Showing posts with label මට වුන දේවල්..... Show all posts
Showing posts with label මට වුන දේවල්..... Show all posts

Thursday, May 10, 2012

ඔබේ මිතුරන් ගැන සැලකිලිමත් වන්න




මාගේ ජීවිතයේදී මා හට මිතුරන් ගනනාවක් හමු වී ඇත.මෑතකදී තවත් මිතුරන් මෙන්ම මිතුරියන් රැසක් ද හමු විය. මේම ගනානාවක් අතරින් මිතුරන් හා මිතුරියන් කිහිප දෙනෙකු ඉතාමත් මිත්‍රශීලීය.දුකේදී සැපේදී සෑම විටකදීම ලගින්ම සිටී..සෑම දෙයක් ගැනම සොයා බලයි..වරදක් සිදුකිරීමේදී පවා එය නොකරන ලෙසටත් අවවාද කරයි..බොහෝ ආදරය කරයි...නොදන්නා දෙයක් කියාදීමට පසුබට නොවෙයි..නැති තැන් වලදී වැරදි නොකියයි..පාසල් කාලයේ මිතුරන්ද සෑම දෙයක් සදහාම සිටී..තමාගේම සහෝදර සහෝදරියන් මෙන්ය...

නමුත් නමුත් මේ අතර මෙවැන් මිතුරු..මිතුරියන් ද සිටී...ලග සිටිනා විට සිනාසී හොදින් කතාකරයි..හොදම පමණක් කියයි..කිසිදු වරදක් නැත...නමුත් ලග නොසිටන විට...!!! වැරදිම පවසයි..අභූත චෝදනා නගයි..නැති දෙයක් පිලිබද ඇති සැටියෙන් පෙන්වයි..මොවුන් මිතුරන්ද..?? ඔවුන්ට එකවන් පුද්ගලයන් සිය දෙනෙකු පෙනේ..කොහේදී හෝ දකී....නිවසේ නිදා සිටියද මග තොටේ දකි..අමුතුම ලෝකයකි..නැතිනම් ඔවුන් මන්ද මානසිකත්වයෙන් පෙලේ..මා සිතනා අන්දමින්නම් මන්දමානසික තත්වයකි...
මෙසේ පවසන පුද්ගලයින්ට යම් උදව්වක් කර ගැනීමේදී නම් කිසිවක් නොකියනා මෙන් අසලට පැමින කතාකරයි..සුනඛයන් මෙන්ය..නමුත් එය අවසානයේ..කිසිවක් මතක නැත..නමුත් මා සියල්ල දනී...මෙවැනි පුද්ගලයින් පිලිබදව මා දැඩිව කලකිරේ.... මෙවැනි දේවල් පවසන නිසා නොව තමා පැමිණි කාර්යය නිසිආකාරව සිදු නොකරමින්..පුද්ගලයින් හට විවිධ කතා පතුරවමින් තමගේ වැඩඅතපසු කරගනිමින් සිටිනා එක ගැනය..වෙන කිමෙක් කියන්නද..?? උපතින්ම කාලකණ්නින්ය..එවැනි පුද්ගලයින්ද ලෝකයට අවශ්‍ය වේ... නැතිනම් ලෝකයේ සමතුලිතතාවය ට හානි පැමිනිය හැක.

නමුත් උදව් ඉල්ල පැමිනි විට මා පුටුවෙන් නැගිට සිනා සේ..මන්ද සිනාසෙන්නේ කටින් නොව වෙනත් තැනකින්ය..සිතා සිටින්නේ සියල්ල නොදන්නවා මෙන්ය..නමුත් මා කිමෙකට කලබල විය යුතුද..? ගොන්නුන් සිටිනා තැනක මාද ගොනෙක් විය යුතුද..? එසේ වීමට අවශ්‍ය නැත..මන්ද හොද ගොන් නාම්බන් පස් හය දෙනෙකු සිටිනා බැවිනි... අහෝ මෙවැනි බත් කන හරක්..මොනවා සිදු වුවත් සිව්පාවන්ටද කරුණාව දැක්විය යුතුය.


එමෙන්ම මොවුන් දෙයක් සිදු කිරීමෙදී ඒපිලිබදව ඊරිසියාවෙන් බලයි..වෙනත් පුද්ගලයන්ගේ දියුණුව ඔවුන්ට බලා සිටිය නොහැක.මිනිසාගේ සාමාන්‍ය තත්වයකි. නමුත් මෙවැනි පුද්ගලයින්..ඇත්තටම මොවුන් ගැන දුකය..
කවුරුන්ද..?? මිතුරන්ද..?? නැතිනම් සිව්පාවන් ද..?? මිතුරන්නම් විය නොහැකිය...සහතිකවම සිවුපාවන්ය..කෙනෙකු දිහා බලා සිටීමට නොහැකිව තමාගේ කාර්යයක් පවා නිසියාකාරව සිදු කර ගැනීමට නොහැකි සිව්පාවන්ය..නමුත් සිව්පාවන් යාන් වචනයද භාවිතාකිරීමට නුවණට හුරු නැත..මන්ද සිව්පාවන් ලගද හොද ගති ගුණද ඇත. දෙපැත්ත කොටවන්නන් ද සිටී..ඔවුන් ගැනත් කවර කතා ද..?? අසහනකාරයින්ය.මොවුන් ඊටත් වඩා භයානකය.
ඇතැම් විට එකම පුද්ගලයෙකු මෙන් දස දෙනෙක් සිටිනා මෙන් දකින පුද්ගලයින්ද සිටී..එයත් මනරම්ය.. ඔවුන් අධි මානසිකත්වයෙන් පෙලෙන්නන්ය.එකවන් හා සමාන පුද්ගලයින් කිහිප දෙනෙකු ලෝකයේ සිටියද එකම තැන එසේ සිටීම පුදුමයකි.. අබුද්දස්ස කලයකි.. අහෝ..එසේ පවසන ඔටුවන්...

දවසින් දවස එසේ පවසන කාලකණ්ණියන් ප්‍රමාණය වැඩි වේ..කිමට කලබල විය යුතුද? බුදුන් වහන්සේ දේශනා කර ඇති ආකාරයට "වෙරයෙන් වෙරය නොසන් සිදේ..." මාද බොද්ධයෙකි. එනිසා මා බුදුන්ගේ වදන් වලට යටත්ය.. කල කීදේ කෙදිනක හෝ ඔවුන්ටම පලදේ...එය බුදුන් වහන්සේගේ තවත් උතුම් ප්‍රකාශයකි...කිසිදා හෝ ඔවුන්ටද ප්‍රතිවිපාක අත් විදීමට උරුම වේ... මරණය සිදුවන මොහොතේ හෝ මැරි මැරී ඉපදීමට සිදුවේ..එය සහතික ඇත්තය..නිසැකය..එසේ නොවේනම් බුදුන් වහන්සේගේ ධර්මය බොරුය.. බලා සිටින්න..අදාල පුද්ගලයිනි..ඔබට මේවායේ ප්‍රතිවිපාක විදීමට සිදුවනවා ඇත..සත්‍යයකි...පළිසන් දෙනවා නොඅනුමානය..!!!උඩින් සිනාසී යටින් කාලකන්ණි වන පිරිස්ය.. මෙයට සමහරක් ගැහැණු න් ද අයත්ය..නමුත් මාගේ අම්මා ද ගැහැනියකි.. එවිට ගැහැණිය යනු උතුම් පුද්ගලයෙකි.. එසේනම් මා පවසන පුද්ගලයන් හට ගැහැණුන් යන්න පැවසීම වැරදිය..මන්ද ගැහැනිය යනු උතුම් පුද්ගලයෙකි..ලොවට නැණවතුන් බිහිකරන උතුම් පුද්ගලයෙකි..  එසේනම් ඔවුන් ගැහැණුන් නොව වෙනත්.......... 


පිරිමින් අතරද සැගවුනු ගැහැණුන් ඇත..ඔවුන් ඊටවඩා භයානකය..කාන්තාවන්ට වඩා හපන්ය..මගුල් නටා අසූචි තැම්බක් වී පිටතට විසී වී ගියද මහා බල පරාක්‍රමයකින් යුත් පුද්ගලයින් සේ නැවත කරලියට පැමිනේ..වැඩකට නැත..ශබ්දය පමණි..අති කෙහෙල් මලක් නොමැත..පරිසරයම නැවත ගද ගැස්සවීම පමණක් සිදුකරයි..

කවදාහෝ කුඩා ජලපහරක් විවිද භාදක මැඩගෙන අවසානයේ මහා මුහුද කරා එක්වෙයි..ජලපහර මුල් කාලයේදී විවිද භාදක රැසකට මුහුන දෙයි..නමුත් නොනවතී..ටිකෙන් ටික තවත් ජලපහරවල් සමග එකතුවී මහා ගංගාවක් සෑදේ..වේයවත්ය..කිසිදු භදාවන්ට ලෙහෙසියෙන් යටත්නොවේ..මහා සාහරයට ගොන් නවතී...මේ පිලිබද මොහොතක් සිතන්න..මේ ඔබටයි...




මා වටානම් මෙවැනි මිතුරන් මිතුරියන් ගනනාවක් ඇත..ඔබ වටාත් මෙවැනි පුද්ගලයින් සිටිය හැක..කල්පනාකාරී වන්න..කුමන දේ කීවද තමා ගේ කාර්යය ඉටුකරගන්න..මන්දමානසිකත්වයන් ගෙන් පෙලෙන්නන් කියනා දේ ගැන සිතා තමාගේ කටයුතු වැඩ අතපසුකර නොගන්න

"කිසිවක් පැවසූවද සිතට නොගන්න..තමාගේ කාර්යය නිසි ආකාරව සිදුකරගෙන යන්න..ඔබ එම කතාවන් වලට කන් දී දුක් වෙනවානම් එය මොඩ කමකි..කිසිවක් සිතට නොගන්න.....තමාගේ කාර්යයන් නිසිපරිදි සුදුකරගෙන ඉදිරියටම යන්න..අසහනකරයින්..මන්දමානසිකත්වයින් පෙලෙන්නන් තව තවත් නොයෙකුත් දේ පවසාවි..සිතට නොගන්න.. අසහනකාරයින් ගැන සතුටු වන්න.මන්ද එය ඔබට ශක්තියක් වන නිසාය..(නමුත් අමු මොඩයින්ය...සිතින් ටිකක් හෝ එවනි මොඩයින් ගැන දුක්වන්න..එය ඔබේ සිතට ප්‍රීතියක් ගෙන දෙන නිසා..)
තමාට වඩා උසස් පුද්ගලයකු තමාට කිසියම් දෙයක් ගැන කිවහොත් එය සැලකිල්ලට ගන්න..නමුත් මොඩයින්..අසහනකාරයින්..මන්දමානසිකත්වයෙන් පෙලෙන්නන් ඔබගේ දියුණුවට සෑම විටම බාධා කරයි..නමුත් එවැනි මොඩයින් කියනා දේ සිතට නොගන්න..දියුණුව කරා ඔබව රැගෙන යාමට එය රුකුලකි..."

"මුලින් සදහන් කර මිතුරු මිතුරියන් ඇරුනු කොට අවසානයේ තමාන්ට ඉතිරිවන්නේ තමාම පමණි....!!!"
ඔබද ප්‍රවේසම් වන්න...සුභ පතමි....!!!

.
.
.

Friday, April 27, 2012

පානමානය...මූ තමයි හයියෙන් ගැහුවේ.....

මේකත් ලැබ් එකේ කතාවක්.
මතකේ ඔට්ටගේ නව සොයා ගැනීම ලැබ් එකේ.මේක හැබැයි අපේ පාතාලේ වෙච්ච වැඩක් A/Lකාලේ කතාවක් තමයි අදත්.මොකද ඉතින් A/Lකාලේ නේ පිස්සු වැඩියෙන්ම නටන කාලේ.ජීව විද්‍යාව කරපු කට්ටිය ඉතින් දනවා ඇතිනේ පානමානේ කියන්නේ මොකද්ද කියලා.දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් ඔය දන්න කෙනෙකුගෙන් අහගන්න....


මේ කතාව ඉතින් පානමානයක් වටා ගෙතුනු කතාවක් තමයි.ඔන්න ඉතින් එක දවසක් ලැබ් එකේ ප්‍රැක්ටිකල් තිබුන කියමුකො.එදා තිබුනේ ඔන්න ඔය පානමානේ කියන මෙව්ව එකෙන් පොඩි ජිල්බරි වැඩක් කරන්න


මේක ගැන ඉතින් පොඩ්ඩක් සරළවම කිව්වොත් ඉතින් පොඩි අතුකෑල්ලක් ගහන්න තියෙනව වතුර යට තියාගෙන..ඒක තමයි මහම වැඩේ.මොකද කියවගෙන යනකොට තේරේවී. ඔන්න ඉතින් වැඩේ කරන්න මිස් පානමානේ ගෙනත් දුන්න කියමුකෝ.ලෝකෙටම එකක් තියෙනව වගේ හැබැයි ගෙනත් දුන්නේ. 

"පරිස්සමෙන් පාවිච්චි කරන්න.මෙච්චරමයි තියෙන්නේ.මේක ගොඩාක් කාලයක් ඉදන් පරිස්සමෙන් කලින් පංති වල අය පාවිච්චි කරල තියෙනව.ඒක නිසා තමයි අද ඔයගොල්ලොන්ටත් පවච්චි කරන්න පුලුවන් කම තියෙන්නේ......"


ඔය ඉතින් මිස් ගෙ වචන ටික.අපිත් ඉතින් කතාව ඔලුව නවල පිලිගත්ත කියමුකෝ.හැබැයි පානමානේ නම් අද ඊයේ ගත්ත එක වගේ.දිලිසි දිලිසි තියෙනවා.පරණ ඒව දිලිසෙනවද කියලත් අහන්න හිතුන ඉතින්...:ඵ්
කට්ටිය ඉතින් වැඩේට සෙට් උනා...වතුර බේසමක් තියෙනව මේසෙ උඩ.මම ගත්ත පානමානේ.ඔතන හිටිය අපේ මැනියා.මූ ගත්ත අර අතු කෑල්ල..දැන් කට්ටියම වටෙට ඉන්නවා ෆිල්ම් එක බලන්න වගේ..හිටියට එතන හිටපු එකෙග්ගෙවත් කටවල් නම් වැහිල නෑ..දන්නවනේ ඉතින් අපේ යක්කුන්ගේ කටවල් වල හැටි..ඔහෙම බෑ කියවි..හෙමින් ගහන්න කියාවි..බැරිනම් පසේ වරෙන් කියාවි..මරු ආතල් ඉතින්..

එකම සහෝදරයො වගේ හිටපු මැක්සම මැක්ස පංතියක් ඒකනම්..තාමත් මතක් වෙනකොට හිතට දුකයි ඒ කාලයෙන් වෙන්වීමට සිද්දවෙච්ච එක ගැන....:( :( 


දැන් ආපහු කතාවට.මං පානමානේ අල්ලන් ඉන්නව වතුර යට තියාගෙන.මැනිය අතු කෑල්ල අල්ලගෙන ඉන්නවා..මූට අත්තක් අල්ල ගන්න කිව්වොත් ඕනම දෙයක්.වන වන ඉන්නේ නැතුව ගහන්න කිව්වහම මිනිහත් ගැහුව කියමුකෝ.ඇත්තම කියනවනම් මෙතන හිටපු එකෙකුටවත් පරීක්ෂණයක් කරනව කියලනම් සිහියක් තිබුනේම නෑ..මොකද ඉතින් පිස්සු කියව කියව වෙනමම ලෝකෙක නේ ඉන්නේ. මැනියගේ වැඩේ අහවර කරාට පස්සේ තේරුනා පොඩි අමුත්තක් පානමානේ.ශේප් එකේ උස්සල බැලින්නම් තනි උපකරණයක් වෙච්ච පානමානේ දැන් කෑලි දෙකක් වෙලා


ඇත්තටම පානමානේ කෑලි දෙකකටද තියෙන්න..?? :ඵ් :ඵ් වැඩේ දෙල් වෙලා වගේ.පනාමනේ හරියටම කර ලගින් දෙකටම කැඩිලා.දැන් තමයි හරියටම ෆිල්ම් එක පටන් ගන්නේ.මොකද ඕක මිස් දැන ගත්තොත් ඉතින් කන්දෙක පුරවල අහගන්න වෙන්නේ.ඒකියන්නේ මිස් බනින්නේ නම් නෑ..ඒත් දන්නවනේ මිස්ලගේ හැටි..කියන කොට අහන් ඉන්න දුකයි.දැන් කට්ටියම ෆුල් හොල්මන්.ඇයි දෙය්යනේ මිස් ඇහුවොත් මොනව කියන්නද..?? :@ :@ :@

දැන් මිස් ඇවිත් අහනව කෝ පරීක්ෂණේ කරල ඉවරද කියලා...ඔව් මිස්...නෑ මිස්..මොනව කියන්නද ඉතින්...එක එක්කේනාගේ මුණු වල පෙරහැරවල් යනව වගේ..කට්ටිය මූනට මූන බලාගන්නවා.. 

"මිස් කරන්න උනේ නෑ... "
"ඇයි මෙච්චර වෙලා මොනවද කරේ....."

දැන් ඉතින් වෙන මොනව කරන්නද...? උස්සල පෙන්නුව කෑලි දෙකක් වෙච්ච පානමනේ..අපොයි ඒක දැක්ක ගමන්ම මිස්ගේ මූණ..
දැන් මමයි මැනියයි බෝලෙ පාස් කරනව.මිස් මෙයා නිස උනේ..මත් අත ඇරියේ නෑ..මූ තමයි හයියෙන් ගැහුවේ..හික්ස්..හිනාවෙවී බොල පාස් කරනව..:ඵ් :ඵ් දැන් පටන් ගත්ත මිස්ගේ බැණිල්ල.මිස් බනිනව කිව්වට ඉතින් එච්චර ගානක් නෑ..ඒත් අහන් ඉන්න එක තමයි ඉවසන්න බැරි.ටැප් එක ඇරිය වගෙ..කියවනව කියවනවා ඉවරයක්ම නෑ...
මේ වැඩේ හරියන්නේ නෑ..අයි හත්තිලව්වේ ඕක අහගෙනම ඉන්න පුලුවන්ද..?? 

"මිස් අපි පානමානයක් අරගෙන දෙන්නම්.කොහෙන්ද ගන්නේ..කියක් වෙනවද.?? "

ඔන්න ඉතින් දවසේ ප්‍රශ්ණ.මිස්ටත් දැන් ටිකක් අමුතුයි අමුතුයි වගේ..ඇයි අපේ යක්කුන්ගෙන් පානමානයක්.... :O :O :O අපි මිස් සල්ලි එකතුකරල අරගම්මු. ඔන්න දැන් මැනිය සෙට් උන පින්කොලයකුත් ඉල්ලගෙන සල්ලි එකතු කරන්න.. වැඩේ පටන් ගත්තු විදිහට පානමාන 100ක් ම අරන් දෙයි වගේ.පුදුම උවමනාවක්.මිස්ටත් ඉතින් හිතුන අපි පානමානයක් ගෙනත් දේවි කියලා.. හැබැයි ඉතින් කොච්චර හොද ලමයින්ද කියනවනම් තාමත් මිස්ට පානමානයක් අරන් දෙනවා.....

ප.ලි:: කැඩුන පානමානේ කබඩ් එකට දානකොට තමයි මරු වැඩේ දැක්කේ..පානමාන ලෝකයයි කැඩුන..බලනකොට අපිට හිටපු අයියලත් හරි ෂෝක් එකට ආරක්ෂාවෙන් ලැබ් එකේ බඩු පාවිච්චි කරල තිබුනා

 

Friday, December 23, 2011

නැවත්ත මගේ මිතුරන් හමුවීමට සූදානම්...!!!


කාලේකට පස්සේ මතක් උනේ බ්ලෝග් එකක් කියල දෙයක් තියෙන බව...!! මතක් උනා කියන්නේ මට මතක් කෙරෙව්වා නවත්තපු බ්ලොග් එක ලියන්න ලියන්න කියලා.... ආපහු මේක ලියන්න මම උපරිම උත්සාහයක් දරනවා... වටේ හිටපු යාලු මාලුවො නිසා වැඩ ඔක්කොම අප්සට්..හිත් තැවුල්..දුක..සෑහෙන දේ විදින්න සිදුවුනා. ඒත් මිනිස්සු කවුද කියල ඒ දවස් ටිකේ හොදට අදුන ගත්තා.... මෙතෙක් කාලයක් මා වටා සිටි මගේ ලිපි කියවපු හැමෝටම මගේ හදවතින්ම ස්තූතිය...එහෙනම් ඉදිරියේදී අලුත් ලිපියකින් ඔබව හමුවෙමු








::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

ජනප්‍රිය ලිපි :: ඔබේ මිතුරන් ගැන සැලකිලිමත් වන්න
අප හා එක්වන්න :: පොඩී උදව්වක්..!! සහයෝගයක් දෙන්න..!!


::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

Thursday, June 23, 2011

[RCG]මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!!

මේ සිද්ධිය උනේ මම 12 වසරේ ඉන්න දවස්වල... ඔන්න ඉතින් අපි කරේ BIO නේ.. මොකද ඉතින් පොඩි කාලේ ඉදලම කිව්වේ ලොකු උනාම දොස්තර කෙනෙක් වෙනවා කියලනේ..ඔන්න මොන්ටිසෝරියේ ඉදන්ම කියපු එක කොහොම හරි කරන්න තමයි BIO කරේ.... සුදන්තයා,වජිර, මිංගේ,එරික,මොටා, පරමී,ජීවේ,Maxxa,ප්‍රෙඩියා,ඔටුවා සෑහෙන යාලුවො set එකක්ම set හිටිය අපේ පංතියේ.

හරි ඉතින් ඒක පැත්තකින් තියමු. BIO කරන කොට ඉතින් තියෙන සිරාම Subject එකක් නේ Chemistry කියන්නේ.. ආවර්තිතාවගුවත් පැත්තකින් එල්ලගෙන, අනුමාපන පාරකුත් දාගෙන කට්ටිය Chemistry කරා මතක ඇතිනේ.

අපේ class එක තිබ්බේ සිරාම place එකක. කොටින්ම කියනවනම් වලක. රිච්මන්ඩ් එකේ වලේ පන්තිය එහෙම අහල ඇති නේ. අන්න ඒවගේ තමයි මේ place තිබ්බේ. ආදරේට කියන්නේ පාතාලෙ කියල.
අපිට chemistry කරන්න ආවේ සුමේධ සර් කියල සර් කෙනෙක්. බොරු කියන්න ඕන නෑනේ. හරිම හොද සර්.. සමහර වෙලාවට chemistry තිත්ත උනත් කොහොම හරි පොවන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් දවසක් සර් පන්තියට ඇවිත් chemistry පාඩම කරනවා..කට්ටියක් බුදි..කට්ටියක් වෙන වෙන ලෝක වල..කට්ටියක් පාර දිහා බලාගෙන ඉන්නවා.... :p :p ඔන්න ඔය වෙලාවේ තමයි අපේ ඉසුරුවා (ආදරේට මේ සිද්දියෙන් පස්සේ කියන්නෙ pilot කියලා) පොඩි ගුවන් යානා හරඹයක් කරන්න හිතුවේ. මෑන් පොඩි කොළයක් නවල කියල පොඩි කාක්කෙක් හදා ගත්තා.කට්ටියට පොඩි fun එකක් දෙන්න කියල අපේ ඉසුරුව තමාගේම දහඩිය මහන්සියෙන් හදපු ගුවන් යානය ගුවන් ගත කරා.. අස්සාවේ බෑ.. clzඑකේ දාල තිබ්බ fan එකේ හුලං පාරට ඉසුරුවගේ ගුවන්යානය ලස්සනට ගුවනේ පාවෙලා ප්‍රෙඩියගෙ ඔලුව උඩින් ගිහින් සර් ගේ නහය ලගින් මේසේ උඩට land කරා.. කට්ටිය මේකෙන් හොද විනෝදයක් ගත්තට land කිරිල්ල ගැනනම් එච්චර ඇල්ලුවේ නෑ..දැන් කට්ටියම ෆුල් upst .ඔන්න ඔය වෙලාවේ තමයි අපේම කරුමෙට අපේ මිස් පන්තියට අවේ. මිස් ඉන්න office එකත් තිබ්බේ පන්තියේ එහා පැත්තෙමයි. දැන් සර් ට එකපාරටම අප්සට්. නිකන් මැස්සෙක් වගේ මොකෙද්ද එකෙක් නහය ලගින් ගියාවගේ දැනුලු.ඒත් මොකද්ද කියලා හිතාගන්න බැරිව ඉස්සරහ පේලියේ හිටපු අයගෙන් අහනවා. ඉස්සරහ හිටියේ අපේ ගොඩයයි,එරිකයි, වජිරයයි. කට්ටියම දන්නව ආවෙ මොකද්ද කියල. කියන්න පුලුවන්ද එකපාරටම කාක්කෙක් කියල. සර් අහනව අහනව ඉවරයක් නෑ.. අපේ කට්ටියත් නිකන් මුකුත් උනේ නැතිගානට බාලාගෙන ඉන්නවා.ටිකක් වෙලා යනකොට සර් දැක්ක මේසෙ උඩට ලස්සනට land කරල තිබ්බ අපේ pilot ගෙ ගුවන් යානය.දැන් කට්ටිය ෆුල් හොල්මන්. ඒත් මේ සර් කවදාවත් අපිට බැනලත් නෑ.. ගහලත් නෑ. එකනිසා කට්ටිය පොඩි හිනාවක් එහෙම එහෙන් මෙහෙන් දැම්ම. ඔන්න ඔය වෙලාවෙ තමයි සර්ගෙ ඇත්ත තත්වෙ එළියට පැන්නේ. කවුද දන්නේ සර්ට ඔච්චර යකා නගිනව කියලා. පටන් ගත්තනේ

"මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක් තොපිල දැන ගනින් කියල..!!! "

ඔය ටික පටන්ගන්න කොට නම් අපේ ගොයියොන්ට උතුර දකුණ මාරු උනා.. හත්වලාමේ මේ ඉන්නේ අපි හිතන් හිටපු සර් ද කියලා... බනිනවා බනිනවා ඉවරයක් නෑ.. ඔය වෙලාවෙ මම හිටියේ දෙවෙනි පේලියේ. මගේ එහාපැත්තේ ඔටුවා. අපි ඩබලගේ මැදින් තමයි ප්‍රෙඩිය හිටියේ. ඉසුරුවගේ ගුවන් යානේ ආවේ ප්‍රෙඩියග ඔළුව උඩිනේ. දැන් සර් හිතන් ඉන්නේ කාක්කා එව්ව ප්‍රෙඩිය කියලා. ප්‍රෙඩියට දැන් ලෝක ලෙඩේ.හරියට අපේ පොලිසියේ අය නොකරපු වැරදිත් හොරාගෙන් කොහොම හරි කියව ගන්නව වගේ ප්‍රෙඩියගෙ බෙල්ලෙන් අල්ලල වැරැද්ද පිලිග්න්න කියල කියනවා. මටත් දැන් ෆුල් අප්සට්. ඇයි මගේ එහාපැත්ත් ඉන්න මනුස්සයනේ නැගිට්ටුවෙ.මමත් දැන් film එක බාලාගෙන ඉන්න අතරේ මටයි ඔට්ටටයි හොද බාල්දියක් පෙරලුනා.

"තමුසෙල දෙන්න නේ දෙපැත්ත හිටියෙ..තමුසෙල දෙන්න දන්නව ඇතිනේ...?????"

ඔන්න උත්තර දීපන් කො දැන්. බයටම වගේ අපි දෙන්න නෑ කිව්වා.කිව්ව නෙවෙයි කිය උනා..වෙන මොනව කියන්නද. ඇත්ත නේ කිව්වේ. ඉටපස්සේ ඉතින් ආපහු යුද්දෙ පටන් ගත්ත..බණිනවා බණිනවා ඉවරයක් නෑ.. අපේම අවාසනාවකටම තමයි ඉතින් අපේ මිසුත් එහා පැත්තට ආවේ.. මිසුත් දැන් හොරෙන් මොකද්ද වෙන්නේ කියල බලාගෙන ඉන්නවා. ටිකක් වෙලායනකොට තමයි සර්ට තෙරුනේ මුන්ට බැනල නිකන් ලේ පුච්චගන්න මොකටද කියල. තොපිලට ඕන විදිහකට ඉගෙන ගනින්.. එච්චරයි කියනව ඇහුනේ සර් ගියා.ඔන්න ඉතින් සර් ගිහිපු ගමන්ම අපේ මිස් අවා..ඇවිත් සර් ගෙ ඉතුරු හරිය පටන් ගත්තා.. අපේ මිස්නම් කොල්ලො කරන කියන වැඩ ගැන දන්න නිසා පස්සෙ හොදින්ම කිව්ව ගිහින් සමාව ගන්න කියල...එන පොට හොද නැතිනිසා කට්ටියම ඉසුරුව යුද්දෙට යවන්න ලෑස්තිකරනව වගේ කියන්න ඕන ඒවත් කටපාඩම් කරල සර් ලගට යැව්වා.ඉසුරුවගේ වාසනාවද කියල කියන්නනම් දන්නෙ නෑ.. සර් ලගට යන කොට පරණ අපේ සර්මයි එතන හිටියෙ..:ප් :ප් අන්තිමේදි ඉතින් පන්තියම ගිහින් සර්ට වැදල සාමාව ගත්ත..නැතුව ඉතින් වෙන මොනව කරන්නද..?? පස්සේ තමයි හිතුනේ සර් අහපු වෙලාවෙම කාක්කෙක් එව්වා කියල කිව්වෙනම් ගුවන් යානා ගැන හොද දේශනයක් එහෙම දෙනව ෂුවර්.. හැබැයි සර්ට තද වෙලා ඉන්න වෙලාවේ අපේ ඉසුරුව නැගිට්ටේනම් ඉතින්...... හිතාගන්නවත් බැරිවේවි....!!!!


පාසල් ජීවිතයේ තවත් සොදුරු මතකයන්......
අජාට ගහපු එරිකගේ RPGඑක
කා* මිස් ගේ ඉංග්‍රීසි පොත......
කවුද අර ඇනේ තිබ්බේ....???
"සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.....
මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!!
කා* මිස්ට මිස් කෝල් ගැහිල්ල.....


*
*
නව Facebook fan page එකට LIKE එකක් දාල යන්න අමතක කරන්න එපා 


*
*

Sunday, October 3, 2010

Projector එක නම් කිසි අවුලක් නැතුව ගෙදරටම ආවා....[ebay]


මේකත් ebay ගැන ... හැබැයි මේක ටිකක් හොද කතාවක්... මොකද කලින් ebay වලින් ගෙන්නපු හැම බඩුවක්ම කිසි අව්ලක් නැතුව ආවට මගේ Coby MP4 Video Player එක කෙල වුන බව දන්නව ඇතිනේ.. මෙතනින් බලන්න. ඒ ඉතින් ලංකාවේ තැපැල් සේවයේ හොදකමනේ.. ඔන්න ඒත් මම ඉල්ලපු අනිත් බඩුවනම් කිසි අවුලක් නැතුව ආවා.. හැබැයි කලින් කාපු කට්ට ආපහු කන්න බැරි නිසා මම මේක ගෙන්න ගත්තේ FedEx වලින්.. කිසිම අවුලක් නැතුව ගෙදරටම ගෙනත් දීල යනවා.. තව එකකුත් තියෙන නිසා ලංකාවට එනකම්ම බඩුව තියෙන තැන ගැන විස්තරයක් ගෙදර ඉදන්ම වලින් බලන්න පුළුවන්.මේපාර නම් ගෙන්න ගත්තේ HD LCD LED Projector එකක්..












Technology Specification
  • Lamp Technology: LED
  • Lamp Life: 20,000 hours
  • 3.2'' LCD TFT Screen
  • Brightness : 1500piex lumen
  • Max Image Size: 120 inches
  • Resolution 640 x 480
  • Max Supported Resolution: 800 x 600, 1024*768
  • Aspect Ratio: 4:3 / 16:9
  • Throw Ratio: 1.35
  • Weight: 2.5 lbs
  • Dimension: 7" x 6" x 3"
  • Keystone: 15 - degrees
  • Front Projection: Yes
  • Rear Projection: Yes
  • Ceiling Mountable: Yes
  • Portable: Yes
  • Warranty:1 Year (if leave your 5 star Positive feedback , warranty will be upgraded to 2 YEARS automatically)

Input & Accessories included with Purchase

Input

  • HDMI Input: 1
  • YPbPr Component Input: 1
  • VGA Input (PC): 1
  • TV Input :1
  • S-Video Input: 1
  • Composite Input: 1
  • Headphone Jack: 1

Accessories included with purchase

  • Power Adapter: AC 100-240V, DC19V
  • Built in Speakers: Yes
  • VGA Cable : Yes
  • Remote Control: Yes
  • Composite Cables: Yes
  • Lens Cap: Yes
  • User Guide: Yes
  • HDMI Cable


ebayගැන මම කලින් ලියපු ලිපි
1) ebay සහ ලංකාවේ තැපැල් සේවය
2) ebay පාර්සල් තැපැල් කාර්යාලයෙන් නවත්තන්නේ ඇයි...???

Sunday, September 26, 2010

පරිසර හිතකාමී සන්ණිවේදන කුළුන....(ශ්‍රී ලංකාවේ)

මේ සන්ණිවේදන කුළුන තියෙන්නේ සිතුල්පව්ව රජමහා විහාරයේ..මම කතරගම යන ගමනේදී තමයි මගේ කැමරාවට හසුකර ගත්තේ... සිතුල්පව්ව රජමහා විහාරයේ කියන්නේ අලංකාර පරිසරයක් තුල පිහිටා තියෙන ප්‍රසිද්ධ පන්සලක්.. මේ පන්සල කරා දිනෙන් දින බොහෝ ජනයා ඇදී ඒම හේතුවෙන් ඔවුන්ට පහසුකම් නොඅඩුව සපයා දීමට උත්සාහ කර තිබෙනවා.. මේ අතර දුරකථන පහසුකම් ලබා දීමටත් කටයුතු කොට තියෙනව.. ඒ නිසා තමයි පන්සලේ කන්ද මුදුනේ දුරකථන කුළුනක් ඉදිකොට තිබෙන්නේ..

නමුත් ඉදිකිරීමේදී මුහුන දුන් ප්‍රධානම ගැටළුව තමයි ස්වාභාවික පරිසරයේ අලංකාරය ආරක්ෂා වන අයුරුන් නිර්මාණය කිරීම. මේ නිසා තමයි මෙය ඉදිකිරීමේදී පරිසරයේම පවතින දෙයක් ලෙස නිර්මාණය කිරීම. බැලූ බැල්මටනම් පෙනෙන්නේ මෙය ගහක් වගෙයි.. ලංකාව තුල ඇතැම් නිර්මාණ කිරීමේ දී පරිසරය විනාශ නොකර මේ ආකාරයෙන් ඉදිකිරීම් ගොඩනගනවා නම් කොතරම් අගේද....???

පින්තූර ලොකු කරල බලන්න ඕනේ නම් පින්තූරය උඩ click කරන්න





මීට කලින් ලිපියක විදුලි රැහැනක් ඇද තිබූ ආකාරය දැක්වෙන ලිපිය මෙතනින් බලන්න..

Thursday, September 23, 2010

ebay සහ ලංකාවේ තැපැල් සේවය


අද තමයි එපාම කරපු දවස... ඒත් සදුදා තමයි සිරාම දවස. මොකද මෙච්චර කාලයක් බල බලා හිටපු මගේ coby MP4 Player එක ebay එකෙන් ඇවිල්ල කියල තැපැල් කන්තෝරුවෙන් ලියුමක් ආවා.. ඉතින් අද මාර fun එකේ ගියා ගන්න... කොහේද මන්දා අස්සකට ගියාට පස්සේ මගේ Player එක තියෙන පාර්සලය ගෙනත් දුන්න.. අප්පට සිරි.. ඒක පොලිතින් බෑග් දෙකකම දාලා... ඒ මදිවට තව සීලුත් තියලා ....මාර ආරක්ෂාවක්නේ ලංකාවේ තැපැල් සේවය අපේ බඩු වලට දෙන්නේ...

ඔන්න ඉතින් පාර්සලේ මගේ ඉස්සරහ කැඩුවා.. අප්පට බොල.. මදේ නෑ.. මට පොලව පලාගෙන යන්න හිතුනා...:( :( :( ඒකේ තිබුනේ එක ආපු පැකින් එකයි පොතයි විතරයි... මල හත්තිලව්වයි.. අනිත් ආතල් එක තමයි එවන කොට තිබුන බරයි, ගල්ලට ආවම තිබුන බරයි අතර සෑහෙන්න වෙනසක් තිබීම... ඒකියන්නේ මොකෙක් හරි මේක උස්සල බොරුවට බරක් සදහන් කරල ගාල්ලට එවල....මේව කාට කියන්නද..????

හොද වෙලාවට එක ගත්තෙනම් Top Rate sellerකෙනෙක් ගෙන්.. මෑන්ට පොඩි ෂේප් එකක් දාගෙන මොනව හරි කරගන්න ඕන... මෙච්චර කාලයක් ඉල්ලපු හැම බඩුවක්ම කිසි අවුලක් නැතුව ගෙදරටම ලැබුණා.. ඒත් මේකට තමයි කෙල උනේ....


ඔන්න ඕක තමයි ලංකාවේ තැපැල් සේවයේ හොදකම.. අනිව සිරා බඩුවක් තිබුනොත් උස්සනවා.... මාරයි හොදේ ලංකාවේ තැපැල් සේවය... මේ බව ebay එකේ seller ල හුගක් දන්නව... ඇතැම් අය ලංකාව තුලදී පාර්සල් අතුරුදහන් වීම (චුත වීම ) නිසා ලංකාවට භාණ්ඩ එවීම ප්‍රතික්ශේප කරනවා.. මේකනම් ලංකාවට විශාල කළු පැල්ලමක්...

මේවා ගන්න අය මොන හේතුවක් නිසා අනුන්ගේ පාර්සල් ගන්නවද මන්දා.....???

බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.....මම ඒවා ගැනත් ලියන්න තමයි හිතාගෙන ඉන්නේ....

Sunday, July 25, 2010

සාගරිකා හා සමුද්‍ර දුම්රියට ගල් ගසයි.....!!!!


කාලෙකට පස්සේ බ්ලොග් එක ලියන්න්න හිතුනේ මට අහන්න ලැබුණු දෙයක් කියන්න ඕන උන නිසා..... මට මෙක ඇහුනේ මීට සති 2-3 කට විතර කලින් train එකේ ගෙදර එනකොට....
ගලු එන්න බස් තිබුනට බස් එකේ එනවට වඩා කොච්චියේ එන එක මාර fun වගේම ඉක්මන් නිසා හැමදාම සිකුරාදා කොච්චියේ ගෙදර එන්න ෆුල් try එකක් දානව. ඉතින් 3.30 ට lec ඉවර උන ගමන්ම දුවන්නේ මරදාන station එකට.. මොකද ගාල්ලට යන සාගරිකා train එක තියෙන්නේ 4.40 ට නිසා...

කොහොම කොහොම හරි 4.40 ට කොච්චියට නැගල කෙලින්ම යන්නේ ජනේල්යක් තියෙන තැනකටනේ.. මොකද ඒ පැත්තේ වාඩි වුනාම ෆුල් ෆන් එකේ නින්දක් එහෙම දාගෙන යන්න පුලුවන්නේ...ඔන්න ඉතින් කොච්චිය ගාල්ලට යන්න පිටත් උනා කියමුකෝ... කොහොම හරි ටික දුරක් යනකොට යන කොට ඒ කියන්නේ පානදුර හරියේදි විතර මට පොඩි නිදිමතක් වගේ දැනුනා.. මමත් ඉතින් ඒක නිසා පොඩි ඇලට් එකක් දාන්න පටන් ගත්තා.... මගේ ඉස්සරහින් හිටියේ කොහේ හරි office එකක වැඩ කරන කට්ටියක්..ඒ අය කතා කරන්න ගත්ත මාතෘකාව ඇහුනම මමත් එකට පොඩ්ඩක් කණ දාගෙන හිටියා..(ඒක ඉතින් එච්චර අවුලක් නෑනේ..මොකද අපි බ්ලොග් ලියන කට්ටියනේ..රටේ ලෝකේ වෙන්නේ මොනවද කියල ඉතින් දැනගන්නත් එපායැ...) කට්ටියගේ මතෘකාව වුනෙ රෑට යන කොච්චි වලට පාරේ ඉදන් ගල් ගහන කට්ටියක් ගැන. එතන හිටපු එක පුද්ගලයෙක් ඔය අත්දැකීමට මුහුණ දීල තියෙනවා. ඒ කියන්නෙ ගලක් මුලක් වැදිල එහෙම නෙවෙයි. එහෙම ගලක් වැදිච්ච කෙනෙක් දැකල තියෙනවා.ඒ කියන මනුස්සය කොලඹින් මාතර යන්න කොච්චියේ නැගල තියෙනවා. කොහොම හරි අම්බලන්ගොඩ පහුවෙන කොට පරේ හිටපු මිනිහෙක් කොච්චියට ගලක් ගහලා..ඒ ගහපු ගල වැදිල තියෙන්නේ අර මනුස්සයගේ ඔලුවට.මට ඇහුන විදිහට ඒ පුද්ගලයට වැදිච්චි ගල් පාර නිසා ඔලුව දරුණු ලෙස තුවාල වෙලා තියෙනවා... ඔන්න ඔහොම කතාව දිගට දිගට යනකොට තමයි මට මතක් වුනේ මලකෙලියයි මමත් ඉන්නේ ජනෙලයක් ලග කියල.. මට ඔය වෙලාවෙදි දෙයියො බුදුන් සිහි වුනා. පුරුවේ කරපු කරුමෙකට මොකෙක් හරි ගල් පාරක් එහෙම ගැහුවොත් එහෙම..........!!!!!!!

ටික ටික අම්බලන්ගොඩට ආවම මට තිබුන නිදිමත කොහෙන් ගියාද කියල නෑ.. ඇත්තම කියනවනම් ඒ වෙලාවේ ටිකක් විතර රත් වෙලා තමයි හිටියේ.. කොහොම හරි කොළඹ ඉදල අම්බලන්ගොඩ හරියට එනකොට 6.30-6.40 විතර වෙනවා.. ඒ වෙනකොට කොට කොහොමත් කළුවරයි. ඔයවෙලාවෙදි මම හිටපු පෙට්ටියේ හුග දෙනෙක් ජනෙල් වහන්න පටන් ගත්තා..මමත් ඔය අවස්ථාව ප්‍රයොජනයට අරගෙන පටස් ගාල ජනේලේ වහගත්තා. දැන් ඉතින් ටිකක් හරි ආරක්ෂාව තියෙනවනේ.. අන්තිමේදි කිසි අනතුරක් නොවි ගාල්ලට එන්න පුලුවන් වුනා... ඒත් මම හිටපු පෙට්ටියේ කිසිම අනතුරක් නොවුනට අනෙක් පෙට්ටිවල හිටපු අයට මොන කරදරයන්ට මුහුණ පාන්න වුනා ද කියල නම් දන්නේ නෑ...

මේ වැඩේ ඉස්සර ඉදලම තිබිල තියෙනවලු. ගොඩක් වෙලාවට මේකට මුහුණඩෙන්න වෙන්නේ රාත්‍රී ධාවනය වන කොච්චිවල එන පිරිසට.. මට නම් හිතෙන විදිහට මේවැනි දේවල් කරන අයට මොකක් හරි මොලේ ආබාධායක් තියෙනවා. නැත්තම් ධාවනය වන කොච්චි වලට ගහල ඒවයි ගමන් කරන මිනිස්සුන්ට අනතුරු සිදුකරයිද..??? මෙවැනි වැඩ කරන හරක් මෙවගේ වැඩ කරල සරළ ටිකිරි ආතල් අරගෙන සතුටු වෙනවා..ඉතින් උන්ට කියන්න තියෙන්නේ මනසික ආබාධ තියෙන ඔළමොට්ටලයො කියල තමයි...

බොහෝ විට මේ සිදුවීම අම්බලන්ගොඩ පහු වුනාම අත් විදින්න පුලුවන්..කාලයක් මේ නිසා කොච්චි පාර දෙපැත්තේ පොලීසියෙන් පවා යොදල තිබිලා.. සාගරිකා එකට වඩා සමුද්‍ර කොච්චියේ මේ අත්දැකීමට බහුලව මුහුණදෙනවා.. කෝකටත් මට කියන්න තියෙන්නේ තමාගේ ආරක්ෂාව ගැන හිතල රාත්‍රී කාලයේ කොච්චිය එනවනම් ජනේල් සම්පුර්නයෙන් හරි භගෙට හරි වහගෙන එන්න කියලා....එතකොට ටිකක් හරි ආරක්ෂාව තියෙනවනේ....

Monday, May 31, 2010

මුණු පොත Hack කරන්නේ කොහොමද ............????


මගෙන් ගොඩක් අය අහනව මුණු පොත Hack කරන්නේ කොහොමද කියල.... ඒත් ඉතින් මට කියන්න තියෙන්නේ "මම දන්නේ නෑ කියල තමයි... !!" දන්නව නම් මටත් කියල දෙන්න..... ඒක නිසා ඔය Q එක ගැන තවත් අහන්න එපා...



Friday, May 28, 2010

වෙසක් හා ආසියාවේ ආශ්චර්යය


හුගක් අය කියන්නේ වෙසක් දවසේ වෙසක් බලන්න යන්න ඕනෙනම් ඉතින් යන්න ඕන හොදම තැන කොළඹ වෙසක් බලන්න කියල....
ඒක නිසා තමයි මම ගාල්ලේ වෙසක් පැත්තක තියල ගෙදර කට්ටියත් එක්ක කොළඹ වෙසක් බලන්න ගියේ... ගලු පාර දිගේ බම්බලපිටිය, කොල්ලුපිටිය හරහා දිගට ගියාට කියන තරම් වෙසක් සැරසිලි කොළඹ දකින තිබුනේ නෑ. බලන්නම තිබුනේ චීන්නුන්ගෙ ලයිට් විතරයි.. ඊට පස්සේ ගියා ගන්ගාරාමේ වෙසක් බලන්න.. එතනනම් වෙසක් සැරසිලි හුගක් තිබුනා
ඊට පස්සේ ගියා Galleface පැත්තේ... ගියාට මොකද ඇගිල්ලක් ගහන්න වත් ඉඩක් නෑ.. එක cancle කරල ගියා පිටකොටුව පැත්තේ තියෙනව කිව්ව තොරණ බලන්න.. හොයාගෙන හොයාගෙන යනකොට ආරචි වුනේ bus stand එක ඇතුලේ තොරණක් තියෙනව කියල..එකේ ඇතුලට යන්න ඕන නිසා bus stand එක ඉස්සරහම තියෙන බැස්ටියන් මාවත දිගේ හෙමින් හෙමින් වාහනේ ඉස්සරහට ගියා... මමත් ඉතින් වට පිට බල බලා ගියේ මේ තොරණ කොහේද තියෙන්නෙ කියල.... කොච්චර බැලුවත් තොරණක් තියා තොරණක ලයිට් එකක් වත් පේන්න නෑ..ඔන්න එතකොටම මහා සද්දයක් එක්කම වාහනේ මොකද්ද එකක වැටුන...තොරණ බැලිල්ල පැත්තක තියල ඉක්මනටම වාහනෙන් එලියට බැහැගත්ත මොකද්ද උනේ කියල බලන්න.. අප්පට සිරි වෙන්න ඕන ...එතකොට තමයි දැක්කේ වාහනේ ආසියාවේ ආශ්චර්යමත්ම මහා වළක වැටිල.. අනේ ඉතින් මොනව කරන්නද පාරේ හිටපු කට්ටියක් කතාගෙ ඉතින් පොඩි තල්ලුවක් (පොඩි කියන්නේ ඉතින් පොඩිමත් නෙවෙයි.. මහ තල්ලුවක් ) දාල වහනේ ගොඩ දාගත්ත.... ගොඩ දාගත්තු ගමන් තමයි දැක්කේ එකේ ඇතුලේ ලයිට් දාල නැති තොරණ... මට තොරණේ ලයිට් දාල තිබුනේ නැති වුනා තොරණේ තරු පත්තුවෙනව වගේ දැක්ක..

පස්සේ තමයි හිතුනේ ලoකාව ආසියාවේ ආශ්චර්යමත්ම රට වෙන්න මහා වලවල් කපාගෙන කරන උත්සාහයන්....



Thursday, April 22, 2010

6). කතරගම යන ගමනේ දි වුන වැඩක්.....


මට මේ සිදුවීම උනේ මෙපාරත් ගෙදර අයත් එක්ක කතරගම යන ගමනේ දි....
ගාල්ල කොළඹ පැත්තේ ඉදල එන හුගක් අය කතරගම යන ගමනේදි දෙවිනුවර පන්සල ලග නවතින්න අමතක කරන්න්නේ නෑ.. මම කියන්න හදන සිද්ධිය වුනෙත් ඔන්න ඔතනදි තමයි... බොහෝ වෙලාවට පන්සල් ලග මල් කාරයො ඉන්නවනේ. මල් කාරයෝ කිව්වේ මල් විකුණන අයට.. ඔන්න අපිත් ඉතින් දෙවිනුවර පන්සල ලග වහනේ නතර කරල වාහනෙන් බැස්ස කියමුකො. හරියට ජනාධිපතිතුම ආවහම මිනිස්සු පිරෙනව වගේ වාහනේ වටේට මල් කාරයො. මම නම් ඕක කලින්ම දන්න නිසා මම වාහනේන් බැස්සේ අන්තිමට. ඔන්න එකපාරටම කොහෙන්ද අපු මල් කරයෙක්(මල් විකුණන එක්කෙනෙක්) ඕලු මල් 5ක් දික් කරල රුපියල් 50යි ගන්න කියල කිවුවා.. අපි කතරගම යන කොට දෙවිනුවරටත් යන නිසා ගෙදරින් එන කොට මල් අරගෙනයි ආවේ. මම ඕක ඒ මල් විකුණන එක්කෙනාට කිව්වා. ඕක කිව්වා විතරයි මෙන්න ඒ මිනිහා මගේ ඇගට කඩගෙන පැන්න. "අපි මෙතන මල් විකුණන කොට මොකද ගෙදරින් ගේන්නෙ. අපි ජීවත් වෙන්නේ මේව විකුණල එන සල්ලි වලින්.....%%%^^#####$$$%%......" ඔය වගේ මහා හෑල්ලක් කියාගෙන ගියා....මට ඔය වෙලාවෙදි නිකන් පිස්සු වගේ මෙ මිනිහ මොනවද කියන්නෙ කියල. ටිකක් හිතන කොට මිනිහ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.. මම ඉතින් කලින් වගේම කිව්ව අපිට මල් එපා අපි ගෙදරින් ගෙනව කියල. ඒත් අර මිනිහ ඒක අහන්නෙම නැතුව මට මල් ටිකක් දීල කියනවා සල්ලි දෙන්න කියල... ඒත් අර මිනිහා ඒක කියපු විදිහ ඇහුවහම තමයි යකා නැග්ගේ.අන්තිමේ දි ඉතින් මට ඒමිනිහට මල් ගන්න හැටි කියල දෙන්න සිද්ධ වුනා. අන්තිමේදි ඒ මනුස්සයා මට දීපු මල් ට්කත් අරගෙන කාටදෝ බැන බැන යන්න ගියා,, අනේ ඉතින් මට මොකෝ..

ඒ මිනිස්සු පන්සලට එන අයට මල් විකුණල කීයක් හරි හොයගෙන තමයි ජීවත් වෙනේ. ඒත් එහෙම උනා කියල බලෙන් මිනිස්සුන්ට මල් විකුණන සිරිතක් නෑනෙ..

Monday, April 19, 2010

2). අවුලක්....!!!


web එක පටන් ගත්තයි කියමුකො... එත් තාම මෙකේ වැඩ කරන හැටි අල්ල ගන්න බැරි වුනා... කොහොම හරි වැඩේ අල්ල ගන්න ඕන....

1). අද තමයි මුලින්ම වෙබ් එක යන්තම් හදා ගත්තේ


NET වල බලන බලන තැන හැමෝම BLOG ලියන්න පටන්ගෙන... ඕව දැකල මටත් BLOGඑකක් ලියන්න හිතුන.... මේ තියෙන්නෙ ඒකෙ පොඩි උත්සාහයක්
අද තමයි මුලින්ම වෙබ් එක යන්තම් හදා ගත්තේ... එ වුනත් EXAM එක ලග ලග එන නිසා මම මෙක පොඩ්ඩකට නවත්තනව.... (නවත්තනව කිව්වේ පොඩ්ඩකට හොදේ..)