Tuesday, May 4, 2010

10).අදුරේ දුවන යකඩ යකා......


මේක මට කිව්වේ මගේ මිත්‍රයෙක්... ඊයේ(03)SLIIT එකේ විභාගේ අන්තිම දවස... ඒක නිසා අපේ කට්ටිය උදේ පාන්දරම කුකුළා අතේ තියගෙනම කැම්පස් ආවා...මොකද අදින් පස්සේ මාස 2ක් ම මදිනොකියන්නම නිවාඩු හම්බෙනවනේ.........:-) :-)
මගේ මිත්‍රයා මේ අද්දැකීම ලබාගෙන තියෙන්නෙ හික්කඩුව station එකෙදි.
මේක උනේ උදේ 4.00 ට තියෙන තැපැල් කොච්චියේ.
ඔන්න ඉතින මගේ මිත්‍රයා උදේ කොචිචිය එනකන් ඉදල තියෙනව. ඒත් කොච්චිය ඒන පාටක් නැතිලු...ඕක ඉතින් ගනන් ගන්න දෙයක් නෑ. මොකද ලoකවෙ කොච්චිවල වෙලව ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඔන්න ඉතින් උඩ බලා ගෙනම ඉන්න කොට 4.15 ට විතර කොචිචිය ඇවිල්ල තියෙනව... කොච්චිය ඇවිල්ල station 1 නැවැත්තුවහම වෙනදා නැති අමුත්තක්.. බලන කොට කොච්චියේ ලයිට් නෑ.. ලoකවෙ කොච්චි වල කවදද ලෙඩක් නැතුව තිබුනේ...ඕක හදන්න ගිහින් තමයි කොච්චිය පරක්කුවෙල තියෙන්නේ. එත් හදාගන්න බැරුව කොච්චිය කළුවරේම ඇවිල්ල... කළුවරේ තියා කොච්චිය උඩින් අවත් මෙකේ යන්න ඕන නිසා මගේ මිත්‍රයා කොචියට නැග්ගලු.. වෙනදා පොරකාගෙන බෙලි කඩගෙන කොච්චියට නගින අය කොච්චිය නවත්තනකන් නැග්ගේ නැතිලු. ඒක ඇහුවමනම් මට හිතුන හැමදාම ඔහොම කොච්චිය එනවනම් හොදයි කියල...මොකද සමහර අයගේ බෙලි ඉතුරු වෙන නිස..:-) :-) කොච්චියට නැග්ග කිව්වට කොහේ යන්න ද..??? ඇතුල තිත්ත කළුවරයි ලු. ඔන්න ඉතින් මගේ මිත්‍රයත් අතේ තිබුන phon එකෙ උදවුවේන් යන්තම් ගිහින් වාඩි උනලු... ඕක තමයි කියන්නේ.. phone එකක් ගන්න කොට කතා කරන්න විතරක් පුලුවන් වෙන විකාර නැති එකක් ගන්න කියලා ගෙදරින් කිව්වට කතා කරන්නම විතරක් තියෙන phon ගන්න එක පාඩු බව. :-) :-)

ඔන්න ඉතින් වඩි උන කියමුකො.. වට පිට බලන කොට තමයි තේරිල තියෙන්නෙ ඇතුල කොච්චර කළුවරද කියල.. මොකද ඉස්සරහ වඩිවෙලා ඉන්නේ කවුද කියලවත් පෙන්නෙ නැතිලු.. උදේ 4.15 කියන්නෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ....!!!!!

මගේ තවත් මිතුරෙක් උදේ බස් එකේ එන ගමන්.. ඔන්න ඉතින් කොච්චියක් එන නිස පාරේ ගේට්ටුව වහල තිබිනලු.. ටික වෙලවක් යනකොට කොච්චියක් යන සද්දයක් එනවලු. ඒත් කොච්චියක්පෙන්නෙ නැතිලු. ටික වෙලවක් බලන් ඉන්න කොට තමයි කලුවරේ දුවන කොච්චියක් දැකල තියෙන්නේ.... සමහරවිට හිතෙන්න ඇති මම මේ දකින්නේ හීනයක්ද කියල..

ඕක අහන කොට මට හිතුන මමත් ඒ වෙලවේ හිටියනම් කියල..... මරේ මරු අත්දකීමක් නේ......

2 comments:

  1. මාර රචනාව.. නියමයි..

    ReplyDelete
  2. ඔන්න ඉතින් ඔකනේ.. ඉදල ඉදල ලියන්න පටන් ගන්නකොට උඹලා...@@#$@$@

    ReplyDelete