Saturday, May 15, 2010

"රණවිරුවනි.... අපේ හදවතේ පළමු තැන ඔබයි...."


LTTE සoවිධානයට එරෙහිව යුධ වැදී යුද්ධය විජයක්ග්‍රහණය කොට 19 වෙනිදා ට හරියටම අවුරැද්දක් වෙනවා... එක නිසා තමයි මට අද මෙක ලියන්න හිතුනේ..

ඉස්සර කොළඹ යනව කියන්නේ ඉතින් මරන්න ගෙනියනව වගේ තමයි. මොකද කොළඹ ගියාම අපහු ගෙදර එන්න වේවිද...???, නැත්තම් රෝහලේ නවතින්න වේවිද..???, නැත්තම් දිව්‍යලොකේ හරි අපායේ හරි නවතින්න වේවිද කියල දෙවියො තමයි ඉතින් දන්නේ... මොකද ඒ කාලේ කොළඹ හoදියක් හoදියක් ගානේ, බස් එකක් බස් එකක් ගානේ, කොච්චියක් කොච්චියක් ගානේ හැම තැනකම බෝම්භ පුපුරන නිසා. ඉස්සර පිටකොටුව බෝගහ හoදිය කියන්නේ මර උගුලක්. හැමදාම වගේ බෝම්බයක් පිපිරෙනවා. මිනිස්සු සියගානක් මැරෙනව..

ඒ කාලේ මමත් ඔය කොළඹ පැත්තෙ බස් එකක නැග්ගොත් ඉතින් ගැහි ගැහි තමයි යන්නේ.. මොකද ඉතින් කොයිවෙලාවේ පත්තු වෙයිද කියල කියන්න බෑනේ...(කරුමෙකට හරි පත්තුවෙලා බෙල්ල ගැලවිල ගියොත්...)

ඔය LTTE ත්‍රස්තවාදී බිය කොළඹ විතරක් නෙවෙයි ලoකවේ හැම පළාතකම වගේ තිබුණා. ඒත් අද වෙනකොට ඔය LTTE ත්‍රස්තවාදීන් අපේ විරොධාර රණවිරුවන් විසින් ලoකාවෙන් සහමුලින්ම තුරන් කරපු නිසා අපට කිසිම බයකින් සැකයකින් තොරව ලoකවේ ඕනම තැනකට යන්න පුළුවන් වෙලා තියෙනව. ඉස්සර මඩකලපුව,අලිමන්කඩ, වව්නියාව සිoහල මිනිස්සු නොයන( වැඩිපුර ) තැන් බවට පත් වෙලා තිබුනට අද වෙනකොට ඒවයි වැඩිපුර යන්නේ සිoහල මිනිස්සු. මේ සියල්ල අපිට උදාකර දුන්නේ අපේ විරොධාර රණවිරුවන් විසින්...

මට මේක ලියන්න හිතුනේ තවත් වැදගත් කාරණාවක් ගැන පුවත්පත් වලින් දැකගන්න ලැබුණ නිසා. මේක ඉස්සරහට කියවන්න කලින්
"සිoහලයට මොකක් හරි මතක හිටින්නේ සතියයි..... දෙකයි....!!!" කියන කියමනත් පොඩ්ඩක් මතක් කරගන්න..

අපේ විරොධාර රණවිරුවන් ප්‍රභාකරන් කියන මිනීමරුව මේ ලෝකෙන් තුරන් කරපු නිසා මිනිස්සු කොච්චර සතුටක් ලැබුවද..?? එක ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ. මේකේ සියළුම ගෞරවය හිමිවෙන්න ඕන රණවිරුවන්ට... ඒකාලේ හමුදාව ගැන ඉහලින් වර්ණනාකරල සිoදු, පොස්ටර්,කටවුට්, නාට්‍ය,...... තව කොච්චර දේවල් කරාද... ..???? මේවා වැරදි වැඩ නෙවෙයි. මේව හොද යහපත් වැඩ. මොකද තමන්ගේ ජීවිත්ය පරදුවට තියල ත්‍රස්තවාදීන් ගෙන් රට මුදවා ගන්න කරපු මෙහෙය ගැන හිතන කොට..

නමුත් අද තත්වය මීට වැඩිය හාත්පසින්ම වෙනස් වෙලා. අපේ විරොධාර රණවිරුවන් රටේ සියළුම දෙනාටම සදාතනික විජයක්ග්‍රහණයක් ගෙනත් දුන්නට ඒක හදවතේ තබා ගන්න ට බැරිවෙලා තියෙනවා.. එදා රණවිරුවන් ගැන මහ ඉහලින් වර්ණනා කල අයට ආබාධිත රණවිරුවෙකු බස් රථයකට හරි කොච්චියකට හරි නැග්ගම අසුනක් පවා දීමට පවා අකාරුණික වෙනවා......

එක් පුවත්පතක තිබුනා රණවිරුවන් වෙනුවෙන් සුභසාධනය වෙනුවෙන් අරඹපු "
අපි වෙනුවෙන් අපි" යන අරමුදලට ලැබෙන පරිත්‍යාග විශාල වශයෙන් අඩුවෙන බව. මුල් කාලයෙ දී ඉතා විශාල වශයෙන් මුදල් පරිත්‍යාග ලැබුනට දැන් මාසයකටම ලැබෙන මුදල රු: 30000 තරම් අඩුවී ඇති බවයි.

මේ පිළිබදව පුවත්පතක උපුටා ගැනීමක්:

2008 පෙබරවාරි මස පටන් මේ දක්වා "අපි වෙනුවෙන් අපි" අරමුදලට ලැබී ඇත්තේ රුපියල් මිලියන 677 ආධාර මුදලකි. එයින් පසුගිය වසරේ(2009) ලද ආධාර මුදල මිලියන පහක් පමණි. 2009 ජනවාරි මාසයේ රුපියල් මිලියන 2 ක් ලද අතර ඉන් පසු ක්‍රම ක්‍රමයෙන් යුධ උණුසුමත් සමග ස්‍රීග්‍රයෙන් වැඩිවන්නට විය. 2009 ජුනි මාසයේදී රුපියල් මිලියන 65ක් මුදල් ආධාර වශයෙන් ලැබී තිබුණි. ඒ යුධ ජයග්‍රහණයත් සමගය. යුධ ජයග්‍රහණය නිමාවත් සමගම යළිත් අපි වෙනුවෙන් අපි අරමුදලට ලැබෙන ආධාර මුදල සිග්‍රයෙන් අඩුවන්නට විය. එය කොතෙක් අඩුවී ද යත් 2009 දෙසැම්බර් මාසයට ලැබුනේ මිලියන 5ක් පමණි. මෙය 2010 ජනවාරි මසය වන විට මිලියන 2 දක්වා අඩුවිය.
සාමන්‍ය ජනයා විසින් මෙම වසරේ ලැබී තිබුනේ රු 254000 ක් පමණි. මේ වෙනුවෙන් මේ මාසය වන විට ලැබී තිබුනේ රුපියල් 30000ක් පමණි.

මේ විදිහට රණවිරුවා අමතක වෙන තත්වයක් පටන් ගත්තේ ප්‍රභාකරන් මරල අවුරුද්ද්ක් ගෙවෙන්නටත් කලින්... කොච්චර චාටර් වැඩක්ද....???

දැන් දකුණේ මිනිස්සු සෑහෙන මුදල් වියදම් කරගෙන උතුරේ සවාරි යනව,කොටින්ගේ බන්කර් බලන්න.. උන් කරපු විනාශය බලන්න.. ඒ සවාරි යන්නෙත් අපේ රණවිරුවන් ජීවිත කැපකරල උතුර මුදා ගත්ත නිසා..ඒ ගැනවත් හිතල ඔවුන් වෙනුවෙන් යුතුකම් ඉටුකරන්න පෙලගැසෙන්න.........

"රණවිරුවනි.... අපේ හදවතේ පළමු තැන ඔබයි...."






එදා කොටි ත්‍රස්තයන් විසින් කරපු විනාශය හා යුධ හමුදාව ලබාගත් ජයග්‍රහන.....














www.defence.lk


2 comments:

  1. හදවතින් අප කිසි දිනෙක ඔබ තනිකලේ නැත.......

    ReplyDelete
  2. අපි සැමදා රණවිරුවන් සමගයි..!!

    ReplyDelete