Wednesday, April 02, 2025

Friday, May 7, 2010

12).අම්මේ.. මතකයි නම්........



අම්මේ.. මතකයි නම්....
මo පොඩි කාලේදී, ඔබ මට ගී කිවුවා...
අම්මේ..මතකයි නම්...
මo පොඩි කාලේදී, මා ලග නිදි වැරුවා.....

මට හින ගෙනාවා...
ඒ හීන පිබිදුවා...
මට අකුරු කියෙවුවා..
මගෙ දෑස පෑදුවා...
ඉර හදද පෙන්නුවා...
හොද නරක පෑදුවා...
පාසලට හැරලුවා...
මගෙ කදුළු පිසලුවා...
නිම් නෑ මගෙ අම්මේ...
ඔබෙ සිහිලස සසරේ...
ඔබගේ කරුණාබර ආදරේ... සදා...
මිය යනතුරු මෙලොවේ...
ඔබෙ බුදුගුණ ගැයවේ...
ඔබගේ මුදිතා ගුණ සාගරේ සදා...

අම්මේ.. මතකයි නම්...............

මට කිරුල හිමිකරා...
මා ලොවට පැලදුවා...
මට ජයම අත්කලා...
ඔබෙ කදුළු සැගවුවා...
ඔබෙ අහසේ මා තබා...
ඔබ පොලොවෙම සිටියා...
මා මිනිසෙකු වු දා...
ඔබ මවකම වු වා...
නිම් නෑ මගෙ අම්මේ...
ඔබෙ සිහිලස සසරේ...
ඔබගේ කරුණාබර ආදරේ... සදා...
මිය යනතුරු මෙලොවේ...
ඔබෙ බුදුගුණ ගැයවේ...
ඔබගේ මුදිතා ගුණ සාගරේ සදා...

අම්මේ.. මතකයි නම්..............//


^^Ranidu Lankage^^^

සිoදුව බලන්න::: http://www.youtube.com/watch?v=bJMfuHigDJE
භාගත කරගන්න::: http://www.music.lk/download.php?index=3990


0 ප්‍රතිචාර:

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න. ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා ......!!!!