Monday, January 31, 2011

ඇත්තටම එයාර්ටෙල් ඩයලොග්ව කොපිකරලද......??

නව වසර උදාවෙල දැන් මාසයකුත් ගෙවිල ඉවරයි.. දැනුනෙම නෑ වගේ.. මේ අවුරුද්දත් යාවි නිකන් රොකට් එක යනව වගේ....
කොයි කවුරුත් ඉතින් අලුත් අවුරුද්ද උදාවෙන්නත් කලින් කොහෙන් කොහෙන් හරි ගෙදර බිත්ති වැහෙන්නම කැලන්ඩර් හොයාගන්නවනේ.... අන්න ඒක නිසා මේ post එක කැලැන්ඩර සීන් එකක් ගැන...
පහල පින්තූර දෙක බලන්න.. හරියට බැලුවොත් පේවි 2010 ඩයලොග් කැලැන්ඩරය 2011දි එයර්ටෙල් කැලැන්ඩරය වෙච්ච හැටි....




DIALOG 2010 Calendar







Airtel 2011 Calendar



මේක හරියට dialog ව airtel කොපිකරන්න පටන් ගෙන තියෙනවා වගේ වැඩක් නේ.... :D :D :D :D
.
.

Sunday, January 30, 2011

ICC world cup 2011 schedule :: 2011 ICC ලොක කුසලානයේ කාලසටහන



ලෝක කුසලානයත් දැන් ලග ලගම එනව නේ... එක නිසා ශ්‍රී ලංකාවේ මෙන්ම වෙනත් රටවල් වල සිටින ක්‍රිකට් ක්‍රීඩා රසිකයන් ට දැන් රජ මගුල්... මොකද ලංකාවෙත් මැච් කිපයක්ම පැවැත්වෙනවනේ..... ඔන්න ඉතින් ඒක නිසා මම කට්ටියටම දැන ගන්න icc world cup 2011 එකේ කාල සටහන දෙන්න හිතුනේ....







ICC world cup 2011 schedule
(පේන්නේ නැත්තම් පින්තූරය උඩ කරන්න)











Saturday, January 29, 2011

BBC - Space Odyssey - Voyage To The Planets :: ඉදිරියේදී සිදුවිය හැකි සිදුවීමක්


මගේ ප්‍රියතම වැඩසටහන් වලින් එකක් තමයි BBC documentaries බැලීම.. මොකද ඉතින් ලංකාවේ TV චැනල් එකක් දැම්මොත් ඉතින් උදේට කෑමක් උයාවි.. නැත්තම් කාගේහරි මූණක ක්‍රීම් ගාවි.. නැත්තම් කාට කාට හරි රෙදි අන්දවන හැටි කියා දේවි... නැත්තම් ඉතින් රෙදි කපාවි.. කේක් හදාවි....නැත්තම් ගොඩ පීනනව වගේ විය්‍යායාම කරන හැටි කියා දේවී... ඕවනේ ඉතින් ලංකාවේ TV චැනල් වල බලන්න තියෙන්නේ... එක නිසා තමයි ලගකදි මම බලපු BBC - Space Odyssey - Voyage To The Planets කියනbbc documentary එක ඔයගොල්ලන් එක්ක බෙදා ගන්න හිතුවේ..

තවත් වසර කිහිපයකදී (වසර 40ක් 50) කදී පමණ සිදුවීමට හැකිදෙයක් තමයි මේ bbc documentary එක මගින් කියවෙන්නේ... හැබැයි මේක කියනවට වඩා හොදයි මේක download කරලම බලනවනම්... එකේ torrent එක මම පහලින් දීල ඇති. මෙහි අන්තර්ගතය කියනවනම් ගගණගාමීන් පස් දෙනෙකු නම් Pegasus යානයේ නැගීසෞරග්‍රහ මණ්ඩලයේ සියලුම ග්‍රහයන් වෙත ගොස් පරීක්ශන සිදුකරන ආකාරයයි.. මෙම ගමන මෙහෙයුම පෘතුවියෙන් ආරම්භ කොට මෙහෙයුම අවසාන කර නැවතත් පෘතුවිය කරා ඒමට ඔවුන්ට දින 2241 ක් ගත වෙනවා... මෙහිදී ඔවුන් ගේ යානය විවිද කාර්මික දෝෂයන්ට ලක්වන ආකාරය හා ඒවා නිවැරදි කරගෙන ඉදිරියටම යන ආකාරය මෙන්ම එක් ගගණගාමියෙකු මිය යෑමත්, යානය සූර්යයා ආසන්නයෙන් ගමන් කිරීමේදී සිදුවන සිදුවීම් ද ග්‍රහයන් මතදී පරීක්ශන සිදුකරන විටදී සිදුවන සිදුවීම් හා විශාල පාශාණයක් ඔවුන් ගේ යානයේ ගැටීම ට යන ආකාරය හා ඔවුන්ට මුහුණ දීමට සිදුවන බිහිසුණු අද්දැකීම් මෙම bbc documentary මගින් ඔබට නැරබීමට හැකියාව තියෙනව...

අභ්‍යවකාශය ගැන උනන්දුවක් දක්වන අය ඉන්නවනම් මේක බලන්න..... ලගකදි මම බලපු හොදම bbc documentary කියල මටනම් කියන්න පුළුවන්


BBC - Space Odyssey - Voyage To The Planets documentary එක මෙතනින් DOWNLOAD කරගන්න..........






















Monday, January 24, 2011

PC World 2011 February edition download කර ගන්න...

PC World 2011 February edition තාම download කරගත්තේ නැත්තම් මෙන්න download කරගන්න.....!!!

download කරන්න

Sunday, January 23, 2011

PBS Special Celtic Woman Songs from the Heart 2009 live concert


celtic women කියන කණ්ඩායම සමහරක් අය දන්නවත් ඇති... ඔවුන්ගේ Songs from the Heart 2009 live concert එක තමයි අද මම දෙන්න හිතුවේ..

(මම නම් මේක Download කරල බැලුවා.. සිංහලෙන් කියනවනම් පට්ටම පට්ටය..... කැමතිනම් download කරගෙන බලන්න)

celtic women කණ්ඩායමේ ගීත වලට ප්‍රියකරන කට්ටිය ඉන්නවනම් මෙන්න Torrent එක


click here to download



Wednesday, January 19, 2011

භාතිය සහ පොඩි මල්ලී (අපිනොදන්න live)::::Api Nodnna Live Podi Malli with Bathiya


Youtube පැත්තේ රවුමක් ගහ ගහ ඉන්න කොට තමයි මේ වීඩියෝ එක හම්බුනේ... කොයි කවුරුත් ආදරය කරන දෙන්නේක් නේ පි නොදන්න live එකේ පොඩිමල්ලි සහ ජනප්‍රිය ගායකයෙක් වන භාතිය. ඔවුන් දෙදෙනා 1995 වර්ශයේ එක්ව ගැයූ ගීතයක් තමයි මේ...






Tuesday, January 18, 2011

අද නම් මට ටිකක් විතර විශේෂ දවසක්.....




අද නම් ටිකක් විතර විශේෂ දවසක්...ටිකක් කිව්වට ඉතින් ටිකක්ම නෙවෙයි... මට නම් සෑහෙන්න සතුටු දවසක්..මොකද අද තමයි මගේ බ්ලොග් අඩවියේ සියවන ලිපිය ලියන්නේ... මෙතේක් පුරාවට බ්ලොග් කෙරුවාවෙත් රසවත් දෑත් බොහෝමයක් තිබුනා... මෙතරම් කාලයක් පමල් ගේ සිතුවිලි බ්ලොග් අඩවිය හා බැදුනු ඔබට බෙහෙවින් ස්තූතියි..

ඉතා සරළ තැනින් ආරම්භ කරපු මගේ බ්ලොග් අඩවිය දැන් තිබෙන තත්වය ගැන මම බෙහෙවින් සතුටු වෙනවා...ඒ සියල්ලටම හේතුව තමයි ඉතින් බොලොග් අඩවිය කියවන දන්නා හා නොදන්නා, ලංකාව තුල හා ලෝකය පුරා සිටින පමල් ගේ සිතුවිලි බ්ලොග් අඩවිය හා බැදුණු කට්ටිය තමයි..අනික තමයි ලියපු ලිපි වලට මොනව හෝ ප්‍රතිචාර දැක් වූ අයවත් මා ඉතා ආදරයෙන් මතක් කර සිටිනවා(ඒ කියන්නෙ ඉතින් cmnt එකක් දාපු නැති කට්ටිය නැතුව නොවෙයි හොදේ....)

එසේම බ්ලොග් අඩවිය ආරම්භ කර කාලයේ Facebook එකේ අනුන්ගෙ තාප්පවල බ්ලොග් අඩවිය ගැන පෝස්ටර් අලවපු මගේ යාලුවො සෙට් එකටත් ඉතින් බොහෝමත්ම ස්තූතිය් ඔන්න... වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.. :D :D :D
එමෙන්ම මෙහිදී බ්ලොග් අඩවියේ පලවන ලිපි ප්‍රචාරය කරන සිංඩි වලටද බෙහෙවින් ස්තූතියි..


බ්ලොග් අඩවියේ මතක සටහන්...


  • සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් වීම




  • හත්මාල්ළුව බ්ලොග් කියවනයට ඇතුලත් වීම


  • ලාංකීය බ්ලොග් කියවනයට ඇතුලත් වීම





  • සින්ඩිලංකා හි සතියේ ජනප්‍රිය බ්ලොග් අඩවියට තේරී පත් වීම.




  • පමල් ගේ සිතුවිලි නිල මිතුරු සමූහය

  1. Pamal Ge Sithuwili - පමල් ගේ සිතුවිලි

**
(ඉදිරියේ දී එම අඩුපාඩු නිවැරදි කර ගනිමින් ඔබ වෙත දැණුම , විනෝදය ගෙන ඒම සදහා මෙම බ්ලොග් අඩවියේ යම යම් අඩු පාඩු එහෙම තියෙනවනම් කියන්න........)


Sunday, January 16, 2011

මෙහෙමත් ගෙම්බො

මතකනේ මේ දවස්වල ඉතින් අවට පරිසරය ගැනමනේ ලිපි ලිව්වේ...මතකනේ අර කලින් ලියපු ලිපිය. අප්පට සිරි මෙහෙමත් ගහක්...(Redwoods) .බැලුවෙ නැත්තම් බලන්න

අදත් පෙන්නෙන්න යන්නේ අප වටා තියෙන පරිසරයේ සිදුවන සිදුවීමක් ගැන...

ලයිට් ගිලපු ගෙම්බෙක්

(පෙන්නේ නැත්තම් පින්තූරය උඩ ක්ලික් කරන්න)




දැක්කනේ එ ලයිට් ගිලපු ගෙම්බා... එහෙනම් බලන්න පහල තියෙන පින්තූරය දිහා... අප අවට ඇති පරිසරය තුල සුන්දර අදහාගන්නත් බැරි කොතරම් දේ තියෙනවද කියල... එහෙනම් ඉතින් පොඩි උත්සාහයකුත් දාල බලන්න මෙතන ගෙම්බො කීයක් විතර ඉන්නවද කියල... :D :D :D


Saturday, January 15, 2011

මුල් පිටුව පෙරල පෙරල බලමු.......

මතකනේ ඊයේ ගස් කතාව... බැලුවෙනැත්තම් මෙන්න....අද උදේ පාන්දරම පත්තරේ පොඩ්ඩක් බලල වැඩ පටන් ගන්න තමයි හිතුවේ.. සාමාන්‍යයෙන් අපි පත්තර බලන්නේ පෙරල පෙරලනේ.. ඒත් net වලින් බලනවනම් එහෙම බලන්න බෑනේ.. නමුත් ලංකාදීප පුවත්පත නම් net ඉදගෙන පෙරල පෙරල පත්තරේ බලන්න පුළුවන්.... කරන්න තියෙන්නේ පිටුව උඩ click කරගෙනම mouse pointer එක drag කරන එක විතරයි... එහෙනම් ඉතින් පත්තරේ බලලම ඉවරයක් කරල ඉන්න.... මෙතනින් පිවිසෙන්න

අප්පට සිරි...!! මෙහෙමත් ගහක්.......(Redwoods)

මුලින්ම කියන්න ඕන පමල් ගේ සිතුවිලි බ්ලොග් අඩවිය බලන සියළුම දෙනාට බොහෝමත්ම ස්තූතියි... මොකද ඉතින් මේක බලන්න කවුරුවත් එන්නේ නැත්තම් ඉතින් බ්ලොග් ලියල මොනව කොරන්නද... ඕක නිසා තමයි මූණු පොතේ පමල් ගේ සිතුවිලි මිතුරු සමූහයක් හැදුවේ.. තවම ඒකට බැදුනෙ නැත්තම් මෙන්න මෙතනින් යන්න...

හරි ඔන්න එහෙනම් කතාවට බහිමු.. අද මම කියන්නේ ගහක් ගැන.. ගහක් කිව්වට මේක එසේ මේසේ ගහක් නෙවෙයි.මේක මේ මගේ යාළුවෙක්[MAX] මට පෙරලපු ගහක්..( ඒකියන්නේ මට කියපු news එකක්, මිනිහ මට පැපරාසිය කියල කිව්වට කියන මනුස්සයත් ඒවගේ තමයි පෙන්නේ :D :D :D) මේ ගහට ඉංගිරිසියෙන් නම් කියන්නේ Redwoods කියල... (සිංහල නම නම් මගෙන් අහන්න එපා ). මේ Redwoods ගහට අවුරුදු 1500ක් විතර වයසයි.. මේ ගහ පිහිටල තියෙන්නේ කැලිෆෝනියාවේ.... තියෙන ලොකුම විශේෂත්වය ටමයි මේකෙ උස... මේ පින්තූරයේ තියෙන අනිත් විශේෂ්‍යත්වය තමයි මේ පින්තූරය හදල තියෙන්නේ Redwoods ගසේ පින්තූර 84ක් විවිද උස් මට්ටම් වල ඉදල අරගෙන....!!! අනිත් කාරණය තමයි ලොකයේ පලමු වතාවට තමයි මෙහෙම Redwoods ගසක සම්පූර්ණ පින්තූරයක් අරගෙන තියෙන්නේ......

ලංකාවෙ වගේ මෙහෙම ගහක් තිබුණනම් ඉතින් ලී මුදළාලිලට ඉතින් රජ මගුල් තමයි... අවුරුදු ගානක්ම ලී ඉරන්න තිබුනා...!!!

පින්තූරය පේන්නේ නැත්තම් පින්තූරය උඩ ක්ලික් කරල zoom කරන්න

බිරින්දෑවරුන් හතරදෙනා........


මට ලැබුන email එකකින් උපුටා ගත්තු දෙයක්.. මේ කියන කතාව ඇත්ත වගේ තේරෙන හින්ද තමයි කට්ටියත් එක්ක මේ ලිපිය බෙදාගන්න හිතුනේ.. කියවලම බලන්න.........


ඔන්න එක රටක බොහොම පොහොසත් වෙළෙන්දෙකුට බිරින්දෑවරුන් හතරදෙනෙක් හිටියා. ඔහු එයාල හතර දෙනාට සැලකුවේ ප්‍රමාණයෙන් වෙනසු වූ හැඳි කීපයකින්.

එයා හතර වන බිරිඳට තමයි වැඩියෙන්ම ආදරය කලේ. එයා ගැන හොඳට සොයාබැලූ අතර සෑම හොඳ දෙයක්ම අරන් දුන්නා.

දෙවන තැන ලැබුනේ තුන්වන බිරිඳට. එයාව හැමකෙනාටම පෙන්වන්න එයා වඩා කැමති වුනා. නමුත් ඇය වෙනත් අයෙකු හා යයි කියා පොඩි බයකුත් තිබුනා.

තුන්වන තැන ලැබුනේ දෙවන බිරිඳට. ඇය ඔහුට බොහෝ සෙයින් මිත්‍රශීලී වුනා. ඔහුට යම් කරදරයක් වූ විට ඔහු කෙලින්ම ගියේ ඇය වෙත.

අවසාන තැන ලැබුනේ පළමු බිරිඳට. ඔහු ඇය ගැන ඒ තරම් තැකීමක් නොකල නමුත් ඇය ඔහුට බොහෝ සෙයින් ආදරය කලා.

දවසක් මේ වෙළෙන්දා හොඳටම ලෙඩ වුනා. ඔහුට හිතුන දැන් ඔහු මැරෙන්නයි යන්නෙ කියලා.

ඔහු ඔහුගේ හතර වන බිරිය අමතා මෙසේ ඇහුවා. “මම ඔයාට හැමදේම ලබා දුන්නා. මම යන ගමන යන්න මමත් එක්ක එනවද?”. “කොහෙත්ටම බැහැ” ඇය කීවේ එපමනයි.

එයින් සිත රිදවාගත් ඔහු තුන්වන බිරිය අමතා මෙසේ ඇසුවේය “මම ඔබව මම යන යන තැන එක්කන් ගියා. මමත් එක්ක මේ ගමන යන්න එනවද?” තුන්වන බිරිය පැවසුවේ “නැහැ මට බැහැ, ඔයා මැරුනම මම වෙනත් කෙනෙක් වෙත යනවා.” යනුවෙනි.

එයින් ඔහුගේ හදවත නැවතීමටද ගිය අතර නැවතත් දෙවන බිරිඳගෙන් මෙසේ ඇසීය. “මට දුකක් කරදරයක් වෙන සෑම වෙලාවකම ඔබ මගේ ලඟ හිටියා. මින් ඉදිරියටත් එහෙම ඉන්නවද?” “මට කරන්න පුළුවන් උපරිම දේ තමයි ඔබව මිනී වලට ගෙනිහින් දාන කල්ම ඔබ ලඟ ඉන්න එක.”

මෙම පිළිතුරෙන් ඔහුගේ සිත මුළුමනින්ම ඇද වැටුනි.

එක්වරම තවත් කටහඬක් අවදිවූ අතර ඔහු ඔලුව ඔසවා බැලූ විට ඔහු ඉදිරියේ සිටියේ පළමු බිරිඳයි. ඇය ඔහුට මෙසේ කීය. “ඔබ කොහේ ගියත් මම ඔයත් එක්ක එනවා.”

“මට ඔයාගැන මීට වඩා හිතන්න තිබුනා.” යයි පවසමින් වෙළෙන්දා මිය ගියා.

දැනමුතුකම:
ඔබ දන්නවද අපි සෑම කෙනාටම මෙවැනි බිරින්දෑවරුන් හතරදෙනෙක් ඉන්න බව.

01 – හතරවන බිරිඳ වන්නේ අපගේ ශරීරයයි.
අපි එයට කොපමන සැලකුවක් මැරෙන මොහොතේ එය අප හැර යනවා.

02 – තුන්වන බිරිඳ වන්නේ ජීවිත කාලය තුල රැස් කරගත් ධනය හා තත්වයයි.
එය අප මැරෙන විට අප දමා ගොස් වෙන අයෙකු වෙත යයි.

03 – දෙවන බිරිඳ වන්නේ අපගේ නෑදෑයන් සහෝදරයින් සහ යහළුවන්ය.
ඔවුන් අප මියගිය පසු වල වෙත යන තෙක්ම අප හා සිටියි.

04 – පළමු බිරිඳ වන්නේ අපගේ සිතයි.
අප කෙදිනක හෝ නිර්වාණය සාක්ෂාත් කරගන්නා තෙක් සිත අප සමඟ සිටියි.

Wednesday, January 12, 2011

මූණු පොතේ certificate...


මූණු පොතේ certificate එක තාම ගත්තේ නැද්ද...??? මෙන්න එහෙනම් ගන්න

Friday, January 7, 2011

ශ්‍රී ලංකා යුධ හමුදාව වෙළද මාෆියාවට එරෙහිව....


දන්නව ඇතිනේ ලගකදි ඉදන් බඩුමිල උඩ ගිහිපු තරම්....ගෙදරකට ළුනු කිලෝවක්, පරිප්පු කිලෝවක් එහෙම ගේන්න ගියාම තමයි තරු පේන්නේ... කාලයක් තිබ්බනේ හොද බෙන්ස් කාර් එකකටත් වඩා ගෙදරට ගේන බඩු මල්ල වටින......!!!

මේ බඩුමිල ඉතා එක්මනින් ඉහල යන්නේ උත්සව සමයක් එහෙම එන කොට තමයි... බොහෝ විට එළවළු මිල ද මේ කාලයේ ඉතා සීග්‍රයෙන් ඉහල යනවනේ..... මේ කාලෙදි කළුකඩ මුදලාලිලට නම් ඉතින් රජ මගුල්...

මේ වෙළද මාෆියාව නවත්තන්න දැන් යුද හමුදාවත් කටයුතු කරන්න පටන් ගෙන....ඒ කියන්නේ යුධ හමුදාව සහන මිලට එලවළු ජනතාවට ලබා දීමට කටයුතු කරනවා... මෙකෙදි උඩරට ගොවීන්ගෙන් නියමිත මිල ගණන් වලට තොග වශයෙන් එලවළු අරගෙන ජනතාවට ඉතා සහන මිලට ලබා දීමට කටයුතු කරනවා..

මේකෙදි ඉතින් ජනතාවට නම් සහන මිලට එලවළු ලබා ගැනීමට හැකියාව ලැබුනත් ගොවීන් ගෙන් කුණුකොල්ලෙට එලවළු අරගෙන ජනතාවට ඉතා අධික මිලකට විකුනන අතර මැදි වෙළදුන්ට තමයි sorry.com වෙන්නේ....

දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ....

මේක හම්බුනේ email බක්කිය බලබල ඉන්න කොට..... දන්නව ඇතිනේ දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය.. දැනට ඒකේ බොහෝ කටයුතු අවසන්.. මේ තියෙන්නේ එම මාර්ගයේ තත්ව පරීක්ෂණ (Road Testing) කරන අයුරු...


















Wednesday, January 5, 2011

තවත් facebook spam එකක්ද....??


අද facebook log වුනාම තමයි මේක දැක්කේ... මට හිතෙන විදිහට මේකත් වෙනදා වගේ spam එකක්.. මීට කලිනුත් ඔය වගේ සෑහෙන spam applications ප්‍රමාණයක් facebook එකේ තිබුනා... මේක click කරොත් අපි දන්නේත් නැතුව යහලුවන්ගේ wall වලට මේ email එක පිලිබදව post එකක් යනවා.. තව ඉතින් මොනව වෙනවද කියල කියන්න බෑ...හොදම වැඩේ තමයි මේක click නොකර ඉන්න එක...!!!!







*
*
*

Saturday, January 1, 2011

නව වසරට යාළුවන්ට සුභ පතන්න...

ලැබුවා වූ නව වසර සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා... කලින් ලිපියේ සුභ පැතූ සැමටම ස්තූතියි... මේ මම 2011 අළුත් අවුරුද්දේ ලියන පළමු ලිපිය.. මේකත් හොද ඒක එක සුභ පැතුම යවන්න තමයි..
මේන්න වේබ් එක.. ගිහිල්ලම බලන්න....!!!