Thursday, September 23, 2010

ebay සහ ලංකාවේ තැපැල් සේවය


අද තමයි එපාම කරපු දවස... ඒත් සදුදා තමයි සිරාම දවස. මොකද මෙච්චර කාලයක් බල බලා හිටපු මගේ coby MP4 Player එක ebay එකෙන් ඇවිල්ල කියල තැපැල් කන්තෝරුවෙන් ලියුමක් ආවා.. ඉතින් අද මාර fun එකේ ගියා ගන්න... කොහේද මන්දා අස්සකට ගියාට පස්සේ මගේ Player එක තියෙන පාර්සලය ගෙනත් දුන්න.. අප්පට සිරි.. ඒක පොලිතින් බෑග් දෙකකම දාලා... ඒ මදිවට තව සීලුත් තියලා ....මාර ආරක්ෂාවක්නේ ලංකාවේ තැපැල් සේවය අපේ බඩු වලට දෙන්නේ...

ඔන්න ඉතින් පාර්සලේ මගේ ඉස්සරහ කැඩුවා.. අප්පට බොල.. මදේ නෑ.. මට පොලව පලාගෙන යන්න හිතුනා...:( :( :( ඒකේ තිබුනේ එක ආපු පැකින් එකයි පොතයි විතරයි... මල හත්තිලව්වයි.. අනිත් ආතල් එක තමයි එවන කොට තිබුන බරයි, ගල්ලට ආවම තිබුන බරයි අතර සෑහෙන්න වෙනසක් තිබීම... ඒකියන්නේ මොකෙක් හරි මේක උස්සල බොරුවට බරක් සදහන් කරල ගාල්ලට එවල....මේව කාට කියන්නද..????

හොද වෙලාවට එක ගත්තෙනම් Top Rate sellerකෙනෙක් ගෙන්.. මෑන්ට පොඩි ෂේප් එකක් දාගෙන මොනව හරි කරගන්න ඕන... මෙච්චර කාලයක් ඉල්ලපු හැම බඩුවක්ම කිසි අවුලක් නැතුව ගෙදරටම ලැබුණා.. ඒත් මේකට තමයි කෙල උනේ....


ඔන්න ඕක තමයි ලංකාවේ තැපැල් සේවයේ හොදකම.. අනිව සිරා බඩුවක් තිබුනොත් උස්සනවා.... මාරයි හොදේ ලංකාවේ තැපැල් සේවය... මේ බව ebay එකේ seller ල හුගක් දන්නව... ඇතැම් අය ලංකාව තුලදී පාර්සල් අතුරුදහන් වීම (චුත වීම ) නිසා ලංකාවට භාණ්ඩ එවීම ප්‍රතික්ශේප කරනවා.. මේකනම් ලංකාවට විශාල කළු පැල්ලමක්...

මේවා ගන්න අය මොන හේතුවක් නිසා අනුන්ගේ පාර්සල් ගන්නවද මන්දා.....???

බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.....මම ඒවා ගැනත් ලියන්න තමයි හිතාගෙන ඉන්නේ....

22 comments:

  1. හුටා. මමත් බ්ලූටූත් හෙඩ්සෙට් එකක් ගත්ත. ඒකත් මේ කාලකන්නි ගල් කරයිද?

    ReplyDelete
  2. කීයක් උනාද බං ඔය ප්ලේයර් එක?

    ReplyDelete
  3. @Anonymousඒවනම් ඉතින් කියන්න බෑ... බඩු අතට එනකන් ෂුවර් නෑ...

    ReplyDelete
  4. මටත් ඔහොම වැඩක් උනා.හැබැයි ඒ පාර්සලේ මාරු වෙලා.පස්සෙ තැපැල් කන්තෝරුවෙන් ගෙදරට ඒ මාරුවෙච්ච එක්කෙනාගෙ ඇඩ්ඩ්‍රස් එක දීල ,ගිහින් එයත් එක්ක මාරුව ඇර ගන්න කිව්වලු.
    මාර තැපැල් සේවයක් මේක.සෝමාලියාවෙත් මීට වඩා හොද සර්විස් එකක් ඇති.

    ReplyDelete
  5. මගේ cooling pad එක order කරලා දැනට දවස් 20ක් වෙනවා තාම ආවේ නෑ. මොනව කරන්නද කියලා තේරෙන්නේ නෑ.සාමාන්‍යයෙන් ebay එකෙන් බඩුවක් එන්න කොච්චර කල් යනවද?

    ReplyDelete
  6. මිට කලින් කට්ටිය කිවනෙ බඩු ගෙදරටම එනව අවුලක් නෑතුව කියල.එයලා කිවෙ නෑනෙ අපි ඉදිරියෙ පාර්සල් කඩනව කියල.දන්න කෙනෙක් ඉන්නවනම් මෙගෑන කියන්ඩකො.මොකද මම ගන්ඩ් ඉන්නෙ අතිශයින් පෞද්ගලික දෙයක්.මම ඉස්සරහා පාර්සලය කෑඩුවොතින් පටි රොල් වෙනව..!

    ReplyDelete
  7. Ebay බඩු ගේන්න කොට registered airmail ගේන්න ගන්න ඒවට Tracking Numbers තියනවා

    ReplyDelete
  8. @ගිශාන්

    baduwa awe nattnam salli gewala 45 days yanna kalin case ekak open karanna ethakotha salli ganna puluwan

    ReplyDelete
  9. @punsisinetමට මේකට Tracking Number එකක් හම්බුනා... ඕක ආවේ registered තැපෑලෙන් තමයි.. අන්තිමේදි උනේ තැපෑලෙන් ආපු එකත් වාෂ්ප උන එක තමයි.

    ReplyDelete
  10. @punsisinetමම මීට කලින් ගත්ත සමහර බඩු වැඩ කරේ නෑ.. එතකොට ඒ වෙනුවට වෙන එකක් එවනවා... මේකට case එකක කරන්න කලින් seller එක්ක පොඩි ෂේප් එකක් දාගන්න ඕන..

    ReplyDelete
  11. @ගිශාන්සමහර බඩු වලට මාසයක් විතර යනවා... සමහර ඒව සතියකින් විතර එනවා.. මාසයක් ගිය ගමන්ම කියන්න බඩු ආවේ නෑ කියල.. ප්‍රතිචාරයක් දෙන්නේ නැත්තම් case එකක් ඔපෙන් කරන්න.. එතකොට සමහර විට තව එකක් දෙනවා.. නැත්තම් අනිවාර්යයෙන් seller ට සිදුවෙනව අපිට අපේ සල්ලි ආපහු දෙන්න

    ReplyDelete
  12. @Anonymousහුගක් බඩු ගෙදරට ම එනවා.. සමහර බඩු ලංකාවට එනකොට පාර්සලේ කවරේ ඉරිල එහෙම තිබුනොත් ඒ අය ඒක සීල් තියල අපිට ගන්න එන්න කියනවා.. සමහර බඩු TAX ගහන්න්නත් තියාගන්නවා.... ඇතැම්විට සැක හිතුනොත් ඒවත් තියාගන්නව..

    ReplyDelete
  13. wadak na bn katha korala owa gana looka horu oke inne.......

    mokakda post office 1?

    ReplyDelete
  14. @Rochanaමෙකේ ඉන්න හැමෝම ඔහොම නෑ.. ඇතැම් සුළුපිරිසක් පමණක් මෙසේ බඩු මාටියා ගැසීම නිසා මුළු තැපැල් දෙපාර්තමේන්තුවටම ලොකු අවනම්බුවක්...

    ReplyDelete
  15. ලංකාවෙ නම් විශ්වාස නැහ මොකද ඉතින් සේවයේ හිල් හුඟක් තියෙනවනේ බන්... අනේ මන්ද අපේ රටවල බයක් හැකක් නැතුව කවද වැඩ කෙරෙයිද කියල...

    ReplyDelete
  16. @පිස්සා පලාමල්ල
    එහෙම කාලයක් උදා වෙන්න තව සෑහෙන කාලයක් ගතවේවි....

    ReplyDelete
  17. munta hena gahanna one

    ReplyDelete
  18. මම HSDPA usb modem එකක් ගත්තා 35$ දීල.ඔන්න මම මාසයක් විතර බලන් ඉන්න්වා ඉන්නවා බඩු නෑ.සෙලර්ට කිව්වා බෑරිම තෑන.මිනිහා කියනවා මොඩෙම් එක Colombo වලින් ආපහු හරවලා යවලලු එවපු තෑනටම සල්ලි ඌනෙද ආයිත් එවන්නද ඈහුවා.මම ඉතින් ආපහු එවපන් කිව්වා.ද​ැන් Post office එකේ හිගන කාලකන්ණි ආය්ත් නවත්තගෙන ගෙදරට කොල කෑලි වගයක් එවනවා මට ඈවිත් ගන්න Tax එහෙම ගෙවලා.මම දෑන් මොකද කරන්නෙ ? මෙහෙම වෙන්න හේතුව මොකක් වෙන්න පුලුවන්ද ?

    ReplyDelete
  19. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  20. @Sirajඅපහු යව කියන්නේ seller ටම යවලද..??? එහෙම නම් වෙන්නේ හදිස්සියේදිවත් ලිපිනය එහෙම හොයා ගන්න බැරි වුනනහම නැවත seller ta යැවීමක් කරනවා.... ඒත් පුදුම වෙන්න ඕන ලංකාව වගේ රටකින් ආපහු selletට බඩුව යනව කියන එක..මොකද බොහෝ විට ඔය වගේ ඒව යන්නේ අපේ රටේ සමහරක් අයගේ සාක්කු වලට..නැතුව අයිතිකාරයට නෙවෙයි.... ගෙදරට ලියුමක් ආවනම් එක ගන්න අනිවා යන්න වෙනවා... ඒකට ඉතින් sry තමයි.. එතනදි පාර්සලය ගලවල ඇතුලේ තියෙන්නේ මොකද්ද කියල බලලා තමයි ඕක නිදහස් කරන්නේ.. ඒ එක්කම TAX ටිකකුත් ගහවි...

    ReplyDelete
  21. @Anonymous

    mamath bluetooth dongle 2k genna gaththa,ekatath galle post offfice yanna una ehe custum1kata.eka evala tibbe lium kavareka daala,eka nisa thamai ethana iddi kadala balanne,vena set1k ava gedaratama,eke pack1k open karanna puluvan nisa chek karala gedaratam avalaa.
    enisa evana vidiya anuva(kavare seal karala vage nam)anuva thama balanava eththe.Good luck

    ReplyDelete
  22. postoffice එකේ ඉන්න උන්ට වඩා අපේ වහෙලා බඩු ගෙදරටම අවත අවේ නැ කියල සල්ලි refund කරගන්නවා නේ. එක තමයි ලොකුම අවුල. එක තමයි ලංකාව ගොඩක් එවලින් exclude වෙලා තියෙන්නේ.

    ReplyDelete