Friday, August 27, 2010

ශ්‍රී ලoකාව වැනි ධර්මද්වීපයක් තුල මෙවැනි දේවල් සිදුවිය හැකිද...??

හලාවත මුන්නේශ්වරම කාලි කොවිලේ දී සතුන් ඝාතනය කරමින් සිදුවන මහා බිලි පුජාව (25) එම කොවිල් භූමිය තුල සිදුකෙරුණි. මෙම බිලි පුජාව ගියවසරේදී ද සිදුකල අතර එම වසරේදී එළුවන්,කුකුළන් ඇතුලු අහිoසක සතුන් 500ක් පමන ඉතා කෘර ලෙස ඝාතනය කලහ. මෙවරද එවැනිම වූ සතුන් 400ක් පමණ ඝාතනය විය.

මෙම කොවිලේ විවිධ භාරයන් සිදුකිරීමට මෙවැනි සතෙකුගේ හිස කපා දෙවියන් වෙත පූජා කල යුතුය.මෙවරද ඒ කාර්යය සදහා විශාල පිරිසක් සහභාගී වී ඇතිබව වාර්තා වේ.මේ පිරිස අතර සිoහල ජනතාවද විශාල පිරිසක් සිටීමද කණගාටුවට කරුණකි.

නමුත් මේ බිලි පුජාව නතර කරන ලෙස ඉල්ලමින් ජාතික සoඝ සම්මේලනය විරෝධතාවයක් ගෙන ගිය නමුත් හලාවත පොලීසිය මැදිහත් වී එම විරෝධතාවය නතර කලහ.මෙවරද එම බිලි පුජාව ආවරනය කරන ලද මඩුවක් තුල සිදුවිය.
ශ්‍රී ලoකාව වැනි ධර්මද්වීපයක් පයක් තුල මෙවැනි දේවල් සිදුවීම ඉතා කණගාටුවට කරුණකි











ඔබගේ අදහස්..........

8 comments:

  1. mun nuuugath ewun.. ekane meeee.. :(((((((

    ReplyDelete
  2. @Dasun Nimashaඑකක් ගහල මදි බන්...7ක්ම ගහන්න ඕන.....

    ReplyDelete
  3. @Ymp3onlineවෙන්න ඇති බන්.... ඒත් මොනව කරන්නද..???

    ReplyDelete
  4. KO mAHINDAYA............))))))))))))????????????????????/

    ReplyDelete
  5. මම දන්න විදියට ශිව ධර්මය සත්ව ඝාතනයට විරුද්ධයි. කෝවිලක මෙවනි දේවල් සිද්ධ වීම අපේ රටටත් අගෞරවයක්.

    ReplyDelete