Saturday, January 15, 2011

අප්පට සිරි...!! මෙහෙමත් ගහක්.......(Redwoods)

මුලින්ම කියන්න ඕන පමල් ගේ සිතුවිලි බ්ලොග් අඩවිය බලන සියළුම දෙනාට බොහෝමත්ම ස්තූතියි... මොකද ඉතින් මේක බලන්න කවුරුවත් එන්නේ නැත්තම් ඉතින් බ්ලොග් ලියල මොනව කොරන්නද... ඕක නිසා තමයි මූණු පොතේ පමල් ගේ සිතුවිලි මිතුරු සමූහයක් හැදුවේ.. තවම ඒකට බැදුනෙ නැත්තම් මෙන්න මෙතනින් යන්න...

හරි ඔන්න එහෙනම් කතාවට බහිමු.. අද මම කියන්නේ ගහක් ගැන.. ගහක් කිව්වට මේක එසේ මේසේ ගහක් නෙවෙයි.මේක මේ මගේ යාළුවෙක්[MAX] මට පෙරලපු ගහක්..( ඒකියන්නේ මට කියපු news එකක්, මිනිහ මට පැපරාසිය කියල කිව්වට කියන මනුස්සයත් ඒවගේ තමයි පෙන්නේ :D :D :D) මේ ගහට ඉංගිරිසියෙන් නම් කියන්නේ Redwoods කියල... (සිංහල නම නම් මගෙන් අහන්න එපා ). මේ Redwoods ගහට අවුරුදු 1500ක් විතර වයසයි.. මේ ගහ පිහිටල තියෙන්නේ කැලිෆෝනියාවේ.... තියෙන ලොකුම විශේෂත්වය ටමයි මේකෙ උස... මේ පින්තූරයේ තියෙන අනිත් විශේෂ්‍යත්වය තමයි මේ පින්තූරය හදල තියෙන්නේ Redwoods ගසේ පින්තූර 84ක් විවිද උස් මට්ටම් වල ඉදල අරගෙන....!!! අනිත් කාරණය තමයි ලොකයේ පලමු වතාවට තමයි මෙහෙම Redwoods ගසක සම්පූර්ණ පින්තූරයක් අරගෙන තියෙන්නේ......

ලංකාවෙ වගේ මෙහෙම ගහක් තිබුණනම් ඉතින් ලී මුදළාලිලට ඉතින් රජ මගුල් තමයි... අවුරුදු ගානක්ම ලී ඉරන්න තිබුනා...!!!

පින්තූරය පේන්නේ නැත්තම් පින්තූරය උඩ ක්ලික් කරල zoom කරන්න

15 comments:

  1. patta gahak ne ban...!!!!

    ReplyDelete
  2. ඇයි සහෝ අහල නැද්ද ජය ශ්‍රී මහා බෝධිය ? අවුරුදු 2300 ක ලිඛිත ඉතිහාසයක් තියෙන ලෝකේ තිබෙන පැරනිම ගස..

    ReplyDelete
  3. @Anonymousඔව් සහෝ... මම ඒකත් පිළිගන්නවා.....!! ස්තූතියි මතක් කලාට :D :D :D

    ReplyDelete
  4. ඔය කියන විදියට අතු කෑල්ලක් කපාගත්තත් මදැයි නේද

    ReplyDelete
  5. @nawammawathaඑකනම් ඇත්ත... පුටුවක් වත් හදාගන්න පුළුවන්.. :D :D :D :D

    ReplyDelete
  6. ඔතෙන්ට අපේ උන් යන්න පටන් ගත්තොත් එහෙම සිහිවටන විදියටම කෑලි ගලෝගන ගහ බිමට පෙරලනවා.

    ReplyDelete
  7. මෙන්න මහින්ද කපනවනම් ගස්.....

    ReplyDelete
  8. සුනාමියක් එනකොට මේ ගහ තිබුනොත් නම් ගොඩ තමයි

    ReplyDelete
  9. @dineshඒකනම් ඇත්ත සහෝ..හරියට අපේ අය නුවර එළියෙ ගිහිල්ල හිටවන්න මල් අරන් එනව වගේ තමයි...

    ReplyDelete
  10. @janakaසුනාමියක් එනකොට මුදුනටම නැග ගත්තේනම් ඉතින් ගොඩම තමයි....!!

    ReplyDelete
  11. මෙක නම් මාර ගහක් නේ

    ReplyDelete
  12. කපනවනම් මෙන්න ගස්.......

    ReplyDelete
  13. මම නම් මේ POST එක්ට COMMENTS දාන්නෙ නෑ..!!!!!!! :)

    ReplyDelete
  14. @Anonymousඑකනම් ඇත්ත..කපනවනම් මෙන්න ගස්............. :D :D :D: :D

    ReplyDelete
  15. @මැක්ස්අවුලක් නෑ මචෝ.. post 1 හොයල දුන්නට ස්තූතියි.... :D :D :D: :D

    ReplyDelete