
ශ්‍රී ලංකාව තුල ඉතා ජනප්‍රිය දුරකථන ජාලයක් බවට මොබිටෙල් සමාගම පත්වී ඇතිබව නොරහසකි. නමුත් මෑතක සිට ඔවුන් දුරකථන සදහා ලබාදෙන M-Tune සේවාව ප්‍රචාරය කිරීමට යොදාගෙන ඇති ආකාරය දුරකථන පාරිභෝගිකයන්ට මහත් පීඩාවක් වී ඇත. මෙහිදී ඔවුන් තම සේවාව පිළිබදව දුරකතම ඇමතුමක් මගින් පාරිභෝගිකයාට ලබා දෙන අතර එම ඇමතුම ලබා දෙන වේලාවද ඔවුන්ගේ කැමැත්ත පරිදි සිදුවේ.
ඇතැම් විට මගීන්ගෙන් පිරී ඇති බස් රථයක ගමන් කිරීමේ දී අපහසුවෙන් උවද දුරකථන ඇමතුම ලබා ගත් විට එහි පවසන්නේ ඔවුන්ගේ එම ප්‍රචාරක දැන්වීමය.
ජංගම දුරකථනය ලග නොමැති අවස්ථාවක එය නාදවනවා ඇසුනුවිට පවා සියලු වැඩ කටයුතු අතහැර දුරකථනය වෙත දිව යන්නේ ඇතැම් විට එය හදිසි ඇමතුමක් විය හැකි බැවිනි. නමුන් එම ඇමතුමට ප්‍රතිචාර දැක්වු විට එහි පවසන්නේ ඔවුන් ගේ වෙළද දැන් වීමයි....
අපහට මොබිටෙල් ජංගම දුරකථන සමාගමේන් ඇසීමට ඇත්තේ අප ඔවුන් ගේ සේවාව ලබා ගත්තේ හදිසි අවස්ථාවන් සදහා අපහට ඇමතුම් ලබා ගැනීමටද...?, නැතිනම් ඔවුන්ගේ වෙළද ප්‍රචාරක ඇමතුම් සදහා සවන් දීමටද..??
