Showing posts with label පාසල් මතක. Show all posts
Showing posts with label පාසල් මතක. Show all posts

Sunday, September 30, 2012

දැන් කොච්චියේන් කොළඹ යනකොට ජනේලෙන් එලිය බැලුවහම මොනවද පේන්නේ....????

කාලෙකට පස්සේ blog එක පැත්තේ එන්න හිතුනා..මසයක් පුරාවට තිබුන exam කන්දරාව නිසා බ්ලොග් ලියවිල්ල තියා බ්ලොග් එක තියෙනවද නැද්ද කියලවත් හොයල බලන්න බැරි උනා.. Exam ඉවර වෙලා free වුන ගමන්ම මේ පැත්තේ රවුමක් දාන්න හිතුනේ හිතට දැනෙන නිදහස නිසා..


මෙකත් පාසල් මතකයන් හා සම්බන්ද වෙන ලිපියක්..හැබැයි මේ මතකයනම් මගේ මතකයක් නම් නෙව්යි.මොකද මේ සිද්දි දෙකම කිව්වේ මගේ සහොදරයා..අය්යා කියල කියමුකො..:ඵ්

මේ 2006 A.L රිච්මන්ඩ් විදුහලේ..


දවසක් සාපේක්ෂ ප්‍රවේගය පාඩම කරනවලු..කොයි කවුරුත් දන්න ප්‍රෙඩී සර් තමයි ලෙක්චර් එක දෙන්නේ..ප්‍රෙඩිය කියන්නේ පට බැදුනු නමක්..එ සර් ට වෙන නමක් තියෙන්නේ..ම්න් මේක ලියනකොටවත් මතක නෑ ඒ සර් ගෙ නම.මොකද මුලු ඉස්කෝලෙම කොල්ලෝ ටික ඒ සර් ව අදුරන්නේ ප්‍රේඩිය කියල තමයි.කොහොම හරි එදා පාඩම පටන් ගත්ත කියමුකො..දැන් සර්ට ඔන වුනලු පාඩම කරන කොට එකට හරියන උදාහරණයක් ගන්න.කොහොමත් මේ සර්ව කොල්ලො ජෝක් එකට ආරගෙන තමයි හැමදාම ඉන්නෙ..මොකද කියල දන්න අය දන්නවනෙ. :p



ඔන්න කිව්වලු උදාහරණය.. 

දැන් හිතාගන්න කොච්චියෙන් කොළඹ යනව කියල... එතකොට ජනෙලෙන් එලිය බැලුවහම මොනවද පේන්නේ.... 

ඔකට උත්තරේ දෙන්නත් ප්‍රේඩී සර් ළමයෙකුත් නැගිට්ටෙව්වලු ඉතින්... සර්ව පොඩ්ඩක් ජොක් එකට අරන් ඉන්න නිසා අහපු ප්‍රශ්ණෙට සීරියස්ම උත්තර දෙන්න ඒ නැගිටපු මනුස්සයත් රෙඩි උනලු...

 මොකද්ද සර් අහපු ප්‍රශ්ණය......අපහු පොඩ්ඩක් කියනවද....!!!

දැන් කොච්චියේන් කොළඹ යනකොට ජනේලෙන් එලිය බැලුවහම මොනවද පේන්නේ....????

කොළඹ යනකොට නේද..??කොච්චියේ....හ්ම් ම් ම්...අහ් සර්.... බස් ගාලු යනවා.....!!!

@@&****%$**#%*#$@*$@*..!

ඒ එක්කම පොඩ්ඩක් ලාවට වගේ කන පොඩ්ඩක් රත්වෙන හැටි දැක්කලු...එතනින් එහෙන්ම සාපේක්ෂ ප්‍රවේගය පාඩම ඉවර උනලු....!!!






පාසල් ජීවිතයේ තවත් සොදුරු මතකයන්......
අජාට ගහපු එරිකගේ RPGඑක
කා* මිස් ගේ ඉංග්‍රීසි පොත......
කවුද අර ඇනේ තිබ්බේ....???
"සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.....
මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!!
කා* මිස්ට මිස් කෝල් ගැහිල්ල.....
පානමානය...මූ තමයි හයියෙන් ගැහුවේ.....






Friday, April 27, 2012

පානමානය...මූ තමයි හයියෙන් ගැහුවේ.....

මේකත් ලැබ් එකේ කතාවක්.
මතකේ ඔට්ටගේ නව සොයා ගැනීම ලැබ් එකේ.මේක හැබැයි අපේ පාතාලේ වෙච්ච වැඩක් A/Lකාලේ කතාවක් තමයි අදත්.මොකද ඉතින් A/Lකාලේ නේ පිස්සු වැඩියෙන්ම නටන කාලේ.ජීව විද්‍යාව කරපු කට්ටිය ඉතින් දනවා ඇතිනේ පානමානේ කියන්නේ මොකද්ද කියලා.දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් ඔය දන්න කෙනෙකුගෙන් අහගන්න....


මේ කතාව ඉතින් පානමානයක් වටා ගෙතුනු කතාවක් තමයි.ඔන්න ඉතින් එක දවසක් ලැබ් එකේ ප්‍රැක්ටිකල් තිබුන කියමුකො.එදා තිබුනේ ඔන්න ඔය පානමානේ කියන මෙව්ව එකෙන් පොඩි ජිල්බරි වැඩක් කරන්න


මේක ගැන ඉතින් පොඩ්ඩක් සරළවම කිව්වොත් ඉතින් පොඩි අතුකෑල්ලක් ගහන්න තියෙනව වතුර යට තියාගෙන..ඒක තමයි මහම වැඩේ.මොකද කියවගෙන යනකොට තේරේවී. ඔන්න ඉතින් වැඩේ කරන්න මිස් පානමානේ ගෙනත් දුන්න කියමුකෝ.ලෝකෙටම එකක් තියෙනව වගේ හැබැයි ගෙනත් දුන්නේ. 

"පරිස්සමෙන් පාවිච්චි කරන්න.මෙච්චරමයි තියෙන්නේ.මේක ගොඩාක් කාලයක් ඉදන් පරිස්සමෙන් කලින් පංති වල අය පාවිච්චි කරල තියෙනව.ඒක නිසා තමයි අද ඔයගොල්ලොන්ටත් පවච්චි කරන්න පුලුවන් කම තියෙන්නේ......"


ඔය ඉතින් මිස් ගෙ වචන ටික.අපිත් ඉතින් කතාව ඔලුව නවල පිලිගත්ත කියමුකෝ.හැබැයි පානමානේ නම් අද ඊයේ ගත්ත එක වගේ.දිලිසි දිලිසි තියෙනවා.පරණ ඒව දිලිසෙනවද කියලත් අහන්න හිතුන ඉතින්...:ඵ්
කට්ටිය ඉතින් වැඩේට සෙට් උනා...වතුර බේසමක් තියෙනව මේසෙ උඩ.මම ගත්ත පානමානේ.ඔතන හිටිය අපේ මැනියා.මූ ගත්ත අර අතු කෑල්ල..දැන් කට්ටියම වටෙට ඉන්නවා ෆිල්ම් එක බලන්න වගේ..හිටියට එතන හිටපු එකෙග්ගෙවත් කටවල් නම් වැහිල නෑ..දන්නවනේ ඉතින් අපේ යක්කුන්ගේ කටවල් වල හැටි..ඔහෙම බෑ කියවි..හෙමින් ගහන්න කියාවි..බැරිනම් පසේ වරෙන් කියාවි..මරු ආතල් ඉතින්..

එකම සහෝදරයො වගේ හිටපු මැක්සම මැක්ස පංතියක් ඒකනම්..තාමත් මතක් වෙනකොට හිතට දුකයි ඒ කාලයෙන් වෙන්වීමට සිද්දවෙච්ච එක ගැන....:( :( 


දැන් ආපහු කතාවට.මං පානමානේ අල්ලන් ඉන්නව වතුර යට තියාගෙන.මැනිය අතු කෑල්ල අල්ලගෙන ඉන්නවා..මූට අත්තක් අල්ල ගන්න කිව්වොත් ඕනම දෙයක්.වන වන ඉන්නේ නැතුව ගහන්න කිව්වහම මිනිහත් ගැහුව කියමුකෝ.ඇත්තම කියනවනම් මෙතන හිටපු එකෙකුටවත් පරීක්ෂණයක් කරනව කියලනම් සිහියක් තිබුනේම නෑ..මොකද ඉතින් පිස්සු කියව කියව වෙනමම ලෝකෙක නේ ඉන්නේ. මැනියගේ වැඩේ අහවර කරාට පස්සේ තේරුනා පොඩි අමුත්තක් පානමානේ.ශේප් එකේ උස්සල බැලින්නම් තනි උපකරණයක් වෙච්ච පානමානේ දැන් කෑලි දෙකක් වෙලා


ඇත්තටම පානමානේ කෑලි දෙකකටද තියෙන්න..?? :ඵ් :ඵ් වැඩේ දෙල් වෙලා වගේ.පනාමනේ හරියටම කර ලගින් දෙකටම කැඩිලා.දැන් තමයි හරියටම ෆිල්ම් එක පටන් ගන්නේ.මොකද ඕක මිස් දැන ගත්තොත් ඉතින් කන්දෙක පුරවල අහගන්න වෙන්නේ.ඒකියන්නේ මිස් බනින්නේ නම් නෑ..ඒත් දන්නවනේ මිස්ලගේ හැටි..කියන කොට අහන් ඉන්න දුකයි.දැන් කට්ටියම ෆුල් හොල්මන්.ඇයි දෙය්යනේ මිස් ඇහුවොත් මොනව කියන්නද..?? :@ :@ :@

දැන් මිස් ඇවිත් අහනව කෝ පරීක්ෂණේ කරල ඉවරද කියලා...ඔව් මිස්...නෑ මිස්..මොනව කියන්නද ඉතින්...එක එක්කේනාගේ මුණු වල පෙරහැරවල් යනව වගේ..කට්ටිය මූනට මූන බලාගන්නවා.. 

"මිස් කරන්න උනේ නෑ... "
"ඇයි මෙච්චර වෙලා මොනවද කරේ....."

දැන් ඉතින් වෙන මොනව කරන්නද...? උස්සල පෙන්නුව කෑලි දෙකක් වෙච්ච පානමනේ..අපොයි ඒක දැක්ක ගමන්ම මිස්ගේ මූණ..
දැන් මමයි මැනියයි බෝලෙ පාස් කරනව.මිස් මෙයා නිස උනේ..මත් අත ඇරියේ නෑ..මූ තමයි හයියෙන් ගැහුවේ..හික්ස්..හිනාවෙවී බොල පාස් කරනව..:ඵ් :ඵ් දැන් පටන් ගත්ත මිස්ගේ බැණිල්ල.මිස් බනිනව කිව්වට ඉතින් එච්චර ගානක් නෑ..ඒත් අහන් ඉන්න එක තමයි ඉවසන්න බැරි.ටැප් එක ඇරිය වගෙ..කියවනව කියවනවා ඉවරයක්ම නෑ...
මේ වැඩේ හරියන්නේ නෑ..අයි හත්තිලව්වේ ඕක අහගෙනම ඉන්න පුලුවන්ද..?? 

"මිස් අපි පානමානයක් අරගෙන දෙන්නම්.කොහෙන්ද ගන්නේ..කියක් වෙනවද.?? "

ඔන්න ඉතින් දවසේ ප්‍රශ්ණ.මිස්ටත් දැන් ටිකක් අමුතුයි අමුතුයි වගේ..ඇයි අපේ යක්කුන්ගෙන් පානමානයක්.... :O :O :O අපි මිස් සල්ලි එකතුකරල අරගම්මු. ඔන්න දැන් මැනිය සෙට් උන පින්කොලයකුත් ඉල්ලගෙන සල්ලි එකතු කරන්න.. වැඩේ පටන් ගත්තු විදිහට පානමාන 100ක් ම අරන් දෙයි වගේ.පුදුම උවමනාවක්.මිස්ටත් ඉතින් හිතුන අපි පානමානයක් ගෙනත් දේවි කියලා.. හැබැයි ඉතින් කොච්චර හොද ලමයින්ද කියනවනම් තාමත් මිස්ට පානමානයක් අරන් දෙනවා.....

ප.ලි:: කැඩුන පානමානේ කබඩ් එකට දානකොට තමයි මරු වැඩේ දැක්කේ..පානමාන ලෝකයයි කැඩුන..බලනකොට අපිට හිටපු අයියලත් හරි ෂෝක් එකට ආරක්ෂාවෙන් ලැබ් එකේ බඩු පාවිච්චි කරල තිබුනා

 

Sunday, March 18, 2012

ඕක මල්ලි කාලතුවක්කුවක්..ඉස්සරහදි ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.....



මේ සිදුවීමත් ඉතින් පාසල් කාලේ තමයි.... රිච්මන්ඩ් විදුහලේ ගතකරපු ඒ කාලයනම් කවදවත් අමතක වෙන්නේ නෑ.. සිටි මිතුරනුත්...දැන් වගේ දෙපත් නයි නෙවෙයි හිටියේ ඒකාලෙ නම් ( හැමෝම නම් නෙවෙයි..)

ඔන්න ඉතින් දන්නවනේ රිච්මන්ඩ් එකේ පාතාලේ..අර වලේ පංතිය කියන්නේ..අන්න ඒවගේ එකක් තමයි පාතාලෙ කියන්නේත්..මොකද මේක හරියට පොලව යට තියෙනව වගේ..ගුහාවකට අතුල් වෙනව වගේ තමයි එන්ටර් වෙන්න ඕන..ඒකියන්නේ ඇතුල් වෙන්න ඕන. ඔන්න ඕක අස්සේ තමයි අපේ සිරාම සිරා bio ක්ලාස් එක තිබුනේ.. එක ඉන්න කොට නිකන් ඉස්කොලෙදත් කියල හිතෙනව.. මොකද දැනෙන්නේ ඉස්කෝලෙන් වෙන්ව ඉනන්ව වගේ..ඉතින් ඔන තරම් හුවක් කිව්වත් ගනක් නෑ මොකද ඇහෙන්නෙ නැති නිසා...ඕකම නිසා තමයි 13 වසරෙදි ඔතනින් දේශණාගාරයට  ගියාම පුරුද්දට වගේ කොල්ලො ටික සෙට් වෙල පොඩි සද්දයක් දාපු ගමන්ම සර්කෙනෙක් ඇවිත් පලු යන්න බනින්නේ "තොපිල අර කොහේද වලක ඉදන් ඇවිල්ල... .." මරු ආතල් ඉතින්.. :p :p :p...  ඔන්න ඕකයි ඉතින් ඒකාලේ අපේ ක්ලාස් එකේ තත්වෙ.. කතාවට බහිමුකෝ...



මේ කතාවේ කතානායකය වෙන්නෙ දිනුක....ආදරේට කියන්නේ මාතුව කියල... මාතුව නැත්තම් ඉතින් හොරෙන් තැඹිලි ගෙඩියක් වත් කඩාගන්න ගහකට නගින්න කෙනෙක් නෑ ඉස්කෝලෙදි.. මාතුවට පොලවෙ යනවට වඩා ගස් දෙකක් අතර ඇවිදින්න පුලුවන් සිරවට..ඒ කියන්නේ නියමෙට ගස් දෙක අතර මාරුවක් දාන්න...එහෙම කියන්නේ දවසක් ප්‍රෙඩීලහ..( මෙයා ගැනත් ලියන්නම ඕන..මෙහේ තමයි ඉතින් මැච් ගහන්න සෙට් වෙන්නේ) ගිහින් මැච් එකක් ගහන කොට ගහපු හයේ එකකින් බොලෙ හිර උන තැඹිලි ගහක..මාතුව ඉතින් පොර සේ ගහේ නැගල බොලේ ගත්ත..හැබැයි බැස්සට පස්සේ කියන්න උනේ තැඹිලි ගහෙන් නැගල අඹ ගහෙන් බැස්ස කියල.. :p :p 

කතාවට බහිමුකෝ...දවසක් මිස් පාඩම කර කර ඉන්නකොට පංතිය පැත්තට පොඩි උන් පෝලිමක් එනව නිකන් පෙරහැරක් යන්න වගේ..ඒ ඉස්සරහින් මිස් කෙනෙකුත් හිටිය ඉතින්.තව සර් කෙනෙකුත් හිටියා.කට්ටියම පෙරහැර පන්සලට එනව වගේ ක්ලාස් එකේ දොර ලගටම ආව කියමුකො..




අපේ මිසුත් පාඩම කරන එක අතර මැද නවත්තල බැලුව මේ මොකාටද එන්න හදන්නේ කියල...ඇයි ඉතින් කවදාවත් නැතුව..ඉතින් අර ආපු මිස් අපේ මිස්ගේ කණ්ට මොනව ද කුටු කුටු ගානවා..අපිට ඉතින් ලොකු ගැටළුවක්.. ඔය අස්සෙ අපේ උන් පොඩි උන්ට එක එක අතල් කරනව..ඇදකරනව... කන්න වගේ ඔරවල බලනවා.. පාතාලේ තියෙන තැනත් හෙන අමුතු නිසා පොඩි උන්ටත් ටිකක් විතර අවුල්.. ටිකකින් අපේ මිස් අපිට කියනව

 "මේ මල්ලිල අද තමයි මුලින්ම ඉස්කෝලෙට ඇවිත් තියෙන්නේ..මේ ඉස්කෝලෙ වටේ පෙන්නන්න යන ගමන්.දැන් බයෝ ලැබ් එක බලන්න ඇවිත් කියලා.."

 හික්ස්..එහෙමත් පුලුවන්ද එකපාරටම..හරිනම් කලින් ඇපොයිමන්ට් එකක් දාල එන්න වටිනවා.. අපිත් ඉතින් ගත් කටටම හා කිව්වා.. අපේ ලැබ් එකේ පිටිපස්සෙ තියෙනව් ඉතින් පොඩි රාක්කයක්..පොඩි කිව්වට ඉතින් පොඩිමත් නෑ...ඔකේ තීනව ඉතින් මස් කෑලියි..ඇට කෑලියී.. අර අවයවයී..මේ අවයවයී ඔක්කෝම.. ඉන්ටවල් එකට බත් එක කන්නේත් ඉතින් ඕව දිහා බලාගේන.. :) :)




 දැන් ඉතින් අපේ ගොයියො ටික නැගිටල පුටු එහෙම පොඩ්ඩක් එහාට මෙහාට කරල පොඩි උන් ටිකට යන්න පාරක් හදල දුන්න. අපේ මාතුව ඉතින් හිට ගත්ත ඉතින් අර ලට්ට ලොට්ට ටියෙන තැන..ඔතන තිබුන හොද ස්පෙශල් අවයවයක්..මානවයාගේ පැවැත්ම සදහා අත්‍යවශ්‍යම දෙයක්..දෙයක් කියන්නේ ඉතින් අවයවයක්...ජීව විද්‍යාව අනුව පුරුෂ පක්ශයටනම් අත්ත්‍යවශ්‍යම වෙන දෙයක්.. :p :p :p හිතාගන්න..නැත්තම් ඉතින් කියවි මෙතන අසභ්‍ය දේවල් කියන්වා කියලා.   


අපේ මාතුව ඉතින් හිට ගත්තේ ඕක ලගම තමයි..ම්න් හිටන්නේ මාතුවගෙ වෙන්න ඇති.. :P :P :P ඔන්න දැන් පොඩි කට්ටිය එනව අර ලට්ට ලොට්ට ටික බලන්න.. මරු සීන් කෝන් එක.. පොඩි උනුත් ලොකේ කාල වතුර බීපු උන්ද කොහෙද..?? හැම දෙයක්ම අහනව....

"අයියෙ අර මොකද්ද..?? මේ මොකද්ද.?? අර අස්සෙම තියෙන එක මොකද්ද..?? " 

එන පොට හොද නෑ වගේ.. අයි ඉතින් ලජ්ජාව බේරගන්නත් ඕනනේ.. ඔන්න පොඩි උන් සෙට් එක  ආව මාතුව ලගට..අපි ඉතින් ෆිල්ම් එක බලන් ඉන්නව වගෙ බලන් ඉන්නවා..ෆිල්ම් එකේ වීරයා තමයි ඉතින් දැන් මාතුවා..මට හිතුන විදිහටනම් දුශ්ටයා තමයි අර මිස්...ඇයි ඉතින් පොඩි උන් ටිකක් එක්කගෙන ඇවිත්.. %^*%$%@##@

ෆිල්ම් එක පටන් ගත්තා..මතුවගේ මූන නිකන් නාළු වගේ... එකපාරටම ඇහුනා 

"අයියේ මේ මොකද්ද..?? " 

ඔනන් ඕක තමයි ඉතින් දවසේ පැනය.. මිසුත් ඉතින් අර මිසුත් එකක් කතාවක් දාගෙන ඉන්නව.. දැන් මාතුවගෙ වාරේ...

මාතුවත් ඉතින් ඇගට පතට නොදැනි..

"මල්ලී..මේක කාලතුවක්කුවක්.."

පොඩි එකාගේ මූනෙන්ම තේරුනා මෑන්ට ලොකූ අවුලක් කියලා....

පොඩි එකා

"කාලතුවක්කුවක්..????? " 

ඒ පොඩි එකත් ඉතින් ගේමටම එනව වගේ..අහනව අහනව ඉවරයක් නෑ...ඒ මදිවට අනිත් උන්ටත් කතාකරනවා..දැන් එතන තොරණක් බලන්න සෙනග පිරිලා වගේ.. මාතුවට ඉතින් දැන් ඌරු ජුවල්... @#@#^@$^$@W

පොඩ්ඩක් තද උන ගානට 

"මල්ලී මේක කාලතුවක්කුවක්..වෙඩි තියන්න පුලුවන්. ඉස්සරහට ගොඩක් ප්‍රයෝජන වෙනවා..මල්ලිලට ඔය ගානට දැන ගත්තහම ඇති.. ගර් ර් ර්... ග ර් ර් ර්..." 

 ඒත් ඉතින් ඒපොඩි උන්ට මාර ප්‍රශ්ණයක්..

"මල්ලි ඔය ඇති.. ඉස්සරහ එව බලන්න යන්න...."

 අපිට ඉතින් ඔක ඇහිල ෆුල් ආතල්..මතුවගේ කතාව..ඇයි හත්තිලව්වේ පොඩි උන්ට කියන්නද මේ අහවල් එක කියල.... :ඵ් :ඵ් ඒත් ඉතින් මාතුව කියපු උදාහරණේ හැටියට හිටුනේ බිත්තිවල ගහල තිබුන ඒවත් 

"මල්ලි අරව ගැනත් අර අයියගෙන් අහගන්න කියල..." 

එහෙනම් ඉතින් සොරි ඩොට් කොම් තමයි...
යනකොට ඉතින් අර මිසුයි සරුයි ඇහුව පුතාල ඔක්කොම බාලා ගත්තද කියලා...

"%@%^$^$^ #%^&$& #&#$%@#% "


Sunday, November 6, 2011

[R.C.G] කා* මිස්ට මිස් කෝල් ගැහිල්ල.....


මතක ඇති නේ අපි කාලේ ඉංග්‍රිසී කරපු හැටි..ඒත් අක්කම අර කා* මිස් ගැන එහේම දනන්ව ඇතිනේද..?? දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් බලන්න.අපේ පංතියේ තමයි ටාර්සන් [චතුරංගයා] හිටියේ..ටාර්සන් කිව්වේ වැල් වල එල්ලිල යන නිසා නෙවෙයි..නිකන් ආතල් එකට හදපු කාඩ් එකක්..

ඔන්න ඉතින් තවත් දවසක ලෝබ නැතුවම පීරියඩ් දෙකක්ම ඉංග්‍රීසි පාඩම තිබුනා. කා* මිස්ගේ අතේ තිබුන පොඩි ෆෝන් කටුවක්..මිස්ගෙ වැඩේම පාඩම යන කොට ඕක පොඩ්ඩක් මිරික මිරික බලන එක තමයි..දන්න තරමින්නම් කවදාවත් ඕක silence නම් කරන්නේ නෑ..මොකද අපි ඉස්සරහදිම ඔය ෆෝන් එක රින්ග් වෙලා තියෙන නිසා..ඔන්න ඉතින් දවසක් කට්ටියම සෙට් උනේ ඔය ෆෝන් එකට පොඩි වැඩක් දෙන්න..කට්ටිය කතාකරගත්තේ කොහොම හරි මිස්ගේ නම්බර් එක උස්සන්න..ඒත් කොහොමද..?? කාටවත් හිතාගන්න බෑ..කොහොම හරි ඒවැඩේ කාලයට බාර දීල කට්ටියම පැත්තකට වෙලා හිටියා.ඔන්න දවසක් මිස් පන්තියට අවා..අපු ගමන්ම ඉතින් පොත් තියෙන්නේ කාටද..?? නැද්ද කියල හොයල බලන එකනේ කරන්නේ.. මතකයිනේ... ඔන්න ඉතින් එකත් හොයලා සුපුරුදු පරිදිම ජාතියත් අමතල එහෙම පාඩම පටන් ගත්තා...මොනව උනත් වැඩිවෙලානම් යනන් හම්බුනේ නෑ මිස්ට පොඩි පණිවිඩයක් අවා office එකට අන්න කියලා..ඔන්න ඉතින් මිස් ගියා එකට.ඔතනදි තමයි අපේ ගොයියන්න අර වැඩේ මතක් උනේ..අර මිස්ගේ නුම්බර් එක උස්සන්න..එත් ඉතින් කතා කරගත්තට කවුද ඉතින් ඕක කරන්න යන්නේ එකපරටම...කොහොම කොහොම හරි අපේ අර ටාර්සන් ගොයියා ගේම් එකට බැස්සා..කොකටත් දොර ලග එක්කෙනෙක් මුරට දාල තිබුනේ..කියන්න බෑනේ හදිස්සියේවත් කඩාපනින හමුදාව වගේ එකපාරටම කඩගෙන ආවොත්..ටසන් ගොයියා මිස්ගේ බෑග් එකෙන් ෆෝන් එක අරගෙන පොඩි මිස්කෝල් පාරක් ටර්සන්ගෙම ෆෝන් එකට ගහල history එකත් Delete කරල ෆොන් එක තිබුන තැනම තියල මාරු උනා..ඔන්න මිස් අවා පන්තියට..දැන් කවුරුත් ඉන්නේ නිකන් මුකුත් නොව්නා ගානට. [මේ කාලේ ඉතින් පන්තීයේ හම ගොය්යෙක්ම ලග ඉතින් ෆෝන් තියෙනවනේ..මහා ලොකූ අකුරෙන් "පාසල තුලට ජංගම දුරකතන ගෙන ඒම තහනම්" කිව්වට ඉතින් සමහර වෙලාවට සර් කෙනෙකුගේ හරි මිස් කෙනෙකුගෙ හරි හදිස්සියකට කෝල් එකක් ගන්නේත් ඉතින් කාගෙ හරි කොල්ලෙකුගෙ ෆෝන් එකකින් තමයි. :p :p ] ඔන්න ඉතින් දැන් මිස්ගේ නම්බර් එක පන්තියේ හතර වටේම යන්වා.

ඔන්න ඊටපස්සේ තමයි වැඩේ පටන් ගත්තේ..මංගල එක..

ට්‍රීං...ට්‍රීං....

ඔන්න වදින පටන් ගත්තා..මිස් ඉතින් පඩමත් නවත්තල පොතත් පැත්තකින් තියල බෑග් එකට අත දාල ෆෝන් එක ගන්නකොටම කෝල් එක නැවතුනා.. අපහු ඉතින් බැග් එකට දාල පාඩම පටන් ගන්න කොටම මෙන්න වදිනවා..

ට්‍රීං...ට්‍රීං....
අපහු පඩම නවත්තල ෆෝන් එක ගන්නකොටම කෝල් එක නවතිනව..දැන් මිස්ගෙ මුනෙන්ම පෙනව මිස්ට යකා තදවෙල කීයල..හැබැයි සුනාමි අවත් ඕක කරන්නේ නම් නෑ කියල අපිනම් හොදට දන්නව.. කොහොම කොහොම හරි පාඩමනම් කරන්න උනේ නෑ හතර වටින්ම එක එක නම්බර් වලින් මිස් කෝල්. එක්කෙනෙක් ඉවර වෙන කොට තම කෙනෙක්..එයා ඉවර වෙනකොට තවකෙනෙක්... කොහොම හරි දැන් මිස්ටනම් හොදටම මල. ඔන්න ඉතින් පිරියඩ් එක ඉවර උන කියමුකෝ..එත් කට්ටියගේ miss කෝල් ගැහිල්ලනම් නවතින පාටක් පෙන්නේ නෑ..සමහර උන් ඒ අස්සෙ SMS යවනව...(අර තියෙන්නේ creative SMS කියල ජාතියක්.අන්න ඒවා ) සමහර උන් කඩ්ඩෙන් SMS කොටනව...එව කියවගන්න ඉතින් මිස්ට සින්හල පංතියකට යන්න වෙනව... ඔය අතරේ කට්ටිය ලග තිබුන එක SMS එකක්.එක පහලට කියවගෙන යන්කොට නිකන්ම ෆෝන් එක restart වෙනවා..ඔකත් යැව්වා මදිපඩුවට.. :ඵ් :ඵ් පිස්සු ආතල්...

ඔන්න ඊට පස්සේ දවසේත් මිස් ආව පංතියට.. ආපු විඩිහනම් එච්චර ඇල්ලුවේ නෑ..පොඩ්ඩක් ඔරවගේන වගේ පංතියට ඇවිත් පුටුවෙ වඩිවෙලා කට්ටිය ගේ මුණවල් දිහා කන්නවගේ මරුවෙන් මාරුවට බලාගෙන ඉනවා..අපිටනම් තේරුනා මිස්ගේ අවුල මොකද කියල..කොහොම හරි විනාඩි 5ක් විටර බලාගෙන ඉදල තමයි කතාව පටන් ගත්තේ..
" මගේ මේ ෆෝන් එකට කෝල්ස්..මිස් කෝල්ස්. මැසේජස් එනවා ගොඩක්..කවුරුද දන්නේ නෑ... "

ඔකත් කිව්වේ හැබැයි ටිකක් කඩුව දාලා.. හොරාගේ අම්මගේන් පේන අහනව වගේ වැඩක්...අපි කොහොමද ඒකට උත්තරයක් දෙන්නේ..කිව්වේ

" දන්නේ නෑ මිස්...!!"

කොහොම කොහොම හරි එදත් පඩම හරියට කෙරුනෙ නෑ...මොකද ඉතින් වක්කඩ කැඩුව වගේ අරක රිං වෙනවනේ ට්‍රීං...ට්‍රීං ගලා.... එදා දවසත් ඉවර උනා..දැන් හැබැයි මිස්ට පොඩ්ඩක් සැකයි..මොකද වැඩිපුරම එන්නේ අපේ පංතියේ පාඩම කරන ආවමනේ... ඉට පස්සේ මිස් අවේ පන්තියට එන නම්බර් ඔක්කොම කොලේක ලියගේන..නම්බර් 20ක් විතර...හරියට communication එකක් වගේ... :D :D :D අවුලක් නෑ..ඔතන තියේන බාගෙට බාගයක් තියෙන්නේ හොර නම්බර්..අපේ වජිරයා ලග තියෙනව හොර සිම් මල්ලක්ම.කාට හරි ආතල් එකක් හරි වගේ දෙන්න ඔනනම් කෙලින්ම වජිරය ඇමතුවහම වැඩේ හරි. [ වජිර ගැන මතක් කරොත් අප අතර සිටි හොදම යහලුවෙක්..2008 ඹෛO පංතිය සමග වජිරගේ මතකයන් සෑහෙන ප්‍රමණයක් තියෙනවා..නමුත් ඔහු අද අප අතර නෑ..මෙලොවින් සමු අරන්... ]

මිස් නම්බර් ටික කියවනවා..මරු සෑහෙන්න තියෙන්නේ වජිරයගේ නම්බර්...කොහේ හොයන්නද..??හැබැයි මිස්ටනම් ටිකක් තද වෙලා හිටියේ..කියව කියව ඉන්නකොතත් මිස් කෝල් එනවනේ...!!වැඩේ දුර දිග ගිය වැඩී වගේ..

"මම මේ නම්බර් ඔක්කොම ටික පොලීසියට ගිහින් දෙනවා...මෙහෙම මෙහෙම වැඩක් මට වෙනව කියලා....""

අනේ ඉතින් අපිට මොකෝ....කොහේ අල්ලනද unregistered නම්බර් වලින්...කොහොම කොහොම හරි කට්ටිය එකතු වෙල වැඩේ පොඩ්ඩක් අඩුකරා..කියන්න බෑනේ..අපි ඉතින් පොලීසියට බය වෙන්න ඕනනේ.. :) :) හැබැයි මිස්ටනම් කලින්ම තේරිලා තියෙන්නේ අපේ ගොයියොන්ගේ වැඩක් කියලා... පස්සෙ දවස් වල ඇවිත් හිනාවෙවී කියනවා දැන්නම් කෝල් එන එක අඩුයි.. කොහොමද නම්බර් එක හොයාගත්තේ...කටවත් දීල නෑ... :) :)

හැබැයි ඉතින් අද වෙනකනුත් කා* මිස් නම් දන්නේ නෑ අපේ අර ටාර්සන් ගොයියා බෑග් එකට පැනල නම්බර් එක උස්සපු හැටි......!!!!!



පාසල් ජීවිතයේ තවත් සොදුරු මතකයන්......
අජාට ගහපු එරිකගේ RPGඑක
කා* මිස් ගේ ඉංග්‍රීසි පොත......
කවුද අර ඇනේ තිබ්බේ....???
"සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.....
මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!!



නව Facebook fan page එකට LIKE එකක් දාල යන්න අමතක කරන්න එපා


*
*
*

Sunday, October 16, 2011

[RCG] ඔට්ටා ගේ නව සොයා ගැනීම


පාසල් මතකයන් ගැන කිව්වොත් ඉතින් කවදාවත් අමතක කරන්න බැරි රසවත් සිදුවීම් ගනනාවක්ම තියෙනවා..මෙවා ඉතා රසවත් උනාට සමහර වෙලාවට මේවා මතක් වෙනකොට හිතට මහා දුකක් දැනෙනේවා..මොකද කියනවනම් එකාලේ හිටපු ඇතැම් මිතුරන් දැන් ලේසියෙන් දකින්න වත් නැතිනිසා..ඇතැම් අය සෑහෙන දුරට ගිහින්.


මේ කතාවනම් අපේ දිනූ චාමින්දයා වටා ගෙතෙන කතාවක්..(ඔටුවා කිව්වහම ඉතින් කවුරුත් දන්නවා) රිච්මන්ඩ් එකේ 13 වසරෙදි අපේ පන්තිය තිබුනේ දේශණාගාරයේ..ඕක එහා පැත්තෙ තමයි Chemistry Lab එකයි Physics Lab එකයි තිබුනේ..කොච්චර ලෙසිද කියනවනම් ඇතුලෙන් දොරකුත් තියෙනවා.. අපි ඉතින් හැම දාම එකට කලින් ගිහින් ඉන්නවා..(දොර තියෙන නිසා ලේසියට නෙව්යී..ඉගෙන ගනන් තියෙන ආසාවට ) කොහොම කොහොම හරි චාටර් වෙලා ඔය දොර වහගත්තා අපහු යන්න නොදී..ඉට පස්සෙ යන්න උනේ වටෙන්..හරියට ඉස්සරහින් අල්ලන්න තියෙන නහය අත දාල වටෙන් අල්ලනව වගේ.


ඔන්න ඉතින් තියෙන දවසක ගියා කියමුකො Chemistry Lab එකට.. අපිට Chemistry කරන්න හිටියෙ සුමේධ සර්. මතකනේ සුමෙධ සර් ගැන කලින් ලියපු ලිපි. [මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!! // "සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.. හැබැයි සර් සද්දෙනම් ගෙම්බෙක් ගෙ වගේ" ]ඔන්න ඉතින් එදා සර් එන්න ටිකක් පරක්කු උනා.අපි කට්ටිය ඉතින් පැත්තකට වෙලා පොඩි කයියක් දාගෙන ඉන්නව අර එකේ තියෙන ගිටාර් ගහන්න පුලුවන්, බාර් වල තියෙනවා වගේ උස පුටු වල ඉදගෙන. අර අපේ කතානායක ඔටුවගේ වැඩේම මොනව හරි නව සොයා ගැනීම් කරන්න..ඔන්න ඉතින් ඉන්න කොට මිනිහට පොඩි අදහසක් අවා බොතල් වල තියෙන Chemical එවා ටිකක් එකට කවලම් කරල බලන්න. නොදන්න මලදාන නොකර ඉන්න කියල කිව්වට මිනිහ එවා පිලිගන්න සුදානමක් නෑ.කියනදේ නාහන ගුරු අර කොහෙට ගියත් එකයි කියන්වා වගේ ඔන දෙයක් කරගනන ඇරල ඉතින් අපි පොඩ්ඩක් පැත්තකට උනා..පැත්තකට උනාට ඉතින් අපිත් game එකේ හිටියා...මොකද කරුමෙකට හරි නව සොයා ගැනීමක් කරොත් ඉතින්..දන්නෙ නැද්ද ඉතින් අපිත් උදව් කර කියලා නම පත්තරේටවත් දාගන්න පුලුවන්නේ...


ඔන්න ඉතින් ඔට්ටා වැඩේ පටන් ගත්තා.. නව සොයා ගැනීම කරන්න හොයාගත්තේ එකේ පිටිපස්සෙම ජනේලෙ ලග..එතන තමයි ඉතින් පරීක්ෂණ නල ටික තිබුනේ...දැන් ඉතින් කවුරුත් නැති එකේ එක වටේට හිහින් බොතල් තොගයක් අරගෙන ආවා.අයි දෙකක් නෑ..නව සොයාගැනීමක් කරනවම තමයී...මොකද පල පුරුදු කෙනෙක් විදිහට ටමයි මිනිහ වැඩේ පටන් ගත්තේ.බොතල් වල මුඩි කලින්ම ඇරලා..මුඩි මේසෙ උඩම තියලා.. (දන්නව ඇතිනේ එහෙම මේසෙ උඩ තියන්න එපා කියන එක ) ඔන්න ඉතින් මොනවද දැම්මා ඉස්සෙල්ලා...ඊට පස්සෙ තව එකක්..නෑ කිසිම වෙනසක් නෑ..අවර්ණ ද්‍රාවණයක්.. :p ඊට පස්සේ තව එකක්..එත් නෑ..කමක් නෑ..හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙටලු..ඔන්න ඉතින් වැඩේ දිගටම කෙරීගෙන යනවා..එකපාරටම නලේ ඇතුලේ ද්‍රාවනය නිකන් අමුතු පාටක ට හැරුනා..ද්‍රාවනයේ පාට වගේද ඒ වෙලාවේ ඔට්ටගේ මුනේ පාට..හිනා පාට මුන..සතුට බේරෙනවා... :D :D . මොනව උනත් මිනිහ වැඩේ අත ඇරියේ නෑ.. නව සොයා ගැනීමක් කරන්න හදන නිසා Chemical විතරමක් නෙව්යි ඕකට දැම්මේ..කොල කෑලි..දුවිලි..වැලි..තව ජාති ගොඩයී.. ඊට පස්සේ තමයි සීන් එක පටන් ගත්තෙ..තව මොනවද මොනවද එකතු කරගෙන ගියා..හැබැයි මිනිහත් මෙව එකතු කරන්නේ ටිකක් බයෙන්.කියන්න බෑනේ..පොඩ්ඩක් දුරින් ඉදල තමයි වැඩේ කරේ.. ඔන්න එකපාරටම ඇතුලේ ද්‍රාවනේ අමුතු පටකට හැරුනා.. ටිකක් වෙලා යන කොට වැඩේ අවුල් බව තේරුනේ පැණි උණු වෙනව වගේ අරකෙන් පෙන දාගෙන දුම් දාන්න පටන් ගත්තහම..දැන් ඉතින් වැඩේ දෙල් වේගෙන එන්න වගේ...දුන් දානව කියන්නේ ඉතින් එන පොට හොද නෑ හොද අවුලක් නේ..ලගට යන්නත් බයයි..ටික ටික දුම් දැමිල්ලත් ටික ටික වැඩිවෙනවා..හරියට පරන කොච්චියක් වගේ.. දැන් ඉතින් කට්ටියට තරු පෙන්න පටන් ගත්තා..තරු පෙනිම වැඩි උනේ ඈතින් සර් එනව දැක්කහම...ෆිල්ම් එකක් වගේ..අපේ ඔට්ටට අරක ලගට යන්න බයයි..ඇයි ඉතින් බොම්බෙ වගේ උනොත්. කොහොම කොහොම හරි ඔය වෙලාවේ ලැබ් එකේ තිබුන කොස්ස තමයි පිහිටට ආවේ..යන්න්තම් කොස්සෙන් පොඩි රංගනයක් කරල පරීක්ෂණ නලේ පෙල්ල ගත්තා..හැබැයි ඕක සර් දැක්කා..සර් ට දැන් ටිකක් සැකයි මුන් මොනවද කරේ කියලා..කොහොම හරි සර් ලගට ආව කියමුකො.. අපු ගමන්ම ඇහුවේ මොනවද කරේ කියලා..ගත්තු කටටම ඔට්ට කිව්වෙ


"සර් පරක්කු නිසා අපි මේ පාඩම පොඩ්ඩක් කර කියලා"


එත් ඉතින් පඩමට ඔන වෙන්නෙ බොතල් 3යි 4යි..එත් මෙතන බෝතල් 10ක් විටර තියෙනවා..එක ගැන ඇහුවහම ඉතින් කටවත් උත්තරයක් නෑ..වැඩේ මට්ටු වෙන්න වගේ..මොකද බොතල් වල මුඩිත් තාම මෙසෙ උඩ.. මොනව කොරන්නද ඉතින්..


"තමුසෙල ඉතින් මේව අරගෙන කවලම් කර කර ඉන්නවා..වෙන වැඩක් ඇත්තෙම නෑ.."

"නෑ සර් අපි පාඩම කරේ.."

"අනේ ඔහෙල කරන පාඩම්.. එන්නේ නෑ වෙලවට ලැබ් එකට..*********"



ඔන්න ඔය වෙලාවේනම් කට්ටියට හිනා..මොකද ලැබ් එකට කලිනුයි..පරක්කු වෙලා අපු අයයි ගැන හිතන කොට... කොහොම කොහොම හරි සර් බනින එක නවත්තල ගියා..නව සොයා ගැනීමනම් මරු..ඔකේ වුන රසායනික ප්‍රතික්‍රියා ටික ලියන්න කිව්වෙනම් ඉතින් ලියන්න වෙනවා පිටු 80 ‍CR පොතක් පිරෙන්නම....





*
*
*




පාසල් ජීවිතයේ තවත් සොදුරු මතකයන්......
අජාට ගහපු එරිකගේ RPGඑක
කා* මිස් ගේ ඉංග්‍රීසි පොත......
කවුද අර ඇනේ තිබ්බේ....???
"සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.....
මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!!
කා* මිස්ට මිස් කෝල් ගැහිල්ල.....


*
*
නව Facebook fan page එකට LIKE එකක් දාල යන්න අමතක කරන්න එපා 



*
*

Sunday, July 10, 2011

[RCG]අජාට ගහපු එරිකගේ RPGඑක


ඇත්ත නම නම් කියන්න නම් බෑවගේ... ආදරේට කට්ටියනම් කියන්නේ එරිකා කියල..මොනව උනත් ක්‍රිකට් පිස්සෙක්..( හැබැයි බිම දිගේ එන බෝලෙකටවත් ගහගන්න බෑ.. මේක ගැනත් කතාවක් තියෙනව ඉස්සරහදි කියන්නම් :p :p :p)

මේ කතාවත් උනේ 12 වසරෙ ඉන්න කොට..ඒ කියන්නේ අර පතාලේ තියෙන ලැබ් එකේ දි..මතක නේද තැන. එදා සිගිති දිනයට කලින් දවසේ.. හැම පාරම වගේ බොහෝ වෙලාවට 12 වසරෙ කට්ටියට තමයි සිගිති දිනේට හදන කූඩාරම් නිර්මාණය කරන්නේ.මේ කාලේ අපේ ඉස්කෝලෙ අලුතෙන් ****. කොල්ලෝ කියන්නේ අජබු කියල. කෙලින්ම දෙන්නේ හමුදා නීති. වැරැද්දකට අහුවුනොත් ඉතින් එක්කො බොක්කුවක් යට රින්ගවාවි,නැත්තම් කුණු අස්කරන්න දාවි.. නැත්තම් ඉතින් පොත් ටිකත් ඔලුව උඩ තියාගේන රිපන් එක ඉස්සරහ ඉන්න වේවි.(රිපන් එක කිව්වේ රිච්මන්ඩ් එක ඇතුලෙම වෙනමම තියෙන බාලිකා විද්‍යාලයක් ) ඔන්න ඔය වගේ මහ එපා කරපු දඩුවම් තමයි දෙන්නේ... රිච්මන්ඩ් ගිහිපු අයනම් හොදටම දන්නව නේ දෙන දඩුවම්....

කොහොම හරි කට්ටිය දැන් අපේ පුෂ්පා මිස් එක්ක එකතු වෙලා කූඩාරම නිර්මාණය කරන හැටි කතාවෙනවා... අපේ පංතිය තියෙන්නේ පාතාලෙක නේ...ඒකනිසා පාරේ යන කෙනෙකුට එකපාරටම පංතිය ඇතුලෙ මොනව වෙනවද කියල හිතාගන්න බෑ..දැන් කට්ටියම මිස්ගෙ වටේ ඉදගෙන මොකද්ද කරන්නේ කියලා කතා වෙනවා..ඔය අස්සේ අපේ කතානායකයා.. එරිකා ආව පංතියට..ඇවිත් පොඩ්ඩක් වටේ කැරකි කැරකි හිටියා.. මේ වෙලාවෙදි තමයි අජබු පංතිය ඉස්සරහින් ගියේ... කට්ටියට ඉතින් පොඩ්ඩක් පොඩ්ඩක් විතර හොල්මන්..මොකද ඕනම කොල්ලෙක් අජබුව පොඩ්ඩක් දැක්කොත් ඉතින් බය වෙනවානේ... මේකාලේ ඉතින් රටේ යුද්දේ යන නිසා හැමෝටම යුද මානසිකත්වයක් තමයි තිබුනේ. කොහොම කොහොම හරි එරිකා අජාව දැක්ක විතරයි....
"ටිෂ්....ෂ්...ෂ්...ෂ්....දඩෝං............!!!!!!"

අපොයි.. මොකද ද ඒ..හරියට හෙණ ගහුව වගේ.. බලන කොට තමයි වැඩේ තේරුනේ..එරික පොඩි ර්‍ඵ්ඝ් පාරක් ගහල අජබුට.( ගැහුව කිව්වෙ කටින් හොදද..!! ) මොනව උනත් කරුමෙට අජාට ඕක ඇහුනා. දැන් අජා වටපිට බලනවා කොහෙන්ද ඒ සද්දෙ ආවේ කියලා.. ඒකත් කරුමෙ කියන්නේ අපේ පංතිය දිහා බලල අජා ආව පංතියට..මොනව උනත් ඒකත් වාර්තාවක්. මොකද අපි මේ පංතියට ආවට පස්සේ අජා ආපු පලවෙනි වතාව. දැන් පඩිපෙලත් බැහැගෙන ආවා කියමුකො පංතියට. එක පාරටම කළු ගලක් වගේ මතු උනා පංතිය ඉස්සරහින්.
ආපු ගමන්ම ඇහුවේ

"කවුද අර කෑගැහුව මනුස්සයා..."

මොකෙක්වත් නෑ කතාකරන්නේ. සාමාන්‍යයෙන් අජා ප්‍රශ්ණයක් ඇහුවට කවුරුත් උත්තර දෙන්න යන්නේ නෑ. මොකද උත්තර දෙන්නත් ඕන හමුදා නීතිය අනුව.. ඇග කෙලින් කරගෙන.. කෙලින් බලාගෙන.. හෙන නීති ගොඩයි... එකක් හරි වැරදුනොත් ඉතින් ඉල්ලගෙන කෑමක් තමයි. ඒක නිසා කට්ටිය කරන්නේ කට පියාගෙන ඉන්න එක තමයි.ඔය අස්සේ අපේ තාරකට හිනා ගියා අජා අහපු කතාවට. තාරක කියන්නේ අපේ පංතියේ හිටපු අහිංසකම කොල්ලේක්.ඉන්නවද නැද්ද කියල දන්නේ නෑ පංතියේ.. එක පාරටම හිනාගිහිපු නිසා අජා හිතුවේ තාරක තමයි සද්දෙ දැම්මේ කියලා... දැන් ඉතින් තාරකයල ලෙඩේ.. කෙලින්ම හමුදා නීතිය. හැබැයි ඒ වෙලාවෙම මරණ දණ්ඩනය උරුම වුනේ නෑ.

"තමුන් හෙට මිස් එක්ක මගේ ඔෆිස් එකට එන්න.."


පස්සේ අජා ගියා පංතියෙන්. දැන් ඉතින් හැමොටම ෆුල් අප්සට්... කාටත් කරදරයක් නැති තරකයට උන වැඩේට. කොමේ එරිකා.. එරික ඉන්නව පැත්තකට වෙලා... අපේ මිස්ටත් දැන් දුකයි.. මොකද නොකරපු වැරැද්දකට තාරකය අහුවුන එක ගැන. හැබැයි ඉතින් තාරකයව ඒ වැරැද්දට අහිකරපු මනුස්සය ගැනනම් ඒ වෙලාවෙ හැමොම සිහිකරා..!!! :p :p :p :p මොනව උනත් අන්තිමේදි මිස් එක්ක තාරකයට අජා ලගට යන්නම උනා.. මිස් කියල කියල මරණ දණ්ඩනයෙන් බෙරගෙන තිබුනා.. ඒත් බරපතල වැඩ සහිත සිරදඩුවමක් නම් හම්බෙල තිබුනා...!!



පාසල් ජීවිතයේ තවත් සොදුරු මතකයන්......
අජාට ගහපු එරිකගේ RPGඑක
කා* මිස් ගේ ඉංග්‍රීසි පොත......
කවුද අර ඇනේ තිබ්බේ....???
"සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.....
මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!!
කා* මිස්ට මිස් කෝල් ගැහිල්ල.....


*
*
නව Facebook fan page එකට LIKE එකක් දාල යන්න අමතක කරන්න එපා 


*
*

[RCG]කා* මිස් ගේ ඉංග්‍රීසි පොත......




අපි A/L කරන කාලේ ඉංග්‍රීසී කරන්න ආවෙ මිස් කෙනෙක්. මේ මිස්ට කොල්ලො ආදරේට කියන්නේ කා* කීයලා.. (ආදරේටද කියල කියන්නනම් මම දන්නෙ නෑ) මොකද මේ මිස් සෑහෙන්න කලුයි..කොහොම කොහොම හරි ඉංග්‍රීසි උගන්නන්න ආවේ මේ මිස් තමයි.. මිස් උගන්නනවනම් බොහෝම හොදයි. ඒත් කොල්ලොන්ට ඒ මිස්ස වැඩිය අල්ලනේ නෑ..මොකද නීති වැඩී සෑහෙන්න...මතක ඇතිනේ ඒකාලේ ඉංග්‍රීසි වලට තිබ්බ general english කියන පොත.. පාඩම කරන කොට ඔය මිස් ගේ නීතිය අනුව ඔය පොත හැම කෙනෙක්ගෙම ලග තියෙන්නත් ඕන.ඔන්න ඔය නීතිය තමයි අපේ ගොයියොන්ට අල්ලන්නෙම නැත්තේ. මොකද ඉතින් පොත් දෙකක් තුනක් කිහිල්ලෙ ගහගෙන කට්ටියට මහ පත ඩික්ශන්‍රිය වගේ පොතක් උස්සන් ඒවිද..?? :ප් :ප් ඕකට ඉතින් කොල්ලො කරන්නේ කොහෙන් හරි පොත් ටිකක් හොයාගෙන ඇවිත් පන්තිය මුල්ලේ ගොඩගහල තියෙනවා.. එත කොට ඉතින් මිස් එන්න කලින් ටික දෙනෙක්ගෙ අතේ හරි පොතක් දෙකක් තියෙනවනේ... අනිත් කට්ටියට ඉතින් බුදුසරණයිම තමයි.. ඒක නිසා මිස් පංතියට එන්න කලින්ම කොහෙට හරි ගිහින් කොහෙන් කොහෙන් හරි පොත් උස්සගෙන එනවා.නැත්තම් කට්ටියගෙ වැඩේ තමයි බොරු හදාගෙන පංතියෙන් පනින එක.. දෙන්නෙක් IT රූම් එකේ වලක් කපාගෙන බැහැගෙන ඉන්නවා(දෙන්නෙක් කිව්වට ඉන්නෙ නම් මින්ගෙයි, සුදයි තමයි ) තවත් සමහර අයට අසාද්‍යයි..බොවෙන රෝග...නැත්තම් වෙන ලෙඩ.. එයාව අරන් යන්න තව හතර පස් දෙනෙක් වත් සෙට් වෙනවා..නැත්තම් ඉතින් libraryට ගිහින් පාඩම් කරනවා (හොද පාඩම් කිරිල්ල..කට්ටිය ගිහින් එතන තියෙන පත්තර ටික නම් හොද හැටි පාඩම් කරනවා )

ඔන්න එක දවසක් ඉංග්‍රීසී පීරියඩ් එක පටන් ගත්තා.. ඒත් මිස් එන පාටක් නෑ.. දැන් ඉතින් කට්ටියට ෆුල් ජොලි..මොකද ඉතින් දැන් ආතල් එකේ කයියක් එහෙම දාගෙන ඉන්න පුලුවන්නේ.කොහොම කොහොම හරි ටික වෙලාවක් ඉන්නකොට මිස් කඩාගෙන පැන්න පංතියට... ආපු ගමන්ම පාඩම පටන් ගත්තා.... මොන දෙයියන් ට කියන්නද..?? අපිට කිව්වට එදා මිස් ලගත් පොතක් නෑ.. දැන් මිස් කාගෙ හරි ලග තියෙන එක පොතක් දෙන්න කියල ඉල්ලනවා.එකෙක්වත් නෑ මිස්ගේ මූණ දිහා බලන්නේ..සමහර අය පොත අල්ලන් ඉන්නේ නිකන් වටින කියන දෙයක් ආරක්ෂාකරනව වගේ.මොකද කියනවනම් ඒපොත් වල සමහර වෙලාවට පිටු නෑ... තනිකරම කටු වැඩ තියෙන්නේ ඒකෙ. සමහර වෙලාවට පංතියේ කරන පාඩම පොතේ තිබුනද කියලවත් හොයාගන්න බෑ..හැබැයි පාඩම කරන වෙලාවට නම් පාඩම තියෙනව වගේ බලාගෙන ඉන්නවා... කොහොම කොහොම හරි ටිකක් වෙලා යන කොට මිස්ට පොඩ්ඩක් විතර තද උනා. ඉතින් යන්තම් මිස්ට පොතක් යැව්වා කියමුකො ඉස්සරහට....

"හරි ළමයි පෙල්ල ගන්න මේ පාඩම.. "

කියල කිව්ව විතරයි මිස්සේ මුණ සෑහෙන්න වෙනස් උනා..ඒ එක්කම දීපු පොත උඩින් යනවා දැක්කා... එච්චරයි.. දැන් ඉතින් ෆුල් හොල්මන් කට්ටිඋයටම මොකද්ද ඒ උනේ කියල.. කොහොම කොහොම හරි ඒ මිස් පාඩම කරාකියමුකෝ.. පීරියඩ් එක ඉවර වුන ගමන්ම කට්ටිය සෙට් උනේ අර පොත ලගට.. ගිහින් පොත ඇරල පාඩමට තියෙන ආසාවට පිටුව පෙරලුවා කියමුකෝ..... * **** ******** ***** ** * තිබ්බෙ මොනවද කියලනම් අහන්න එපා.....!!! :D :D :D :D :D



 සිගිරි අප්සර්වෝ ප්‍රතිනිර්මාණය කිරීමක්.........!!!!!






පාසල් ජීවිතයේ තවත් සොදුරු මතකයන්......
අජාට ගහපු එරිකගේ RPGඑක
කා* මිස් ගේ ඉංග්‍රීසි පොත......
කවුද අර ඇනේ තිබ්බේ....???
"සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.....
මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!!
කා* මිස්ට මිස් කෝල් ගැහිල්ල.....
*
*
නව Facebook fan page එකට LIKE එකක් දාල යන්න අමතක කරන්න එපා 


*
*



Thursday, July 7, 2011

[RCG]කවුද අර ඇනේ තිබ්බේ....???




මේකත් පාසල් කාලයේ සිදු වුන සිදුවීමක් තමයි. Bio පාඩමේ අන්තිම හරියේ විතර තියෙනවා ක්ෂුද්‍ර ජීව විද්‍යාව කියල සිරා පාඩමක්. මේකෙ එක තැනක තියෙනවා නාගරික ජල පිරි පහදුවක සිදුවීම ගැන ඉගෙන ගන්න.කොහොම කොහොම හරි මේක ගැන පංතියේ ඉගෙන ගත්ත කියමුකෝ. ඒත් ඉතින් අපේ රන්ජනී මිස් අපිට තියෙන ආදරේටම අපිව ජලපිරි පහදුව කරන විදිහ පෙන්නන්න එක්කගෙන යන්න කතාකරගත්තා. මොකද ඉතින් ගාල්ලේ වක්වැල්ල ට ගිහින් ඕක බලන එක ඒ හැටි අමාරුවකුත් නෙවෙයි.. මහ දුරකුත් නෙවෙයි නිසා....!!!!

ඔන්න ඉතින් කට්ටියම සෙට් වෙලා දිනයකුත් දාගෙන ඉස්කෝලෙ බස් එකත් අරගෙනම ගියා ඔය අපි නොදන්න ජල පිරිපහදුව බලන්න.. :ඪ් :ඪ් :ඪ්:ඪ් හිතුවට වඩා ඉතින් මරයි වගේ.. අරෙහෙන් වතුර එනවා...මෙහෙන් වතුර එනවා.... නිකන් නිකන් පිස්සු වගේ.. මොනව උනත් ඉතින් මරු....

දැන් ඉතින් කට්ටියම ජල පිරිපහදුවේ සිදුවන මේ ක්‍රියාවලිය පියවරෙන් පියවර බලනවා.. එතන වැඩකරන නිලධාරියෙක් තමයි අපිට ඒ ක්‍රියාවලිය විස්තරකරල දුන්නේ.මොනව උනත් හරි හිතහොද මනුස්සයා... අපි උඩ බලාගෙන හිටියත් මිනිහ අපිට හොදට කියල දෙනවා...

ඔතන තිබුනා මරු වැඩක්.. මහා ලොකුවට ටැංකියක් වගේ එකක් .. ඕකෙ වටේ පිල්ලක් තියෙනවා.. මේ පීල්ල දිගේ ලොකු රෝදයකුත් එක්ක (හරියට කොච්චියේ රොදයක් වගේ )ලොකු පංකා දෙකක් කැර කෙනවා.. මේකෙන් තමයි ඒ ටැංකියේ තියෙන ජලය කලත්තන්නේ.. ඕක ඉතින් මුලු දවසේම අර ටැංකිය වටේම යනවා..බලන් ඉන්නත් ඉතින් මරු ඒකනම්... ඔන්න ඉතින් එතනින් යන්න හදන කොට ඔට්ටයි, අකුරයි අරකේ එල්ලිල වටේ යනවා...මොනව උනත් ඒකෙ එල්ලුනහම පොඩි නෙවියි ලොකු ජොලියක් තියෙනවා..!!!!
කොහොම කොහොම හරි ඒක බලලා ඉලග තැනට ගියා..ඔන්න ඉතින් දැන් එතන විස්තරය... මෙතන වෙන්න මේකයි.. අරකයි.. දැන් ඉතින් කට්ටියම බලාගෙන ඉන්නවා. ටික වෙලාවක් යන කොට මොකක් හරි අවුලක් ගිහින් වගේ කියල වට පිට බලන කොට තේරුනා...මොකද වැඩකරන කට්ටිය එහාට දුවනාවා.. මේහාට දුවනවා...තෙරුන විදිහටනම් මොකක් හරි අවුලක් වගේ... තික වෙලාවක් යනකොට කවුඩ එක්කෙනක් ඔරවගෙන එනව අපේ පැත්තට. නිකන් ගහගන්න වගේ ආපු ගමන්ම

"කවුද අර ඇනේ තිබ්බේ....??? "

දැන් ඉතින් කට්ටියටම ෆුල් හොල්මන්... (ඒත් ඉතින් සමහර අයට විතරයි :D :D) අර අපු මනුස්සයත් ඉතින් දැන් කන්න වගේ බලාගෙන ඉන්නවා..කොහොම කොහොම් අහරි ටිකක් වෙල ඉන්න කොට අර මනුස්සය කතාකරා මිස්ට...

"මිස් එන්න ලමයින්ගෙ වැඩක් පෙන්නන්න...!! "

දැන් ඉතින් මිස්ටත් නිකන් මොකද්ද මොකද්ද වගේ.. ඇයි ඉතින් එකපාරටම මෙහෙම දෙයක් කියන කොට..... ඔන්න ඉතින් කට්ටියම එක්කගෙන ගියා අර කලින් මම කිව්වෙ කොච්චි රොදයක් වගේ එකක් තියෙන තැනක් ගැන. අන්න එතන්ට.. කර කැවි කැවි තිබ්බ ඒ අට්ටලේ නම් දැන් කැරකෙන්නෙ නෑ..හැබැයි ඒක ඇරෙන්න අනිත් ඔක්කොම ටික නම් කලින් තිබ්බ වගේමයි.. ඔන්න ඉතින් අර මනුස්සය අපිව එක්කගෙන ගියා රෝදෙ ලගටම... " මළා... මෙන්න ඒකේ මහ පරාල ඇනයක් හිරවෙලා....!!! " ඒක නිසා අර අට්ටලේ අර ටැංකිය වටේ යන්නේ නෑ...!! දැන් ඉතින් අර මනුස්සයා අපහු කියවන්න පටන් ගත්තා..

"කවුද මේක තිබ්බේ...."

එකෙක්ගෙන් වත් සද්දයක් නෑ...

"කවුද මේ ඇනේ මෙතන තිබ්බේ..???"


ඒත් සද්දයක් නෑ..

"බලනවා ඉස්කෝලෙටත් එක්ක ලැජ්ජයි නේද...??"


මිනිහ ඉතින් කියවනවා කියවනවා ඉවරයක් නෑ.. අපි නිකන් අපිට නෙවෙයි වගේ ඉනවා.. අර මනුස්සයට ඉතින් එපා උනා.. මොකද ඉතින් මුන්ට කෑ ගහල මොනව කරන්නද.?මොකද එ මනුස්සයා කෑ ගැහුවට අපේ එකෙක්වත් කටක් හොල්ලන්නෙ නෑ නේ...පස්සේ ඒ මනුස්සය ගියා.. ඉට පස්සෙ පටන් ගත්තෙ අපේ මිස්..

" *** *** * * * * ***** * * **** *** ***"


බැනුම් පෝලිමයි.දැන් ඉතින් කවුරුවත් වැරද්ද පිලි ගන්න අදහසකුත් නෑ... කොහොම කොහොම හරි ටික වෙලාවක් ඉන්න කොට මිස් කිව්ව කවුරු හරි ගිහින් සමාව ගන්න කියලා.. ඒත් එකෙක්වත් නෑ යන්නේ.. ඔය අස්සෙ වජ්ජි ගෙ කතාව තමයි මරු... (වජිර ගැනනම් ඉතින් මතක් වෙනකොතත් දුකයි.. මොකද අපිත් එක්ක හිටපු හොද යලුවෙක් හදිස්සියේම අපිව දාලා මේ ලෝකයෙන් වෙන්ව ගියා) අපේ පංතියේ කොල්ලෙක් හිටිය මිනිහට ටිකක් හොදට සින්දු කියන්න පුලුවන්..

"මිස් අපි සවින්දව යවල සිංදුවක් කියවල මොකක් හරි කරගම්මු"

ඕක කිව්ව විතරයි අන්තිමේදි මිස්ට ආපහු යකා නැග්ග..

"** * * *** *** * ***** ** * *****"


කොහොම කොහොම හරි අන්තිමේදි කට්ටිය අකටම ගිහින් සමාව ගන්න තීරණය කරා...හිතුවේ අපහු ලුණු ඇඹුල් ඇතිව අහගන්න පුලුවන් වෙවි කියලා...කොහොම කොහොම් අහරි කට්ටියම ගියා කියමුකෝ. ගියෙත් අර සවින්දය ඉස්සරහට දාලා.. මොකද බැන්නොත් ඉතින් සිංදුවක් කියල්ල... :ඪ් :ඪ් :ඪ් :ඪ්
ගිහිපු ගමන්ම පටන් ගත්තෙ

"පුතාලා ආවද...?? "

මොකද්ද ඒ වෙනස..??

"පුතාල එහෙම කරන එක හරි නෑ නේද..?? ඉස්කෝලෙටත් හොද නෑ නේද....?? "

මොකද්ද මේ ලොකු වෙනස...වැරදි එක්කනා ලගටද ඇවිත් තියෙනේ...නෑ නෑ හරි එක්කෙනා ලගට..හිතුවෙ හොද හැටි අහගන්න වෙයි කියලා ඒත් එහෙම නම් උනේ නෑ අපේ වාසනාවටද කොහෙද..?? කියපු විදිහටනම් ඇණේ බරපතලකම..මොකද ඒකේ මොටරයට මොකක් හරි උනානම් ඉතින් ගල්ලේම වතුර නෑ.... මොනව උනත් ඉතින් යන්තම් ඇග බේරගෙන අපහු ඉස්කෝලෙට අවා.. මගදිත් ඉතින් මිස්ගෙන් කට්ටිය හොදට අහගෙන ආවේ.. ඔය අස්සෙත් අපේ එකෙක් කියනව

" මිස් අපි ගාල්ලේ සමුද්‍ර කෞතුකාගාරයත් බලන්න යමුද??"

" *** ** ** * * ** ** * *** ***** *** **** *** ** * ***** ****"







පාසල් ජීවිතයේ තවත් සොදුරු මතකයන්......
අජාට ගහපු එරිකගේ RPGඑක
කා* මිස් ගේ ඉංග්‍රීසි පොත......
කවුද අර ඇනේ තිබ්බේ....???
"සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.....
මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!!
කා* මිස්ට මිස් කෝල් ගැහිල්ල.....


*
*
නව Facebook fan page එකට LIKE එකක් දාල යන්න අමතක කරන්න එපා 


*
*



Thursday, June 30, 2011

[RCG] "සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.. හැබැයි සර් සද්දෙනම් ගෙම්බෙක් ගෙ වගේ"


පාසල් කාලේයේ තියෙන මතකයන්නම් කවදාවත්ම අමතක කරන්න බෑ..මොකද ඒ මතකයන් ඒතරම්ම සුන්දරයි.පංතියේ එකට හිටපු යාළුවො එක...කරපු වැඩ එහෙම මතක් වෙනකොටනම් තාමත් හිනා.....:: :D

අපේ එක තිබුනේ පතාලෙකනේ.. මම ඕක කලිනුත් කිව්වනේ.මෙන්න.ඔය පන්තියේ ඉන්න කොට නිකන් දැනෙනේ රිච්මන්ඩ් ඒකේ නෙවයි වගේ.. මොකද එකට ගියාම ඉස්කොලේට බොම්බයක් ගැහුවත් දැනෙන්නේ නෑ... :D :D

අපිට Chemistry කරන්න ආවේ සුමේධ සර්. මේ සර් නම් හරිම හොදයි..ළමයින් එක්ක එහෙම ගොඩක් සුහදව තමයි ඉන්නේ.ඒක නිසාම කට්ටිය හිටපු ගමන් සර්ට පොඩි විහිලුවක් කරල හොදට අහගන්න වෙලාවල් එහෙම නැත්තෙමත් නෑ..

Bio Lab එකක් කිවහම ඉතින් ඕකෙ බෝතල්වල දාල පුරවල තියෙනවනේ මස් කෑලියි.. ඇට කෑලියි.. අර අවයවයයි.. මේ අවයවයයි..හැම දෙයක්ම.. ඔය ඔක්කොම ටික ගොඩ ගහල තිබ්බේ පිටිපස්සේ රාක්කයක.ඔතන නිකන් නගර සභාවේ කුණු ගොඩ වගේ..දන්නවනේ ඉතින් කොල්ලො ඉන්න පංතිවල හැටි..කොස්සක් එහෙම ගෑවෙන්නේත් නෑ ඔය පංති වල ඔන්න ඉතින් එක දවසක් Chemistry පිරියඩ් එක පටන් ගන්න කලින් සුමේධ සර් ට පොඩි විහිලුවක් කරන්න කට්ටියම සෙට් වුනා.... මැනිය ගේ Phone එකේ සිරා Ring Tone එකක් තියෙනව ගෙම්බෙක් කෑගහන එකක්.. කට්ටියම ඉතින් කතාකර ගත්තේ එකේන් මොකක් හරි විහිළුවක් කරන්න. කට්ටිය කතාවුනේ මැනියගේ Phone එක අර නගර සභාව අස්සේ හංගන්න. ඔන්න ඉතින් කට්ටියම set වෙල අර ගෙම්බගේ tone එක ring tone එකට දාල වැඩේ set කරා... දැන් ඉතින් සර් පන්තියට ඇවිල්ලා පාඩම පටන්ගත්තා.. ටික වෙලාවක් ගියට පස්සේ කට්ටිය වැඩේට බැස්සා. දැන් කටත් නොදැනෙන්න කොල්ලෙක් ගේ phone එකකින් මැනියගේ phone එකට පොඩි missed call පාරක් දැම්ම... මරු.. ඇත්තටම ගෙම්බෙක් ඉන්නව වගේ... සද්දේ ඇහෙනව මහ හයියේන්.. ඒත් එන්නේ කොතනින්ද කියල හිතාගන්න බෑ. දැන් ඉතින් සර්ටත් එකපාරටම අප්සට්. සරුත් වට පිට බලනව මොකෙක්ද මේ කෑගහන්නෙ කියල.. ඔය අස්ස මැනිය,

"සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.. හැබැයි සර් සද්දෙනම් ගෙම්බෙක් ගෙ වගේ"
දැන් ඉතින් සරුත් මේ මොකෙක්ද කියල හොයවා.. මේකෙ හිනායන වැඩේ වෙන්නේ සර් phone එක තියෙන තැනට එනකොට සද්දෙත් නෑ.. එන්නේ කොහෙන්ද කියල හිතාගන්නත් බෑ..
"හරි ඕක අමතක කරල ආපහු පාඩමට යමු.. "

කියල කට ගන්න උනේ නෑ. ආපහු වදිනවා.. ඉතින් අපහු සර් සද්දේ අන්නේ කොතනින්ද කියල හොයනව... වැඩේ සෙට් කරපු කට්ටියත් ඩෙස් යට පුටුයට මොකාද මේ අපි නොදන්න සතා කියල පණදාගෙන හොයනවා.. ටිකක් වෙලා යනකොටනම් ඉතින් සර් ට පොඩ්ඩක් තඩ වුනා..

"තමුසෙලගේ පංතියේ හැටි බලන්වා.. සතෙක් තියා මොකෙක් හිටියත් හොයාගන්න පුලුවන්ද..??"

කියල නැවැත්තුව විතරයි අපහු සද්දෙ පටන් ගත්තා.දැන් ඉතින් සර්ට පොඩ්ඩක් විතර තද වෙලා තියෙන්නේ.. ඒත් ඉතින් කොල්ලො එකෙක්වත් බයවෙන්නෙ නෑ. මොකද ඉතින් සර්ට තරහ යන්නේ නෑනේ.(තරහ යනව කියල දැන ගත්තෙනම් අර ගේ වැඩෙන් තමයි )

"බෑ අය්සේ මේ වැඩේකරන්න..ඉස්සෙල්ල ඔය සතාව හොයාගෙන ඉවරයක් කරල දානවා"


සර් ගේ මේ කතාවට කොල්ලොන්ට ඊටත් වඩා හිනා.. ඔකෙන් සර් ට තේරුනා මේක කොල්ලොන්ගෙම මොකක් හරි මගඩි වැඩක් කියල...

" ඔහෙලත් එක්ක මේ වැඩේ මෙහෙම කරන්න බෑනේ... එහෙන් මෙහෙන් ගෙම්බො අල්ලගෙන ඇවිල්ල....පංතියට ගෙනත් දාලා.............."


දිග වචන මාලාවක්ම කියාගෙන ගියා... ඔය ටික ඇහුවට පස්සේ ඉතින් කට්ටියට කරපු වැඩේ දැන් නවත්තන්න ඕන කියල හිතුනා.. ඉතින් ඉටපස්සේ පිරියඩ් එක ඉවර වෙනකන්ම ගෙම්බ නම් කෑගැහුවෙ නෑ.. ඒත් සර් නම් අද වනකනුත් දන්නේ නෑ එදා කෑගැහුවෙ ගෙම්බෙක් නෙවෙයි මැනියගේ phone එක කියල...!!!






පාසල් ජීවිතයේ තවත් සොදුරු මතකයන්......
අජාට ගහපු එරිකගේ RPGඑක
කා* මිස් ගේ ඉංග්‍රීසි පොත......
කවුද අර ඇනේ තිබ්බේ....???
"සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.....
මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!!
කා* මිස්ට මිස් කෝල් ගැහිල්ල.....


*
*
නව Facebook fan page එකට LIKE එකක් දාල යන්න අමතක කරන්න එපා 


*
*

Thursday, June 23, 2011

[RCG]මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!!

මේ සිද්ධිය උනේ මම 12 වසරේ ඉන්න දවස්වල... ඔන්න ඉතින් අපි කරේ BIO නේ.. මොකද ඉතින් පොඩි කාලේ ඉදලම කිව්වේ ලොකු උනාම දොස්තර කෙනෙක් වෙනවා කියලනේ..ඔන්න මොන්ටිසෝරියේ ඉදන්ම කියපු එක කොහොම හරි කරන්න තමයි BIO කරේ.... සුදන්තයා,වජිර, මිංගේ,එරික,මොටා, පරමී,ජීවේ,Maxxa,ප්‍රෙඩියා,ඔටුවා සෑහෙන යාලුවො set එකක්ම set හිටිය අපේ පංතියේ.

හරි ඉතින් ඒක පැත්තකින් තියමු. BIO කරන කොට ඉතින් තියෙන සිරාම Subject එකක් නේ Chemistry කියන්නේ.. ආවර්තිතාවගුවත් පැත්තකින් එල්ලගෙන, අනුමාපන පාරකුත් දාගෙන කට්ටිය Chemistry කරා මතක ඇතිනේ.

අපේ class එක තිබ්බේ සිරාම place එකක. කොටින්ම කියනවනම් වලක. රිච්මන්ඩ් එකේ වලේ පන්තිය එහෙම අහල ඇති නේ. අන්න ඒවගේ තමයි මේ place තිබ්බේ. ආදරේට කියන්නේ පාතාලෙ කියල.
අපිට chemistry කරන්න ආවේ සුමේධ සර් කියල සර් කෙනෙක්. බොරු කියන්න ඕන නෑනේ. හරිම හොද සර්.. සමහර වෙලාවට chemistry තිත්ත උනත් කොහොම හරි පොවන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් දවසක් සර් පන්තියට ඇවිත් chemistry පාඩම කරනවා..කට්ටියක් බුදි..කට්ටියක් වෙන වෙන ලෝක වල..කට්ටියක් පාර දිහා බලාගෙන ඉන්නවා.... :p :p ඔන්න ඔය වෙලාවේ තමයි අපේ ඉසුරුවා (ආදරේට මේ සිද්දියෙන් පස්සේ කියන්නෙ pilot කියලා) පොඩි ගුවන් යානා හරඹයක් කරන්න හිතුවේ. මෑන් පොඩි කොළයක් නවල කියල පොඩි කාක්කෙක් හදා ගත්තා.කට්ටියට පොඩි fun එකක් දෙන්න කියල අපේ ඉසුරුව තමාගේම දහඩිය මහන්සියෙන් හදපු ගුවන් යානය ගුවන් ගත කරා.. අස්සාවේ බෑ.. clzඑකේ දාල තිබ්බ fan එකේ හුලං පාරට ඉසුරුවගේ ගුවන්යානය ලස්සනට ගුවනේ පාවෙලා ප්‍රෙඩියගෙ ඔලුව උඩින් ගිහින් සර් ගේ නහය ලගින් මේසේ උඩට land කරා.. කට්ටිය මේකෙන් හොද විනෝදයක් ගත්තට land කිරිල්ල ගැනනම් එච්චර ඇල්ලුවේ නෑ..දැන් කට්ටියම ෆුල් upst .ඔන්න ඔය වෙලාවේ තමයි අපේම කරුමෙට අපේ මිස් පන්තියට අවේ. මිස් ඉන්න office එකත් තිබ්බේ පන්තියේ එහා පැත්තෙමයි. දැන් සර් ට එකපාරටම අප්සට්. නිකන් මැස්සෙක් වගේ මොකෙද්ද එකෙක් නහය ලගින් ගියාවගේ දැනුලු.ඒත් මොකද්ද කියලා හිතාගන්න බැරිව ඉස්සරහ පේලියේ හිටපු අයගෙන් අහනවා. ඉස්සරහ හිටියේ අපේ ගොඩයයි,එරිකයි, වජිරයයි. කට්ටියම දන්නව ආවෙ මොකද්ද කියල. කියන්න පුලුවන්ද එකපාරටම කාක්කෙක් කියල. සර් අහනව අහනව ඉවරයක් නෑ.. අපේ කට්ටියත් නිකන් මුකුත් උනේ නැතිගානට බාලාගෙන ඉන්නවා.ටිකක් වෙලා යනකොට සර් දැක්ක මේසෙ උඩට ලස්සනට land කරල තිබ්බ අපේ pilot ගෙ ගුවන් යානය.දැන් කට්ටිය ෆුල් හොල්මන්. ඒත් මේ සර් කවදාවත් අපිට බැනලත් නෑ.. ගහලත් නෑ. එකනිසා කට්ටිය පොඩි හිනාවක් එහෙම එහෙන් මෙහෙන් දැම්ම. ඔන්න ඔය වෙලාවෙ තමයි සර්ගෙ ඇත්ත තත්වෙ එළියට පැන්නේ. කවුද දන්නේ සර්ට ඔච්චර යකා නගිනව කියලා. පටන් ගත්තනේ

"මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක් තොපිල දැන ගනින් කියල..!!! "

ඔය ටික පටන්ගන්න කොට නම් අපේ ගොයියොන්ට උතුර දකුණ මාරු උනා.. හත්වලාමේ මේ ඉන්නේ අපි හිතන් හිටපු සර් ද කියලා... බනිනවා බනිනවා ඉවරයක් නෑ.. ඔය වෙලාවෙ මම හිටියේ දෙවෙනි පේලියේ. මගේ එහාපැත්තේ ඔටුවා. අපි ඩබලගේ මැදින් තමයි ප්‍රෙඩිය හිටියේ. ඉසුරුවගේ ගුවන් යානේ ආවේ ප්‍රෙඩියග ඔළුව උඩිනේ. දැන් සර් හිතන් ඉන්නේ කාක්කා එව්ව ප්‍රෙඩිය කියලා. ප්‍රෙඩියට දැන් ලෝක ලෙඩේ.හරියට අපේ පොලිසියේ අය නොකරපු වැරදිත් හොරාගෙන් කොහොම හරි කියව ගන්නව වගේ ප්‍රෙඩියගෙ බෙල්ලෙන් අල්ලල වැරැද්ද පිලිග්න්න කියල කියනවා. මටත් දැන් ෆුල් අප්සට්. ඇයි මගේ එහාපැත්ත් ඉන්න මනුස්සයනේ නැගිට්ටුවෙ.මමත් දැන් film එක බාලාගෙන ඉන්න අතරේ මටයි ඔට්ටටයි හොද බාල්දියක් පෙරලුනා.

"තමුසෙල දෙන්න නේ දෙපැත්ත හිටියෙ..තමුසෙල දෙන්න දන්නව ඇතිනේ...?????"

ඔන්න උත්තර දීපන් කො දැන්. බයටම වගේ අපි දෙන්න නෑ කිව්වා.කිව්ව නෙවෙයි කිය උනා..වෙන මොනව කියන්නද. ඇත්ත නේ කිව්වේ. ඉටපස්සේ ඉතින් ආපහු යුද්දෙ පටන් ගත්ත..බණිනවා බණිනවා ඉවරයක් නෑ.. අපේම අවාසනාවකටම තමයි ඉතින් අපේ මිසුත් එහා පැත්තට ආවේ.. මිසුත් දැන් හොරෙන් මොකද්ද වෙන්නේ කියල බලාගෙන ඉන්නවා. ටිකක් වෙලායනකොට තමයි සර්ට තෙරුනේ මුන්ට බැනල නිකන් ලේ පුච්චගන්න මොකටද කියල. තොපිලට ඕන විදිහකට ඉගෙන ගනින්.. එච්චරයි කියනව ඇහුනේ සර් ගියා.ඔන්න ඉතින් සර් ගිහිපු ගමන්ම අපේ මිස් අවා..ඇවිත් සර් ගෙ ඉතුරු හරිය පටන් ගත්තා.. අපේ මිස්නම් කොල්ලො කරන කියන වැඩ ගැන දන්න නිසා පස්සෙ හොදින්ම කිව්ව ගිහින් සමාව ගන්න කියල...එන පොට හොද නැතිනිසා කට්ටියම ඉසුරුව යුද්දෙට යවන්න ලෑස්තිකරනව වගේ කියන්න ඕන ඒවත් කටපාඩම් කරල සර් ලගට යැව්වා.ඉසුරුවගේ වාසනාවද කියල කියන්නනම් දන්නෙ නෑ.. සර් ලගට යන කොට පරණ අපේ සර්මයි එතන හිටියෙ..:ප් :ප් අන්තිමේදි ඉතින් පන්තියම ගිහින් සර්ට වැදල සාමාව ගත්ත..නැතුව ඉතින් වෙන මොනව කරන්නද..?? පස්සේ තමයි හිතුනේ සර් අහපු වෙලාවෙම කාක්කෙක් එව්වා කියල කිව්වෙනම් ගුවන් යානා ගැන හොද දේශනයක් එහෙම දෙනව ෂුවර්.. හැබැයි සර්ට තද වෙලා ඉන්න වෙලාවේ අපේ ඉසුරුව නැගිට්ටේනම් ඉතින්...... හිතාගන්නවත් බැරිවේවි....!!!!


පාසල් ජීවිතයේ තවත් සොදුරු මතකයන්......
අජාට ගහපු එරිකගේ RPGඑක
කා* මිස් ගේ ඉංග්‍රීසි පොත......
කවුද අර ඇනේ තිබ්බේ....???
"සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.....
මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!!
කා* මිස්ට මිස් කෝල් ගැහිල්ල.....


*
*
නව Facebook fan page එකට LIKE එකක් දාල යන්න අමතක කරන්න එපා 


*
*