Showing posts with label Paracetamol. Show all posts
Showing posts with label Paracetamol. Show all posts

Sunday, December 25, 2011

පැරසිටමෝල් වැඩිපුර භාවිතය භයානකයි.......!!!!!!!!!!!

පැරසිටමෝල් ප්‍රමාණය ඉක්මවා පාවිච්චි කිරීම හේතුවෙන් අක්මාව දුර්වල වීමත් ඉන් මරණය පවා ඇතිවිය හැකි බවත් ඉංග්‍රීසි වෙද්‍ය පර්යේෂකයන් පිරිසක් පෙන්වා දෙති. ශීත සෘතුවේ ඇති අධිකා ශීතල හා සෙම්ප්‍රතිෂ්‍යාව හේතුවෙන් ඇතිවන කැක්කුම් හා ශරීරයේ ඇතිවන විවිධ වේදනාව සමනය කර ගැනීමට මිනිසුන් පැරසිටමෝල් පෙති අධිකව ගිල දැමීමට පුරුදුව සිටී..එඩිම්බර්ග් සරසවියේ අක්මා බද්ධ කිරීමේ ඒකකයේ වෙද්‍ය කෙනක් සිම්ස්ටන් ට අනුව දිනකට පැරසිටමෝල් 500mg පෙති අටක්(එනම් 4g) ඉක්මවා භාවතය හානිදායකය.පැරසිටමෝල් හේතුවෙන් අක්මාවේ දුර්වල වීම් හේතුවෙන් වූ මරණ සංඛ්‍යව වසරකට සියදිවි නසාගන්න ප්‍රමාණයද ඉක්මවා යයි.පැරසිටමෝල් පෙති වැඩිපුර භාවිතයෙන් පිටකොන්දේ වේදනාව,හිසේ රුදාව,බඩේ රුදාව හෝ දත් රුදාව අදී බාහිර රෝගී ලක්ෂණ මතුවේ.අක්මාව ආශ්‍රිතව ආබාධවලින් පෙලෙන රෝගීන් 5 දෙනෙකුගෙන්  2 ක්ම මරණයට පත්ව ඇතිබව බ්‍රිත්‍යාන්‍ය වෙද්‍ය සගරාව පෙන්වා දෙති.

~ ලක්බිම බන්දුල නෝනිස් ~