
ශ්‍රී ලංකාවතුල මෙම බලු ප්‍රශ්ණය දැන් ඉහලින්ම කාතාකරන මාතෘකාවක් බවට පත්ව සිටී.මෑතකදී ලංකාවට පැමිනි දූතයින් පිරිසක් ජනාධිපතිතුමාට පවසා තිබුනේ ශ්‍රී ලංකාව ඉතා ලස්සන රටක්.නමුත් පාරෙ අයාලයේ යන සුනඛයන් ප්‍රමාණයනම් වැඩි බවයි. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් පවසන්නේද නිදහසේ පරේ ඇවිදීමට නොහැකි බවයි. ලංකාවේ එක මිනෙසෙකුට බල්ලන් දෙදෙනෙකු හෝ දෙදෙනෙකුට වඩා සිටී.. මොරටු විශ්ව විද්‍යාලය තුල තත්වය මෙවැනිය....
ශ්‍රී ලංකාවතුල බලු වන්ධ්‍යකරනය නොකෙරෙනවාම නොවේය.උදෑසනම පාරේ යමට නොහැක.බලු රෑන් පිටින් පසුපස එලවමින් පැමිනේ.නමුත් එය සාර්ථක වී නොමැති බවක් පේනේ.මේයට විසදුම සියලුම අයාලයේ යන සුනඛයන් මරා දැමීමද නොවේ.මන්ද බුදු ධහමට අනුව සත්වයින් නිකරුනේ මාරා දැමීමද යහපත් කරුණක් නොවන බැවිනි.තමාගේ නිවසේ සිටින බැල්ලියට පැටවුන් බිහිකර පසු ඔවුන් පාරේ අතහැර දැමීමද නොකර යුතුය. නමුත් මෙයට කිසියම් හෝ පියවරක් ගත් යුතුය.තවමත් මෙයට නිවැරදි පිලිතුරක් නොමැති කාරණයකි
බල්ලොන්ටයි මිනිසුන්ටයි එකට ජීවත් වෙන්න බෑ කියන්නේ ඔක තමයි
ReplyDeleteමෙවා මිනිස්සුන්ගෙත් වැරදි..බලු නීතියක් චන්ද්‍රිකා අන්ඩුව කාලේ ගෙනාවට ඒක ක්‍රියාත්මක කරේ නෑ..මොකද චන්ද්‍රිකාගේ පුතා පශු වෙද්‍යවරයෙක් නිසා එයාව මිනිසුන්ගේ හිත් දිනාගන්න....එකේ ප්‍රතිපල අද තමයි පේන්නේ...අහෝ ආසියාවේ අශ්චර්යය
ReplyDeleteබවු බවු...හපනවා පැන පැන උබල ඔක්කොම..බලු වැන් අවොත් ඇණ තියනව බලගනින්..බවු බවු...බවු බවු බවුවුවුවුවුවුවුවුවුවුවුවු............මුන්ට අපේ නම් කියල බනින්න හොදයි..වේස බල්ල කියල...එත් අපිට පරේ එකෙක් දෙන්නෙක් හපගෙන රස්තියදුවක් ගහන්න බැරිඩ..?? බවු බවු..
ReplyDeleteබල්ලො මරන්නම වෙනව නැත්තං මොන වැඩ කලත්වැඩක් නෑ...
ReplyDeleteඅනේ බල්ලනේ......උඹලට යන කලක්....
ReplyDeleteපේරාත් ඔහොම තමා බලන්න මගේ බොලොග් එක :)
ReplyDeletehttp://myideasgordoniaceylanica.blogspot.com/2011/11/i-do-not-feed-stray-dogs-x-7.html
ReplyDeleteමේක ගැන නම් කොමෙන්ටුවක් නෙමෙයි, පෝස්ටුවක්ම දමන්න වෙනවා හරිනම්.ඒත් පුළුවන් තරම් කෙටියෙන් කියන්නම්.දිගට තේරුම් ගනිල්ලා.
ReplyDeleteබල්ලාය කියන්නේ මිනිසාගේ හොදම සහ විශ්වාසවන්තම මිතුරා, ආයේ ඒකේ දෙකක් නැහැ. ඒත් බල්ලෝ මේ සබැදියාව ගැන එහෙම හිතුවට, මිනිස්සු නම් එහෙම හිතන්නේ නැහැ. එක් වසරකදී පාරේ අතහැරලා යන බලුපැටවුන් සංඛ්‍යාව ගැන හිතනකොට මේක බොහොම හොදට පැහැදිලි වෙනවා.
දඩාවතේ යන බල්ලන් සංහාරය කිරීම උන්ගේ ගහනය පාලනය කිරීමේ සාර්ථක ක්‍රමයක් තමයි. ඒත් අර කලින් කිව්වා වගේ මිනිස්කමට උචිත වැඩක් නම් නෙමෙයි.
දැනට ක්‍රියාත්මක වන්නේ ගැහැණු සතුන් සදහා හෝමෝන එන්නත් කර තාවකාලික වන්ධ්‍යාකරණයට ලක්කිරීමත්, ශල්‍යකර්ම මගින් ස්ථිර වන්ධ්‍යාකරණයට සිදුකිරීමත් තමයි. මෙහිදී පවතින බලු ගහනයට සාපේක්ෂව දෙවැන්න ඉතාම සුළු ප්‍රතිශතයක් වන බැවින් සමස්ථ බලුගහනය වාර්ෂිකව ඉහලයාම සිද්දවෙනවා.
මම නම් කියන්නේ ඔය සත්ව හිංසනය පිලිඔදව කිඹුල් කදුළු හෙලන NGO කට්ටියට සතුන් පාරට ගෙනැවිත් දැමීමට විරුද්ධව ජනතාව දැනුවත් කිරීමත් එවන් සතුන් සදහා සුදුසු සුරැකුම් මධ්‍යස්ථාන ඇතිකරම්න් ගැහැණු සතුන් ස්ථිර වන්ධ්‍යාකරණයට ලක්කර පරිසරයට මුදාහැරීමේ කටයුත්තට සක්‍රියව මැදිහත් වෙලා සෞඛ්‍ය අමාත්‍යාංශයට සහය ලබාදීම වඩාත් උචිත බවයි.