Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

Sunday, January 29, 2012

ලාඕස ජාතික සංගීත කණ්ඩායමක් විසින් සිංහල ගීත ගයනා කිරීම




ලාඕසයේ වෙසේන් ලාඕස ජතිකයන් ප්‍රිරිසක් එකතුවී සාදාගත් කුඩා සංගීත කණ්ඩායමක් විසින් ශ්‍රී ලාංකිකයින් ගේ මනසේ රැදි ජනප්‍රිය ගායකයන් වන ක්ලැනස් විජේවර්ධන,ඉන්ද්‍රාණි පෙරේරා, මරියසෙල් ගුණතිලක යන ගයකයින් විසින් ගායනා කල ජනප්‍රිය ගීත මෙම ලාඕස ජාතිකයින් ගායනා කරනවා යැයි කීවොත් ඔබ පුදුමයට පත් වේවි. නමුත් එය පුදුමයට පත් විය කරුණක් නොවේ.මෑතකදී අටපට්ටම වැඩසටහනින්ද විකාශනය වූ මෙම ගීත කණ්ඩායමේ දර්ශන ඔබ වෙත ගෙන ඒමට සිතුණි.....



අම්මා -ඉන්ද්‍රාණි පෙරේරා








සිහින ලොවක්- ක්ලැනස් විජේවර්ධන







රහසයි සොදුරු ජීවේ- මරියසෙල් ගුණතිලක







මට මෙන් ඔහුටද කදුළ ඔබයි






රන් දුනුකේ මලසේ





අද හෙට ඔබ මා





දිලීප පොඩි පුතු






ඔබ මට සතු වෙයි කියා





මෑණියනී





සතුට සැනසුම

Saturday, January 7, 2012

අද පොඩ්ඩෝ ලොකු උනාම කවුද වෙන්නේ




සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම...!!! මේ අවුරුද්දේ පල කරන පලවෙනිම ලිපිය. මුණුපොතේ සැරිසරන කොට තමයි ITN නාලිකාවේ යන වෙනස වැඩසටහනේ වීඩියෝ දර්ශනයක් දැක්කේ. "අනාගතයේ පොඩ්ඩෝ  ලොකු උනාම මොකද කරන්නේ..??? "






Friday, September 3, 2010

සේයි සාධු ගෙට් ඉන්ටුද බෝට් ඇන්ඩ් කම්.......




මතකනේ මම අර ජයසිරි මහත්තයා ගැන කියපු කතාව.. මතක නැත්තම් මේතනින් බලන්න. ඔන්න ඉතින් ජයසිරි මහත්ත්ය සුද්දට සින්දුවක් කියල මාරු උනානේ..

ඔන්න ඉතින් පහුවෙනිදා දවසෙත් ජයසිරි මහත්තයව එයාගෙ පුතාල සහභාගීවන උත්සවයකට යන්න උනා...කලින් දවසෙත් සුද්දට හොද ආතල් වැඩක් දුන්න නිසා ජයසිරි මහත්තයා මේ උත්සවයට කිසිම බයක නැතුව ගියා.....

ඔන්න ටික වෙලාවක් යනකොට කලින් දවසේ ජයසිරි මහත්තයට හම්බුන ටොපිය හම්බුනා... ඒකියන්නේ සින්දුවක් කියන්න.... ජයසිරි මහත්තය ඉතින් හොද සින්හල භාෂා ගුරුවරයෙක් නිසා ජන කවියක් කියන්න පටන් ගත්තා... හැබැයි මේ පාර ජන කවිය කිව්වේ. සින්හලෙන්..කිව්වේ,
" ඔන්න මලේ ඔය නාමල නෙලා වරෙන්......
අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන්...
කැළනි ගගේ ඔරු යනවා බලා වරෙන්....
සාධුකාර දී ඔරුවක නැගී වරෙන්......"
කවිය කියල ඉවර උනාට එතන හිටපු සුද්දොන් ගේන් කිසිම ප්‍රතිචාරයක් නෑ... ජයසිරි මහත්තයට මේ ක මහ අවුලක්... පස්සේ තමයි මතක් උනේ මම ඉන්නේ සුද්දො ඉන්න තැනක කියල...

ඔන්න ඉතින් ජයසිරි මහත්තය කලින් කියපු කවිය මෙන්න මෙහෙම කියන්න පටන් ගත්තා.......

"බ්‍රදර් බ්‍රදර් දැට් නා ෆ්ලවර් ප්ලග් ඇන්ඩ් කම්
බ්‍රාන්ච් බ්‍රේක් ලෙග් ස්ලෝ බයි කීප් ඇන්ඩ් කම්
කැළනි රිවර් බොට්ස් ගොඉන් සී ඇන්ඩ් කම්
සේයි සාධු ගෙට් ඉන්ටුද බෝට් ඇන්ඩ් කම්"

ඔක කිව්ව විතරයි සුද්දො ටික "වෙරි ගුඩ් වෙරි ගුඩ්" කියල කෑගහන්න පටන් ගත්තා.........

Thursday, August 19, 2010

පුවර් කමත් ටේලය නොට් බුලා වැනී..............


"ජයසිරි මහතා හොද සිoහල භාෂා දැනුමක් ඇති දක්ෂ ගුරුවරයෙකි. හෙතෙම අවුරුදු 40 ක පමණ සේවයකින් පසු විශ්‍රාම ලැබීය. දරුවන් සිටිනුයේ එoගලන්තයේය.

ඔහුට දරුවන් හා ටික දිනක් ගත කිරීමට එoගලන්ත්යට එන ලෙස දරුවන් ඉල්ලීම් කලද ඔහු එහි යාමට තරමක් අදිමදි කලේ ඔහුට හොද ඉoග්‍රීසි දැනුමක් නොතිබුන නිසාය.

එහි ගොස් සමාජයෙන් කොන්වීමට ඔහු කැමති නැත. එහෙත් දරුවන්ගේ දැඩි ඉල්ලීම මත ඔහු අකමැත්තෙන් හෝ එoගලන්ත්යට ගියේය. එහිදී එරට හිතවතුන් සමග එක්වන්නට අවස්ථාව ලබුනද සෑමවිටම කැඩුණු ඉoග්‍රිසි වචන පාවිච්චි කර ඔවුන් මග හැරියහ.

එහෙත් එක් දිනක් සාදයකදී එහි ආචාර්යවරයකු ශ්‍රී ලoකාවේ ජනප්‍රිය ජන කවියක් කියන ලෙස ඉල්ලීමක් කලේය. ඔහුගේ ඉහමොළ රත්විය. එතන වෙනත් ශ්‍රී ලාoකිකයකු නොවුයේ ඔහුගේ වාසනාවට යැයි ඔහුට සිතුනි. ඕනෑම දෙයකට ඇග බේරා ගැනීමට කපටි බුධියක් ඔහු සතුව තිබූනිසා වට පිට බලා මෙම ජනප්‍රිය ජන කවිය තාලය වෙනස් කොට ගායනා කලේය.



"වෙල් යායක බුල් ඩබලක් කතා උනී
ඉන් වන් බුලෙක් ටේලය නොට්ව වැනි වැනී
ටේලය හෑස් බුලා ඉන්සෙක්ට බැට දුනී
පුවර් කමත් ටේලය නොට් බුලා වැනී"


දරුවන්ට සිනාව නවතාගත නොහැකි වුවද සුද්දෝ "වෙරි ගූඩ්" යැයි කෑගසීය."