Wednesday, April 18, 2012

මොකද්ද මේ ලියල තියෙන්නේ......[ව**** පො***....]



මතකයි නේ මං කිව්වා A/L කාලේ කාල තුවක්කුවක් ගැන. මේ සිදුවීම නම් උනේ A/L කාලේ නම් නෙව්යි.. මතකනේ කාලේ කරපු කියපු දේවල්.මතකයි නේ අපේ ඔටුවා.. මේකත් ඉතින් ඒ මනුස්සයගෙම වැඩක් තමයි..


9 වසර මතකයිනේ..අර පොකුණක් වටේට පංති ටික තියෙන්නේ.රිච්මන්ඩ් එකේ කට්ටියනම් ඉතින් හොදට දන්නව මේ පැත්ත ගැන. අපි හිටපු කාලේ 9 වසර බාරව හිටියෙ සර් කෙනෙක්..නමින් කොයි කවුරුත් දන්නවා..එත් ඉතින් නම් කියන්න හොද නැටි නිසා ඔන්න නම් කියන්නෙ නෑ. මුල් අකුර කියන්නම් ඕනනම් 'ව' මොනව උනත් හරි හිත හොද සර් කෙනෙක්...


හරි හරී....කතාවට බහිමුකෝ..ඔන්න දවසක් රිලීෆ් පීරියඩ් එකක..කට්ටිය ඉතින් පංතියේ වහල අනිත් පැත්ත පෙරලන්න කෑ ගගහ ඉන්නවා..ඔය් අතරේ අර ඔට්ට ඉස්සරහට ඇවිත් බෝඩ් එකේ මොකද්ද ලිව්වා.බෝඩ් එක කියන්නෙ කළු ලෑල්ල.කොල පාට ගල තිබුනත් ඉතින් කියන්නේ කළු ලෑල්ල කියලනේ ඔට්ට ඉතින් මේකෙ ලිව්වේ පැන්සලෙන්...හුණු කූරු නැතුවමත් නෙවෙයි ඉතින්...දන්නවනේ ඉතින් එක එක අයට එක එක සිතුවිලි පහල වෙනවනේ..ඇත්තම කියනවනම් ඒ ලියපු එකනම් කිසි චාරයක් නැති දෙයක්..කොටින්ම කිව්වොත් ලියපු එක එක පාරටම බලාගන්නත් බෑ...මොකද ඉතින් මුතු කැටවන් දත් දෙපලක් වගේ මුතු කැටවන් අකුරු  පෙලක් නොවන නිසා...ඒ කි අකුරු පොඩ්ඩක් විතර අපහැදිලී.. මිනිහා මහ ලොකුවට බෝඩ් එකේ ලිව්වේ අර සර්ගේ නම මුලට දාල "ව**** පො**යා.." කියලා..පැන්සලෙන් මහාලොකුවට ලිව්ව නිසා වැඩිය පේන්නෙත් නෑ..ඒත් ඉතින්බෝඩ් එකට එලිය වැටුනහම රන් අකුරෙන් ලියල වගේ ලියපු එක හොදට දිලිසි දිලිසි පේනවා.කොහොම කොහොම හරි කාලය ගෙවීල යනකොට එකපාපරට කඩා පනින හමුදාව වගේ සර් කඩා පනින හමුදාවෙන් වගේ කඩාගෙන පැන්නා කියමුකො පංතියට.කට්ටිය ඉටින් දැන් ෆුල් හොල්මන්..දන්නෝ දනිති. මොකද දැකපු කට්ටිය දන්නවනේ බෝඩ් එකේ පොඩි ජිල්මාට් වැඩක් තියෙනව කියලා..ඒත් පංතියේ  බාගෙට බාගයක්ම ලියපු එක තියා ලිව්වද එහෙම එකක් බෝඩ් එකේ කියලවත් දන්නේ නෑ..කොහොම කොහොම හරි සර් ඔය රන් අකුරෙන් ලියල තිබුන රුවන් වැකිය ඔට්ටගේ කරුමෙටම දැක්කා..වැඩේ කියන්නේ සර්ට ලියපු එකත් තේරුනාද කොහෙද..වැඩි සද්දයක් බද්දයක් නැතුව පංතියේ ඉස්සරහ පේලියේ ඉදන් එක්කේන එක්කේන බෝඩ් එක ලගට එන්න කියල මේ ලියල තියෙන එක සද්දෙන් කියවන්න කිව්වා..ඔතන මං කිව්වනේ දන්න අයයි නොදන්න අයයි දෙගොල්ලොම ඉන්නව කියල.සමහරු ඇස් ලොකු කරගෙන පේන්නේ නෑ කියල යනවා..සමහර අය හින වෙවී දන්නේ නෑ කියල යනවා..සමහර අය මුකුත් නොකිය හිට ගෙන ඉන්නවා.ඊලගට ආවේ ඔට්ටගේ වාරේ..මිනිහත් ඉතින් නොදන්න ගානට ආව කියමුකෝ.. කට්ටිය ඉතින් හිතාගෙන හිටියේ මිනිහත් හිනාවේලා හරි මුකුත් නොකිය යාවි කියල. ඒත් සර් ලගට ගියට පස්සේ ඇහුවා මේ මොකද්ද ලියල තියෙන්නේ.... එතකොට


ව**** පො**යා.....     #$!@%#^$#^#@%@


ඊට පස්සේ උන දේවල් ඉතින් කියල වැඩක් නෑනේ..... :D :D :D :D :D


3 comments:

  1. :D:D:D:D............

    ReplyDelete
  2. pissu hadewiiiiiiiii kiwaluuuu........

    ReplyDelete
  3. අනේ මන්දා බොලාට පව් කියනවද, නැත්නම් බොලා වගේ උන්ට උගන්නපු ගුරුවරුන්ට පව් කියනවද කියලයි මම කල්පනා කොරේ.

    ReplyDelete