ඒ කාර්යය සදහා විශාල පිරිසක් සහභාගී වී ඇතිබව වාර්තා වේ.මේ පිරිස අතර සිoහල ජනතාවද විශාල පිරිසක් සිටීමද කණගාටුවට කරුණකි.

නමුත් මේ බිලි පුජාව නතර කරන ලෙස ඉල්ලමින් ජාතික සoඝ සම්මේලනය විරෝධතාවයක් ගෙන ගිය නමුත් හලාවත පොලීසිය මැදිහත් වී එම විරෝධතාවය නතර කලහ.මෙවරද එම බිලි පුජාව ආවරනය කරන ලද මඩුවක් තුල සිදුවිය.
ශ්‍රී ලoකාව වැනි ධර්මද්වීපයක් පයක් තුල මෙවැනි දේවල් සිදුවීම ඉතා කණගාටුවට කරුණකි











ඔබගේ අදහස්..........

Tuesday, May 25, 2010

නොමිලේ මුණු පොතේ සැරිසරමු..........














මේක හරියන්නෙ හැබැයි මොබිටෙල් පාවිච්චි කරන අයට විතරයි....
වෙනදා phon එකෙන් මුණු පොතට යන්න තියෙන m.facebook.com ලින්ක් එක වෙනුවට 0.facebook.com කියන ලින්ක් එක type කරන්න විතරයි තියෙන්නේ...
හැබැයි වෙනදා වගේ මුණු පොතේ තියෙන පින්තුර මුකුත් පෙන්න්නන්නේ නෑ.. ඒකට එකේ තිය්න photo කියන ලින්ක් එක කොටන්න වෙනවා.... ඒත් ඒක කොටල පින්තූර බලනවට නම් සල්ලි අයකරගන්නව..............
උත්සාහකරල බලන්න.....!!!!!!!!!!




Monday, May 17, 2010

රණවිරු සතිය නිමිත්තෙන්.........

අපි රණවිරු සතිය නිමිත්තෙන් අපේ මුහුණු පොතේ පින්තුරයට ජාතික ධජයක් දමමු...........!!!!!!!!!!!!!!!!!!


මෙන්න සිහ ධජය...





මෙය ඔබේ මුණු පොතතේ profile පින්තුරය සදහා upload කරන්න

Friday, May 7, 2010

"වැඩත් ඇහැකි...ගමත් ගාල්ලේ........!!!"




"වැඩ බැරිවුනත් ගම ගාල්ලේ........!!!"

"ඕක කිව්වේ ඉස්සර.....
කවුද කියන්නේ ගාල්ලේ පොරවල් ට වැඩ බෑ කියලා.....
ඕක හිත හිත ඉන්න කොට තමයි මගේ ෆ්‍රෙඩෙක් (නම තර්ජනය කොට මකා ගන්නා ලදී) සිරා ගෘප් එකක් මූණු පොතේ හදල තියෙන්නේ........"

"වැඩත් ඇහැකි...ගමත් ගාල්ලේ........!!!"
"ගාල්ලේ කට්ටිය ඕක ගැන හිතලා ඕක පිළිගන්නවනම් මෙතනින් කොටන්න...<<කොටන්න>>
හිත හිත ඉන්න දෙයක් නෑ .. කතාව ඇත්තනේ..... ඔන්න ඔහේ කොටල දාන්න"

Friday, April 23, 2010

8). දේශපාලනය හා මනුස්සකම.....


මේ කියන කතාව සත්‍යය සිද්ධියක්. මෙහෙම කිව්ව කියල පස්සේ හිතන්න එපා මෙච්චර කාලයක් දාපු පොස්ට්
ඔක්කොම බොරු කියල....

මේ කියන කතාව සිද්ධ වුනේ ගාල්ලේ එක්තරා ප්‍රසිද්ධ රොහලක, එක්තරා වාට්ටුවක. මේක දැන ගත්ත හැටි,මොන වාට්ටුවේ ද, මොන රොහලේ ද කියල නම් මගෙන් අහන්න එපා. මම ඔය කියන වාට්ටුව "X" කියල හදුන්වන්නන්කො. එතකොට මේක කියන්න පහසුයි.

මේ දවස් වල කාගෙත් ඉහ මොළ වලට වැදිල තිබුනේ ඡන්දෙ ගැන.ඔය X වාට්ටුවෙ ඉන්නව එක්තරා උසස් තනතුරක් දරන පුද්ගලයෙක්.ඒ මනුස්සයා හොද අලි කාරයෙක්(UNP). තම පක්ෂය ගැන ඉහලින්ම වර්ණනා කරන පුද්ගලයෙක්. සමහර දවස්වල මේ පුද්ගලය X වාට්ටුවේ අනිත් කාර්ය්‍යමණ්ඩලය සමග පවා කොකු ඇදගෙන තියෙනවා.
කොකු කියන්නේ රණ්ඩු වෙලා තියෙනව. දවසක් මේ වට්ටුවට රෝගියෙක් අවා. ඒ රෝගියට ටිකක් අමරු නිසා වට්ටුවේ නවතින්න කියල දොස්තර නියම කරල තියෙනව. දොස්තර ඒ වැඩේ පවරල තියෙන්නේ අපේ කතානයකයට. පස්සේ දවසේ දොස්තර ඇවිත් බලන කොට අර කියපු ලෙඩා බොහොම අමාරුවෙන් බිම නිදාගෙන ඉන්නව.. ඒ කියන්නේ අපේ කතානායකයා දොස්තර නියම කරපු රාජකාරිය කරල නෑ. අර මනුස්සයට නිදා ගන්නවත් ඇදක් දීල තිබුනේ නෑ. ඒ මොකද කියල හොයල බලනකොට අර ලෙඩා ගේ ගම මැදමුලන (ජනාධිපතිතුමාගේ ගම ). එක නිසා තමයි අර මනුස්සයට එහෙම සලකල තියෙන්නේ. මොකද අපේ කතානයකතුමා හොද අලියෙක් නේ(UNP). හැබැයි මේ බව රෝගියවත්, රෝගියා ලග හිටපු කට්ටියවත් දන්නේ නෑ.අන්තිමේ දි මේ වාට්ටුවෙ අනිත් කාර්ය්‍යමණ්ඩලය අර රෝගියාට නිදගන්න ඇදක් දෙන්න කාරුණික වෙලා තියෙනව.

මම මේක ලියන්න ලියන්න හිතුනේ දේශපලන පක්ෂ ගැන හිතල නෙවෙයි. දෙශපාලනය නිසා මිනිස්සුන් ගේ මනුස්සකම් වලට වෙන දේ ගැන දැකලයි. මෙක බලන කොට හිතෙනව අපේ කතනයකයට මනුස්සකමක් කියල දෙයක් ගෑවිලවත් තියෙනවද කියල...

Thursday, April 22, 2010

6). කතරගම යන ගමනේ දි වුන වැඩක්.....


මට මේ සිදුවීම උනේ මෙපාරත් ගෙදර අයත් එක්ක කතරගම යන ගමනේ දි....
ගාල්ල කොළඹ පැත්තේ ඉදල එන හුගක් අය කතරගම යන ගමනේදි දෙවිනුවර පන්සල ලග නවතින්න අමතක කරන්න්නේ නෑ.. මම කියන්න හදන සිද්ධිය වුනෙත් ඔන්න ඔතනදි තමයි... බොහෝ වෙලාවට පන්සල් ලග මල් කාරයො ඉන්නවනේ. මල් කාරයෝ කිව්වේ මල් විකුණන අයට.. ඔන්න අපිත් ඉතින් දෙවිනුවර පන්සල ලග වහනේ නතර කරල වාහනෙන් බැස්ස කියමුකො. හරියට ජනාධිපතිතුම ආවහම මිනිස්සු පිරෙනව වගේ වාහනේ වටේට මල් කාරයො. මම නම් ඕක කලින්ම දන්න නිසා මම වාහනේන් බැස්සේ අන්තිමට. ඔන්න එකපාරටම කොහෙන්ද අපු මල් කරයෙක්(මල් විකුණන එක්කෙනෙක්) ඕලු මල් 5ක් දික් කරල රුපියල් 50යි ගන්න කියල කිවුවා.. අපි කතරගම යන කොට දෙවිනුවරටත් යන නිසා ගෙදරින් එන කොට මල් අරගෙනයි ආවේ. මම ඕක ඒ මල් විකුණන එක්කෙනාට කිව්වා. ඕක කිව්වා විතරයි මෙන්න ඒ මිනිහා මගේ ඇගට කඩගෙන පැන්න. "අපි මෙතන මල් විකුණන කොට මොකද ගෙදරින් ගේන්නෙ. අපි ජීවත් වෙන්නේ මේව විකුණල එන සල්ලි වලින්.....%%%^^#####$$$%%......" ඔය වගේ මහා හෑල්ලක් කියාගෙන ගියා....මට ඔය වෙලාවෙදි නිකන් පිස්සු වගේ මෙ මිනිහ මොනවද කියන්නෙ කියල. ටිකක් හිතන කොට මිනිහ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.. මම ඉතින් කලින් වගේම කිව්ව අපිට මල් එපා අපි ගෙදරින් ගෙනව කියල. ඒත් අර මිනිහ ඒක අහන්නෙම නැතුව මට මල් ටිකක් දීල කියනවා සල්ලි දෙන්න කියල... ඒත් අර මිනිහා ඒක කියපු විදිහ ඇහුවහම තමයි යකා නැග්ගේ.අන්තිමේ දි ඉතින් මට ඒමිනිහට මල් ගන්න හැටි කියල දෙන්න සිද්ධ වුනා. අන්තිමේදි ඒ මනුස්සයා මට දීපු මල් ට්කත් අරගෙන කාටදෝ බැන බැන යන්න ගියා,, අනේ ඉතින් මට මොකෝ..

ඒ මිනිස්සු පන්සලට එන අයට මල් විකුණල කීයක් හරි හොයගෙන තමයි ජීවත් වෙනේ. ඒත් එහෙම උනා කියල බලෙන් මිනිස්සුන්ට මල් විකුණන සිරිතක් නෑනෙ..