Friday, January 7, 2011

ශ්‍රී ලංකා යුධ හමුදාව වෙළද මාෆියාවට එරෙහිව....


දන්නව ඇතිනේ ලගකදි ඉදන් බඩුමිල උඩ ගිහිපු තරම්....ගෙදරකට ළුනු කිලෝවක්, පරිප්පු කිලෝවක් එහෙම ගේන්න ගියාම තමයි තරු පේන්නේ... කාලයක් තිබ්බනේ හොද බෙන්ස් කාර් එකකටත් වඩා ගෙදරට ගේන බඩු මල්ල වටින......!!!

මේ බඩුමිල ඉතා එක්මනින් ඉහල යන්නේ උත්සව සමයක් එහෙම එන කොට තමයි... බොහෝ විට එළවළු මිල ද මේ කාලයේ ඉතා සීග්‍රයෙන් ඉහල යනවනේ..... මේ කාලෙදි කළුකඩ මුදලාලිලට නම් ඉතින් රජ මගුල්...

මේ වෙළද මාෆියාව නවත්තන්න දැන් යුද හමුදාවත් කටයුතු කරන්න පටන් ගෙන....ඒ කියන්නේ යුධ හමුදාව සහන මිලට එලවළු ජනතාවට ලබා දීමට කටයුතු කරනවා... මෙකෙදි උඩරට ගොවීන්ගෙන් නියමිත මිල ගණන් වලට තොග වශයෙන් එලවළු අරගෙන ජනතාවට ඉතා සහන මිලට ලබා දීමට කටයුතු කරනවා..

මේකෙදි ඉතින් ජනතාවට නම් සහන මිලට එලවළු ලබා ගැනීමට හැකියාව ලැබුනත් ගොවීන් ගෙන් කුණුකොල්ලෙට එලවළු අරගෙන ජනතාවට ඉතා අධික මිලකට විකුනන අතර මැදි වෙළදුන්ට තමයි sorry.com වෙන්නේ....

6 comments:

  1. මේකනම් මැක්සා වැඩක්..මොකද වැඩි මිලට විකුනන අයට තමයි තරු පේන්නේ

    ReplyDelete
  2. This sounds like a really good idea. They already have the infrastructure with camps all across the county and vehicles to transport the goods.

    ReplyDelete
  3. http://www.bbc.co.uk/news/world-south-asia-12138540

    චාටර් වගේ නේද? වෙන වැඩක් නැති කමට එලෝලු විකුණනවා කිව්වහම :)

    ReplyDelete
  4. මේකනම් නියම වැඩක්... අඩුවට විකුණනවා කියලා ගහන්නයැ Army 1 ට ..හික් හික් හික්..

    ReplyDelete
  5. නියම මිලකට මිනිස්සුන්ට එලවලු ටිකක් ගන්න පුලුවන් නම් මේක ගොඩක් වටිනවා.හමුදාව බැරි නම් කවූරු විකුනුවත් එකේ ලාබය පොඩි මිනීස්සුන්ට ලැබෙනවා නම් අපි සතුටු වෙන්න ඔනි නේද?

    ReplyDelete
  6. ගොඩාක් හොඳ වැඩක්..!!!!!!

    ReplyDelete