Showing posts with label වෙනත්. Show all posts
Showing posts with label වෙනත්. Show all posts

Friday, July 13, 2012

ඔබමයි මා හදවතේ...සතුටු සිනාවන මතුකරේ.......



මතකද.?? ළමා කාලයේදී ඇසුනු මේ ගීතය.......







මේ තියෙන්නේ එකේ පළමු සිංදුව..ඒ කියන්නේ Kandos Theam Song එක හදල තියෙන්නේ මේ සිංදුවේ තාලය උපයෝගී කරගෙන.... මේ සිංදුව ගායනා කරන්නේ ජනප්‍රිය ගායක කණ්ඩායමක් වන කාපෙන්ටර්ස් සංගීත කණ්ඩායමයි... මොනව උනත් දෙකම ලස්සන සිංදු දෙකක්....








Saturday, July 7, 2012

රළ 2008 මගින් සංවිධානය කරන ගාලු පුර අවසාන් වරට පැවැත්වෙන වික්ටර් රත්නායකයන් ගේ 'ස' ප්‍රසංගය අද...

සිහිල් සුළං  රැල්ලේ..ඔබේ සුවද මුසුවේ....

 පුරා වසර 39ක් මුලුල්ලේ පවත්වාගෙන පැමිණි දෙස් විදෙස් රසික රසිකාවියන්ගේ සිත් සතන් ආක්‍රමණය කර වික්ටර් රත්නායකයන්ගේ "ස" ප්‍රසංගයේ ගාලු පුර අවසන් "ස" ප්‍රසංගය  2012 ජුලි මස 7 වන දින සවස 6:30 ට කරාපිටිය වෛද්‍යපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.. 1973 ඇරඹුණ මෙම ප්‍රසංගය දැනට ලොව පුරා දර්ශන වාර 1500ක් පමණ පවත්වා ඇති අතර ලුම්බිනි රගහලේ පැවැත්වෙන අවසාන "ස" ප්‍රසන්ගයෙන් (ජුලි 20) පසු මින් ඉදිරියට මෙම සොදුරු මිනිසාගේ "ස" ප්‍රසංගය සමුගැනිම සනිටුවන්කරයි..........!!!!! 


~~~~~~~~~~~~~~~~~~~~~~~~~


ජුලි 07 - ගාල්ල, කරාපිටිය වෛද්‍යපීඨ ශ්‍රවණාගාරය(අද දින)
ජුලි 18 - නෙළුම්පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල.
ජුලි 19 - මහරගම යොවුන් රඟහල.
ජුලි 20 - හැවුලොක් ටවුන් හි ලුම්බිණි රඟහල.



~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
 අද දින සවස 6:30 ට කරාපිටිය වෛද්‍යපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන ගාලු පුර අවසන් ප්‍රසංගයට ඔබ සැමට ආරාධනා... ප්‍රවේශපත් එදින දොරටුවෙන්...
විමසීම්:: සරින්ද ජයසිංහ 0773761874 / විශ්වජිත් ක්‍රිශාන් 0772616875(රළ 2008)
 
 

Sunday, May 20, 2012

කෝ ඉතුරු 99..?? අඩෝ අම්මට ******


ඔන්න ලංකාවේ පාර්ලිමේන්තුවේ XXXX තම කතාව පවත්වනවා..කලින් පුද්ගලයෙක් කියපු දෙයක්...


 XXXX:: තාත්ත කෙනෙක් තම පුතුන් තුන් දෙනාට රුපියල් සීයක් දීලා කියනව රුපියල් 100 ම වියදම් කරලා කාමරයක් සම්පූර්ණයෙන් පුරවන්න දෙයක් අරගෙන එන්න කියලා..


පලවෙනි පුතා ගිහින් පිදුරු අරන් ඇවිත් කාමරය පුරවන්න හදනවා..ඒත් ඒ ගත්තු උත්සාහය අසාර්ථකයි...ඊට පස්සේ දෙවෙනි පුතා ගිහින් රුපියල් සීයක කොට්න් රෙදි ගෙනත් පුරවන්න හදනවා.. ඒත් ඒ උත්සාහයත් අසාර්ථකයි... 
ඊට පස්සේ තුන්වෙනි පුතා රුපියල් සීයේන් රුපියලක් වියදම් කරල ඉටිපන්දමක් අරගෙන ඇවිත් පත්තුකරලා මුලු කාමරයම ආලෝකමත් කරනවා.
අපේ ජනාධිපතිතුමත් ඔය තුන්වෙනි පුතා වගේ..කිසියම් දිනෙක මුලු රටම සෞභාග්‍යයෙන් ආලෝකමත් කරනවා..


QQQ කණ්ඩායමේ පුද්ගලයෙක්:: එතකොට කෝ අර තුන්වෙනි පුතාට දීපු රුපියල් සීයේ ඉතුරු රුපියල් 99..??


XXXX:: අඩෝ.... අම්මට *********


.
.
.

Thursday, May 10, 2012

ඔබේ මිතුරන් ගැන සැලකිලිමත් වන්න




මාගේ ජීවිතයේදී මා හට මිතුරන් ගනනාවක් හමු වී ඇත.මෑතකදී තවත් මිතුරන් මෙන්ම මිතුරියන් රැසක් ද හමු විය. මේම ගනානාවක් අතරින් මිතුරන් හා මිතුරියන් කිහිප දෙනෙකු ඉතාමත් මිත්‍රශීලීය.දුකේදී සැපේදී සෑම විටකදීම ලගින්ම සිටී..සෑම දෙයක් ගැනම සොයා බලයි..වරදක් සිදුකිරීමේදී පවා එය නොකරන ලෙසටත් අවවාද කරයි..බොහෝ ආදරය කරයි...නොදන්නා දෙයක් කියාදීමට පසුබට නොවෙයි..නැති තැන් වලදී වැරදි නොකියයි..පාසල් කාලයේ මිතුරන්ද සෑම දෙයක් සදහාම සිටී..තමාගේම සහෝදර සහෝදරියන් මෙන්ය...

නමුත් නමුත් මේ අතර මෙවැන් මිතුරු..මිතුරියන් ද සිටී...ලග සිටිනා විට සිනාසී හොදින් කතාකරයි..හොදම පමණක් කියයි..කිසිදු වරදක් නැත...නමුත් ලග නොසිටන විට...!!! වැරදිම පවසයි..අභූත චෝදනා නගයි..නැති දෙයක් පිලිබද ඇති සැටියෙන් පෙන්වයි..මොවුන් මිතුරන්ද..?? ඔවුන්ට එකවන් පුද්ගලයන් සිය දෙනෙකු පෙනේ..කොහේදී හෝ දකී....නිවසේ නිදා සිටියද මග තොටේ දකි..අමුතුම ලෝකයකි..නැතිනම් ඔවුන් මන්ද මානසිකත්වයෙන් පෙලේ..මා සිතනා අන්දමින්නම් මන්දමානසික තත්වයකි...
මෙසේ පවසන පුද්ගලයින්ට යම් උදව්වක් කර ගැනීමේදී නම් කිසිවක් නොකියනා මෙන් අසලට පැමින කතාකරයි..සුනඛයන් මෙන්ය..නමුත් එය අවසානයේ..කිසිවක් මතක නැත..නමුත් මා සියල්ල දනී...මෙවැනි පුද්ගලයින් පිලිබදව මා දැඩිව කලකිරේ.... මෙවැනි දේවල් පවසන නිසා නොව තමා පැමිණි කාර්යය නිසිආකාරව සිදු නොකරමින්..පුද්ගලයින් හට විවිධ කතා පතුරවමින් තමගේ වැඩඅතපසු කරගනිමින් සිටිනා එක ගැනය..වෙන කිමෙක් කියන්නද..?? උපතින්ම කාලකණ්නින්ය..එවැනි පුද්ගලයින්ද ලෝකයට අවශ්‍ය වේ... නැතිනම් ලෝකයේ සමතුලිතතාවය ට හානි පැමිනිය හැක.

නමුත් උදව් ඉල්ල පැමිනි විට මා පුටුවෙන් නැගිට සිනා සේ..මන්ද සිනාසෙන්නේ කටින් නොව වෙනත් තැනකින්ය..සිතා සිටින්නේ සියල්ල නොදන්නවා මෙන්ය..නමුත් මා කිමෙකට කලබල විය යුතුද..? ගොන්නුන් සිටිනා තැනක මාද ගොනෙක් විය යුතුද..? එසේ වීමට අවශ්‍ය නැත..මන්ද හොද ගොන් නාම්බන් පස් හය දෙනෙකු සිටිනා බැවිනි... අහෝ මෙවැනි බත් කන හරක්..මොනවා සිදු වුවත් සිව්පාවන්ටද කරුණාව දැක්විය යුතුය.


එමෙන්ම මොවුන් දෙයක් සිදු කිරීමෙදී ඒපිලිබදව ඊරිසියාවෙන් බලයි..වෙනත් පුද්ගලයන්ගේ දියුණුව ඔවුන්ට බලා සිටිය නොහැක.මිනිසාගේ සාමාන්‍ය තත්වයකි. නමුත් මෙවැනි පුද්ගලයින්..ඇත්තටම මොවුන් ගැන දුකය..
කවුරුන්ද..?? මිතුරන්ද..?? නැතිනම් සිව්පාවන් ද..?? මිතුරන්නම් විය නොහැකිය...සහතිකවම සිවුපාවන්ය..කෙනෙකු දිහා බලා සිටීමට නොහැකිව තමාගේ කාර්යයක් පවා නිසියාකාරව සිදු කර ගැනීමට නොහැකි සිව්පාවන්ය..නමුත් සිව්පාවන් යාන් වචනයද භාවිතාකිරීමට නුවණට හුරු නැත..මන්ද සිව්පාවන් ලගද හොද ගති ගුණද ඇත. දෙපැත්ත කොටවන්නන් ද සිටී..ඔවුන් ගැනත් කවර කතා ද..?? අසහනකාරයින්ය.මොවුන් ඊටත් වඩා භයානකය.
ඇතැම් විට එකම පුද්ගලයෙකු මෙන් දස දෙනෙක් සිටිනා මෙන් දකින පුද්ගලයින්ද සිටී..එයත් මනරම්ය.. ඔවුන් අධි මානසිකත්වයෙන් පෙලෙන්නන්ය.එකවන් හා සමාන පුද්ගලයින් කිහිප දෙනෙකු ලෝකයේ සිටියද එකම තැන එසේ සිටීම පුදුමයකි.. අබුද්දස්ස කලයකි.. අහෝ..එසේ පවසන ඔටුවන්...

දවසින් දවස එසේ පවසන කාලකණ්ණියන් ප්‍රමාණය වැඩි වේ..කිමට කලබල විය යුතුද? බුදුන් වහන්සේ දේශනා කර ඇති ආකාරයට "වෙරයෙන් වෙරය නොසන් සිදේ..." මාද බොද්ධයෙකි. එනිසා මා බුදුන්ගේ වදන් වලට යටත්ය.. කල කීදේ කෙදිනක හෝ ඔවුන්ටම පලදේ...එය බුදුන් වහන්සේගේ තවත් උතුම් ප්‍රකාශයකි...කිසිදා හෝ ඔවුන්ටද ප්‍රතිවිපාක අත් විදීමට උරුම වේ... මරණය සිදුවන මොහොතේ හෝ මැරි මැරී ඉපදීමට සිදුවේ..එය සහතික ඇත්තය..නිසැකය..එසේ නොවේනම් බුදුන් වහන්සේගේ ධර්මය බොරුය.. බලා සිටින්න..අදාල පුද්ගලයිනි..ඔබට මේවායේ ප්‍රතිවිපාක විදීමට සිදුවනවා ඇත..සත්‍යයකි...පළිසන් දෙනවා නොඅනුමානය..!!!උඩින් සිනාසී යටින් කාලකන්ණි වන පිරිස්ය.. මෙයට සමහරක් ගැහැණු න් ද අයත්ය..නමුත් මාගේ අම්මා ද ගැහැනියකි.. එවිට ගැහැණිය යනු උතුම් පුද්ගලයෙකි.. එසේනම් මා පවසන පුද්ගලයන් හට ගැහැණුන් යන්න පැවසීම වැරදිය..මන්ද ගැහැනිය යනු උතුම් පුද්ගලයෙකි..ලොවට නැණවතුන් බිහිකරන උතුම් පුද්ගලයෙකි..  එසේනම් ඔවුන් ගැහැණුන් නොව වෙනත්.......... 


පිරිමින් අතරද සැගවුනු ගැහැණුන් ඇත..ඔවුන් ඊටවඩා භයානකය..කාන්තාවන්ට වඩා හපන්ය..මගුල් නටා අසූචි තැම්බක් වී පිටතට විසී වී ගියද මහා බල පරාක්‍රමයකින් යුත් පුද්ගලයින් සේ නැවත කරලියට පැමිනේ..වැඩකට නැත..ශබ්දය පමණි..අති කෙහෙල් මලක් නොමැත..පරිසරයම නැවත ගද ගැස්සවීම පමණක් සිදුකරයි..

කවදාහෝ කුඩා ජලපහරක් විවිද භාදක මැඩගෙන අවසානයේ මහා මුහුද කරා එක්වෙයි..ජලපහර මුල් කාලයේදී විවිද භාදක රැසකට මුහුන දෙයි..නමුත් නොනවතී..ටිකෙන් ටික තවත් ජලපහරවල් සමග එකතුවී මහා ගංගාවක් සෑදේ..වේයවත්ය..කිසිදු භදාවන්ට ලෙහෙසියෙන් යටත්නොවේ..මහා සාහරයට ගොන් නවතී...මේ පිලිබද මොහොතක් සිතන්න..මේ ඔබටයි...




මා වටානම් මෙවැනි මිතුරන් මිතුරියන් ගනනාවක් ඇත..ඔබ වටාත් මෙවැනි පුද්ගලයින් සිටිය හැක..කල්පනාකාරී වන්න..කුමන දේ කීවද තමා ගේ කාර්යය ඉටුකරගන්න..මන්දමානසිකත්වයන් ගෙන් පෙලෙන්නන් කියනා දේ ගැන සිතා තමාගේ කටයුතු වැඩ අතපසුකර නොගන්න

"කිසිවක් පැවසූවද සිතට නොගන්න..තමාගේ කාර්යය නිසි ආකාරව සිදුකරගෙන යන්න..ඔබ එම කතාවන් වලට කන් දී දුක් වෙනවානම් එය මොඩ කමකි..කිසිවක් සිතට නොගන්න.....තමාගේ කාර්යයන් නිසිපරිදි සුදුකරගෙන ඉදිරියටම යන්න..අසහනකරයින්..මන්දමානසිකත්වයින් පෙලෙන්නන් තව තවත් නොයෙකුත් දේ පවසාවි..සිතට නොගන්න.. අසහනකාරයින් ගැන සතුටු වන්න.මන්ද එය ඔබට ශක්තියක් වන නිසාය..(නමුත් අමු මොඩයින්ය...සිතින් ටිකක් හෝ එවනි මොඩයින් ගැන දුක්වන්න..එය ඔබේ සිතට ප්‍රීතියක් ගෙන දෙන නිසා..)
තමාට වඩා උසස් පුද්ගලයකු තමාට කිසියම් දෙයක් ගැන කිවහොත් එය සැලකිල්ලට ගන්න..නමුත් මොඩයින්..අසහනකාරයින්..මන්දමානසිකත්වයෙන් පෙලෙන්නන් ඔබගේ දියුණුවට සෑම විටම බාධා කරයි..නමුත් එවැනි මොඩයින් කියනා දේ සිතට නොගන්න..දියුණුව කරා ඔබව රැගෙන යාමට එය රුකුලකි..."

"මුලින් සදහන් කර මිතුරු මිතුරියන් ඇරුනු කොට අවසානයේ තමාන්ට ඉතිරිවන්නේ තමාම පමණි....!!!"
ඔබද ප්‍රවේසම් වන්න...සුභ පතමි....!!!

.
.
.

Tuesday, May 8, 2012

එක Mouse එකක් සහ එක Keyboard එකක් PC කිහිපයක් සමග හුවමාරු කර ගනිමු


තවත් පාසල් මතකයක් නම් හිතට අවා ඒක ලියන්න තමයි බලාපොරොත්තුවෙන් හිටියේ.මතකයිනේ පාසල් කාලයේ පිස්සු නටපු හැටි. ඊයෙ ලියන්න හැදුවත්  දාගන්න Windows 8 install කරන හැටි කිව්ව නිසා ඒ පොස්ට් එක ත්වත් කල් ගියා වගේ....අද තව වෙන එකක්.කොහොම හරි ලියන්නම් ඒ පාසල් කාලයේ තවත් සොදුරු මතකයන් මේ ලිපියෙන් පස්සේ

අද කියන්න යන්නේ කොහොමද එක mouse එකක් සහ එක keyboard එකක් PC කිහිපයක් සමග හුවමාරු  කර ගන්නේ කොහොමද කියලා.අපේ ලැබ් එකේ මේ සීන් කෝන් එක කරල තියෙන නිසා මටත් හිතුන ලැප් දෙකයි ඩෙස්ටොප් එකයො සෙට් කරල බලන්න. වැඩේ ගොඩ.එක ලැප් එකක Facebook.අනිත් එකේ තවත් මගුලක්.. ඒ වැඩෙත් පොඩි ආතල් එකකුත් නැත්තෙම නෙවෙයි. මේක භාවිතා කරාම සියලුම පරිගනකයන් සදහා ඕන වෙන්නේ එක mouse එකක් හා එක keyboard එකක් විතරයි.එක පරිගනකයක තියෙන දෙයක් Copy කරල අනෙක් පරිගනකයේ Past කරන්නත් පුලුවන්. Drag & Drop වගේ.

මේකට හැබැයි connect කරන්න බාලාපොරොත්තු වෙන PC ඔක්කොම නෙට්වර්ක් කරගනන් ඕන. ලැප් දෙකක් නම් ඉතින් නෙට්වර්ක් ජැක් එකක් ගැහුවහම ගොඩ.නැත්තම් WIFI වැඩේ තිබ්බත් නෙට්වර්ක් කරගනන් පුලුවන්.මටනම් 4port router එකක් තිබුන නිසා වැඩේ ගොඩ. මේකට පොඩි software කෑල්ලක් තමයි තියෙන්නේ. බොහෝ දෙනෙක් දන්නවත් ඇති.නොදන්න අයත් ඇති.නොදන්න අයට දැන ගන්න තමයි ඉතින් කියන්නේ..මොකද මේ සීන් කෝන් එක මමත් කලින් අහල තිබුනට කරල බැලුවෙ අද නිසා.මම දන්න තරමින් software දෙකක් තියෙනවා.ඒත් මම පාවිච්චි කරන්නේ නම්  පලවෙනියට තියෙන link එකේ එක.ඒක ගිහින් භාගන්න. ඊටපස්සෙ තියෙන්නේ mouse එකයි keyboard එකයි හුවමාරු කිරීමට බලාපොරොත්තුවන PC වල ඒ software  එක install කර ගැනීමයි.වැඩේ ලේසියෙන්ම කරගන්න පුලුවන්.




* Share Mouse

* Synergy




පිලිබදව අදහසක් ගන්න පහත වීඩියෝව බලන්න








ප.ලි මේ මම දන්න දෙකක්.තව මේ පිලිබදව දන්න් ආය ඉන්නවනම්  පහතින් දැණුම බෙදා ගන්න

Sunday, May 6, 2012

Windows 8 මෙහෙයුම් පද්ධතිය නොමිලේ install කර ගනිමු.

පසුගිය පෙබරවාරි 29 වෙනිදා නවතම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් 8 හි අත්හදා බැලීමේ සංස්කරණයක් නිකුත් කොට තියෙනවා.මෙම සංස්කරණය Consumer Preview ලෙස හැදින්වෙන අතර නොමිලේ Download කරගැනීමට අවස්ථාව ලබා දී තියෙනවා.කැමති කට්ටිය ඉන්නවනම් මෙන්න ගිහින් download කර ගන්න. හැබැයි install කරන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා.මොකද මෙක තාම සංස්කරණ දෙයක් නිසා සමහර විට දැනට පරිගනකයේ භාවිතාකරන ලබන මෘදුකාංග වැඩ නොකර යන්නත් පුලුවන්.ඒත් ඕක කිව්ව කියල එකපාරටම බයවෙන්න ඕන නෑ..බැකප් එකකින් නැවත වැඩ කරවගන්න හැටි,ෆොර්මැට් කරල ආපහු OS එක දාගන්න පුලුවන් හැටි දන්නවනම් එච්චරයි.මේ මෙහෙයුම් පද්ධතිය වින්ඩොස් 7 දුවන ඕනම පරිඝනකයක ක්‍රියාත්මක කරන්න පුලුවන්.

Download කර ගැනීම

Download Windows 8 Iso file (වැඩිය නෑ...2.5GB විතර :p)


Product Key:   DNJXJ-7XBW8-2378T-X22TX-BKG7J

මෙම Iso file එක ඩවුන්ලෝඩ් කරගෙන නීරො මගින්  බූටබල් DVD 1ක් හදා ගත්තහම වැඩේ ගොඩ.
මතක ඇතිව වින්ඩොස් 7 සහිතව පරිගනකයේ කරනවනම් වෙනමම හිස් පර්ටිශන් එකක් භාවිතා කරන්න..


 මමනම් වැඩේ කොරගත්තා.මුලදිනම් ඉතින් මැන්ටල් වගේ.පාවිච්චිකරන්න ගියාම. ඒත් ටිකක් විතර පොඩි ආතල් එකකුත් තියෙනව වගේ..එහෙනම් කට්ටිය බාගෙන කරගෙනම බලන්න.කට්ටියට බුදුසරණයි.....!!!!


Friday, April 27, 2012

පානමානය...මූ තමයි හයියෙන් ගැහුවේ.....

මේකත් ලැබ් එකේ කතාවක්.
මතකේ ඔට්ටගේ නව සොයා ගැනීම ලැබ් එකේ.මේක හැබැයි අපේ පාතාලේ වෙච්ච වැඩක් A/Lකාලේ කතාවක් තමයි අදත්.මොකද ඉතින් A/Lකාලේ නේ පිස්සු වැඩියෙන්ම නටන කාලේ.ජීව විද්‍යාව කරපු කට්ටිය ඉතින් දනවා ඇතිනේ පානමානේ කියන්නේ මොකද්ද කියලා.දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් ඔය දන්න කෙනෙකුගෙන් අහගන්න....


මේ කතාව ඉතින් පානමානයක් වටා ගෙතුනු කතාවක් තමයි.ඔන්න ඉතින් එක දවසක් ලැබ් එකේ ප්‍රැක්ටිකල් තිබුන කියමුකො.එදා තිබුනේ ඔන්න ඔය පානමානේ කියන මෙව්ව එකෙන් පොඩි ජිල්බරි වැඩක් කරන්න


මේක ගැන ඉතින් පොඩ්ඩක් සරළවම කිව්වොත් ඉතින් පොඩි අතුකෑල්ලක් ගහන්න තියෙනව වතුර යට තියාගෙන..ඒක තමයි මහම වැඩේ.මොකද කියවගෙන යනකොට තේරේවී. ඔන්න ඉතින් වැඩේ කරන්න මිස් පානමානේ ගෙනත් දුන්න කියමුකෝ.ලෝකෙටම එකක් තියෙනව වගේ හැබැයි ගෙනත් දුන්නේ. 

"පරිස්සමෙන් පාවිච්චි කරන්න.මෙච්චරමයි තියෙන්නේ.මේක ගොඩාක් කාලයක් ඉදන් පරිස්සමෙන් කලින් පංති වල අය පාවිච්චි කරල තියෙනව.ඒක නිසා තමයි අද ඔයගොල්ලොන්ටත් පවච්චි කරන්න පුලුවන් කම තියෙන්නේ......"


ඔය ඉතින් මිස් ගෙ වචන ටික.අපිත් ඉතින් කතාව ඔලුව නවල පිලිගත්ත කියමුකෝ.හැබැයි පානමානේ නම් අද ඊයේ ගත්ත එක වගේ.දිලිසි දිලිසි තියෙනවා.පරණ ඒව දිලිසෙනවද කියලත් අහන්න හිතුන ඉතින්...:ඵ්
කට්ටිය ඉතින් වැඩේට සෙට් උනා...වතුර බේසමක් තියෙනව මේසෙ උඩ.මම ගත්ත පානමානේ.ඔතන හිටිය අපේ මැනියා.මූ ගත්ත අර අතු කෑල්ල..දැන් කට්ටියම වටෙට ඉන්නවා ෆිල්ම් එක බලන්න වගේ..හිටියට එතන හිටපු එකෙග්ගෙවත් කටවල් නම් වැහිල නෑ..දන්නවනේ ඉතින් අපේ යක්කුන්ගේ කටවල් වල හැටි..ඔහෙම බෑ කියවි..හෙමින් ගහන්න කියාවි..බැරිනම් පසේ වරෙන් කියාවි..මරු ආතල් ඉතින්..

එකම සහෝදරයො වගේ හිටපු මැක්සම මැක්ස පංතියක් ඒකනම්..තාමත් මතක් වෙනකොට හිතට දුකයි ඒ කාලයෙන් වෙන්වීමට සිද්දවෙච්ච එක ගැන....:( :( 


දැන් ආපහු කතාවට.මං පානමානේ අල්ලන් ඉන්නව වතුර යට තියාගෙන.මැනිය අතු කෑල්ල අල්ලගෙන ඉන්නවා..මූට අත්තක් අල්ල ගන්න කිව්වොත් ඕනම දෙයක්.වන වන ඉන්නේ නැතුව ගහන්න කිව්වහම මිනිහත් ගැහුව කියමුකෝ.ඇත්තම කියනවනම් මෙතන හිටපු එකෙකුටවත් පරීක්ෂණයක් කරනව කියලනම් සිහියක් තිබුනේම නෑ..මොකද ඉතින් පිස්සු කියව කියව වෙනමම ලෝකෙක නේ ඉන්නේ. මැනියගේ වැඩේ අහවර කරාට පස්සේ තේරුනා පොඩි අමුත්තක් පානමානේ.ශේප් එකේ උස්සල බැලින්නම් තනි උපකරණයක් වෙච්ච පානමානේ දැන් කෑලි දෙකක් වෙලා


ඇත්තටම පානමානේ කෑලි දෙකකටද තියෙන්න..?? :ඵ් :ඵ් වැඩේ දෙල් වෙලා වගේ.පනාමනේ හරියටම කර ලගින් දෙකටම කැඩිලා.දැන් තමයි හරියටම ෆිල්ම් එක පටන් ගන්නේ.මොකද ඕක මිස් දැන ගත්තොත් ඉතින් කන්දෙක පුරවල අහගන්න වෙන්නේ.ඒකියන්නේ මිස් බනින්නේ නම් නෑ..ඒත් දන්නවනේ මිස්ලගේ හැටි..කියන කොට අහන් ඉන්න දුකයි.දැන් කට්ටියම ෆුල් හොල්මන්.ඇයි දෙය්යනේ මිස් ඇහුවොත් මොනව කියන්නද..?? :@ :@ :@

දැන් මිස් ඇවිත් අහනව කෝ පරීක්ෂණේ කරල ඉවරද කියලා...ඔව් මිස්...නෑ මිස්..මොනව කියන්නද ඉතින්...එක එක්කේනාගේ මුණු වල පෙරහැරවල් යනව වගේ..කට්ටිය මූනට මූන බලාගන්නවා.. 

"මිස් කරන්න උනේ නෑ... "
"ඇයි මෙච්චර වෙලා මොනවද කරේ....."

දැන් ඉතින් වෙන මොනව කරන්නද...? උස්සල පෙන්නුව කෑලි දෙකක් වෙච්ච පානමනේ..අපොයි ඒක දැක්ක ගමන්ම මිස්ගේ මූණ..
දැන් මමයි මැනියයි බෝලෙ පාස් කරනව.මිස් මෙයා නිස උනේ..මත් අත ඇරියේ නෑ..මූ තමයි හයියෙන් ගැහුවේ..හික්ස්..හිනාවෙවී බොල පාස් කරනව..:ඵ් :ඵ් දැන් පටන් ගත්ත මිස්ගේ බැණිල්ල.මිස් බනිනව කිව්වට ඉතින් එච්චර ගානක් නෑ..ඒත් අහන් ඉන්න එක තමයි ඉවසන්න බැරි.ටැප් එක ඇරිය වගෙ..කියවනව කියවනවා ඉවරයක්ම නෑ...
මේ වැඩේ හරියන්නේ නෑ..අයි හත්තිලව්වේ ඕක අහගෙනම ඉන්න පුලුවන්ද..?? 

"මිස් අපි පානමානයක් අරගෙන දෙන්නම්.කොහෙන්ද ගන්නේ..කියක් වෙනවද.?? "

ඔන්න ඉතින් දවසේ ප්‍රශ්ණ.මිස්ටත් දැන් ටිකක් අමුතුයි අමුතුයි වගේ..ඇයි අපේ යක්කුන්ගෙන් පානමානයක්.... :O :O :O අපි මිස් සල්ලි එකතුකරල අරගම්මු. ඔන්න දැන් මැනිය සෙට් උන පින්කොලයකුත් ඉල්ලගෙන සල්ලි එකතු කරන්න.. වැඩේ පටන් ගත්තු විදිහට පානමාන 100ක් ම අරන් දෙයි වගේ.පුදුම උවමනාවක්.මිස්ටත් ඉතින් හිතුන අපි පානමානයක් ගෙනත් දේවි කියලා.. හැබැයි ඉතින් කොච්චර හොද ලමයින්ද කියනවනම් තාමත් මිස්ට පානමානයක් අරන් දෙනවා.....

ප.ලි:: කැඩුන පානමානේ කබඩ් එකට දානකොට තමයි මරු වැඩේ දැක්කේ..පානමාන ලෝකයයි කැඩුන..බලනකොට අපිට හිටපු අයියලත් හරි ෂෝක් එකට ආරක්ෂාවෙන් ලැබ් එකේ බඩු පාවිච්චි කරල තිබුනා

 

Sunday, March 18, 2012

Facebook Chat වල අමුතු වැඩක්

Facebook Chat වල පොඩි ගැජමැටික්ස් කෑල්ලක් තමයි මේ.. මේ පහල තියෙන කෝඩ් copy past  පාරක්  Facebook Chat එකේ දාල බලන්න...තව දෙන්නම් ඉස්සරහට..දැනට මෙච්චරයී......
තමන්ගේ පින්තූරෙත් යවන්න පුලුවන්...ඒක දෙන්නම් පස්සේ...




1. Mr. Bean






[[255016264574238]] [[255016271240904]] [[255016277907570]] 
[[255016267907571]] [[255016274574237]] [[255016384574226]] 
[[255016387907559]] [[255016394574225]] [[255016401240891]] 
[[255016391240892]] [[255016464574218]] [[255016454574219]] 
[[255016457907552]] [[255016461240885]] [[255016451240886]] 
[[255016537907544]] [[255016531240878]] [[255016534574211]] 
[[255016541240877]] [[255016527907545]] [[255016634574201]] 

2.JACK SPARROW




[[298356520217565]] [[298356516884232]] [[298356506884233]] [[298356510217566]]
[[298356513550899]] [[298356620217555]] [[298356606884223]] [[298356616884222]]
[[298356610217556]] [[298356613550889]] [[298356673550883]] [[298356676884216]]
[[298356666884217]] [[298356680217549]] [[298356670217550]] [[298356740217543]]
[[298356733550877]] [[298356743550876]] [[298356730217544]] [[298356736884210]]
[[298356823550868]] [[298356810217536]] [[298356820217535]] [[298356826884201]]
[[298356813550869]] [[298356906884193]] [[298356896884194]] [[298356900217527]]
[[298356903550860]] [[298356893550861]] [[298356950217522]] [[298356946884189]]


3.SUPERMAN




[[299528860107644]] [[299528863440977]] [[299528866774310]] [[299528856774311]]
[[299528870107643]] [[299528950107635]] [[299528943440969]] [[299528946774302]]
[[299528953440968]] [[299528956774301]] [[299529013440962]] [[299529016774295]]
[[299529010107629]] [[299529003440963]] [[299529006774296]] [[299529060107624]]
[[299529063440957]] [[299529066774290]] [[299529070107623]] [[299529073440956]]
[[299529173440946]] [[299529183440945]] [[299529180107612]] [[299529176774279]]
[[299529186774278]] [[299529243440939]] [[299529236774273]] [[299529240107606]]


4.ELMO






[[302117289844540]] [[302117283177874]] [[302117276511208]] [[302117279844541]] [[302117286511207]] [[302117366511199]] 
[[302117369844532]] [[302117373177865]] [[302117383177864]] [[302117379844531]] [[302117426511193]] [[302117436511192]] 
[[302117429844526]] [[302117423177860]] [[302117433177859]] [[302117523177850]] [[302117529844516]] [[302117526511183]] 
[[302117536511182]] [[302117533177849]] [[302117606511175]] [[302117596511176]] [[302117599844509]] [[302117593177843]] 
[[302117603177842]] [[302117646511171]] [[302117649844504]] [[302117659844503]] [[302117656511170]] [[302117653177837]] 
[[302117706511165]] [[302117703177832]] [[302117699844499]] [[302117709844498]] [[302117696511166]] [[302117749844494]] 


5. TROLL FACE





[[242538225822042]] [[242538222488709]] [[242538232488708]] [[242538219155376]] [[242538229155375]] [[242538339155364]] 
[[242538335822031]] [[242538342488697]] [[242538345822030]] [[242538349155363]] [[242538392488692]] [[242538395822025]] 
[[242538399155358]] [[242538402488691]] [[242538405822024]] [[242538475822017]] [[242538472488684]] [[242538489155349]] 
[[242538492488682]] [[242538485822016]] [[242538562488675]] [[242538565822008]] [[242538569155341]] [[242538575822007]] 
[[242538572488674]] [[242538612488670]] [[242538625822002]] [[242538619155336]] [[242538622488669]] [[242538615822003]] 
[[242538675821997]] [[242538682488663]] [[242538672488664]] [[242538679155330]] [[242538685821996]] [[242538742488657]]


6.THE MASK





[[255006724575192]] [[255006727908525]] [[255006737908524]] [[255006734575191]] [[255006731241858]]
[[255006827908515]] [[255006831241848]] [[255006824575182]] [[255006817908516]] [[255006821241849]]
[[255006874575177]] [[255006871241844]] [[255006884575176]] [[255006877908510]] [[255006881241843]]
[[255006934575171]] [[255006931241838]] [[255006941241837]] [[255006944575170]] [[255006937908504]]
[[255007004575164]] [[255007001241831]] [[255006994575165]] [[255006997908498]] [[255006991241832]]
[[255007084575156]] [[255007101241821]] [[255007077908490]] [[255007091241822]] [[255007081241823]]




7.Pink Panther

[[322450847786845]] [[322450881120175]] [[322450897786840]] 
[[322450911120172]] [[322450941120169]] [[322450981120165]]
[[322451004453496]] [[322451014453495]] [[322451041120159]]  





8. Big Pink Panther

[[378559652167731]] [[378559662167730]] [[378559655501064]] [[378559648834398]] [[378559658834397]] [[378559768834386]] 
[[378559772167719]] [[378559778834385]] [[378559775501052]] [[378559782167718]] [[378559865501043]] [[378559875501042]] 
[[378559868834376]] [[378559872167709]] [[378559878834375]] [[378559942167702]] [[378559945501035]] [[378559948834368]] 
[[378559955501034]] [[378559952167701]] [[378560068834356]] [[378560072167689]] [[378560075501022]] [[378560065501023]] 
[[378560078834355]] [[378560162167680]] [[378560168834346]] [[378560155501014]] [[378560165501013]] [[378560158834347]]





Like Button
[[320563857961546]] [[320563884628210]] [[320563924628206]] [[320563951294870]] [[320563961294869]]
[[320563984628200]] [[320564021294863]] [[320564054628193]] [[320564064628192]] [[320564084628190]]
[[320564127961519]] [[320564154628183]] [[320564194628179]] [[320564207961511]] [[320564244628174]]
[[320564364628162]] [[320564441294821]] [[320564471294818]] [[320564494628149]] [[320564531294812]]
Heart
[[321032964581302]] [[321033037914628]] [[321033047914627]]
[[321033074581291]] [[321033104581288]] [[321033141247951]]
[[321033174581281]] [[321033201247945]] [[321033217914610]]
[[321033224581276]] [[321033241247941]] [[321033274581271]]
Boy Pick-Up
[[320868341264431]] [[320868381264427]] [[320868411264424]] [[320868474597751]] [[320868514597747]]
[[320868551264410]] [[320868571264408]] [[320868587931073]] [[320868621264403]] [[320868641264401]]
[[320868677931064]] [[320868724597726]] [[320868757931056]] [[320868777931054]] [[320868804597718]]
[[320868831264382]] [[320868847931047]] [[320868881264377]] [[320868944597704]] [[320869034597695]]
Lol Smiley
[[322351887782743]] [[322351911116074]] [[322351927782739]] [[322351941116071]] [[322351967782735]]
[[322351984449400]] [[322352007782731]] [[322352031116062]] [[322352044449394]] [[322352051116060]]
[[322352067782725]] [[322352087782723]] [[322352101116055]] [[322352111116054]] [[322352131116052]]
[[322352194449379]] [[322352214449377]] [[322352254449373]] [[322352281116037]] [[322352317782700]]
Big Smile
[[321039907913941]] [[321039924580606]] [[321039941247271]] [[321039957913936]] [[321039967913935]]
[[321039974580601]] [[321040011247264]] [[321040097913922]] [[321040107913921]] [[321040114580587]]
[[321040121247253]] [[321040131247252]] [[321040141247251]] [[321040154580583]] [[321040167913915]]
[[321040197913912]] [[321040217913910]] [[321040237913908]] [[321040251247240]] [[321040267913905]]
[[321040281247237]] [[321040317913900]] [[321040334580565]] [[321040344580564]] [[321040434580555]]
Big Angry Birds
[[322320127785919]] [[322320147785917]] [[322320194452579]] [[322320211119244]] [[322320224452576]]
[[322320254452573]] [[322320274452571]] [[322320307785901]] [[322320317785900]] [[322320337785898]]
[[322320451119220]] [[322320491119216]] [[322320511119214]] [[322320534452545]] [[322320541119211]]
[[322320557785876]] [[322320597785872]] [[322320624452536]] [[322320661119199]] [[322320837785848]]
Sleeping Smiley
[[320571481294117]] [[320571537960778]] [[320571601294105]] [[320571617960770]] [[320571634627435]]
[[320571691294096]] [[320571711294094]] [[320571727960759]] [[320571771294088]] [[320571814627417]]
[[320571847960747]] [[320571861294079]] [[320572044627394]] [[320572074627391]] [[320572081294057]]
[[320572094627389]] [[320572131294052]] [[320572164627382]] [[320572204627378]] [[320572254627373]]
I Love you
[[107453105948594]] [[221310038416]] [[173556336384]] [[267422529977510]] [[110797149003034]] [[205838455398]] [[173556336384]] [[172843133886]]

Tuesday, January 10, 2012

රටේ පවතින අයාලයේ යන බලු ජනගහනය




දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයද ඉදිවී අවසන්ය..මෙතෙක් පැය තුනක්, තුනහ මාරක් යන ගමන දැන් පැයෙන් යා හැකිය.මිනිසුන්ට අධිවේගී මාර්ගය පහසුවක්ය.නමුත් මේයින් නැසෙන පිරිසක්ද සිටී. එනම් පාරේ අයාලයේ යන සුනඛයන්ය. අධිවේගීමාර්ගයේ දවසකට අයාලයේ යන සුනඛයන් අවමය 5ක් හෝ 6 වාහන වලට යටවී මිය යති.වෙනත් මාර්ගයකනම් කෙසේහෝ මග හැර යා හැක.නමුත් මෙවැනි මාර්ගයක එසේ කිරීමට නොහැක.යම් සතෙකු තමාගේ වාහනයට යට වුන විට එ පිලිබදව කලකිරී වහනයෙන් බැස එන සත්ව කරුණාවක් ඇති පිරිසක්ද ලංකව තුල වාසය කරයි.නමුත් මෙම මාර්ගය තුල එසේ කිරීමට නොහැක. සුනඛයන් නිසා දැනට අධිවේගී මාර්ගයේ අනතුරු බොහෝමයක් සිදුවී ඇත.තවම මාරන්තික අනතුරු සිදුව නොමැති බව සතුටට කරුනකි. නමුත් ඉදිරියේදි අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහන ප්‍රමාණය වැඩිවීම නිසා එවැනි අනතුරු නොවී සිටීමටත් නොහැක.එසේ නොවේවායි මාගේ ප්‍රාර්ථනය.


ශ්‍රී ලංකාවතුල මෙම බලු ප්‍රශ්ණය දැන් ඉහලින්ම කාතාකරන මාතෘකාවක් බවට පත්ව සිටී.මෑතකදී ලංකාවට පැමිනි දූතයින් පිරිසක් ජනාධිපතිතුමාට පවසා තිබුනේ ශ්‍රී ලංකාව ඉතා ලස්සන රටක්.නමුත් පාරෙ අයාලයේ යන සුනඛයන් ප්‍රමාණයනම් වැඩි බවයි. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් පවසන්නේද නිදහසේ පරේ ඇවිදීමට නොහැකි බවයි. ලංකාවේ එක මිනෙසෙකුට බල්ලන් දෙදෙනෙකු හෝ දෙදෙනෙකුට වඩා සිටී.. මොරටු විශ්ව විද්‍යාලය තුල තත්වය මෙවැනිය....







 ශ්‍රී ලංකාවතුල බලු වන්ධ්‍යකරනය නොකෙරෙනවාම නොවේය.උදෑසනම පාරේ යමට නොහැක.බලු රෑන් පිටින් පසුපස එලවමින් පැමිනේ.නමුත් එය සාර්ථක වී නොමැති බවක් පේනේ.මේයට විසදුම සියලුම අයාලයේ යන සුනඛයන් මරා දැමීමද නොවේ.මන්ද බුදු ධහමට අනුව සත්වයින් නිකරුනේ මාරා දැමීමද යහපත් කරුණක් නොවන බැවිනි.තමාගේ නිවසේ සිටින බැල්ලියට පැටවුන් බිහිකර පසු ඔවුන් පාරේ අතහැර දැමීමද නොකර යුතුය.  නමුත් මෙයට කිසියම් හෝ පියවරක් ගත් යුතුය.තවමත් මෙයට නිවැරදි පිලිතුරක් නොමැති කාරණයකි



Monday, January 9, 2012

Kaspersky 2011/2012 Keys.......



හෑමෝටම ඕන තමුන් මලක් වගේ රැක ගන්න [කොල්ලොන්ටනම් මේක විහිළුවක් :ප් :ප්] ඩෙස්ටොප් එක හරි ලැප් එක හරි අර කෙහෙල්මල් virus වලින් රැක ගන්නනේ කොහොමද කියල..කරුමෙට හරි virus කට්ටක් ගිහින් PC 1කෙලවෙල ගියොත් කොහොමද..?? හොදම දේ තමයි virus guard එකක් දාගන්න එක. හොද virus guard වලින් එකක් තමයි Kaspersky.ඒත් ඉතින් අවුරුද්දකට වරක් RS 1900ක් විටර වියදම් කරන්න ඕන.මමත් කලින් use කරේ ORG.ඒත් දැන්නම් වැඩේ කම්මැලී කම්මැලී වගේ. අද මම කියන්නේ ඒකට හොද ජිල්මාට් වැඩක්. :)


මේක පොඩි වෙබ් එකක්..මේකෙ තියෙනව KIS 2012/2011 , KAV 2012/2011 key files..ඔයාලට තියෙන්නේ දැනට තමාලග තියෙන  version එක අනුව හරි.. ස්ථාපනය කරන්න කැමතී  version 1ක අනුව kaspersky key file download කරගන්න

අපි බලමු කොහොමද කරන්නේ කියල... මෙන්න වෙබ් Site එක..මුලින්ම මේ වෙබ් සිටෙ එකට යන්න.


දැනට kaspersky use කරනවනම් එකෙන් කියවි මේක virus තියෙන වෙබ් එකක්.යන්න එපා කියල.(ඉතින් ඒ අහිංසකයා කියන කතාවත් ඇත්තනේ..උටම කෙලවෙන වැඩක් සෙට් වෙනකොට කොහොමත් නවත්තන්නනේ හදන්නේ..)

                                 http://kavkiskey.org 




web 1 වම්පස තීරුවේ තමන්ට කැමති එක තෝරගෙන click කරගන්න. එතකොට එනව ඒ එකට අදාල key file කිහිපයක්.මේ බොහෝමයක් වැඩ.කැමති එකක් තෝරගෙන click කරාම download වෙනවා





දැන් බලමු අපි කොහොමද එක දාගන්නේ කියල. මුලින්ම license  management  එකට ගිහින් key එකක් තියෙනවනම් remove කරන්න.







පසුව පරිගනකයට සම්බන්ද කර ඇති Internet Connection 1 නවත්තන්න. දැන් enter activation code කියන තැනට  T1JVS-NNMBD-K1QTN-SUBP8 ඇතුලත් කරල කරන්න.




එවිට මේසේ දිස්වේවි. මෙය OK කරන්න.




පසුව එන window එකේ key file එක browse කරන්න තැනක් ඒවි. එතනින් download කරපු file එක තියෙන තැන ලබා දෙන්න..




ඔන්න ඔකයි වැඩේ..කරලම බලන්න.සමහරක් අය දන්නවත් ඇති.නොදන්න අය ප්‍රයෝජනයක් ගන්න ඇති කියල හිතනවා...එහෙනම් තවත් ලිපියකින් නැවත හමුවෙමු.


Saturday, December 31, 2011

තව පැය කිහිපයයි.....





තව පැය කිහිපයයි..හෙටත් වෙනදාමෙන් තවත් දවසක උදාවක්.. නමුත් වෙනසක්...තප්පරෙන් තප්පරය... විනාඩියෙන් විනාඩිය පැයෙන් පැය..දවසින් දවස..මාසයෙන් මාසය කාලය ගෙවී නව අවුරුද්දක උදාවේ දොරටුව අසල..!! ලබන්නාවූ 2012 නව වසර සැමටම සාමයෙන් සතුටින් පිරි සුභම සුභ සෑම ප්‍රාර්ථනාවක්ම ඉටුවන යහපත් නව වසරක්ම වේවා.....!!!

Sunday, December 25, 2011

පැරසිටමෝල් වැඩිපුර භාවිතය භයානකයි.......!!!!!!!!!!!

පැරසිටමෝල් ප්‍රමාණය ඉක්මවා පාවිච්චි කිරීම හේතුවෙන් අක්මාව දුර්වල වීමත් ඉන් මරණය පවා ඇතිවිය හැකි බවත් ඉංග්‍රීසි වෙද්‍ය පර්යේෂකයන් පිරිසක් පෙන්වා දෙති. ශීත සෘතුවේ ඇති අධිකා ශීතල හා සෙම්ප්‍රතිෂ්‍යාව හේතුවෙන් ඇතිවන කැක්කුම් හා ශරීරයේ ඇතිවන විවිධ වේදනාව සමනය කර ගැනීමට මිනිසුන් පැරසිටමෝල් පෙති අධිකව ගිල දැමීමට පුරුදුව සිටී..එඩිම්බර්ග් සරසවියේ අක්මා බද්ධ කිරීමේ ඒකකයේ වෙද්‍ය කෙනක් සිම්ස්ටන් ට අනුව දිනකට පැරසිටමෝල් 500mg පෙති අටක්(එනම් 4g) ඉක්මවා භාවතය හානිදායකය.පැරසිටමෝල් හේතුවෙන් අක්මාවේ දුර්වල වීම් හේතුවෙන් වූ මරණ සංඛ්‍යව වසරකට සියදිවි නසාගන්න ප්‍රමාණයද ඉක්මවා යයි.පැරසිටමෝල් පෙති වැඩිපුර භාවිතයෙන් පිටකොන්දේ වේදනාව,හිසේ රුදාව,බඩේ රුදාව හෝ දත් රුදාව අදී බාහිර රෝගී ලක්ෂණ මතුවේ.අක්මාව ආශ්‍රිතව ආබාධවලින් පෙලෙන රෝගීන් 5 දෙනෙකුගෙන්  2 ක්ම මරණයට පත්ව ඇතිබව බ්‍රිත්‍යාන්‍ය වෙද්‍ය සගරාව පෙන්වා දෙති.

~ ලක්බිම බන්දුල නෝනිස් ~



Friday, December 23, 2011

නැවත්ත මගේ මිතුරන් හමුවීමට සූදානම්...!!!


කාලේකට පස්සේ මතක් උනේ බ්ලෝග් එකක් කියල දෙයක් තියෙන බව...!! මතක් උනා කියන්නේ මට මතක් කෙරෙව්වා නවත්තපු බ්ලොග් එක ලියන්න ලියන්න කියලා.... ආපහු මේක ලියන්න මම උපරිම උත්සාහයක් දරනවා... වටේ හිටපු යාලු මාලුවො නිසා වැඩ ඔක්කොම අප්සට්..හිත් තැවුල්..දුක..සෑහෙන දේ විදින්න සිදුවුනා. ඒත් මිනිස්සු කවුද කියල ඒ දවස් ටිකේ හොදට අදුන ගත්තා.... මෙතෙක් කාලයක් මා වටා සිටි මගේ ලිපි කියවපු හැමෝටම මගේ හදවතින්ම ස්තූතිය...එහෙනම් ඉදිරියේදී අලුත් ලිපියකින් ඔබව හමුවෙමු








::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

ජනප්‍රිය ලිපි :: ඔබේ මිතුරන් ගැන සැලකිලිමත් වන්න
අප හා එක්වන්න :: පොඩී උදව්වක්..!! සහයෝගයක් දෙන්න..!!


::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

Sunday, October 16, 2011

[RCG] ඔට්ටා ගේ නව සොයා ගැනීම


පාසල් මතකයන් ගැන කිව්වොත් ඉතින් කවදාවත් අමතක කරන්න බැරි රසවත් සිදුවීම් ගනනාවක්ම තියෙනවා..මෙවා ඉතා රසවත් උනාට සමහර වෙලාවට මේවා මතක් වෙනකොට හිතට මහා දුකක් දැනෙනේවා..මොකද කියනවනම් එකාලේ හිටපු ඇතැම් මිතුරන් දැන් ලේසියෙන් දකින්න වත් නැතිනිසා..ඇතැම් අය සෑහෙන දුරට ගිහින්.


මේ කතාවනම් අපේ දිනූ චාමින්දයා වටා ගෙතෙන කතාවක්..(ඔටුවා කිව්වහම ඉතින් කවුරුත් දන්නවා) රිච්මන්ඩ් එකේ 13 වසරෙදි අපේ පන්තිය තිබුනේ දේශණාගාරයේ..ඕක එහා පැත්තෙ තමයි Chemistry Lab එකයි Physics Lab එකයි තිබුනේ..කොච්චර ලෙසිද කියනවනම් ඇතුලෙන් දොරකුත් තියෙනවා.. අපි ඉතින් හැම දාම එකට කලින් ගිහින් ඉන්නවා..(දොර තියෙන නිසා ලේසියට නෙව්යී..ඉගෙන ගනන් තියෙන ආසාවට ) කොහොම කොහොම හරි චාටර් වෙලා ඔය දොර වහගත්තා අපහු යන්න නොදී..ඉට පස්සෙ යන්න උනේ වටෙන්..හරියට ඉස්සරහින් අල්ලන්න තියෙන නහය අත දාල වටෙන් අල්ලනව වගේ.


ඔන්න ඉතින් තියෙන දවසක ගියා කියමුකො Chemistry Lab එකට.. අපිට Chemistry කරන්න හිටියෙ සුමේධ සර්. මතකනේ සුමෙධ සර් ගැන කලින් ලියපු ලිපි. [මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!! // "සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.. හැබැයි සර් සද්දෙනම් ගෙම්බෙක් ගෙ වගේ" ]ඔන්න ඉතින් එදා සර් එන්න ටිකක් පරක්කු උනා.අපි කට්ටිය ඉතින් පැත්තකට වෙලා පොඩි කයියක් දාගෙන ඉන්නව අර එකේ තියෙන ගිටාර් ගහන්න පුලුවන්, බාර් වල තියෙනවා වගේ උස පුටු වල ඉදගෙන. අර අපේ කතානායක ඔටුවගේ වැඩේම මොනව හරි නව සොයා ගැනීම් කරන්න..ඔන්න ඉතින් ඉන්න කොට මිනිහට පොඩි අදහසක් අවා බොතල් වල තියෙන Chemical එවා ටිකක් එකට කවලම් කරල බලන්න. නොදන්න මලදාන නොකර ඉන්න කියල කිව්වට මිනිහ එවා පිලිගන්න සුදානමක් නෑ.කියනදේ නාහන ගුරු අර කොහෙට ගියත් එකයි කියන්වා වගේ ඔන දෙයක් කරගනන ඇරල ඉතින් අපි පොඩ්ඩක් පැත්තකට උනා..පැත්තකට උනාට ඉතින් අපිත් game එකේ හිටියා...මොකද කරුමෙකට හරි නව සොයා ගැනීමක් කරොත් ඉතින්..දන්නෙ නැද්ද ඉතින් අපිත් උදව් කර කියලා නම පත්තරේටවත් දාගන්න පුලුවන්නේ...


ඔන්න ඉතින් ඔට්ටා වැඩේ පටන් ගත්තා.. නව සොයා ගැනීම කරන්න හොයාගත්තේ එකේ පිටිපස්සෙම ජනේලෙ ලග..එතන තමයි ඉතින් පරීක්ෂණ නල ටික තිබුනේ...දැන් ඉතින් කවුරුත් නැති එකේ එක වටේට හිහින් බොතල් තොගයක් අරගෙන ආවා.අයි දෙකක් නෑ..නව සොයාගැනීමක් කරනවම තමයී...මොකද පල පුරුදු කෙනෙක් විදිහට ටමයි මිනිහ වැඩේ පටන් ගත්තේ.බොතල් වල මුඩි කලින්ම ඇරලා..මුඩි මේසෙ උඩම තියලා.. (දන්නව ඇතිනේ එහෙම මේසෙ උඩ තියන්න එපා කියන එක ) ඔන්න ඉතින් මොනවද දැම්මා ඉස්සෙල්ලා...ඊට පස්සෙ තව එකක්..නෑ කිසිම වෙනසක් නෑ..අවර්ණ ද්‍රාවණයක්.. :p ඊට පස්සේ තව එකක්..එත් නෑ..කමක් නෑ..හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙටලු..ඔන්න ඉතින් වැඩේ දිගටම කෙරීගෙන යනවා..එකපාරටම නලේ ඇතුලේ ද්‍රාවනය නිකන් අමුතු පාටක ට හැරුනා..ද්‍රාවනයේ පාට වගේද ඒ වෙලාවේ ඔට්ටගේ මුනේ පාට..හිනා පාට මුන..සතුට බේරෙනවා... :D :D . මොනව උනත් මිනිහ වැඩේ අත ඇරියේ නෑ.. නව සොයා ගැනීමක් කරන්න හදන නිසා Chemical විතරමක් නෙව්යි ඕකට දැම්මේ..කොල කෑලි..දුවිලි..වැලි..තව ජාති ගොඩයී.. ඊට පස්සේ තමයි සීන් එක පටන් ගත්තෙ..තව මොනවද මොනවද එකතු කරගෙන ගියා..හැබැයි මිනිහත් මෙව එකතු කරන්නේ ටිකක් බයෙන්.කියන්න බෑනේ..පොඩ්ඩක් දුරින් ඉදල තමයි වැඩේ කරේ.. ඔන්න එකපාරටම ඇතුලේ ද්‍රාවනේ අමුතු පටකට හැරුනා.. ටිකක් වෙලා යන කොට වැඩේ අවුල් බව තේරුනේ පැණි උණු වෙනව වගේ අරකෙන් පෙන දාගෙන දුම් දාන්න පටන් ගත්තහම..දැන් ඉතින් වැඩේ දෙල් වේගෙන එන්න වගේ...දුන් දානව කියන්නේ ඉතින් එන පොට හොද නෑ හොද අවුලක් නේ..ලගට යන්නත් බයයි..ටික ටික දුම් දැමිල්ලත් ටික ටික වැඩිවෙනවා..හරියට පරන කොච්චියක් වගේ.. දැන් ඉතින් කට්ටියට තරු පෙන්න පටන් ගත්තා..තරු පෙනිම වැඩි උනේ ඈතින් සර් එනව දැක්කහම...ෆිල්ම් එකක් වගේ..අපේ ඔට්ටට අරක ලගට යන්න බයයි..ඇයි ඉතින් බොම්බෙ වගේ උනොත්. කොහොම කොහොම හරි ඔය වෙලාවේ ලැබ් එකේ තිබුන කොස්ස තමයි පිහිටට ආවේ..යන්න්තම් කොස්සෙන් පොඩි රංගනයක් කරල පරීක්ෂණ නලේ පෙල්ල ගත්තා..හැබැයි ඕක සර් දැක්කා..සර් ට දැන් ටිකක් සැකයි මුන් මොනවද කරේ කියලා..කොහොම හරි සර් ලගට ආව කියමුකො.. අපු ගමන්ම ඇහුවේ මොනවද කරේ කියලා..ගත්තු කටටම ඔට්ට කිව්වෙ


"සර් පරක්කු නිසා අපි මේ පාඩම පොඩ්ඩක් කර කියලා"


එත් ඉතින් පඩමට ඔන වෙන්නෙ බොතල් 3යි 4යි..එත් මෙතන බෝතල් 10ක් විටර තියෙනවා..එක ගැන ඇහුවහම ඉතින් කටවත් උත්තරයක් නෑ..වැඩේ මට්ටු වෙන්න වගේ..මොකද බොතල් වල මුඩිත් තාම මෙසෙ උඩ.. මොනව කොරන්නද ඉතින්..


"තමුසෙල ඉතින් මේව අරගෙන කවලම් කර කර ඉන්නවා..වෙන වැඩක් ඇත්තෙම නෑ.."

"නෑ සර් අපි පාඩම කරේ.."

"අනේ ඔහෙල කරන පාඩම්.. එන්නේ නෑ වෙලවට ලැබ් එකට..*********"



ඔන්න ඔය වෙලාවේනම් කට්ටියට හිනා..මොකද ලැබ් එකට කලිනුයි..පරක්කු වෙලා අපු අයයි ගැන හිතන කොට... කොහොම කොහොම හරි සර් බනින එක නවත්තල ගියා..නව සොයා ගැනීමනම් මරු..ඔකේ වුන රසායනික ප්‍රතික්‍රියා ටික ලියන්න කිව්වෙනම් ඉතින් ලියන්න වෙනවා පිටු 80 ‍CR පොතක් පිරෙන්නම....





*
*
*




පාසල් ජීවිතයේ තවත් සොදුරු මතකයන්......
අජාට ගහපු එරිකගේ RPGඑක
කා* මිස් ගේ ඉංග්‍රීසි පොත......
කවුද අර ඇනේ තිබ්බේ....???
"සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.....
මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!!
කා* මිස්ට මිස් කෝල් ගැහිල්ල.....


*
*
නව Facebook fan page එකට LIKE එකක් දාල යන්න අමතක කරන්න එපා 



*
*

Saturday, October 15, 2011

සුදු රත්තරං

Facebook එක පැත්තෙ රවුමක් ගහන කොට හොයාගත්තු දෙයක්..ඔන්න කලින්ම කිව්ව මේක මම ලියපු එකක් නෙව්යි...නැත්තම් ඉතින් හිරේ යන වැඩනේ set වෙන්නේ...


පෙන්නේ නැත්තම් පින්තූරය උඩ කොටන්න


Friday, July 8, 2011

Facebook Video Call.....!!!!


මේක සමහර විට හුගක් කට්ටිය දන්නව ඇති.. නොදන්න අයටයි කියන්නේ..දැන් Facebook එක මගින් Skype.Gtalk වගේ Video Call හදුන්වල දීල තියෙනවා.. කරන්න තියෙන්නේ පොඩිම පොඩි දෙයක්.. මෙතනින් ගිහින් plugin එක Download කරගන්න....

ඊට පස්සේ කරන්න පොඩි සරල පියවරවල් ටිකක් තියෙනවා... ඒක අපි මේ plugin එක ගන්න කොටම කියා දෙනවා පියවරෙන් පියවරම....!!!!

Hybrid Accident.......


නවීන පන්නයේ වාහනයක් වන Hybrid ගැන ඉතින් කොයි කවුරුත් දන්නවා ඇති නේ.. මම මේ පිතූර ටික දැක්කේ මගේ යලුවෙක්ගේ (විනොද් ගේ :p :p ) Facebook Profile එකේ තියෙනවා..මම දැක්ක මුල්ම Hybrid Car එකක අනතුරක්... :( :( :( :( :( :(