Showing posts with label BBC. Show all posts
Showing posts with label BBC. Show all posts

Saturday, January 29, 2011

BBC - Space Odyssey - Voyage To The Planets :: ඉදිරියේදී සිදුවිය හැකි සිදුවීමක්


මගේ ප්‍රියතම වැඩසටහන් වලින් එකක් තමයි BBC documentaries බැලීම.. මොකද ඉතින් ලංකාවේ TV චැනල් එකක් දැම්මොත් ඉතින් උදේට කෑමක් උයාවි.. නැත්තම් කාගේහරි මූණක ක්‍රීම් ගාවි.. නැත්තම් කාට කාට හරි රෙදි අන්දවන හැටි කියා දේවි... නැත්තම් ඉතින් රෙදි කපාවි.. කේක් හදාවි....නැත්තම් ගොඩ පීනනව වගේ විය්‍යායාම කරන හැටි කියා දේවී... ඕවනේ ඉතින් ලංකාවේ TV චැනල් වල බලන්න තියෙන්නේ... එක නිසා තමයි ලගකදි මම බලපු BBC - Space Odyssey - Voyage To The Planets කියනbbc documentary එක ඔයගොල්ලන් එක්ක බෙදා ගන්න හිතුවේ..

තවත් වසර කිහිපයකදී (වසර 40ක් 50) කදී පමණ සිදුවීමට හැකිදෙයක් තමයි මේ bbc documentary එක මගින් කියවෙන්නේ... හැබැයි මේක කියනවට වඩා හොදයි මේක download කරලම බලනවනම්... එකේ torrent එක මම පහලින් දීල ඇති. මෙහි අන්තර්ගතය කියනවනම් ගගණගාමීන් පස් දෙනෙකු නම් Pegasus යානයේ නැගීසෞරග්‍රහ මණ්ඩලයේ සියලුම ග්‍රහයන් වෙත ගොස් පරීක්ශන සිදුකරන ආකාරයයි.. මෙම ගමන මෙහෙයුම පෘතුවියෙන් ආරම්භ කොට මෙහෙයුම අවසාන කර නැවතත් පෘතුවිය කරා ඒමට ඔවුන්ට දින 2241 ක් ගත වෙනවා... මෙහිදී ඔවුන් ගේ යානය විවිද කාර්මික දෝෂයන්ට ලක්වන ආකාරය හා ඒවා නිවැරදි කරගෙන ඉදිරියටම යන ආකාරය මෙන්ම එක් ගගණගාමියෙකු මිය යෑමත්, යානය සූර්යයා ආසන්නයෙන් ගමන් කිරීමේදී සිදුවන සිදුවීම් ද ග්‍රහයන් මතදී පරීක්ශන සිදුකරන විටදී සිදුවන සිදුවීම් හා විශාල පාශාණයක් ඔවුන් ගේ යානයේ ගැටීම ට යන ආකාරය හා ඔවුන්ට මුහුණ දීමට සිදුවන බිහිසුණු අද්දැකීම් මෙම bbc documentary මගින් ඔබට නැරබීමට හැකියාව තියෙනව...

අභ්‍යවකාශය ගැන උනන්දුවක් දක්වන අය ඉන්නවනම් මේක බලන්න..... ලගකදි මම බලපු හොදම bbc documentary කියල මටනම් කියන්න පුළුවන්


BBC - Space Odyssey - Voyage To The Planets documentary එක මෙතනින් DOWNLOAD කරගන්න..........