Sunday, October 31, 2010

Mega Star අවසන් තරගය එකම ගාලගෝට්ටියක් බවට පත් වෙයි...

*
*
*

මෙගා ස්ටාර් අවසන් වටය ඊයේ අවසන් වුනි... නමුත් මෙහි අවසාන මොහොත ඉතා රසවත් විය...රසවත් කියන්නේ වලියක් විය... සෑමදාම මර්වින් සිල්වා යන යන තැන කොක්කක් දමා ගන්නා නිසා මෙවරද එම සිදුවීම එලෙසම සිදුවිය..

මෙම තරගයේ අවසාන වටයට තේරී පත්ව තිබුනේ අජිත් වීරසිංහ,දයාසිරි ජයසේකර,උපේක්ශා ස්වර්ණමාලි,සුරේෂ ගමගේ තේරී පත්විය. මෙහි අවසාන ප්‍රතිපලය ලෙස අජිත් වීරසිංහ පලමු තැනටත්, දයාසිරි ජයසේකර දෙවන තැනටත්, උපේක්ශා හතර වන තැනටත් පත් විය..

මෙහි ජයග්‍රාහකයාට ත්‍යාගය ලබා දීමේදී නරඹන්නන් එයට විරුද්ධ වූ අතර එතනට ගිය මර්වින් සිල්වා වේදිකාව උඩ කිසියම් පුද්ගලයෙක් සමග පොර බදිමින් සිටි අතර ඔහුගේ ආරක්ෂකයන් ද වේදිකව වෙත දිව එන අයුරු දක්නට ලැබුණි. මෙවිට මෙගාස්ටර් වේදිකාව එකම ගාලගෝට්ටියක් බවට පත් වූ අතර නරඹන්නන් විසින් බෝතල් ප්‍රහාරද වේදිකාවට එල්ල වන අයුරු දැක ගන්නට ලැබුනි..... මෙම ප්‍රහාරයෙන් බේරීමට අවසන් වටයට තේරුනු තරග කරුවන් දිව යන අයුරුද සෝමා එදිරිසිංහ මහත්මිය වේදිකාවෙන් ඉවත් කරන අයුරුද දක්නට ලැබුණි...

දයාසිරි දෙවන තැනට පත් කිරීමත්, පබා හතරවන තැනට පත් කිරීමෙත් යටි අරමුන ලෙස ස්වර්නවාහිනියේ දේශපාලන නිර්‍රවත වසා ගැනීමක් ලෙස කිව හැකිය.

අවුරුද්දක් පුරාවටම බලා සිටි තරගය අවසානයේ වලි ස්ටාර් එකක් බවට පත්විය.



අවසානයේ දර්ශන













3 comments:

  1. ඔබ මේ තරගය නිවෑරදිව බලලා අවබොදයෙන් තොරව මේ ලිපිය ලියලා තියෙන බවයි තේරෙන්නේ.ඈත්තටම උනේ මර්වින් වේදිකාවට නෑගල ගුටි කෙලියක් නෙ නිර්මානය කලා නෙමෙයි.පලවෙනි තෑනට තෑගි දෙන්න සෝමා හදනකොට කුපිත වුනු මිනිනිස්සුයි ගහන්න පටන් ගත්තේඅ බෝතල් බිත්තර වලින් මර්වින් ඒ වෙලාවේ හිටියෙ පල්ලෙහා.පසුව එය සමත කරන්නයි වේදිකාවට ගොඩ උනේ.මේ වගේ දේවල් ලියද්දි වගකීමක් ඈතුව ලියන්න.

    ReplyDelete
  2. @Anonymousමට හිතෙන විදිහට ඔබ මේ ලිපිය අවබෝධ නොකර ප්‍රතිචාර දක්වා ඇති බව පෙනේ...මා කිසි තැනක මර්වින් සිල්වා නිසා වලියක පටන්ගත් බව කියා නැත.. ඔහු මෙවරත් පුද්ගලයන් සමග කලහාකාරි ලෙස හැසිරුන බව සදහන් කර නැත..කිසියම් පුද්ගලයෙකුට චෝදනාවක් ඉදිරිපත් කරයි නම් එය සැගවී සිට ඉදිරිපත් නොකරන්න...ඔබ මා මෙම තරගය අවබෝධ කර නොකර යැයී කීවද ඔබ මේ ලිපිය නිසියාකාරව අවබෝධ කර නොගෙන ඇති බව පෙනේ.... මොනාව උනත් ඔබගේ අදහසට ස්තූතියි

    ReplyDelete
  3. මම තමයි මර්වින් සිල්වා මට Email address එකක් නැතිනිසා Anonymous කෙනෙක් හැවියට තමා එන්න වුනේ. මගෙත් එක්ක ඉන්න මොඩයො ටික එකක් වත් හදන්න දන්නැනේ. මොනව උනත් කට්ටිය මට බයයි කියල මම දන්නවා. එක නිසා සමහර වෙලාවට මම කරන දේ මටම හිතාගන්න බැ. මම වෙදිකාවට නැග්ගේ දයාට හොදවයින් දෙකක් දෙන්න මොකද රොසි කොයිවෙලෙත් කියන්නේ දයා දයා දයා තමයි දිනන්නේ කියල. එවගේද පබා නංගි දිනුවනන්. කොහෙද ඉතින් මුන්ට.............

    ReplyDelete