Showing posts with label tsunami. Show all posts
Showing posts with label tsunami. Show all posts

Tuesday, April 19, 2011

Tsunami අනතුරු ඇගවීමේ පණිවිඩය ඔබගේ දුරකතනයටත්...


මේ කාලේ ඉතින් කාගේත් හිතේ පොඩි සැකයකට තියෙන්නේ tsunami ඒවි කියලනේ... ඉතින් කොයිකවුරුත් ඒ පිලිබදව ඉන්නේ විමසිල්ලෙන්නේ.. මට මගේ මිතුරෙකුගෙ මාර්ගයෙන් පොඩි වෙබ් ලිපිනයක් ලැබුනා... මේකෙ තියෙන්නේ tsunami තත්වයක් ඇතිවීමට ගියහොත් ඒ පිලිබදව තමාගේ දුරකතනය වෙත sms පණිවිඩයක් ලබා දීමයි... මේ සදහා මෙම වෙබ් අඩවියේ register වීමක් අවශ්‍ය වෙනවා....
ඔය ගොල්ලන්ටත් මේක අවශ්‍යම කියල හිතෙනවනම් register වෙන්න.....



වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න click here

*
*

Friday, April 15, 2011

මොකද්ද මේ ආපහු සුනාමියක් එනව කියන කතාව......????



මුලින්ම කියන ඕන ඔය ගොල්ලො හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා......!!!! :D :D :D

මේ දිනවල කාටත් ඇහිල ඇතිනේ පොඩි කට කතාවක් යනව අප්‍රේල් 10ත් 20ත් වගේ අතර ආපහු සුමාත්‍රා දූපත් අසල සිදුවන භූමිකම්පාවක් නිසා සුනාමි තත්වයක් ඇතිවෙනව කියල... මේ අනාවැකිය පල කරේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අතුල සේනාරත්න මහත්මා විසින්. එතුමා විසින් සිදුකරන ලද දීර්ඝ පරීක්ෂණ මගින් මේ අනාවැකිය සිදුකොට තිබෙනවා.එතුමා පවසන පරිදි මෙතෙක් කල් පුරාවටම සිදුවූ භූමිකම්පා පිලිබදව නිරීක්ෂණය කිරීමේදී ඉහල අහසේ ග්‍රහ පිහිටීම් වල යම් සමානකමක් ඇතිබව තහවුරු වී තිබෙනවා... ඒකියන්නේ මෙතෙක් සිදුවූ භූමිකම්පා සිදුවූ ප්‍රදේශයන්ගේ ඉහල අහසේ ග්‍රහ පිහිටීම් වල යම් යම් සමානකමක් ඇතිබව සොයාගෙන තියෙනවා.

එවැනි ග්‍රහ පිහිටීමක් මේ අප්‍රේල් මාසයේ 10ත් 20ත් වගේ අතර සුමාත්‍රා දූපත් අසල ඉහල අහසේ ඇතිවන නිසා ඒ හේතුව අනුව තමයි තුල සේනාරත්න මහතා මෙම අනාවැකිය ප්‍රකාශකොට තිබෙන්නේ.. මෙහි සැල කිල්ලට ගතයුතු විශේෂත්වය වන්නේ ජපානයට බලපෑ භූමිකම්පාවත් මෙතුමා විසින් කලින් ප්‍රකාශකොට තිබීමයි.

නමුත් ආපදා කලමණාකරන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටින්නේ තමන් පැය 24 පුරාවටම්ම මේ පිලිබදව අවධානමෙන් සිටිනා අතර මෙවැනි දෙයක් සිදුවන විට ඒබව කලින්ම ජනතාවට දැනුන්දීමට හැකි තාක්ෂණයක් ලංකාව සතු බවයි.

ඔන්න ඉතින් දැන් කට්ටිය බය වෙන්න එපා හොදේ... පොඩ්ඩක් මේ පිලිබදව අවදානමෙන් ඉන්න....මොකද මේක අනාවැකියක් විතරයි............



Saturday, March 19, 2011

ජපානයට බලපෑ සුනාමියෙන් පසු චන්ද්‍රිකා ඡායාරූප...




ජපානයට බලපෑ සුනාමි තත්වයේ නවතම තත්වය පෙන්නුම් කරන චන්ද්‍රිකා ඡායාරූප නාසා ආයතනය මගින් නිකුත්කර තියෙන්වා.. මේ මගින් ජපානයට සිදුවී ඇති හානිය කෙතරම් ද කියා දැක බලා ගත හැකිය.....

මෙතනින් පිවිසෙන්න... click here (අතීතය හා වර්ථමානය දැන ගැනීමට පින්තූරය මත click කරන්න)

පෙර ලිපි ::

1). ජපානයට පැමිණි සුනාමියෙන් පසු දසුන්.....
2).ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය පුපුරායාවිද...???

Thursday, March 17, 2011

ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය පුපුරායාවිද...???


ඔන්න ඉතින් කාලයක් තිස්සේ නැවතිල තිබ්බ මගේ බ්ලොග් ලිවිල්ල මම ආපහු පටන් ගත්තා.. මේක දැකපු සමහර අය හිතනව ඇති අපෝ ඔන්න ආපහු පටන් ගෙන කියලා..... :D :D :D කොහොම උනත් ලියන්න තියෙන ලිපියනම් ඉතා කණගාටුදායක ආරංචියක් තමයි. කොයිකවුරුත් දන්නව ඇතිනේ ජපානයට සිදු වූ භූමිකම්පාව සහ සුනාමිය නිසා සිදු වූ විපත. මේ වනවිටත් ජපානයේ සාමාන්‍ය ජන ජීවිතය අවුල් වී ගිහින්. දැනට මෙම භූමිකම්පා හා සුනාමිය හමුවේ 3676 දෙනෙකු මිය ගොස් ඇති අතර නිළ නොවන මට්ටමින් පවසන්නේ මෙය 25000 දක්වා ඉහලයා හැකි බවයි. මේ වනවිටත් රටවල් 70 ක පමණ සහන සේවක කණ්ඩායම් සහන සේවාවන් වල නිරත වී සිටී.. දැනට පවතින අධික සීතල තත්වයත් සුළග නිසාත් ඔවුන්ගේ සහන සේවාවන් හට බාධා වී ඇති අතර පානය කිරීමට සුදුසු පානීය ජලය නොමැති කමත්, විදුලි බලය නොමැතිකමත් හා අධික සීතල තත්වය නිසාත් එරට ජනයා මහත් පීඩාවට පත් වී ඇත.

මෙම සුනාමි තත්වය නිසා ජපානය මුහුන දී ඇති ප්‍රධානම ගැටලුව වී ඇත්තේ ඔවුන් සතුව ඇති ෆුකුෂිමා න්‍යශ්ටික බලාගාරය පිපිරීයාමට ආසන්න වීමයි. මෙම බලාගාරයේ ප්‍රතික්‍රියාකාරක හයක් ඇති අතර 3 වන ප්‍රතික්‍රියාකාරක මේ වනවිටත් පුපුරා ගොස් ඇත.. 4 වන ප්‍රතික්‍රියාකාරක යේ ජලමට්ටම මේවනවිට පහත බහිමින් පවතින අතර 5 සහ 6 ප්‍රතික්‍රියාකාරකයෙහි නිපදවෙන උෂ්ණත්වය මේ වනවිට සීග්‍රයෙන් වැඩිවෙමින් පවතී

න්‍යශ්ටික බලාගාරයක න්‍යශ්ටික ප්‍රතික්‍රියා සිදුවන විට අධික තාපයක් නිපදවෙන අතර එම තාපය පාලනය කිරීමට විවිධ ක්‍රම උපයෝගී කර ගනී. නමුත් සුනාමි තත්වය හමුවේ මෙම බලාගාරය පිහිටි ප්‍රදේශයේ විදුලි බලය නොමැති කමින් බලාගාරයෙන නිපදවෙන අධික තාපය පාලනය කිරීමට ඔවුන්ට නොහැකි වී තිබේ. මේ වනවිටත් ඔවුන් මුහුදු ජලය යොදාගෙන සිසිල් කිරීමේ කටයුතු සිදුකරද එම ක්‍රියාව එතරම් සාර්ථක වී නොමැත. මේ වනවිට ඔවුන් එම බලාගාරයේ සිදුකරන සියලුම මෙහෙයුම් නවතා ඇත. බලාගාරයේ සිටින සියලුම සේවකයන් ද ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. එක් ප්‍රතික්‍රියාකාරයක සිදුවූ පිපිරීම නිසා මේ වනවිට බලාගාරය තුල ගිනි ගැනීමක් ද සිදුවේ.. ජපනය ප්‍රකාශ කරන පරිදි ඔවුන්ට මෙම බලාගාරය පිපිරීම නැවැත්විය නොහැකිය. ඒ බව ප්‍රකාශකරමින් ජපානයේ අකීටෝ අධිරාජ්‍යයා සියලුම ජපන් වැසියන්ගෙන්ම මෙන්ම සියලුම ලෝක වාසීන් ගෙන් සමාව අයද සිටී. ඔවුන් ප්‍රකාශ කරන පරිදි මෙය පුපුරා ගියහොත් කිලෝමීටර 20 ක් දුරට මෙහි බලපෑම සිදුවන අතර 4277 ක් පමණ වැසියන් මිය යාමට හැකිබවයි. මේ නිසා මෙම බලාගාරය අවට මිනිසුන් ඉවත් කිරීමට කටයුතු යොදා ඇති අතර කිලෝමීටර 30 ක පමණ ප්‍රදේශයක් අවධානම් කලාපයක් ලෙස නම් කොට ඇත.


එක් ප්‍රතික්‍රියාකාරකයක් පුපුරායාමෙන් පසු




ෆුකුෂිමා බලාගාරයේ එක් ප්‍රතික්‍රියාකාරකයක් පුපුරා ගිය අයුරු...






ෆුකුෂිමා බලාගාරයේ එක් ප්‍රතික්‍රියාකාරකයක් පුපුරා යෑමෙන් පසුව...







පෙර ලිපිය :: :: :: ජපානයට සුනාමිය පැමිනීමෙන් පසු දසුන්...

*
*

Wednesday, March 16, 2011

ජපානයට පැමිණි සුනාමියෙන් පසු දසුන්.....

ජපානයට බලපෑ සුනාමි තත්වය පහව ගියත් එරට ජන ජීවිතය බෙහෙවින් අවුල් වී ඇත...........
(විශාල කර බැලීමට රූපය මත කරන්න..)









































*
අනෙක් ලිපිය :: :: :: ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය පුපුරායාවිද...???

*
*

Sunday, December 26, 2010

2004-12-26 තවත් එක් දිනයක් උදා විය..........





මීට වසර 6 කට පෙර එනම් 2004-12-26
දින එනම් නත්තල් අසිරිය මගින් කිතුනු භක්තිකයන් හා මුළු ලෝකයම වෙලා ගත් මොහොතක්.. මෙදින රාත්‍රිය
සියලු දෙනාම නත්තල් සමරා අලුත් දවසක් උදා වීමේ බලාපොරිත්තුවෙන් නින්දට ගියහ...
පසුදා පොහොය දිනකි.. කිතුනු භක්තිකයන් නත්තල් සතුට තවමත් රසවිදින අතර තුර ජනයා පොහොය දවසේ පන්සල් කරා ගියහ...
කාලය කෙමන් කෙමන් ගත් වුණි.. සෑම පංසලක මෙන්ම මුළු ශ්‍රී ලංකාවම වාගේ සිල් සුවදින් නැහැවී ගියහ..
වෙනදා මෙන් මහ මුහුද නිසසලය.. කෙමෙන් කෙමෙන් වේලාව උදෑසන 9.25 විය. මහා ජල කදක් මුහුද දෙසින් ගොඩ බිම කරා ඇදී ආහ... මිනිස් ජීවිත ගණනාවක් හා දේපල බොහෝමයක් විනාශ කර නැවතත් මහ මුහුද නිසසල විය...!!!!


මේ ලංකාවේ මෙන්ම තවත් රටවල් ගනනාවක මිනිස් ජීවිත හා දේපල විනාශ කල සුනාමි විය්‍යසනයයි... අදට මෙම සිදුවීම වී හරියටම වසර 6 ක් සපිරෙනවා..
මේ සිදුවීම සිදුවී වසර හයක් ගතවුනත් මේ බිහිසුණු අද්දැකීමේ මතකයන් මිනිසුන්ගේ සිත්තුල තවමත් මැකී ගොසින් නෑ... මේ සිදුවීම නිසා බොහෝමයක් ජනයා අන්ත අසරණ තත්වයකට පත් වුනා.... ඇතැම් නිවාස වල නිවසේ සිටි සියලුම දෙනා මිය ගිහින්...ඇතැම් නිවාසවල දෙමාපියන් අහිමි වී ගිය දරුවන් මෙන්ම දරුවන් අහිමි වී ගිය දෙමාපියන්ද සිටිනවා... මෙම ඛේදවාචකය නිසා ශ්‍රී ලාංකිකයන් 45000 කට ජීවිත අහිමි වූ අතර දිස්ත්‍රික් 13 කට අයත් වෙරළ ප්‍රදේශයන්ගෙන් නිවාස ලක්ශ තුනකට අධික ප්‍රමාණයක් විනාශ විය.මෙය කොතරම් දුක්මුසු තත්වයක්ද........!!!


ඒ මහා ඛේදවාචකය හේතුවෙන් මේ මිහිතලය තුල මිහිදන් වූ අපගේ සහෘදයන් හා ඥාතීන් අද දින සිහිපත් කරමු........!!!!!!!!!!!!!








ගාල්ල නගරය