Showing posts with label විහිළු. Show all posts
Showing posts with label විහිළු. Show all posts

Sunday, May 20, 2012

කෝ ඉතුරු 99..?? අඩෝ අම්මට ******


ඔන්න ලංකාවේ පාර්ලිමේන්තුවේ XXXX තම කතාව පවත්වනවා..කලින් පුද්ගලයෙක් කියපු දෙයක්...


 XXXX:: තාත්ත කෙනෙක් තම පුතුන් තුන් දෙනාට රුපියල් සීයක් දීලා කියනව රුපියල් 100 ම වියදම් කරලා කාමරයක් සම්පූර්ණයෙන් පුරවන්න දෙයක් අරගෙන එන්න කියලා..


පලවෙනි පුතා ගිහින් පිදුරු අරන් ඇවිත් කාමරය පුරවන්න හදනවා..ඒත් ඒ ගත්තු උත්සාහය අසාර්ථකයි...ඊට පස්සේ දෙවෙනි පුතා ගිහින් රුපියල් සීයක කොට්න් රෙදි ගෙනත් පුරවන්න හදනවා.. ඒත් ඒ උත්සාහයත් අසාර්ථකයි... 
ඊට පස්සේ තුන්වෙනි පුතා රුපියල් සීයේන් රුපියලක් වියදම් කරල ඉටිපන්දමක් අරගෙන ඇවිත් පත්තුකරලා මුලු කාමරයම ආලෝකමත් කරනවා.
අපේ ජනාධිපතිතුමත් ඔය තුන්වෙනි පුතා වගේ..කිසියම් දිනෙක මුලු රටම සෞභාග්‍යයෙන් ආලෝකමත් කරනවා..


QQQ කණ්ඩායමේ පුද්ගලයෙක්:: එතකොට කෝ අර තුන්වෙනි පුතාට දීපු රුපියල් සීයේ ඉතුරු රුපියල් 99..??


XXXX:: අඩෝ.... අම්මට *********


.
.
.

Friday, April 27, 2012

පානමානය...මූ තමයි හයියෙන් ගැහුවේ.....

මේකත් ලැබ් එකේ කතාවක්.
මතකේ ඔට්ටගේ නව සොයා ගැනීම ලැබ් එකේ.මේක හැබැයි අපේ පාතාලේ වෙච්ච වැඩක් A/Lකාලේ කතාවක් තමයි අදත්.මොකද ඉතින් A/Lකාලේ නේ පිස්සු වැඩියෙන්ම නටන කාලේ.ජීව විද්‍යාව කරපු කට්ටිය ඉතින් දනවා ඇතිනේ පානමානේ කියන්නේ මොකද්ද කියලා.දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් ඔය දන්න කෙනෙකුගෙන් අහගන්න....


මේ කතාව ඉතින් පානමානයක් වටා ගෙතුනු කතාවක් තමයි.ඔන්න ඉතින් එක දවසක් ලැබ් එකේ ප්‍රැක්ටිකල් තිබුන කියමුකො.එදා තිබුනේ ඔන්න ඔය පානමානේ කියන මෙව්ව එකෙන් පොඩි ජිල්බරි වැඩක් කරන්න


මේක ගැන ඉතින් පොඩ්ඩක් සරළවම කිව්වොත් ඉතින් පොඩි අතුකෑල්ලක් ගහන්න තියෙනව වතුර යට තියාගෙන..ඒක තමයි මහම වැඩේ.මොකද කියවගෙන යනකොට තේරේවී. ඔන්න ඉතින් වැඩේ කරන්න මිස් පානමානේ ගෙනත් දුන්න කියමුකෝ.ලෝකෙටම එකක් තියෙනව වගේ හැබැයි ගෙනත් දුන්නේ. 

"පරිස්සමෙන් පාවිච්චි කරන්න.මෙච්චරමයි තියෙන්නේ.මේක ගොඩාක් කාලයක් ඉදන් පරිස්සමෙන් කලින් පංති වල අය පාවිච්චි කරල තියෙනව.ඒක නිසා තමයි අද ඔයගොල්ලොන්ටත් පවච්චි කරන්න පුලුවන් කම තියෙන්නේ......"


ඔය ඉතින් මිස් ගෙ වචන ටික.අපිත් ඉතින් කතාව ඔලුව නවල පිලිගත්ත කියමුකෝ.හැබැයි පානමානේ නම් අද ඊයේ ගත්ත එක වගේ.දිලිසි දිලිසි තියෙනවා.පරණ ඒව දිලිසෙනවද කියලත් අහන්න හිතුන ඉතින්...:ඵ්
කට්ටිය ඉතින් වැඩේට සෙට් උනා...වතුර බේසමක් තියෙනව මේසෙ උඩ.මම ගත්ත පානමානේ.ඔතන හිටිය අපේ මැනියා.මූ ගත්ත අර අතු කෑල්ල..දැන් කට්ටියම වටෙට ඉන්නවා ෆිල්ම් එක බලන්න වගේ..හිටියට එතන හිටපු එකෙග්ගෙවත් කටවල් නම් වැහිල නෑ..දන්නවනේ ඉතින් අපේ යක්කුන්ගේ කටවල් වල හැටි..ඔහෙම බෑ කියවි..හෙමින් ගහන්න කියාවි..බැරිනම් පසේ වරෙන් කියාවි..මරු ආතල් ඉතින්..

එකම සහෝදරයො වගේ හිටපු මැක්සම මැක්ස පංතියක් ඒකනම්..තාමත් මතක් වෙනකොට හිතට දුකයි ඒ කාලයෙන් වෙන්වීමට සිද්දවෙච්ච එක ගැන....:( :( 


දැන් ආපහු කතාවට.මං පානමානේ අල්ලන් ඉන්නව වතුර යට තියාගෙන.මැනිය අතු කෑල්ල අල්ලගෙන ඉන්නවා..මූට අත්තක් අල්ල ගන්න කිව්වොත් ඕනම දෙයක්.වන වන ඉන්නේ නැතුව ගහන්න කිව්වහම මිනිහත් ගැහුව කියමුකෝ.ඇත්තම කියනවනම් මෙතන හිටපු එකෙකුටවත් පරීක්ෂණයක් කරනව කියලනම් සිහියක් තිබුනේම නෑ..මොකද ඉතින් පිස්සු කියව කියව වෙනමම ලෝකෙක නේ ඉන්නේ. මැනියගේ වැඩේ අහවර කරාට පස්සේ තේරුනා පොඩි අමුත්තක් පානමානේ.ශේප් එකේ උස්සල බැලින්නම් තනි උපකරණයක් වෙච්ච පානමානේ දැන් කෑලි දෙකක් වෙලා


ඇත්තටම පානමානේ කෑලි දෙකකටද තියෙන්න..?? :ඵ් :ඵ් වැඩේ දෙල් වෙලා වගේ.පනාමනේ හරියටම කර ලගින් දෙකටම කැඩිලා.දැන් තමයි හරියටම ෆිල්ම් එක පටන් ගන්නේ.මොකද ඕක මිස් දැන ගත්තොත් ඉතින් කන්දෙක පුරවල අහගන්න වෙන්නේ.ඒකියන්නේ මිස් බනින්නේ නම් නෑ..ඒත් දන්නවනේ මිස්ලගේ හැටි..කියන කොට අහන් ඉන්න දුකයි.දැන් කට්ටියම ෆුල් හොල්මන්.ඇයි දෙය්යනේ මිස් ඇහුවොත් මොනව කියන්නද..?? :@ :@ :@

දැන් මිස් ඇවිත් අහනව කෝ පරීක්ෂණේ කරල ඉවරද කියලා...ඔව් මිස්...නෑ මිස්..මොනව කියන්නද ඉතින්...එක එක්කේනාගේ මුණු වල පෙරහැරවල් යනව වගේ..කට්ටිය මූනට මූන බලාගන්නවා.. 

"මිස් කරන්න උනේ නෑ... "
"ඇයි මෙච්චර වෙලා මොනවද කරේ....."

දැන් ඉතින් වෙන මොනව කරන්නද...? උස්සල පෙන්නුව කෑලි දෙකක් වෙච්ච පානමනේ..අපොයි ඒක දැක්ක ගමන්ම මිස්ගේ මූණ..
දැන් මමයි මැනියයි බෝලෙ පාස් කරනව.මිස් මෙයා නිස උනේ..මත් අත ඇරියේ නෑ..මූ තමයි හයියෙන් ගැහුවේ..හික්ස්..හිනාවෙවී බොල පාස් කරනව..:ඵ් :ඵ් දැන් පටන් ගත්ත මිස්ගේ බැණිල්ල.මිස් බනිනව කිව්වට ඉතින් එච්චර ගානක් නෑ..ඒත් අහන් ඉන්න එක තමයි ඉවසන්න බැරි.ටැප් එක ඇරිය වගෙ..කියවනව කියවනවා ඉවරයක්ම නෑ...
මේ වැඩේ හරියන්නේ නෑ..අයි හත්තිලව්වේ ඕක අහගෙනම ඉන්න පුලුවන්ද..?? 

"මිස් අපි පානමානයක් අරගෙන දෙන්නම්.කොහෙන්ද ගන්නේ..කියක් වෙනවද.?? "

ඔන්න ඉතින් දවසේ ප්‍රශ්ණ.මිස්ටත් දැන් ටිකක් අමුතුයි අමුතුයි වගේ..ඇයි අපේ යක්කුන්ගෙන් පානමානයක්.... :O :O :O අපි මිස් සල්ලි එකතුකරල අරගම්මු. ඔන්න දැන් මැනිය සෙට් උන පින්කොලයකුත් ඉල්ලගෙන සල්ලි එකතු කරන්න.. වැඩේ පටන් ගත්තු විදිහට පානමාන 100ක් ම අරන් දෙයි වගේ.පුදුම උවමනාවක්.මිස්ටත් ඉතින් හිතුන අපි පානමානයක් ගෙනත් දේවි කියලා.. හැබැයි ඉතින් කොච්චර හොද ලමයින්ද කියනවනම් තාමත් මිස්ට පානමානයක් අරන් දෙනවා.....

ප.ලි:: කැඩුන පානමානේ කබඩ් එකට දානකොට තමයි මරු වැඩේ දැක්කේ..පානමාන ලෝකයයි කැඩුන..බලනකොට අපිට හිටපු අයියලත් හරි ෂෝක් එකට ආරක්ෂාවෙන් ලැබ් එකේ බඩු පාවිච්චි කරල තිබුනා

 

Sunday, November 6, 2011

[R.C.G] කා* මිස්ට මිස් කෝල් ගැහිල්ල.....


මතක ඇති නේ අපි කාලේ ඉංග්‍රිසී කරපු හැටි..ඒත් අක්කම අර කා* මිස් ගැන එහේම දනන්ව ඇතිනේද..?? දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් බලන්න.අපේ පංතියේ තමයි ටාර්සන් [චතුරංගයා] හිටියේ..ටාර්සන් කිව්වේ වැල් වල එල්ලිල යන නිසා නෙවෙයි..නිකන් ආතල් එකට හදපු කාඩ් එකක්..

ඔන්න ඉතින් තවත් දවසක ලෝබ නැතුවම පීරියඩ් දෙකක්ම ඉංග්‍රීසි පාඩම තිබුනා. කා* මිස්ගේ අතේ තිබුන පොඩි ෆෝන් කටුවක්..මිස්ගෙ වැඩේම පාඩම යන කොට ඕක පොඩ්ඩක් මිරික මිරික බලන එක තමයි..දන්න තරමින්නම් කවදාවත් ඕක silence නම් කරන්නේ නෑ..මොකද අපි ඉස්සරහදිම ඔය ෆෝන් එක රින්ග් වෙලා තියෙන නිසා..ඔන්න ඉතින් දවසක් කට්ටියම සෙට් උනේ ඔය ෆෝන් එකට පොඩි වැඩක් දෙන්න..කට්ටිය කතාකරගත්තේ කොහොම හරි මිස්ගේ නම්බර් එක උස්සන්න..ඒත් කොහොමද..?? කාටවත් හිතාගන්න බෑ..කොහොම හරි ඒවැඩේ කාලයට බාර දීල කට්ටියම පැත්තකට වෙලා හිටියා.ඔන්න දවසක් මිස් පන්තියට අවා..අපු ගමන්ම ඉතින් පොත් තියෙන්නේ කාටද..?? නැද්ද කියල හොයල බලන එකනේ කරන්නේ.. මතකයිනේ... ඔන්න ඉතින් එකත් හොයලා සුපුරුදු පරිදිම ජාතියත් අමතල එහෙම පාඩම පටන් ගත්තා...මොනව උනත් වැඩිවෙලානම් යනන් හම්බුනේ නෑ මිස්ට පොඩි පණිවිඩයක් අවා office එකට අන්න කියලා..ඔන්න ඉතින් මිස් ගියා එකට.ඔතනදි තමයි අපේ ගොයියන්න අර වැඩේ මතක් උනේ..අර මිස්ගේ නුම්බර් එක උස්සන්න..එත් ඉතින් කතා කරගත්තට කවුද ඉතින් ඕක කරන්න යන්නේ එකපරටම...කොහොම කොහොම හරි අපේ අර ටාර්සන් ගොයියා ගේම් එකට බැස්සා..කොකටත් දොර ලග එක්කෙනෙක් මුරට දාල තිබුනේ..කියන්න බෑනේ හදිස්සියේවත් කඩාපනින හමුදාව වගේ එකපාරටම කඩගෙන ආවොත්..ටසන් ගොයියා මිස්ගේ බෑග් එකෙන් ෆෝන් එක අරගෙන පොඩි මිස්කෝල් පාරක් ටර්සන්ගෙම ෆෝන් එකට ගහල history එකත් Delete කරල ෆොන් එක තිබුන තැනම තියල මාරු උනා..ඔන්න මිස් අවා පන්තියට..දැන් කවුරුත් ඉන්නේ නිකන් මුකුත් නොව්නා ගානට. [මේ කාලේ ඉතින් පන්තීයේ හම ගොය්යෙක්ම ලග ඉතින් ෆෝන් තියෙනවනේ..මහා ලොකූ අකුරෙන් "පාසල තුලට ජංගම දුරකතන ගෙන ඒම තහනම්" කිව්වට ඉතින් සමහර වෙලාවට සර් කෙනෙකුගේ හරි මිස් කෙනෙකුගෙ හරි හදිස්සියකට කෝල් එකක් ගන්නේත් ඉතින් කාගෙ හරි කොල්ලෙකුගෙ ෆෝන් එකකින් තමයි. :p :p ] ඔන්න ඉතින් දැන් මිස්ගේ නම්බර් එක පන්තියේ හතර වටේම යන්වා.

ඔන්න ඊටපස්සේ තමයි වැඩේ පටන් ගත්තේ..මංගල එක..

ට්‍රීං...ට්‍රීං....

ඔන්න වදින පටන් ගත්තා..මිස් ඉතින් පඩමත් නවත්තල පොතත් පැත්තකින් තියල බෑග් එකට අත දාල ෆෝන් එක ගන්නකොටම කෝල් එක නැවතුනා.. අපහු ඉතින් බැග් එකට දාල පාඩම පටන් ගන්න කොටම මෙන්න වදිනවා..

ට්‍රීං...ට්‍රීං....
අපහු පඩම නවත්තල ෆෝන් එක ගන්නකොටම කෝල් එක නවතිනව..දැන් මිස්ගෙ මුනෙන්ම පෙනව මිස්ට යකා තදවෙල කීයල..හැබැයි සුනාමි අවත් ඕක කරන්නේ නම් නෑ කියල අපිනම් හොදට දන්නව.. කොහොම කොහොම හරි පාඩමනම් කරන්න උනේ නෑ හතර වටින්ම එක එක නම්බර් වලින් මිස් කෝල්. එක්කෙනෙක් ඉවර වෙන කොට තම කෙනෙක්..එයා ඉවර වෙනකොට තවකෙනෙක්... කොහොම හරි දැන් මිස්ටනම් හොදටම මල. ඔන්න ඉතින් පිරියඩ් එක ඉවර උන කියමුකෝ..එත් කට්ටියගේ miss කෝල් ගැහිල්ලනම් නවතින පාටක් පෙන්නේ නෑ..සමහර උන් ඒ අස්සෙ SMS යවනව...(අර තියෙන්නේ creative SMS කියල ජාතියක්.අන්න ඒවා ) සමහර උන් කඩ්ඩෙන් SMS කොටනව...එව කියවගන්න ඉතින් මිස්ට සින්හල පංතියකට යන්න වෙනව... ඔය අතරේ කට්ටිය ලග තිබුන එක SMS එකක්.එක පහලට කියවගෙන යන්කොට නිකන්ම ෆෝන් එක restart වෙනවා..ඔකත් යැව්වා මදිපඩුවට.. :ඵ් :ඵ් පිස්සු ආතල්...

ඔන්න ඊට පස්සේ දවසේත් මිස් ආව පංතියට.. ආපු විඩිහනම් එච්චර ඇල්ලුවේ නෑ..පොඩ්ඩක් ඔරවගේන වගේ පංතියට ඇවිත් පුටුවෙ වඩිවෙලා කට්ටිය ගේ මුණවල් දිහා කන්නවගේ මරුවෙන් මාරුවට බලාගෙන ඉනවා..අපිටනම් තේරුනා මිස්ගේ අවුල මොකද කියල..කොහොම හරි විනාඩි 5ක් විටර බලාගෙන ඉදල තමයි කතාව පටන් ගත්තේ..
" මගේ මේ ෆෝන් එකට කෝල්ස්..මිස් කෝල්ස්. මැසේජස් එනවා ගොඩක්..කවුරුද දන්නේ නෑ... "

ඔකත් කිව්වේ හැබැයි ටිකක් කඩුව දාලා.. හොරාගේ අම්මගේන් පේන අහනව වගේ වැඩක්...අපි කොහොමද ඒකට උත්තරයක් දෙන්නේ..කිව්වේ

" දන්නේ නෑ මිස්...!!"

කොහොම කොහොම හරි එදත් පඩම හරියට කෙරුනෙ නෑ...මොකද ඉතින් වක්කඩ කැඩුව වගේ අරක රිං වෙනවනේ ට්‍රීං...ට්‍රීං ගලා.... එදා දවසත් ඉවර උනා..දැන් හැබැයි මිස්ට පොඩ්ඩක් සැකයි..මොකද වැඩිපුරම එන්නේ අපේ පංතියේ පාඩම කරන ආවමනේ... ඉට පස්සේ මිස් අවේ පන්තියට එන නම්බර් ඔක්කොම කොලේක ලියගේන..නම්බර් 20ක් විතර...හරියට communication එකක් වගේ... :D :D :D අවුලක් නෑ..ඔතන තියේන බාගෙට බාගයක් තියෙන්නේ හොර නම්බර්..අපේ වජිරයා ලග තියෙනව හොර සිම් මල්ලක්ම.කාට හරි ආතල් එකක් හරි වගේ දෙන්න ඔනනම් කෙලින්ම වජිරය ඇමතුවහම වැඩේ හරි. [ වජිර ගැන මතක් කරොත් අප අතර සිටි හොදම යහලුවෙක්..2008 ඹෛO පංතිය සමග වජිරගේ මතකයන් සෑහෙන ප්‍රමණයක් තියෙනවා..නමුත් ඔහු අද අප අතර නෑ..මෙලොවින් සමු අරන්... ]

මිස් නම්බර් ටික කියවනවා..මරු සෑහෙන්න තියෙන්නේ වජිරයගේ නම්බර්...කොහේ හොයන්නද..??හැබැයි මිස්ටනම් ටිකක් තද වෙලා හිටියේ..කියව කියව ඉන්නකොතත් මිස් කෝල් එනවනේ...!!වැඩේ දුර දිග ගිය වැඩී වගේ..

"මම මේ නම්බර් ඔක්කොම ටික පොලීසියට ගිහින් දෙනවා...මෙහෙම මෙහෙම වැඩක් මට වෙනව කියලා....""

අනේ ඉතින් අපිට මොකෝ....කොහේ අල්ලනද unregistered නම්බර් වලින්...කොහොම කොහොම හරි කට්ටිය එකතු වෙල වැඩේ පොඩ්ඩක් අඩුකරා..කියන්න බෑනේ..අපි ඉතින් පොලීසියට බය වෙන්න ඕනනේ.. :) :) හැබැයි මිස්ටනම් කලින්ම තේරිලා තියෙන්නේ අපේ ගොයියොන්ගේ වැඩක් කියලා... පස්සෙ දවස් වල ඇවිත් හිනාවෙවී කියනවා දැන්නම් කෝල් එන එක අඩුයි.. කොහොමද නම්බර් එක හොයාගත්තේ...කටවත් දීල නෑ... :) :)

හැබැයි ඉතින් අද වෙනකනුත් කා* මිස් නම් දන්නේ නෑ අපේ අර ටාර්සන් ගොයියා බෑග් එකට පැනල නම්බර් එක උස්සපු හැටි......!!!!!



පාසල් ජීවිතයේ තවත් සොදුරු මතකයන්......
අජාට ගහපු එරිකගේ RPGඑක
කා* මිස් ගේ ඉංග්‍රීසි පොත......
කවුද අර ඇනේ තිබ්බේ....???
"සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.....
මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!!



නව Facebook fan page එකට LIKE එකක් දාල යන්න අමතක කරන්න එපා


*
*
*

Sunday, October 16, 2011

[RCG] ඔට්ටා ගේ නව සොයා ගැනීම


පාසල් මතකයන් ගැන කිව්වොත් ඉතින් කවදාවත් අමතක කරන්න බැරි රසවත් සිදුවීම් ගනනාවක්ම තියෙනවා..මෙවා ඉතා රසවත් උනාට සමහර වෙලාවට මේවා මතක් වෙනකොට හිතට මහා දුකක් දැනෙනේවා..මොකද කියනවනම් එකාලේ හිටපු ඇතැම් මිතුරන් දැන් ලේසියෙන් දකින්න වත් නැතිනිසා..ඇතැම් අය සෑහෙන දුරට ගිහින්.


මේ කතාවනම් අපේ දිනූ චාමින්දයා වටා ගෙතෙන කතාවක්..(ඔටුවා කිව්වහම ඉතින් කවුරුත් දන්නවා) රිච්මන්ඩ් එකේ 13 වසරෙදි අපේ පන්තිය තිබුනේ දේශණාගාරයේ..ඕක එහා පැත්තෙ තමයි Chemistry Lab එකයි Physics Lab එකයි තිබුනේ..කොච්චර ලෙසිද කියනවනම් ඇතුලෙන් දොරකුත් තියෙනවා.. අපි ඉතින් හැම දාම එකට කලින් ගිහින් ඉන්නවා..(දොර තියෙන නිසා ලේසියට නෙව්යී..ඉගෙන ගනන් තියෙන ආසාවට ) කොහොම කොහොම හරි චාටර් වෙලා ඔය දොර වහගත්තා අපහු යන්න නොදී..ඉට පස්සෙ යන්න උනේ වටෙන්..හරියට ඉස්සරහින් අල්ලන්න තියෙන නහය අත දාල වටෙන් අල්ලනව වගේ.


ඔන්න ඉතින් තියෙන දවසක ගියා කියමුකො Chemistry Lab එකට.. අපිට Chemistry කරන්න හිටියෙ සුමේධ සර්. මතකනේ සුමෙධ සර් ගැන කලින් ලියපු ලිපි. [මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!! // "සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.. හැබැයි සර් සද්දෙනම් ගෙම්බෙක් ගෙ වගේ" ]ඔන්න ඉතින් එදා සර් එන්න ටිකක් පරක්කු උනා.අපි කට්ටිය ඉතින් පැත්තකට වෙලා පොඩි කයියක් දාගෙන ඉන්නව අර එකේ තියෙන ගිටාර් ගහන්න පුලුවන්, බාර් වල තියෙනවා වගේ උස පුටු වල ඉදගෙන. අර අපේ කතානායක ඔටුවගේ වැඩේම මොනව හරි නව සොයා ගැනීම් කරන්න..ඔන්න ඉතින් ඉන්න කොට මිනිහට පොඩි අදහසක් අවා බොතල් වල තියෙන Chemical එවා ටිකක් එකට කවලම් කරල බලන්න. නොදන්න මලදාන නොකර ඉන්න කියල කිව්වට මිනිහ එවා පිලිගන්න සුදානමක් නෑ.කියනදේ නාහන ගුරු අර කොහෙට ගියත් එකයි කියන්වා වගේ ඔන දෙයක් කරගනන ඇරල ඉතින් අපි පොඩ්ඩක් පැත්තකට උනා..පැත්තකට උනාට ඉතින් අපිත් game එකේ හිටියා...මොකද කරුමෙකට හරි නව සොයා ගැනීමක් කරොත් ඉතින්..දන්නෙ නැද්ද ඉතින් අපිත් උදව් කර කියලා නම පත්තරේටවත් දාගන්න පුලුවන්නේ...


ඔන්න ඉතින් ඔට්ටා වැඩේ පටන් ගත්තා.. නව සොයා ගැනීම කරන්න හොයාගත්තේ එකේ පිටිපස්සෙම ජනේලෙ ලග..එතන තමයි ඉතින් පරීක්ෂණ නල ටික තිබුනේ...දැන් ඉතින් කවුරුත් නැති එකේ එක වටේට හිහින් බොතල් තොගයක් අරගෙන ආවා.අයි දෙකක් නෑ..නව සොයාගැනීමක් කරනවම තමයී...මොකද පල පුරුදු කෙනෙක් විදිහට ටමයි මිනිහ වැඩේ පටන් ගත්තේ.බොතල් වල මුඩි කලින්ම ඇරලා..මුඩි මේසෙ උඩම තියලා.. (දන්නව ඇතිනේ එහෙම මේසෙ උඩ තියන්න එපා කියන එක ) ඔන්න ඉතින් මොනවද දැම්මා ඉස්සෙල්ලා...ඊට පස්සෙ තව එකක්..නෑ කිසිම වෙනසක් නෑ..අවර්ණ ද්‍රාවණයක්.. :p ඊට පස්සේ තව එකක්..එත් නෑ..කමක් නෑ..හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙටලු..ඔන්න ඉතින් වැඩේ දිගටම කෙරීගෙන යනවා..එකපාරටම නලේ ඇතුලේ ද්‍රාවනය නිකන් අමුතු පාටක ට හැරුනා..ද්‍රාවනයේ පාට වගේද ඒ වෙලාවේ ඔට්ටගේ මුනේ පාට..හිනා පාට මුන..සතුට බේරෙනවා... :D :D . මොනව උනත් මිනිහ වැඩේ අත ඇරියේ නෑ.. නව සොයා ගැනීමක් කරන්න හදන නිසා Chemical විතරමක් නෙව්යි ඕකට දැම්මේ..කොල කෑලි..දුවිලි..වැලි..තව ජාති ගොඩයී.. ඊට පස්සේ තමයි සීන් එක පටන් ගත්තෙ..තව මොනවද මොනවද එකතු කරගෙන ගියා..හැබැයි මිනිහත් මෙව එකතු කරන්නේ ටිකක් බයෙන්.කියන්න බෑනේ..පොඩ්ඩක් දුරින් ඉදල තමයි වැඩේ කරේ.. ඔන්න එකපාරටම ඇතුලේ ද්‍රාවනේ අමුතු පටකට හැරුනා.. ටිකක් වෙලා යන කොට වැඩේ අවුල් බව තේරුනේ පැණි උණු වෙනව වගේ අරකෙන් පෙන දාගෙන දුම් දාන්න පටන් ගත්තහම..දැන් ඉතින් වැඩේ දෙල් වේගෙන එන්න වගේ...දුන් දානව කියන්නේ ඉතින් එන පොට හොද නෑ හොද අවුලක් නේ..ලගට යන්නත් බයයි..ටික ටික දුම් දැමිල්ලත් ටික ටික වැඩිවෙනවා..හරියට පරන කොච්චියක් වගේ.. දැන් ඉතින් කට්ටියට තරු පෙන්න පටන් ගත්තා..තරු පෙනිම වැඩි උනේ ඈතින් සර් එනව දැක්කහම...ෆිල්ම් එකක් වගේ..අපේ ඔට්ටට අරක ලගට යන්න බයයි..ඇයි ඉතින් බොම්බෙ වගේ උනොත්. කොහොම කොහොම හරි ඔය වෙලාවේ ලැබ් එකේ තිබුන කොස්ස තමයි පිහිටට ආවේ..යන්න්තම් කොස්සෙන් පොඩි රංගනයක් කරල පරීක්ෂණ නලේ පෙල්ල ගත්තා..හැබැයි ඕක සර් දැක්කා..සර් ට දැන් ටිකක් සැකයි මුන් මොනවද කරේ කියලා..කොහොම හරි සර් ලගට ආව කියමුකො.. අපු ගමන්ම ඇහුවේ මොනවද කරේ කියලා..ගත්තු කටටම ඔට්ට කිව්වෙ


"සර් පරක්කු නිසා අපි මේ පාඩම පොඩ්ඩක් කර කියලා"


එත් ඉතින් පඩමට ඔන වෙන්නෙ බොතල් 3යි 4යි..එත් මෙතන බෝතල් 10ක් විටර තියෙනවා..එක ගැන ඇහුවහම ඉතින් කටවත් උත්තරයක් නෑ..වැඩේ මට්ටු වෙන්න වගේ..මොකද බොතල් වල මුඩිත් තාම මෙසෙ උඩ.. මොනව කොරන්නද ඉතින්..


"තමුසෙල ඉතින් මේව අරගෙන කවලම් කර කර ඉන්නවා..වෙන වැඩක් ඇත්තෙම නෑ.."

"නෑ සර් අපි පාඩම කරේ.."

"අනේ ඔහෙල කරන පාඩම්.. එන්නේ නෑ වෙලවට ලැබ් එකට..*********"



ඔන්න ඔය වෙලාවේනම් කට්ටියට හිනා..මොකද ලැබ් එකට කලිනුයි..පරක්කු වෙලා අපු අයයි ගැන හිතන කොට... කොහොම කොහොම හරි සර් බනින එක නවත්තල ගියා..නව සොයා ගැනීමනම් මරු..ඔකේ වුන රසායනික ප්‍රතික්‍රියා ටික ලියන්න කිව්වෙනම් ඉතින් ලියන්න වෙනවා පිටු 80 ‍CR පොතක් පිරෙන්නම....





*
*
*




පාසල් ජීවිතයේ තවත් සොදුරු මතකයන්......
අජාට ගහපු එරිකගේ RPGඑක
කා* මිස් ගේ ඉංග්‍රීසි පොත......
කවුද අර ඇනේ තිබ්බේ....???
"සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.....
මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!!
කා* මිස්ට මිස් කෝල් ගැහිල්ල.....


*
*
නව Facebook fan page එකට LIKE එකක් දාල යන්න අමතක කරන්න එපා 



*
*

Saturday, October 15, 2011

සුදු රත්තරං

Facebook එක පැත්තෙ රවුමක් ගහන කොට හොයාගත්තු දෙයක්..ඔන්න කලින්ම කිව්ව මේක මම ලියපු එකක් නෙව්යි...නැත්තම් ඉතින් හිරේ යන වැඩනේ set වෙන්නේ...


පෙන්නේ නැත්තම් පින්තූරය උඩ කොටන්න


Wednesday, June 15, 2011

කස්ටගෙ දෙකක් අහගත් පසු පී ඇමයා... එන්නේ පු*ට පැට්‍රල් ටික ගැසු සැටියා.....


මෘදුකාංග ඉංජිනේරු නමින් හදුන්වන පහත් කුලේ රැකියාවක නියුක්ත වූවන් පිරිසක් තම පාලුව කාන්සිය මකා ගැනීම සදහා රාත්‍රී කාලයට එහා කියුබිකල් එකේ තම සගයාට ඇසෙන සේ කියන කවි මෘදු කවි නම් වේ.

"
ඉන්නේ නාවලයි AC එකක් යට...
කන්නේ බිස්කටුයි රට චොකලට් රහට...
බොන්නේ නෙස්කැෆේයි පූරුවෙ කල පවට...
යන්නේ කවදාද මවුපියො දකින්නට...

ගූගල් කරලමයි සිස්ටම් හදන්නේ...
එම Code බලාලයි ඇස් දෙක රිදෙන්නේ...
ASE නෙමෙයි SE බර අදින්නේ...
පිටරට එවුන්ටයි අපි වැඩ කරන්නේ...

අම්මාපල්ල QA අත වරද නැත...
අපේ තියෙන වැරදී උන් හදුනගතී...
DEV ලා කරල Code වලට හානි නැතී...
ස්ට්ය්ල්‍ර කරනාවුන් නරකා දියේ යතී...

කස්ටන් එකක් වැඩ කරනෙක ලේසි නැතී...
උන්ට ඕනදේ උන්වත් නොදැන ඉතී...
කරනා දෙයක අඩුවක්මය දකිනු ඇතී...
PM කාරයගෙ නිතරම ඔලුව කතී...

කස්ටගෙ දෙකක් අහගත් පසු පී ඇමයා...
එන්නේ පු*ට පැට්‍රල් ටික ගැසු සැටියා...
දවසෙම මූගෙන් අහගන්නට වෙන හැටියා...
SE උනේ පෙර පවකට දෝ සැකයා...

රික්වයර්මන්ට් මෙලෝ දෙයක් නොදන්නේ...
ස්ටෑන්ඩර්ඩ්ස් හැම විටකම සොයන්නේ...
කෝඩ් රිවිව් කරපු ගමන් කෙලවෙන්නේ...
ආකියගේ මවුපියනුයි සිහිවෙන්නේ...

හොරයට බොරුවට වංචාවන්ට නැතිය ඉඩක්...
කීව ඒ එකත් එකවිදිහක පොලෝසියක්...
පොඩ්ඩ එහා මෙහ උනොතින් ලොකු නඩුවක්...
ස්කේල් ඩවුන් කියල ගෙදර යවන හැඩක්...

රැයක් නැත දවාලක්,නින්දක් නැතිය...
කෑමක් නැතිය මහ රෑ ගෙදරට එතිය...
ඉතිං පුංචි දේටත් තරහා යතිය...
අයි ටී ඉන්ංජිනේරුවො ගැන මට දුකය...

රෑ එක දෙක වෙනකල් ඇහැරන් ඉන්නේ...
තව චිත්තර පටිත් බලලයි නිදියන්නේ...
.පෙම්බර ඇත්තගෙ වැඩ කිඩ ගැන දන්නේ...
ගහ දන්නා නිසා කොල ඕනෑ නෑනේ...

සති අන්තෙට ගෙදරින් එළියට ගන්න...
කඹයක් ගෙනත් ඇද්දත් බැරිවෙයි ගන්ඩ...
මේවගෙ උන්දැලා කරකාරෙට ගන්ඩ...
අපි හින්දම හොදයි මේවා ඉවසන්ඩ...
"

E-Mail හරහා ලැබුන ලිපියකි
*
පෙර කවියට මෙතැනින් පිවිසෙන්න
*

Wednesday, June 8, 2011

කොළඹ සන්නිය


බොහෝ දෙනෙක් බලල ඇතිනේ කොළඹ සන්නිය චිත්‍රපටය. කොච්චර බලුවත් එපාවෙන්නෙ නෑ... කොටින්ම කියනවනම් පට්ටම පට්ටයි. බොහෝ දෙනෙක් දැනටමත් මෙක බලල ඇති. සිනහවෙන් පිරිච්ච චිට්‍රපටයක් කියල කියන්න පුළුවන්..... :D :D :D :D

මේ චිත්‍රපටයේ තේමාව වන්නේ සමාජයේ සිටින මිනිසුන් ගැන... පිටිසර ගමක් ඉන්න අන්දරේට හට ඉතාවටින මැණිකක් ලැබිල එය විකුණල ලැබෙන මුද්ලින් කොළඹැ පදින්චියට යනවා.. කොළඹ ජීවිතය පුරුදු නැති මොවුන් එහිදී පටන් ගන්න අළුත් ජීවිතය ඉතා රසවත් ලෙස මෙහි අඩංගුයි. වැඩිකතා ඕන නෑ... ගිහිල්ලම බලන්න.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
කොළඹ සන්නිය
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
*
*
*

Monday, May 2, 2011

මෙන්න Facebook Password.......!!!!!!!


Net අවුලක් ගිහින් තිබ්බ නිසා කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්න බැරි උනා.... මොනව උන්ත් ඉස්සෙල්ලම එන තැන නේ Facebook.
Facebook කියන්නේ මොකද්ද කියල හැමෝම දන්නව ඇතිනේ.... දන්නෙ නැතිකෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් අත උස්සන්න බලන්න.... ආ.. හැමෝම දන්නව වගේ.... :D :D :D

කතාවට බහිමුකෝ.. Facebook එකේ ආරක්ෂාව රදාපවතින්නේ අපි ඒකට දාන මුර පදය (සිංහලෙන් කිව්වොත් Password එක ) මගින්නේ.. සුද්ද කියන විදිහටනම් හොද පාස්වර්ඩ් එකකට අකුරු දහයකුත් සලකුනකුත්, කැපිටල් අකුරකුත් කිසියම් අංකයකුත් යොදන්න ඕනනේ..

ඒත් මම දන්න එක්කෙනෙක් නම් සුද්දට පිස්සු කරගන්න කියල සිංහල ක්‍රමේට කටවත් සැක කරන්න බැරි නියම එකක් Facebook account එකට දාල තියෙනවා ( NIBM Galle DCSD 10.2 එකේ කට්ටියනම් ඒ කවුද කියල හොදට දන්නව ඇති..)

දාල තියෙන Password එක තමයි මාලුයි..පොලුයි...බතුයි... [maluipoluibathui]කාටද ඉතින් මේක ගෙස්ට් කරන්න පුලුවන්.... :( :( :( මේක දකින කොටනම් හිතෙනව සුද්දගෙ ක්‍රමේට වඩා මේක කොච්චර හොදද කියල.... :D :D :D :D
කලින් නම් තිබ්බේ නම් මල් ලොවේ මල් අතර [mallowemalathara] කියල....!!!

ඒකත් මරු... බලනකොට දාපු Password දෙකම මරේ මරු

Hint :: මේ හලෝ... මේක කිව්ව කියල NIBM එකෙදි මරන්න හදන්නනම් එපා හොදේ...!!!!

*
*
*

Sunday, April 24, 2011

Software Engineer කෙනෙක්ගේ ඉරණම..


මම මේ ලිපිය හොයා ගත්තේ මගේ email බක්කියේ තිබිලා.. ඒකියන්නේ මේක මම ලියපු අකක් නෙවෙයි.. ඔන්න ඒක කලින්ම කිව්වා...










........ඩඟරං ටං..... ඩඟරං ටං.....


"නෑ නෑ මල්ලි, තමුසෙලව ඇතුලට ගන්න බෑ. දන්නෙ නැද්ද ඕයි, දැන් අපිටත් එක්ක දඩ ගහනවා"
බස් කොන්දොස්තර මොරදෙන්නට විය.

"අනේ අයියෙ මම ඉක්මනට බැහැලා යන්නං..."
"ඔන්න ඔහෙ ඇතුලට ගනින් බං..." ඒ බසයේ රියදුරුය.
"හා හා නගිනවකෝ එහෙනං, අනේ මංද ඕයි තමුසෙලත්"
මූණ පුරා රැවුල වවාගත්, බෝතල් අඩි කණ්ණාඩි දමාගත් කොල්ලෙක් බසයට ගොඩවිය. ගංජා ගැසූවෙක් මෙන් එහෙට මෙහෙට පැද්දුන ඔහු, සතියක් පමණ නොනිදා සිටියකු මෙන් සෙස්සන්ට දිස්විය.ටී-ෂර්ට් එකක් හා ඩෙනිමක් ඇඳහුන් ඔහුගේ කරේ බෑගයකි. උරහිසේ තවත් බෑගයක් වූ අතර එහි ඉදිරිපස පොකට්ටුවට අත දැමූ ඔහු එළියට ගත්තේ විරිඳු රබානකි.
උගුරේ රැල් බුරුල් හැර සියලු දෙනාටම මංද හිනාවක් පෑ ඔහු, රබාන වාදනය කරන්නට ගත්තේය.

ඩං රඟර්ර්ර්ර් ටං ඩං රඟර්ර්ර්ර් ටං//

සරසවි නැත වරම් දීල තාලෙට කවි පද කියන්න [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ගණදෙවි නැත නුවණ දීල හරි පාරක් හොයා ගන්න [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
කිසි දෙවියෙක් හිටියේ නෑ අන්තිමෙ මා ගොඩට ගන්න [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
පිටරැටි සුද්දෝ හොයපුව තමයි හිටියෙ පිහිට වන්න

[ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ]

හමබ කරපු හැම සතේම institute පුදල තමා [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
අම්ම අප්ප එකතුවෙලා මෙතනටවත් ගත්තෙ මෙ මා [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
මොරටු, කොලඹ, කැළණියෙනුත් මං වගෙ උන් බුරුතු එනා [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
එහෙම එන්න මට බැරිවුනෙ මං පෙර කල කරුමෙ තමා

[ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ]

නැකැත් බලල පුංචි කාලෙ කිව්ව අකුරු මතක නැතේ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ජවා, සී, සී ප්ලස් ප්ලස් ඒ වෙනුවට මතක ඇතේ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ලැන්වේජස් ඕනෙ එකක් එක්කල මම ඔට්ටු වෙතේ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ASP, PHP කැස්සහමත් දොට්ට එතේ

[ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ]

ඩේටාබේස්, සර්වර් කේස් කරන්න නෑ කිසිම බයක් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ඇනලයිසින්, නෙට් වර්කින් මෙව්වෑනුත් ඕන එකක් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ප්‍රින්ට් කේස්, ඩිසයින් කේස් නන් පුලුවනි ටිකක් ටිකක් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
කොම්පියුටින් කිව්වෝතින් මම කරනව ඕන දෙයක්

[ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ]

වේකන්සියකට දැම්මම එකම එකට සීයක් උන් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
පෝලිම් විය ඇවිත් ඇවිත් ගන්නේ නෑ ඔක්කොම උන් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
පාරින් පාරට ඉන්නව දුසිම් දුසිම් අයි ටී උන් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ආරංචිය තව එනවලු ඉස්සරහට මං වගෙ උන්

[ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ]

චේන් කඩල, පොකට් ගහල නෑ මම හොර වැඩ කරන්නෙ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ෆිෂින් කරල, හැකින් කරල නෑ කෙනෙකුට දුකක් දෙන්නෙ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
මමම කරල මමම හදල පොඩි software එකක් දෙන්නෙ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
මෙ දුක අහල පිං සළකල පුලුවන්නං එකක් ගන්නෙ

[ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ඩං..... ]

රබාන බෑගයේ ඔබා ගත් ඔහු එම බෑගයෙන්ම ලැප්ටොප් කම්පුටරයක් හා සී.ඩී දෙකක් එළියට ගත්තේය.
ලැප්ටොප් එක දිගෑරගත් ඔහු, එහි තිරය ඉදිරියට හරවා නැවතත් කතාකරන්නට විය
මහත්තයෝ...,
මහත්තයෝ මේ තියන්නෙ මමම හදපු ඇප්ලිකේෂන් දෙකක්. මේ හැම එකක්ම කීප සැරයක්ම ටෙස්ට් කරලා බොහොම සාර්ථකයි කියල සහතික කරලා තියන්නෙ. මේ වගේ එකක් කඩෙන් ගන්න ගියොත් එකක් රුපියල් 500ක් 600ක් වෙනවා. මම මේ දෙකම දෙන්නෙ රුපියල් 700කට. කැමති කෙනෙක් ඉන්නවානං කතාකරල ඉල්ලන්න. මීට අමතරව වෙන ඕනෙම වර්ගයක සිස්ටම්, ඇප්ලිකේෂන්, වෙබ්සයිට් වගේ හැම දෙයක්ම මම කරනවා. මං වගේ කොල්ලෙක්ට ජීවත් වෙන්න පොඩි උදව්වක් කරන්න
පුලුවන්කමක් තියනවානනං ලොකු පිනක්...
එසේ කියූ ඔහු තවත් සී.ඩී කිහිපයක් අතට ගෙන බසයේ ආසන එකින් එක ලඟට ගොස් බසයෙන් බැසගිය අතර ඒ සිටි සෑම කෙනාටම තමගේ විසිටින් කාඩ්පතක් දීමටද අමතක නොකළේය.

Wednesday, February 23, 2011

Wedding Invitation.......

මගුල් ගෙයක් තියෙනවනම් ඉතින් කොයි කාටත් ආරාධනා කරන්න ආරාධනා පත් ගහනවනේ... මේතියෙන්න ඒවගේ ආරාධනා පතක්......



*
*
*

Saturday, February 12, 2011

අලුත්ම අලුත් පොට්ට හැරී..... :D :D :D (harry potter new ver)

කොයිකවුරුත් ආසයිනේ Harry Potter බලන්න..... බොරුකියන්න ඕනනෑනේ.. මටත් ඔය පිස්සුව ටිකික් (ටිකක් කිව්වට ***) විතර තියෙනවා .ලගදිද කොහෙද අලුත් Harry potter එකකුත් ආවා.... තාම බැලුවෙනැත්තම් මෙන්න...











Saturday, January 15, 2011

අප්පට සිරි...!! මෙහෙමත් ගහක්.......(Redwoods)

මුලින්ම කියන්න ඕන පමල් ගේ සිතුවිලි බ්ලොග් අඩවිය බලන සියළුම දෙනාට බොහෝමත්ම ස්තූතියි... මොකද ඉතින් මේක බලන්න කවුරුවත් එන්නේ නැත්තම් ඉතින් බ්ලොග් ලියල මොනව කොරන්නද... ඕක නිසා තමයි මූණු පොතේ පමල් ගේ සිතුවිලි මිතුරු සමූහයක් හැදුවේ.. තවම ඒකට බැදුනෙ නැත්තම් මෙන්න මෙතනින් යන්න...

හරි ඔන්න එහෙනම් කතාවට බහිමු.. අද මම කියන්නේ ගහක් ගැන.. ගහක් කිව්වට මේක එසේ මේසේ ගහක් නෙවෙයි.මේක මේ මගේ යාළුවෙක්[MAX] මට පෙරලපු ගහක්..( ඒකියන්නේ මට කියපු news එකක්, මිනිහ මට පැපරාසිය කියල කිව්වට කියන මනුස්සයත් ඒවගේ තමයි පෙන්නේ :D :D :D) මේ ගහට ඉංගිරිසියෙන් නම් කියන්නේ Redwoods කියල... (සිංහල නම නම් මගෙන් අහන්න එපා ). මේ Redwoods ගහට අවුරුදු 1500ක් විතර වයසයි.. මේ ගහ පිහිටල තියෙන්නේ කැලිෆෝනියාවේ.... තියෙන ලොකුම විශේෂත්වය ටමයි මේකෙ උස... මේ පින්තූරයේ තියෙන අනිත් විශේෂ්‍යත්වය තමයි මේ පින්තූරය හදල තියෙන්නේ Redwoods ගසේ පින්තූර 84ක් විවිද උස් මට්ටම් වල ඉදල අරගෙන....!!! අනිත් කාරණය තමයි ලොකයේ පලමු වතාවට තමයි මෙහෙම Redwoods ගසක සම්පූර්ණ පින්තූරයක් අරගෙන තියෙන්නේ......

ලංකාවෙ වගේ මෙහෙම ගහක් තිබුණනම් ඉතින් ලී මුදළාලිලට ඉතින් රජ මගුල් තමයි... අවුරුදු ගානක්ම ලී ඉරන්න තිබුනා...!!!

පින්තූරය පේන්නේ නැත්තම් පින්තූරය උඩ ක්ලික් කරල zoom කරන්න

Wednesday, November 17, 2010

චාටර් කූඹියා..........

අද මගේ Email ටික බල බල ඉන්න කොට තමයි මේක හම්බුනේ.... චාටර් කූඹියා

මෙන්න බලන්න.... (පේන්නේ නැත්තම පින්තූරය උඩ ක්ලික් කරන්න.)




Wednesday, October 13, 2010

බොද මීදුම්.... ඇයි ඔච්චර ගණං..



මේකනම් ට්වි එකේ දැකපු සිරාම සීන් එකක්..මේකේ තියෙන්නේ නම් බොද මීදුම් නාට්‍යය පටන් ගන්න කලින් එක දිගටම ප්‍රචාරය වන වෙළද දැන්වීම් ටිකක්..මේක බලන කොට හිතෙනව ලංකාව දිගම වෙළද දැන්වීම් ප්‍රචාරය කරල ලෝක වාර්ථාවක් තියන්න යනවද කියලා.. වැඩිය නෑ.. විනාඩි 2 දී වෙළද දැන්වීම් 21 ක් තියෙනවා.. මරයිනේ...මෙච්චර අනුග්‍රහයක් තියෙන කොට හිතෙනව බොද මීදුම් ඔච්චර ගණං මොකද කියල.....
මගේ හැම දේටම තියෙන කැමරාව අරගෙන තමයි මේක යන්තම් වීඩියෝ කරගත්තේ.. ඒකනිසා පොඩ්ඩක් විතර අපැහැදිලියි..


Friday, September 3, 2010

සේයි සාධු ගෙට් ඉන්ටුද බෝට් ඇන්ඩ් කම්.......




මතකනේ මම අර ජයසිරි මහත්තයා ගැන කියපු කතාව.. මතක නැත්තම් මේතනින් බලන්න. ඔන්න ඉතින් ජයසිරි මහත්ත්ය සුද්දට සින්දුවක් කියල මාරු උනානේ..

ඔන්න ඉතින් පහුවෙනිදා දවසෙත් ජයසිරි මහත්තයව එයාගෙ පුතාල සහභාගීවන උත්සවයකට යන්න උනා...කලින් දවසෙත් සුද්දට හොද ආතල් වැඩක් දුන්න නිසා ජයසිරි මහත්තයා මේ උත්සවයට කිසිම බයක නැතුව ගියා.....

ඔන්න ටික වෙලාවක් යනකොට කලින් දවසේ ජයසිරි මහත්තයට හම්බුන ටොපිය හම්බුනා... ඒකියන්නේ සින්දුවක් කියන්න.... ජයසිරි මහත්තය ඉතින් හොද සින්හල භාෂා ගුරුවරයෙක් නිසා ජන කවියක් කියන්න පටන් ගත්තා... හැබැයි මේ පාර ජන කවිය කිව්වේ. සින්හලෙන්..කිව්වේ,
" ඔන්න මලේ ඔය නාමල නෙලා වරෙන්......
අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන්...
කැළනි ගගේ ඔරු යනවා බලා වරෙන්....
සාධුකාර දී ඔරුවක නැගී වරෙන්......"
කවිය කියල ඉවර උනාට එතන හිටපු සුද්දොන් ගේන් කිසිම ප්‍රතිචාරයක් නෑ... ජයසිරි මහත්තයට මේ ක මහ අවුලක්... පස්සේ තමයි මතක් උනේ මම ඉන්නේ සුද්දො ඉන්න තැනක කියල...

ඔන්න ඉතින් ජයසිරි මහත්තය කලින් කියපු කවිය මෙන්න මෙහෙම කියන්න පටන් ගත්තා.......

"බ්‍රදර් බ්‍රදර් දැට් නා ෆ්ලවර් ප්ලග් ඇන්ඩ් කම්
බ්‍රාන්ච් බ්‍රේක් ලෙග් ස්ලෝ බයි කීප් ඇන්ඩ් කම්
කැළනි රිවර් බොට්ස් ගොඉන් සී ඇන්ඩ් කම්
සේයි සාධු ගෙට් ඉන්ටුද බෝට් ඇන්ඩ් කම්"

ඔක කිව්ව විතරයි සුද්දො ටික "වෙරි ගුඩ් වෙරි ගුඩ්" කියල කෑගහන්න පටන් ගත්තා.........

Thursday, August 19, 2010

පුවර් කමත් ටේලය නොට් බුලා වැනී..............


"ජයසිරි මහතා හොද සිoහල භාෂා දැනුමක් ඇති දක්ෂ ගුරුවරයෙකි. හෙතෙම අවුරුදු 40 ක පමණ සේවයකින් පසු විශ්‍රාම ලැබීය. දරුවන් සිටිනුයේ එoගලන්තයේය.

ඔහුට දරුවන් හා ටික දිනක් ගත කිරීමට එoගලන්ත්යට එන ලෙස දරුවන් ඉල්ලීම් කලද ඔහු එහි යාමට තරමක් අදිමදි කලේ ඔහුට හොද ඉoග්‍රීසි දැනුමක් නොතිබුන නිසාය.

එහි ගොස් සමාජයෙන් කොන්වීමට ඔහු කැමති නැත. එහෙත් දරුවන්ගේ දැඩි ඉල්ලීම මත ඔහු අකමැත්තෙන් හෝ එoගලන්ත්යට ගියේය. එහිදී එරට හිතවතුන් සමග එක්වන්නට අවස්ථාව ලබුනද සෑමවිටම කැඩුණු ඉoග්‍රිසි වචන පාවිච්චි කර ඔවුන් මග හැරියහ.

එහෙත් එක් දිනක් සාදයකදී එහි ආචාර්යවරයකු ශ්‍රී ලoකාවේ ජනප්‍රිය ජන කවියක් කියන ලෙස ඉල්ලීමක් කලේය. ඔහුගේ ඉහමොළ රත්විය. එතන වෙනත් ශ්‍රී ලාoකිකයකු නොවුයේ ඔහුගේ වාසනාවට යැයි ඔහුට සිතුනි. ඕනෑම දෙයකට ඇග බේරා ගැනීමට කපටි බුධියක් ඔහු සතුව තිබූනිසා වට පිට බලා මෙම ජනප්‍රිය ජන කවිය තාලය වෙනස් කොට ගායනා කලේය.



"වෙල් යායක බුල් ඩබලක් කතා උනී
ඉන් වන් බුලෙක් ටේලය නොට්ව වැනි වැනී
ටේලය හෑස් බුලා ඉන්සෙක්ට බැට දුනී
පුවර් කමත් ටේලය නොට් බුලා වැනී"


දරුවන්ට සිනාව නවතාගත නොහැකි වුවද සුද්දෝ "වෙරි ගූඩ්" යැයි කෑගසීය."

Wednesday, May 19, 2010

අලි මදිවට හරක්.......




මේ දවස්වල ඉතින් අම්බානක වහිනවනේ..... කාළගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව කියන්නේ මේ වැස්ස තව ටික දවසකින් පායනව කියල... ඒත් තව ටික කාලෙකින් නිරිත දිග මෝසම පටන් ගන්නවලු... එතකොටත් ඉතින් වැස්සම තමයි... මොනව කරන්නද..???? අලි මදිවට හරක් වගේ තමයි.....

මොනව උනත් කියන්න තියෙන්නේ එක දෙයයි..... ගෙදරින් පිට යනකොට කුඩයක් අරගෙන යන්න.... :) :) :) :) :)



Tuesday, May 4, 2010

10).අදුරේ දුවන යකඩ යකා......


මේක මට කිව්වේ මගේ මිත්‍රයෙක්... ඊයේ(03)SLIIT එකේ විභාගේ අන්තිම දවස... ඒක නිසා අපේ කට්ටිය උදේ පාන්දරම කුකුළා අතේ තියගෙනම කැම්පස් ආවා...මොකද අදින් පස්සේ මාස 2ක් ම මදිනොකියන්නම නිවාඩු හම්බෙනවනේ.........:-) :-)
මගේ මිත්‍රයා මේ අද්දැකීම ලබාගෙන තියෙන්නෙ හික්කඩුව station එකෙදි.
මේක උනේ උදේ 4.00 ට තියෙන තැපැල් කොච්චියේ.
ඔන්න ඉතින මගේ මිත්‍රයා උදේ කොචිචිය එනකන් ඉදල තියෙනව. ඒත් කොච්චිය ඒන පාටක් නැතිලු...ඕක ඉතින් ගනන් ගන්න දෙයක් නෑ. මොකද ලoකවෙ කොච්චිවල වෙලව ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඔන්න ඉතින් උඩ බලා ගෙනම ඉන්න කොට 4.15 ට විතර කොචිචිය ඇවිල්ල තියෙනව... කොච්චිය ඇවිල්ල station 1 නැවැත්තුවහම වෙනදා නැති අමුත්තක්.. බලන කොට කොච්චියේ ලයිට් නෑ.. ලoකවෙ කොච්චි වල කවදද ලෙඩක් නැතුව තිබුනේ...ඕක හදන්න ගිහින් තමයි කොච්චිය පරක්කුවෙල තියෙන්නේ. එත් හදාගන්න බැරුව කොච්චිය කළුවරේම ඇවිල්ල... කළුවරේ තියා කොච්චිය උඩින් අවත් මෙකේ යන්න ඕන නිසා මගේ මිත්‍රයා කොචියට නැග්ගලු.. වෙනදා පොරකාගෙන බෙලි කඩගෙන කොච්චියට නගින අය කොච්චිය නවත්තනකන් නැග්ගේ නැතිලු. ඒක ඇහුවමනම් මට හිතුන හැමදාම ඔහොම කොච්චිය එනවනම් හොදයි කියල...මොකද සමහර අයගේ බෙලි ඉතුරු වෙන නිස..:-) :-) කොච්චියට නැග්ග කිව්වට කොහේ යන්න ද..??? ඇතුල තිත්ත කළුවරයි ලු. ඔන්න ඉතින් මගේ මිත්‍රයත් අතේ තිබුන phon එකෙ උදවුවේන් යන්තම් ගිහින් වාඩි උනලු... ඕක තමයි කියන්නේ.. phone එකක් ගන්න කොට කතා කරන්න විතරක් පුලුවන් වෙන විකාර නැති එකක් ගන්න කියලා ගෙදරින් කිව්වට කතා කරන්නම විතරක් තියෙන phon ගන්න එක පාඩු බව. :-) :-)

ඔන්න ඉතින් වඩි උන කියමුකො.. වට පිට බලන කොට තමයි තේරිල තියෙන්නෙ ඇතුල කොච්චර කළුවරද කියල.. මොකද ඉස්සරහ වඩිවෙලා ඉන්නේ කවුද කියලවත් පෙන්නෙ නැතිලු.. උදේ 4.15 කියන්නෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ....!!!!!

මගේ තවත් මිතුරෙක් උදේ බස් එකේ එන ගමන්.. ඔන්න ඉතින් කොච්චියක් එන නිස පාරේ ගේට්ටුව වහල තිබිනලු.. ටික වෙලවක් යනකොට කොච්චියක් යන සද්දයක් එනවලු. ඒත් කොච්චියක්පෙන්නෙ නැතිලු. ටික වෙලවක් බලන් ඉන්න කොට තමයි කලුවරේ දුවන කොච්චියක් දැකල තියෙන්නේ.... සමහරවිට හිතෙන්න ඇති මම මේ දකින්නේ හීනයක්ද කියල..

ඕක අහන කොට මට හිතුන මමත් ඒ වෙලවේ හිටියනම් කියල..... මරේ මරු අත්දකීමක් නේ......

Wednesday, April 21, 2010

5). මේ විදිහට තියේවිද...???

අද email account එක බල බල ඉන්න කොට නියම පින්තුරයක් හම්බුනා... මේක දාල ලoකාවට අපහස කරන්න හිතුවෙ නෑ... ඒත් නිකමට හරි මේ ගහ ලoකවෙ තිබුනනම්...




මේ විදිහට තියේවිද...??? නැත්තම් මුලු ගහම කපල දාවිද....????
.