Thursday, April 22, 2010

6). කතරගම යන ගමනේ දි වුන වැඩක්.....


මට මේ සිදුවීම උනේ මෙපාරත් ගෙදර අයත් එක්ක කතරගම යන ගමනේ දි....
ගාල්ල කොළඹ පැත්තේ ඉදල එන හුගක් අය කතරගම යන ගමනේදි දෙවිනුවර පන්සල ලග නවතින්න අමතක කරන්න්නේ නෑ.. මම කියන්න හදන සිද්ධිය වුනෙත් ඔන්න ඔතනදි තමයි... බොහෝ වෙලාවට පන්සල් ලග මල් කාරයො ඉන්නවනේ. මල් කාරයෝ කිව්වේ මල් විකුණන අයට.. ඔන්න අපිත් ඉතින් දෙවිනුවර පන්සල ලග වහනේ නතර කරල වාහනෙන් බැස්ස කියමුකො. හරියට ජනාධිපතිතුම ආවහම මිනිස්සු පිරෙනව වගේ වාහනේ වටේට මල් කාරයො. මම නම් ඕක කලින්ම දන්න නිසා මම වාහනේන් බැස්සේ අන්තිමට. ඔන්න එකපාරටම කොහෙන්ද අපු මල් කරයෙක්(මල් විකුණන එක්කෙනෙක්) ඕලු මල් 5ක් දික් කරල රුපියල් 50යි ගන්න කියල කිවුවා.. අපි කතරගම යන කොට දෙවිනුවරටත් යන නිසා ගෙදරින් එන කොට මල් අරගෙනයි ආවේ. මම ඕක ඒ මල් විකුණන එක්කෙනාට කිව්වා. ඕක කිව්වා විතරයි මෙන්න ඒ මිනිහා මගේ ඇගට කඩගෙන පැන්න. "අපි මෙතන මල් විකුණන කොට මොකද ගෙදරින් ගේන්නෙ. අපි ජීවත් වෙන්නේ මේව විකුණල එන සල්ලි වලින්.....%%%^^#####$$$%%......" ඔය වගේ මහා හෑල්ලක් කියාගෙන ගියා....මට ඔය වෙලාවෙදි නිකන් පිස්සු වගේ මෙ මිනිහ මොනවද කියන්නෙ කියල. ටිකක් හිතන කොට මිනිහ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.. මම ඉතින් කලින් වගේම කිව්ව අපිට මල් එපා අපි ගෙදරින් ගෙනව කියල. ඒත් අර මිනිහ ඒක අහන්නෙම නැතුව මට මල් ටිකක් දීල කියනවා සල්ලි දෙන්න කියල... ඒත් අර මිනිහා ඒක කියපු විදිහ ඇහුවහම තමයි යකා නැග්ගේ.අන්තිමේ දි ඉතින් මට ඒමිනිහට මල් ගන්න හැටි කියල දෙන්න සිද්ධ වුනා. අන්තිමේදි ඒ මනුස්සයා මට දීපු මල් ට්කත් අරගෙන කාටදෝ බැන බැන යන්න ගියා,, අනේ ඉතින් මට මොකෝ..

ඒ මිනිස්සු පන්සලට එන අයට මල් විකුණල කීයක් හරි හොයගෙන තමයි ජීවත් වෙනේ. ඒත් එහෙම උනා කියල බලෙන් මිනිස්සුන්ට මල් විකුණන සිරිතක් නෑනෙ..

0 ප්‍රතිචාර:

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න. ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා ......!!!!