Friday, April 27, 2012

පානමානය...මූ තමයි හයියෙන් ගැහුවේ.....

මේකත් ලැබ් එකේ කතාවක්.
මතකේ ඔට්ටගේ නව සොයා ගැනීම ලැබ් එකේ.මේක හැබැයි අපේ පාතාලේ වෙච්ච වැඩක් A/Lකාලේ කතාවක් තමයි අදත්.මොකද ඉතින් A/Lකාලේ නේ පිස්සු වැඩියෙන්ම නටන කාලේ.ජීව විද්‍යාව කරපු කට්ටිය ඉතින් දනවා ඇතිනේ පානමානේ කියන්නේ මොකද්ද කියලා.දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් ඔය දන්න කෙනෙකුගෙන් අහගන්න....


මේ කතාව ඉතින් පානමානයක් වටා ගෙතුනු කතාවක් තමයි.ඔන්න ඉතින් එක දවසක් ලැබ් එකේ ප්‍රැක්ටිකල් තිබුන කියමුකො.එදා තිබුනේ ඔන්න ඔය පානමානේ කියන මෙව්ව එකෙන් පොඩි ජිල්බරි වැඩක් කරන්න


මේක ගැන ඉතින් පොඩ්ඩක් සරළවම කිව්වොත් ඉතින් පොඩි අතුකෑල්ලක් ගහන්න තියෙනව වතුර යට තියාගෙන..ඒක තමයි මහම වැඩේ.මොකද කියවගෙන යනකොට තේරේවී. ඔන්න ඉතින් වැඩේ කරන්න මිස් පානමානේ ගෙනත් දුන්න කියමුකෝ.ලෝකෙටම එකක් තියෙනව වගේ හැබැයි ගෙනත් දුන්නේ. 

"පරිස්සමෙන් පාවිච්චි කරන්න.මෙච්චරමයි තියෙන්නේ.මේක ගොඩාක් කාලයක් ඉදන් පරිස්සමෙන් කලින් පංති වල අය පාවිච්චි කරල තියෙනව.ඒක නිසා තමයි අද ඔයගොල්ලොන්ටත් පවච්චි කරන්න පුලුවන් කම තියෙන්නේ......"


ඔය ඉතින් මිස් ගෙ වචන ටික.අපිත් ඉතින් කතාව ඔලුව නවල පිලිගත්ත කියමුකෝ.හැබැයි පානමානේ නම් අද ඊයේ ගත්ත එක වගේ.දිලිසි දිලිසි තියෙනවා.පරණ ඒව දිලිසෙනවද කියලත් අහන්න හිතුන ඉතින්...:ඵ්
කට්ටිය ඉතින් වැඩේට සෙට් උනා...වතුර බේසමක් තියෙනව මේසෙ උඩ.මම ගත්ත පානමානේ.ඔතන හිටිය අපේ මැනියා.මූ ගත්ත අර අතු කෑල්ල..දැන් කට්ටියම වටෙට ඉන්නවා ෆිල්ම් එක බලන්න වගේ..හිටියට එතන හිටපු එකෙග්ගෙවත් කටවල් නම් වැහිල නෑ..දන්නවනේ ඉතින් අපේ යක්කුන්ගේ කටවල් වල හැටි..ඔහෙම බෑ කියවි..හෙමින් ගහන්න කියාවි..බැරිනම් පසේ වරෙන් කියාවි..මරු ආතල් ඉතින්..

එකම සහෝදරයො වගේ හිටපු මැක්සම මැක්ස පංතියක් ඒකනම්..තාමත් මතක් වෙනකොට හිතට දුකයි ඒ කාලයෙන් වෙන්වීමට සිද්දවෙච්ච එක ගැන....:( :( 


දැන් ආපහු කතාවට.මං පානමානේ අල්ලන් ඉන්නව වතුර යට තියාගෙන.මැනිය අතු කෑල්ල අල්ලගෙන ඉන්නවා..මූට අත්තක් අල්ල ගන්න කිව්වොත් ඕනම දෙයක්.වන වන ඉන්නේ නැතුව ගහන්න කිව්වහම මිනිහත් ගැහුව කියමුකෝ.ඇත්තම කියනවනම් මෙතන හිටපු එකෙකුටවත් පරීක්ෂණයක් කරනව කියලනම් සිහියක් තිබුනේම නෑ..මොකද ඉතින් පිස්සු කියව කියව වෙනමම ලෝකෙක නේ ඉන්නේ. මැනියගේ වැඩේ අහවර කරාට පස්සේ තේරුනා පොඩි අමුත්තක් පානමානේ.ශේප් එකේ උස්සල බැලින්නම් තනි උපකරණයක් වෙච්ච පානමානේ දැන් කෑලි දෙකක් වෙලා


ඇත්තටම පානමානේ කෑලි දෙකකටද තියෙන්න..?? :ඵ් :ඵ් වැඩේ දෙල් වෙලා වගේ.පනාමනේ හරියටම කර ලගින් දෙකටම කැඩිලා.දැන් තමයි හරියටම ෆිල්ම් එක පටන් ගන්නේ.මොකද ඕක මිස් දැන ගත්තොත් ඉතින් කන්දෙක පුරවල අහගන්න වෙන්නේ.ඒකියන්නේ මිස් බනින්නේ නම් නෑ..ඒත් දන්නවනේ මිස්ලගේ හැටි..කියන කොට අහන් ඉන්න දුකයි.දැන් කට්ටියම ෆුල් හොල්මන්.ඇයි දෙය්යනේ මිස් ඇහුවොත් මොනව කියන්නද..?? :@ :@ :@

දැන් මිස් ඇවිත් අහනව කෝ පරීක්ෂණේ කරල ඉවරද කියලා...ඔව් මිස්...නෑ මිස්..මොනව කියන්නද ඉතින්...එක එක්කේනාගේ මුණු වල පෙරහැරවල් යනව වගේ..කට්ටිය මූනට මූන බලාගන්නවා.. 

"මිස් කරන්න උනේ නෑ... "
"ඇයි මෙච්චර වෙලා මොනවද කරේ....."

දැන් ඉතින් වෙන මොනව කරන්නද...? උස්සල පෙන්නුව කෑලි දෙකක් වෙච්ච පානමනේ..අපොයි ඒක දැක්ක ගමන්ම මිස්ගේ මූණ..
දැන් මමයි මැනියයි බෝලෙ පාස් කරනව.මිස් මෙයා නිස උනේ..මත් අත ඇරියේ නෑ..මූ තමයි හයියෙන් ගැහුවේ..හික්ස්..හිනාවෙවී බොල පාස් කරනව..:ඵ් :ඵ් දැන් පටන් ගත්ත මිස්ගේ බැණිල්ල.මිස් බනිනව කිව්වට ඉතින් එච්චර ගානක් නෑ..ඒත් අහන් ඉන්න එක තමයි ඉවසන්න බැරි.ටැප් එක ඇරිය වගෙ..කියවනව කියවනවා ඉවරයක්ම නෑ...
මේ වැඩේ හරියන්නේ නෑ..අයි හත්තිලව්වේ ඕක අහගෙනම ඉන්න පුලුවන්ද..?? 

"මිස් අපි පානමානයක් අරගෙන දෙන්නම්.කොහෙන්ද ගන්නේ..කියක් වෙනවද.?? "

ඔන්න ඉතින් දවසේ ප්‍රශ්ණ.මිස්ටත් දැන් ටිකක් අමුතුයි අමුතුයි වගේ..ඇයි අපේ යක්කුන්ගෙන් පානමානයක්.... :O :O :O අපි මිස් සල්ලි එකතුකරල අරගම්මු. ඔන්න දැන් මැනිය සෙට් උන පින්කොලයකුත් ඉල්ලගෙන සල්ලි එකතු කරන්න.. වැඩේ පටන් ගත්තු විදිහට පානමාන 100ක් ම අරන් දෙයි වගේ.පුදුම උවමනාවක්.මිස්ටත් ඉතින් හිතුන අපි පානමානයක් ගෙනත් දේවි කියලා.. හැබැයි ඉතින් කොච්චර හොද ලමයින්ද කියනවනම් තාමත් මිස්ට පානමානයක් අරන් දෙනවා.....

ප.ලි:: කැඩුන පානමානේ කබඩ් එකට දානකොට තමයි මරු වැඩේ දැක්කේ..පානමාන ලෝකයයි කැඩුන..බලනකොට අපිට හිටපු අයියලත් හරි ෂෝක් එකට ආරක්ෂාවෙන් ලැබ් එකේ බඩු පාවිච්චි කරල තිබුනා

 

3 comments:

  1. අපරාදේ පාන මානේ !!!

    ReplyDelete
  2. පානමානයට ඉංගිරීසියෙන් කින්නේ මොකක්ද ඕයි?

    ReplyDelete