Tuesday, May 8, 2012

එක Mouse එකක් සහ එක Keyboard එකක් PC කිහිපයක් සමග හුවමාරු කර ගනිමු


තවත් පාසල් මතකයක් නම් හිතට අවා ඒක ලියන්න තමයි බලාපොරොත්තුවෙන් හිටියේ.මතකයිනේ පාසල් කාලයේ පිස්සු නටපු හැටි. ඊයෙ ලියන්න හැදුවත්  දාගන්න Windows 8 install කරන හැටි කිව්ව නිසා ඒ පොස්ට් එක ත්වත් කල් ගියා වගේ....අද තව වෙන එකක්.කොහොම හරි ලියන්නම් ඒ පාසල් කාලයේ තවත් සොදුරු මතකයන් මේ ලිපියෙන් පස්සේ

අද කියන්න යන්නේ කොහොමද එක mouse එකක් සහ එක keyboard එකක් PC කිහිපයක් සමග හුවමාරු  කර ගන්නේ කොහොමද කියලා.අපේ ලැබ් එකේ මේ සීන් කෝන් එක කරල තියෙන නිසා මටත් හිතුන ලැප් දෙකයි ඩෙස්ටොප් එකයො සෙට් කරල බලන්න. වැඩේ ගොඩ.එක ලැප් එකක Facebook.අනිත් එකේ තවත් මගුලක්.. ඒ වැඩෙත් පොඩි ආතල් එකකුත් නැත්තෙම නෙවෙයි. මේක භාවිතා කරාම සියලුම පරිගනකයන් සදහා ඕන වෙන්නේ එක mouse එකක් හා එක keyboard එකක් විතරයි.එක පරිගනකයක තියෙන දෙයක් Copy කරල අනෙක් පරිගනකයේ Past කරන්නත් පුලුවන්. Drag & Drop වගේ.

මේකට හැබැයි connect කරන්න බාලාපොරොත්තු වෙන PC ඔක්කොම නෙට්වර්ක් කරගනන් ඕන. ලැප් දෙකක් නම් ඉතින් නෙට්වර්ක් ජැක් එකක් ගැහුවහම ගොඩ.නැත්තම් WIFI වැඩේ තිබ්බත් නෙට්වර්ක් කරගනන් පුලුවන්.මටනම් 4port router එකක් තිබුන නිසා වැඩේ ගොඩ. මේකට පොඩි software කෑල්ලක් තමයි තියෙන්නේ. බොහෝ දෙනෙක් දන්නවත් ඇති.නොදන්න අයත් ඇති.නොදන්න අයට දැන ගන්න තමයි ඉතින් කියන්නේ..මොකද මේ සීන් කෝන් එක මමත් කලින් අහල තිබුනට කරල බැලුවෙ අද නිසා.මම දන්න තරමින් software දෙකක් තියෙනවා.ඒත් මම පාවිච්චි කරන්නේ නම්  පලවෙනියට තියෙන link එකේ එක.ඒක ගිහින් භාගන්න. ඊටපස්සෙ තියෙන්නේ mouse එකයි keyboard එකයි හුවමාරු කිරීමට බලාපොරොත්තුවන PC වල ඒ software  එක install කර ගැනීමයි.වැඩේ ලේසියෙන්ම කරගන්න පුලුවන්.




* Share Mouse

* Synergy




පිලිබදව අදහසක් ගන්න පහත වීඩියෝව බලන්න








ප.ලි මේ මම දන්න දෙකක්.තව මේ පිලිබදව දන්න් ආය ඉන්නවනම්  පහතින් දැණුම බෙදා ගන්න

3 comments:

  1. වැදගත්..පට්ටයි....පට්ටයි...

    ReplyDelete
  2. For more information visit below link.

    http://www.trickslanka.com/tips-and-tricks/use-a-single-mouse-for-multiple-computers/

    ReplyDelete