Friday, April 23, 2010

8). දේශපාලනය හා මනුස්සකම.....


මේ කියන කතාව සත්‍යය සිද්ධියක්. මෙහෙම කිව්ව කියල පස්සේ හිතන්න එපා මෙච්චර කාලයක් දාපු පොස්ට්
ඔක්කොම බොරු කියල....

මේ කියන කතාව සිද්ධ වුනේ ගාල්ලේ එක්තරා ප්‍රසිද්ධ රොහලක, එක්තරා වාට්ටුවක. මේක දැන ගත්ත හැටි,මොන වාට්ටුවේ ද, මොන රොහලේ ද කියල නම් මගෙන් අහන්න එපා. මම ඔය කියන වාට්ටුව "X" කියල හදුන්වන්නන්කො. එතකොට මේක කියන්න පහසුයි.

මේ දවස් වල කාගෙත් ඉහ මොළ වලට වැදිල තිබුනේ ඡන්දෙ ගැන.ඔය X වාට්ටුවෙ ඉන්නව එක්තරා උසස් තනතුරක් දරන පුද්ගලයෙක්.ඒ මනුස්සයා හොද අලි කාරයෙක්(UNP). තම පක්ෂය ගැන ඉහලින්ම වර්ණනා කරන පුද්ගලයෙක්. සමහර දවස්වල මේ පුද්ගලය X වාට්ටුවේ අනිත් කාර්ය්‍යමණ්ඩලය සමග පවා කොකු ඇදගෙන තියෙනවා.
කොකු කියන්නේ රණ්ඩු වෙලා තියෙනව. දවසක් මේ වට්ටුවට රෝගියෙක් අවා. ඒ රෝගියට ටිකක් අමරු නිසා වට්ටුවේ නවතින්න කියල දොස්තර නියම කරල තියෙනව. දොස්තර ඒ වැඩේ පවරල තියෙන්නේ අපේ කතානයකයට. පස්සේ දවසේ දොස්තර ඇවිත් බලන කොට අර කියපු ලෙඩා බොහොම අමාරුවෙන් බිම නිදාගෙන ඉන්නව.. ඒ කියන්නේ අපේ කතානායකයා දොස්තර නියම කරපු රාජකාරිය කරල නෑ. අර මනුස්සයට නිදා ගන්නවත් ඇදක් දීල තිබුනේ නෑ. ඒ මොකද කියල හොයල බලනකොට අර ලෙඩා ගේ ගම මැදමුලන (ජනාධිපතිතුමාගේ ගම ). එක නිසා තමයි අර මනුස්සයට එහෙම සලකල තියෙන්නේ. මොකද අපේ කතානයකතුමා හොද අලියෙක් නේ(UNP). හැබැයි මේ බව රෝගියවත්, රෝගියා ලග හිටපු කට්ටියවත් දන්නේ නෑ.අන්තිමේ දි මේ වාට්ටුවෙ අනිත් කාර්ය්‍යමණ්ඩලය අර රෝගියාට නිදගන්න ඇදක් දෙන්න කාරුණික වෙලා තියෙනව.

මම මේක ලියන්න ලියන්න හිතුනේ දේශපලන පක්ෂ ගැන හිතල නෙවෙයි. දෙශපාලනය නිසා මිනිස්සුන් ගේ මනුස්සකම් වලට වෙන දේ ගැන දැකලයි. මෙක බලන කොට හිතෙනව අපේ කතනයකයට මනුස්සකමක් කියල දෙයක් ගෑවිලවත් තියෙනවද කියල...

0 ප්‍රතිචාර:

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න. ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා ......!!!!