Wednesday, May 5, 2010

11).පරිගණක වල ආරක්ෂාවට බලපාන විවිධ වර්ගයේ වැඩසටහන් හා ක්‍රියාකාරකම්




ඇඩ්වෙයා
එකවර පරිගනකයක ස්ථාපිත වු පසු නොයෙක් වෙළද ප්‍රචාරණ වලට පරිගනකය නිරාවරණය කරන වැඩසටහනකි...

බ්ලැක්_හැට්
අපරාධයක් කිරීමේ අරමුණින් තමන්ගේ දක්ෂකම පවිච්චි කරන පරිගනක විනාෂකාරීන් හෙවත් හැකර්කරුවන්

කාඩර්
සොරාගත් ක්‍රෙඩිට් කාර්ඩ් වල තොරතුරු විකුණන හෝ ඒවා සොරා ගන්නා තැනැත්තා









ඩීඩොස්
බොට්නෙට් එකක් යොදා ගෙන එහි ඇති පරිගනක සියල්ලෙන්ම තොරතුරු ඇද, එම තොරතුරු තොග පිටින්ම වෙනත් පරිගනකයකට හෝ සර්වරයකට යවා අමරුවේ දැමීමේ විනාශකාරී ප්‍රහාරයකි.

ෆාමීo
විනාශකාරීන් විසින් යම් වෙබ් අඩවියක් නැවත නැවත වෙනත් ඒවා වෙත හරවා යවමින් Internet තදබදයක් ඇතිකිරීම


ඩ්‍රයිව් බයිස්
යම් වෙබ් අඩවියකට යන්නෙකුගේ පරිගනකයට ඉබේම ඉන්ස්ටොල් වන සේ සකසා ඇති විනශකාරී වැඩසටහනකි

ෆිෂිo
බැoකු, ක්‍රෙඩිට් කාඩ් සමාගම් වැනි මුල්‍ය ආයතන වලින් එන්න්නාක් මෙන් හැඩ ගස්වා එවන ව්‍යාජ E-MAIL මගින් පුද්ගලයින්ගේ බැoකු ගිණුම්වල තොරතුරු යනාදිය උපක්‍රමශිලීව ලබා ගැනිම.

වර්ම්
වයිරසයක් මෙන් ඉබේම සoස්ලේෂණය වන විනාශකාරී වැඩසටහනකි. එහෙත් සමහර ගුණ අතින් මේවා වයිරස්වලින් වෙනස් වේ

ට්‍රෝජන්
මතුපිටින් කිසි කරදරයක් නැති වඩසටහනක් සේ පරිගනක ආරක්ෂක පද්ධතිය හදුනා ගන්න නමුත් සැබවින්ම ක්‍රියාත්මක වීමේදී විනාශකාරීව හසිරෙන පරිගනක වැඩසටහනකි

ස්පයිවෙයා
පරිගනකයට ඉන්ස්ටෝල් වු පසු එය පරිගනකයේ ඇති රහස් තොරතුරු වෙනත් පරිගනකයකට යවන වැඩසටහනකි.

මැල්වෙයා
සියළුම වර්ගයේ වැඩසටහන් හදුන්වන්නට යොදන නමකි. Malicious Software යන්නෙන් බිදී තිබේ.

ස්ක්‍රිප්ට් කිඩී
දක්ෂ නැති හැකර් කරුවන් මෙසේ හදුන්වයි. ප්‍රවීන හැකර්කරුවන් හුවමරු කරන විනාශකාරී වැඩසටහන් වල කොටස් ගෙන ඒවා නැවත එවන බොහෝ අය සිටි. මොවුන් ස්ක්‍රිප්ට් කිඩී ලෙස නම් කරයි.

0 ප්‍රතිචාර:

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න. ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා ......!!!!