Wednesday, May 16, 2012

තමාට කිසිවක් නොහැකියයි කිසිදිනකවත් පසුබට නොවන්න...Don't give up!


බර්සිලෝනා ඔලිම්පික් තරගාවලියේ තවත් එක් දවසක්...මීටර් 400 පිරිමි ධාවන තරගය ඇරඹීමට සූදානම්ව..........Derek Redmond මීටර් 400 ධාවන තරගයන්හි වාර්තා තබා ඇති ඉතා දක්ෂ ක්‍රීඩකයෙකි.ඔහුද මෙම තරගය සදහා තරග වැදීමට සූදානම්ව සිටියහ.ධාවන තරගයේ ඇරඹුම් සංඥාව ලබා දුන් පසු සියල්ලන්ම ජයග්‍රහණය බලා පොරොත්තුවෙන් ඉදිරියටම ඇදී ගියහ.Derek Redmond වෙනදාමෙන් අනෙක් සියළුම තරග කරුවන් පසුකරමින් ඉදිරියෙන්ම......නමුත් මීටර් 150ක් වැනි දුරකදී Derek Redmond පසුබෑමකට ලක්විය.ඔහුගේ පාදයේ හටගත් ආභාදයක් හේතුවෙන් ධාවනය පථය මත වේදනාවෙන් ඇද වැටුණි.


කාලය නතර කිරීමට නොහැක.සියළුම ක්‍රීඩකයන් මොහු අභිබවා ඉදිරියටම ගොස් හමාරය.ප්‍රේක්ශකයන් සියළු දෙනාමමොහු දෙස බලා සිටී....නමුත් මොහුගේ සිතේ අධිෂ්ඨානය ඇත්තේ තරගය නිමා කිරීමටය.මොහු තමාගේ වේදනාව ගැන නොසිතා ධාවන පථය දිගේ ඉදිරියටම ඇදුණි.බොහෝ පිරිස් මොහුව නැවැත්වීමට උත්සාහ කලහ.නමුත් ඔහුගේ අධිෂ්ඨානය කෙසේ හෝ තරගය නිමා කිරීමයි.
ඔහු නොනවත්වාම තම වේදනාව ගැන නොසිතමින් ඉදිරියටම ඇදුණි

ආරක්ෂකයන්ගෙන් මිදී කිසියම් පුදගලයෙකු පැමිනෙයි.වෙන කවුරුන් හෝ නොව ඒ ඔහුගේ පියානන්ය....

"ඔබ මෙය කිරීමට අවශ්‍ය නෑ...." පියාගේ ප්‍රකාශයයි.

"නැහැ.... මට මෙය කිරීමටම අවශ්‍යයි......" හැඩූ කදුලින්ම,

"හරි....එහෙමනම් අපි දෙදෙනාම එකතුවී තරගය අවසන් කරමු..."


ඔහු තම පියානන් සමග එකතුවි තරගයේ අවසානය කරා පැමිණියහ.65000 අධික ප්‍රේක්ෂකයන් පිරිසක් තම ආසන වලින් නැගිට අත්පොලසන් දීමට පටන් ගත්හ.

කිසිදාක ඔබ තමන්ට නොහැකියයි කියා සිතින් පසුබට නොවන්න.එසේ සිතා වැඩ කිරීමෙන් ඔබ කිසිවිටෙකත් පරාජයට ලක් නොවේ.....




මොහු මෙම බාසිලෝනා ඔලිම්පික් තරගාවලියෙන් අනතුරුව කෙරෙනු සැත්කමක් හේතුවෙන් නැවතත් ධාවන තරග වලට සහභාගී වීම හා තම රට නියෝජනය කිරීමට ඇති හැකියාව ඔහු වෙතින් ගිලිහී ගියහ.
නමුත් ධාවන තරගයන්ට සමුදුන් ඔහු Basketball ක්‍රීඩාව සදහා යොමුවිය. ඉතා සුළු කාලයකදී නැවතත් Basketball ක්‍රීඩාව හරහා තම රට නියෝජනය කිරීමට හැකියාව ඔහු ලබාගත්හ.

"ඕනෑම පුද්ගලයකු හිතින් ශක්තිමත්නම් කිසිම දෙයකින් පරාජය කිරීමට මෙන්ම,කිසිවෙකුටත් පරාජය කිරීමට නොහැක....."


*

උත්සාහය හා කැපවීම පිලිබදව තවත් ලිපියක්....

*
 

10 comments:

  1. වැදගත් ලිපියක්..ස්තූතියි දැනුවත් කරාට

    ReplyDelete
  2. මේක කලින් බලලා තියෙනවා, ඇඩේන්න එනවා. :'( share කරපු එක හොදයි

    ReplyDelete
  3. මගෙ ඇසට කඳුළක් ඉනුවා.....

    ReplyDelete
  4. වටින සටහනක් ..තවත් මෙවන් සරු අදහස් , ලිපි මේ සිංහල බ්ලොග් අවකාශය තුලට එක්කරන්නට හැකි වේවා යැයි පතමි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ...කිසියම් කෙනෙකුට බ්ලොග් එක කියවල තමාගේ ජීවිතයටකුමනහෝ යහපත් දෙයක් එකතුකර ගන්නවනම් ඒක මම ලබන විශාල ජයක්ග්‍රහණයක්

      Delete
  5. නියම ලිපියක් මේ වගේ චින්තනයක් තමයි අපිට අවශ්‍ය කරන්නෙත් අපේ රටේ දකින්න අමාරුත්.

    ReplyDelete