Showing posts with label ebay. Show all posts
Showing posts with label ebay. Show all posts

Tuesday, November 16, 2010

Fedex හරහා ebay මගින් භාණ්ඩ ගෙන්වා ගැනීම..





මගේ බ්ලොගයේ සැරිසරපු මිත්‍රයෙක් අසපු පැනයක් නිසා තමයි මෙක ලියන්නේ.. ඔහු අහල තිබුනේ Fedex හරහා Ebay එකෙන් බඩු ගෙන්න ගන්න කොහොමද කියලා. එක නිසා අදත් කියන්න යන්නේ Ebay ගැන ලිපියක්. Ebay වලින් ආරක්ෂාකාරීව බඩු ගෙන්න ගන්න හිතන් අයට මේක වැදගත් වේවි කියල හිතනවා... මොකද ලංකාව වගේ රටවල් වල මෙහෙම දේවලුත් වෙනවනේ...

මුලින්ම යම්කිසි භාණ්ඩයක් Ebay එකන් තෝරාගත් පසු එම භානඩය පිලිබදව Seller විසින් භාණ්ඩය පිලිබදව ඇතුලත් කරල තියෙන විස්තර බලන්න.. එව විස්තර වල Shipping details යතතේ පිලිබදව විස්තරයක් තියෙනවා.. එම විස්තරයේ සදහන් කරල තියෙනවා තමා courier service වලින් භාණ්ඩ තැපැල් කරනවද කියලා..

රූපය බලන්න...



මෙම courier service වලින් ලංකාවට භාණඩ ගෙන්වන ප්‍රධාන ආයතන වෙන්නේ Fedex, DHL, UPS

මෙකෙදි තමන් තෝරාගත් භාණඩය කුමන courier service එකක මගින් ගෙන්නනවද කියල තමන්ටම තීරනය කරගන්න පුලුවන්..හැබැයි Seller සදහන් කරපු ආයතන මගින් පමණයි..

මෙහිදී Seller ව contact කරල ලංකාවට භාණ්ඩය ගෙන්වීමට යන cost එක දැනගන්න පුලුවන්.. මෙහිදී බොහෝවිට Seller අපේ ලිපිනය ඉල්ලගන්නවා. සමහර Sellerලට යම් යම් courier ආයතන වලින් membership දීල තියෙනවා.. එවිට එම courier ආයතනය හරහා භාණ්ඩය ගෙන්නනවනම් එම seller ට භණ්ඩය එවීමට වැය වන වියදමට(shipping cost) යම් වට්ටමක් හිමිවෙනවා.. එම වට්ටම නිසා අපි භාණ්ඩය ගෙන්වීමට ගෙවිය යුතු shipping cost එක අඩුවෙනවා.. නමුත් වට්ටම් නොමැති Sellerල මගින් ගන්නාවිට එවැනි කිසිම අඩුකිරීමක් සිදුවන්නේ නෑ.. මේ පිලිබදව seller ගෙන් විමසා දැන ගන්න පුළුවන්..

DHL වල Membership අරගත්තු Sellerල මගින් ගන්න භාණ්ඩය ගෙන්වීමට ගෙවිය යුතු shipping costවිට එක අඩුවෙන් ගෙවන්න වෙන්නේ...
Fedex වල Membership අරගත්තු Sellerල මගින් ගන්න භාණ්ඩය ගෙන්වීමට ගෙවිය යුතු shipping costවිට එක අඩුවෙන් ගෙවන්න වෙන්නේ...

ඒක නිසා seller එහෙම membership අරගෙන තියෙනවනම් seller කැමති එකකින් එවන්න කියල ඉල්ලන්න පුළුවන්. එතකොට කොහොමත් අපට වාසි වෙනවා....

අපි courier service එක තෝරාගත් පසු මම කලින් කිව්ව විදිහට seller අපේ shipping address එක ඉල්ලනවා.. අපි මෙහිදී භාණ්ඩයට මුදල් ගෙවන විට courier service එකට යන වියදම ද පෙන්නනවා.. සියලුම මුදල් ගෙවීමෙන් අනතුරුව භාණ්ඩය seller විසින් අප හෝ seller තෝරා ගත් ආයතනය වෙත යොමු කල විට එම ආයතනය විසින් tracking number එකක් ලබා දෙනවා..

මෙම tracking number එක මගින් භාණ්ඩය දැනට තියෙන ස්ථානය නිවැරදිවම අපට නිවසේ සිට බලාගන්න පුළුවන්. මේ tracking number එක seller අයතනය මගින් ලබා ගෙන අපිට එවනවා..

මම ගෙන්වපු projector එකේ අදාල tracking number එකේ විස්තර පහත රූපයේ බලන්න...



ශ්‍රී ලංකාව තුල Fedex එක නම් Mountain Hawk Express ආයතනය මගින් පවත්වාගෙන යනවා..
DHL නම් DHL ආයතනය මගින් පවත්වාගෙන යනවා..

මේ පිලිබදව විස්තර බලන්න

Fedex (sri lanka)
DHL (sri lanka)
UPS (sri lanka)

අවසානයේ ලංකාවට භාණ්ඩය ආ පසු ඔවුන් එම භාණ්ඩය නිවසටම ගෙන විත් භාරදී යනවා... මෙහිදී එම භාණ්ඩයට රේගුව විසින් යම් බදු මුදලක් ගැසුවහොත් එම මුදල අපට ගෙවීමට සිදුවෙනවා..

මම හිතනම මේ පිලිබදව යම්කිසි අවබෝධයක් එන්න අති කියලා. මොකක් හරි ගැටළුවක් තියෙනවනම් පහලින් ලියල තියන්න..


ebayගැන මම කලින් ලියපු ලිපි

1) Projector එක නම් කිසි අවුලක් නැතුව ගෙදරටම ආවා....[ebay]

2) ebay සහ ලංකාවේ තැපැල් සේවය

3) ebay පාර්සල් තැපැල් කාර්යාලයෙන් නවත්තන්නේ ඇයි...???

Tuesday, October 19, 2010

අදත් ebay ගැන......

අදත් ebay ගැන..මේ පාරත් එළම තමයි. මතකනේ මගේ එක ලංකාවේ දි මාටිය ගහපු coby mp4 video player එක. මෙන්න. නැතිවුන එක වෙනුවට seller එවපු අනිත් එකනම් මේ පාරනම් මාටිය ගහන්නේ නැතුව ගෙදරටම ගෙනත් දුන්න... ස්තූතියි ලංකාවේ තැපැල් සේවයට





කියන්න හැදුවේ මේක නෙවෙයි.. ලංකාවෙදි පිටරටවල් වල ඉදන් එන බොහොමයක් බඩු නැතිවෙන නිසා ලංකාවට නම් ඒල විශාල කලු පැල්ලමක්. ebay හරහා ඇතැම් බඩු ගන්න කොට seller කෙලින්ම කියන්නේ ලංකාවට බඩු එවන්නේ නෑ ලංකාවේ තැපෑලෙදි බඩු නැතිවන නිසා.. අනේ ඉතින් ඔහොම කිව්වම මොන දෙයියන්ට කියන්න ද...??? නමුත් සමහර රටවල් වලට කිසිම අයුරකින් වත් හරහා භාණ්ඩ යවන්නේ නෑ..ඒ බව කෙලින්ම කියල තියෙනවා..

ebayගැන මම කලින් ලියපු ලිපි
1) ebay සහ ලංකාවේ තැපැල් සේවය
2) ebay පාර්සල් තැපැල් කාර්යාලයෙන් නවත්තන්නේ ඇයි...???
3)Projector එක නම් කිසි අවුලක් නැතුව ගෙදරටම ආවා....[ebay]


Sunday, October 3, 2010

Projector එක නම් කිසි අවුලක් නැතුව ගෙදරටම ආවා....[ebay]


මේකත් ebay ගැන ... හැබැයි මේක ටිකක් හොද කතාවක්... මොකද කලින් ebay වලින් ගෙන්නපු හැම බඩුවක්ම කිසි අව්ලක් නැතුව ආවට මගේ Coby MP4 Video Player එක කෙල වුන බව දන්නව ඇතිනේ.. මෙතනින් බලන්න. ඒ ඉතින් ලංකාවේ තැපැල් සේවයේ හොදකමනේ.. ඔන්න ඒත් මම ඉල්ලපු අනිත් බඩුවනම් කිසි අවුලක් නැතුව ආවා.. හැබැයි කලින් කාපු කට්ට ආපහු කන්න බැරි නිසා මම මේක ගෙන්න ගත්තේ FedEx වලින්.. කිසිම අවුලක් නැතුව ගෙදරටම ගෙනත් දීල යනවා.. තව එකකුත් තියෙන නිසා ලංකාවට එනකම්ම බඩුව තියෙන තැන ගැන විස්තරයක් ගෙදර ඉදන්ම වලින් බලන්න පුළුවන්.මේපාර නම් ගෙන්න ගත්තේ HD LCD LED Projector එකක්..












Technology Specification
  • Lamp Technology: LED
  • Lamp Life: 20,000 hours
  • 3.2'' LCD TFT Screen
  • Brightness : 1500piex lumen
  • Max Image Size: 120 inches
  • Resolution 640 x 480
  • Max Supported Resolution: 800 x 600, 1024*768
  • Aspect Ratio: 4:3 / 16:9
  • Throw Ratio: 1.35
  • Weight: 2.5 lbs
  • Dimension: 7" x 6" x 3"
  • Keystone: 15 - degrees
  • Front Projection: Yes
  • Rear Projection: Yes
  • Ceiling Mountable: Yes
  • Portable: Yes
  • Warranty:1 Year (if leave your 5 star Positive feedback , warranty will be upgraded to 2 YEARS automatically)

Input & Accessories included with Purchase

Input

  • HDMI Input: 1
  • YPbPr Component Input: 1
  • VGA Input (PC): 1
  • TV Input :1
  • S-Video Input: 1
  • Composite Input: 1
  • Headphone Jack: 1

Accessories included with purchase

  • Power Adapter: AC 100-240V, DC19V
  • Built in Speakers: Yes
  • VGA Cable : Yes
  • Remote Control: Yes
  • Composite Cables: Yes
  • Lens Cap: Yes
  • User Guide: Yes
  • HDMI Cable


ebayගැන මම කලින් ලියපු ලිපි
1) ebay සහ ලංකාවේ තැපැල් සේවය
2) ebay පාර්සල් තැපැල් කාර්යාලයෙන් නවත්තන්නේ ඇයි...???

Monday, September 27, 2010

ebay පාර්සල් තැපැල් කාර්යාලයෙන් නවත්තන්නේ ඇයි...??? [ebay සහ ලංකාවේ තැපැල් සේවය]


අදත් ඔන්න ebay ගැන.. මට මේ දවස්වල ebay ම තමයි. මොකද මගේ Coby Mp4 Player එකට කෙලියනේ.. එක ඕනෙනම් මෙතනින් බලන්න. බොහෝ දෙනාට තියෙන ගැටළුවක් තමයි ebay එකෙන් එන අපේ සමහර බඩු Post Office එකෙන් නවත්තන්නෙ ඇයි කියලා. අද ඒක ගැන මම දන්න විස්තර ටිකක් කියන්න්නම්.

අද වෙනකොට අපේ කට්ටියට ebay එක ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.. ඉස්සර මම ebay වෙබ් එකටත් යන්න බයයි.. හදිස්සියේවත් මොකක් හරි ක්ලික් වෙලා මට සල්ලිගෙවන්න වෙයි කියලා.. මාරම බයක් තමයි..

හරි අපි මාතෘකාවට බහිමුකෝ.. හුගදෙනෙක් ebay වලින් බඩු ගැනීමේදී ඔවුන්ගේ බඩු ගෙදරටම එනවා.. නමුත් සමහර බඩු අපි තැපැල් කාර්යාලයට ගිහින් ගැනීමට සිදුවෙනවා. Phone වගේ එකක් ගෙන්න්වනවනම් බොහෝ දුරට තැපැල් කාර්යාලයෙන් නවත්තගන්නවා. මොකද රජයට ඒ වෙනුවෙන් අපි බදු ගෙවන්න සිදු වීම නිසා. ඇතැම් විට භාණ්ඩයේ විශාලකම නිසා ද මෙසේ තැපැල් කර්යාලයෙන් නැවැත්වීම සිදු වෙනවා... (අපේ කටිය Lap, Xbox ගේන කොට නම් මේ කට්ට සෑහෙන්න කෑවා..) ඔය වෙලාවට ඉතින් තැපැල් කාර්යාලයට ගිහින් බදු ගෙවීමෙන් අනතුරුව අපේ භාණ්ඩය නිදහස් කර ගැනීමට හැකියාව පවතිනවා..

ඇතැම් අවස්ථාවන් හිදී පාර්සලය ලංකාවට පැමිනීමේදී කැඩි තිබීමක් සිදුව තිබුනහොත් එවිටද අපගේ පාර්සලය ලබා ගැනීමට තැපැල් කන්තෝරුවට යෑමට සිදුවෙනවා. මේසේ පාර්සලය නැවැත්වීමේන් අනතුරුව ඒ පිලිබදව නිවසට ලිපියක් මගින් දැනුම් දීම සිදුවෙනවා....

එමෙන්ම ඇතැම් සැකකටයුතු අවස්ථාවන් හිදී ද මෙසේ නැවැත් වීම සිදුවෙනවා... කිසියම් හෝ ආකායකින් තැපැල් කාර්යාලයට යාමට සිදු උවහොත් රේගු නිළධාරීන් ඉදිරියේ අපේ පාර්සල කැඩීමක් සිදුවෙනවා..

බොහෝ විට Top-rated sellers මගින් භාන්ඩ ගැනීමේ දී ඔවුන් පාර්සලයේ ඇතුලත ඇති දෑ පිළිබදව සදහනක් කරනවා..නමුත් ඇතැම් sellers මගින් භාණ්ඩ ලබා ගැනීමේදී ඔවුන් පිටත Gift හෝ Toys යන්න සදහන් කර එවීම මගින් බොහෝ විට තැපැල් කාර්යාලයේ නැවතීම වළකිනවා. මේය අපි භාණ්ඩය ලබා ගැනීමේදී අදාල seller සමග කතා කොට කර ගනීමට සිදුවෙනවා...

මා මේ ලිපිය පල කරේ මගේ අද්දැකීම් වලට අනුවයි.. මේම ලිපිය සදහා ඔබ දන්නා තොරතුරුද ඇතුලත් කර දැණුම බෙදා ගැනීමට එක් වන්න......

Thursday, September 23, 2010

ebay සහ ලංකාවේ තැපැල් සේවය


අද තමයි එපාම කරපු දවස... ඒත් සදුදා තමයි සිරාම දවස. මොකද මෙච්චර කාලයක් බල බලා හිටපු මගේ coby MP4 Player එක ebay එකෙන් ඇවිල්ල කියල තැපැල් කන්තෝරුවෙන් ලියුමක් ආවා.. ඉතින් අද මාර fun එකේ ගියා ගන්න... කොහේද මන්දා අස්සකට ගියාට පස්සේ මගේ Player එක තියෙන පාර්සලය ගෙනත් දුන්න.. අප්පට සිරි.. ඒක පොලිතින් බෑග් දෙකකම දාලා... ඒ මදිවට තව සීලුත් තියලා ....මාර ආරක්ෂාවක්නේ ලංකාවේ තැපැල් සේවය අපේ බඩු වලට දෙන්නේ...

ඔන්න ඉතින් පාර්සලේ මගේ ඉස්සරහ කැඩුවා.. අප්පට බොල.. මදේ නෑ.. මට පොලව පලාගෙන යන්න හිතුනා...:( :( :( ඒකේ තිබුනේ එක ආපු පැකින් එකයි පොතයි විතරයි... මල හත්තිලව්වයි.. අනිත් ආතල් එක තමයි එවන කොට තිබුන බරයි, ගල්ලට ආවම තිබුන බරයි අතර සෑහෙන්න වෙනසක් තිබීම... ඒකියන්නේ මොකෙක් හරි මේක උස්සල බොරුවට බරක් සදහන් කරල ගාල්ලට එවල....මේව කාට කියන්නද..????

හොද වෙලාවට එක ගත්තෙනම් Top Rate sellerකෙනෙක් ගෙන්.. මෑන්ට පොඩි ෂේප් එකක් දාගෙන මොනව හරි කරගන්න ඕන... මෙච්චර කාලයක් ඉල්ලපු හැම බඩුවක්ම කිසි අවුලක් නැතුව ගෙදරටම ලැබුණා.. ඒත් මේකට තමයි කෙල උනේ....


ඔන්න ඕක තමයි ලංකාවේ තැපැල් සේවයේ හොදකම.. අනිව සිරා බඩුවක් තිබුනොත් උස්සනවා.... මාරයි හොදේ ලංකාවේ තැපැල් සේවය... මේ බව ebay එකේ seller ල හුගක් දන්නව... ඇතැම් අය ලංකාව තුලදී පාර්සල් අතුරුදහන් වීම (චුත වීම ) නිසා ලංකාවට භාණ්ඩ එවීම ප්‍රතික්ශේප කරනවා.. මේකනම් ලංකාවට විශාල කළු පැල්ලමක්...

මේවා ගන්න අය මොන හේතුවක් නිසා අනුන්ගේ පාර්සල් ගන්නවද මන්දා.....???

බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.....මම ඒවා ගැනත් ලියන්න තමයි හිතාගෙන ඉන්නේ....