දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයද ඉදිවී අවසන්ය..මෙතෙක් පැය තුනක්, තුනහ මාරක් යන ගමන දැන් පැයෙන් යා හැකිය.මිනිසුන්ට අධිවේගී මාර්ගය පහසුවක්ය.නමුත් මේයින් නැසෙන පිරිසක්ද සිටී. එනම් පාරේ අයාලයේ යන සුනඛයන්ය. අධිවේගීමාර්ගයේ දවසකට අයාලයේ යන සුනඛයන් අවමය 5ක් හෝ 6 වාහන වලට යටවී මිය යති.වෙනත් මාර්ගයකනම් කෙසේහෝ මග හැර යා හැක.නමුත් මෙවැනි මාර්ගයක එසේ කිරීමට නොහැක.යම් සතෙකු තමාගේ වාහනයට යට වුන විට එ පිලිබදව කලකිරී වහනයෙන් බැස එන සත්ව කරුණාවක් ඇති පිරිසක්ද ලංකව තුල වාසය කරයි.නමුත් මෙම මාර්ගය තුල එසේ කිරීමට නොහැක. සුනඛයන් නිසා දැනට අධිවේගී මාර්ගයේ අනතුරු බොහෝමයක් සිදුවී ඇත.තවම මාරන්තික අනතුරු සිදුව නොමැති බව සතුටට කරුනකි. නමුත් ඉදිරියේදි අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහන ප්රමාණය වැඩිවීම නිසා එවැනි අනතුරු නොවී සිටීමටත් නොහැක.එසේ නොවේවායි මාගේ ප්රාර්ථනය.ශ්රී ලංකාවතුල මෙම බලු ප්රශ්ණය දැන් ඉහලින්ම කාතාකරන මාතෘකාවක් බවට පත්ව සිටී.මෑතකදී ලංකාවට පැමිනි දූතයින් පිරිසක් ජනාධිපතිතුමාට පවසා තිබුනේ ශ්රී ලංකාව ඉතා ලස්සන රටක්.නමුත් පාරෙ අයාලයේ යන සුනඛයන් ප්රමාණයනම් වැඩි බවයි. ශ්රී ලංකාවට පැමිණෙන සංචාරකයින් පවසන්නේද නිදහසේ පරේ ඇවිදීමට නොහැකි බවයි. ලංකාවේ එක මිනෙසෙකුට බල්ලන් දෙදෙනෙකු හෝ දෙදෙනෙකුට වඩා සිටී.. මොරටු විශ්ව විද්යාලය තුල තත්වය මෙවැනිය....
ශ්රී ලංකාවතුල බලු වන්ධ්යකරනය නොකෙරෙනවාම නොවේය.උදෑසනම පාරේ යමට නොහැක.බලු රෑන් පිටින් පසුපස එලවමින් පැමිනේ.නමුත් එය සාර්ථක වී නොමැති බවක් පේනේ.මේයට විසදුම සියලුම අයාලයේ යන සුනඛයන් මරා දැමීමද නොවේ.මන්ද බුදු ධහමට අනුව සත්වයින් නිකරුනේ මාරා දැමීමද යහපත් කරුණක් නොවන බැවිනි.තමාගේ නිවසේ සිටින බැල්ලියට පැටවුන් බිහිකර පසු ඔවුන් පාරේ අතහැර දැමීමද නොකර යුතුය. නමුත් මෙයට කිසියම් හෝ පියවරක් ගත් යුතුය.තවමත් මෙයට නිවැරදි පිලිතුරක් නොමැති කාරණයකි





























































