Friday, May 28, 2010

වෙසක් හා ආසියාවේ ආශ්චර්යය


හුගක් අය කියන්නේ වෙසක් දවසේ වෙසක් බලන්න යන්න ඕනෙනම් ඉතින් යන්න ඕන හොදම තැන කොළඹ වෙසක් බලන්න කියල....
ඒක නිසා තමයි මම ගාල්ලේ වෙසක් පැත්තක තියල ගෙදර කට්ටියත් එක්ක කොළඹ වෙසක් බලන්න ගියේ... ගලු පාර දිගේ බම්බලපිටිය, කොල්ලුපිටිය හරහා දිගට ගියාට කියන තරම් වෙසක් සැරසිලි කොළඹ දකින තිබුනේ නෑ. බලන්නම තිබුනේ චීන්නුන්ගෙ ලයිට් විතරයි.. ඊට පස්සේ ගියා ගන්ගාරාමේ වෙසක් බලන්න.. එතනනම් වෙසක් සැරසිලි හුගක් තිබුනා
ඊට පස්සේ ගියා Galleface පැත්තේ... ගියාට මොකද ඇගිල්ලක් ගහන්න වත් ඉඩක් නෑ.. එක cancle කරල ගියා පිටකොටුව පැත්තේ තියෙනව කිව්ව තොරණ බලන්න.. හොයාගෙන හොයාගෙන යනකොට ආරචි වුනේ bus stand එක ඇතුලේ තොරණක් තියෙනව කියල..එකේ ඇතුලට යන්න ඕන නිසා bus stand එක ඉස්සරහම තියෙන බැස්ටියන් මාවත දිගේ හෙමින් හෙමින් වාහනේ ඉස්සරහට ගියා... මමත් ඉතින් වට පිට බල බලා ගියේ මේ තොරණ කොහේද තියෙන්නෙ කියල.... කොච්චර බැලුවත් තොරණක් තියා තොරණක ලයිට් එකක් වත් පේන්න නෑ..ඔන්න එතකොටම මහා සද්දයක් එක්කම වාහනේ මොකද්ද එකක වැටුන...තොරණ බැලිල්ල පැත්තක තියල ඉක්මනටම වාහනෙන් එලියට බැහැගත්ත මොකද්ද උනේ කියල බලන්න.. අප්පට සිරි වෙන්න ඕන ...එතකොට තමයි දැක්කේ වාහනේ ආසියාවේ ආශ්චර්යමත්ම මහා වළක වැටිල.. අනේ ඉතින් මොනව කරන්නද පාරේ හිටපු කට්ටියක් කතාගෙ ඉතින් පොඩි තල්ලුවක් (පොඩි කියන්නේ ඉතින් පොඩිමත් නෙවෙයි.. මහ තල්ලුවක් ) දාල වහනේ ගොඩ දාගත්ත.... ගොඩ දාගත්තු ගමන් තමයි දැක්කේ එකේ ඇතුලේ ලයිට් දාල නැති තොරණ... මට තොරණේ ලයිට් දාල තිබුනේ නැති වුනා තොරණේ තරු පත්තුවෙනව වගේ දැක්ක..

පස්සේ තමයි හිතුනේ ලoකාව ආසියාවේ ආශ්චර්යමත්ම රට වෙන්න මහා වලවල් කපාගෙන කරන උත්සාහයන්....



1 comment:

  1. ඉතින් කොල්ලෝ තවම ආශ්චර්ය උනේ නැහැනෙ.උනාම ඔව්ව හරියයි.

    ReplyDelete