Friday, April 15, 2011

මොකද්ද මේ ආපහු සුනාමියක් එනව කියන කතාව......????



මුලින්ම කියන ඕන ඔය ගොල්ලො හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා......!!!! :D :D :D

මේ දිනවල කාටත් ඇහිල ඇතිනේ පොඩි කට කතාවක් යනව අප්‍රේල් 10ත් 20ත් වගේ අතර ආපහු සුමාත්‍රා දූපත් අසල සිදුවන භූමිකම්පාවක් නිසා සුනාමි තත්වයක් ඇතිවෙනව කියල... මේ අනාවැකිය පල කරේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අතුල සේනාරත්න මහත්මා විසින්. එතුමා විසින් සිදුකරන ලද දීර්ඝ පරීක්ෂණ මගින් මේ අනාවැකිය සිදුකොට තිබෙනවා.එතුමා පවසන පරිදි මෙතෙක් කල් පුරාවටම සිදුවූ භූමිකම්පා පිලිබදව නිරීක්ෂණය කිරීමේදී ඉහල අහසේ ග්‍රහ පිහිටීම් වල යම් සමානකමක් ඇතිබව තහවුරු වී තිබෙනවා... ඒකියන්නේ මෙතෙක් සිදුවූ භූමිකම්පා සිදුවූ ප්‍රදේශයන්ගේ ඉහල අහසේ ග්‍රහ පිහිටීම් වල යම් යම් සමානකමක් ඇතිබව සොයාගෙන තියෙනවා.

එවැනි ග්‍රහ පිහිටීමක් මේ අප්‍රේල් මාසයේ 10ත් 20ත් වගේ අතර සුමාත්‍රා දූපත් අසල ඉහල අහසේ ඇතිවන නිසා ඒ හේතුව අනුව තමයි තුල සේනාරත්න මහතා මෙම අනාවැකිය ප්‍රකාශකොට තිබෙන්නේ.. මෙහි සැල කිල්ලට ගතයුතු විශේෂත්වය වන්නේ ජපානයට බලපෑ භූමිකම්පාවත් මෙතුමා විසින් කලින් ප්‍රකාශකොට තිබීමයි.

නමුත් ආපදා කලමණාකරන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටින්නේ තමන් පැය 24 පුරාවටම්ම මේ පිලිබදව අවධානමෙන් සිටිනා අතර මෙවැනි දෙයක් සිදුවන විට ඒබව කලින්ම ජනතාවට දැනුන්දීමට හැකි තාක්ෂණයක් ලංකාව සතු බවයි.

ඔන්න ඉතින් දැන් කට්ටිය බය වෙන්න එපා හොදේ... පොඩ්ඩක් මේ පිලිබදව අවදානමෙන් ඉන්න....මොකද මේක අනාවැකියක් විතරයි............



19 comments:

  1. අප්පට සිරි... ඔය කතාව මටත් ඇහුනා... අපි නිවාඩුවට යන්න හදපු ට්‍රිරිප් එකත් කැන්සල් කරා.....

    ReplyDelete
  2. කිව්වත් වගේ ඇත්තටම ඒවිද...??

    ReplyDelete
  3. ඒ වුනාට අද රාත්‍රි පුවත් විකාශයේ [2011/04/15] රාත්‍රි 8.00 ට ඔහු පැවසුවේ භූමි කම්පාව සිදු වුණත් සුනාමිය ඒමට ඉඩකඩ ඉතාම අඩු බවයි.

    ReplyDelete
  4. අලේ අලේ.. මං ඉවලෝ.. මල කෙළියයි.. ජූලි දායයි... මං එදාට මීගමුවේ ඉල්ලේ.. අලේ මට බැලියෝ.... ඉහි.. ඉහි... ( ඈ බං ජෝක් නෙවෙයි සිරාවටම මේක එයිද?)

    ReplyDelete
  5. මල්ලි ඔය කස්ටිය සුනාමි කියන එක්කත් දෑන ගත්තෙ 2004 බයිල තමා

    ReplyDelete
  6. අනේ මන්ද කෝකටත් අවදානයෙන් ඉන්න එක හොදයිනේ.

    ReplyDelete
  7. harima bayanaka thathwayak ne pamal ayyee...??

    ReplyDelete
  8. mewa ithin deiyanta bharai

    ReplyDelete
  9. mama danna sarthka kramaya thamai sathva charya(visesayen ballange) adyayanaya kireema

    ReplyDelete
  10. @අසංකඒකනම් ඉතින් හරියටම කියන්න බෑ.... ඒත් ඉතින් පොඩ්ඩක් විමසිල්ලේන් ඉන්න අකනම් හොදයි වගේ...... :D : D :D

    ReplyDelete
  11. @Anonymousඔව් නේ..... දෙයියිඅන්ටම භාරයි.....!!!! :D :D

    ReplyDelete
  12. @Anonymousඒකනම් ඇත්ත සහෝ.... මොකද කලින් සුනමිය ආපු වේලාවේ ඊට කලින් සතුන්ගේ අසාමාන්‍ය හැසිරීම් බොහෝමයක් දැකගන්ට හැකිවෙලා තිබුනා...

    ReplyDelete
  13. @lakshanනැතුව නැතුව... හරිම භයානක තත්වයක් තමයි......

    ReplyDelete
  14. @නදී...ඒකනම් ඇත්ත..... කොකටත් පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න එකනම් හොදයි...

    ReplyDelete
  15. මට තෙරෙන විදිහට එක දවසක් තුල භුම්ක්ම්පා විශාල ප්‍රමානයක් භූ තෑටි ආසන්නයේ වෙනවා.භුමික්ම්පා සංවේදක වලට හසුවන කලාප වල ඒවා වාර්තා උනත් සංවේදක නෑති කලාප වල සිදුවන ඒවා වාර්තා නොවේ. අපට ආසන්න ග්‍රහලොක වල හා චන්ද්‍රයා ගේ පිහිටිම අනුව මෙවා අඩු වෑඩි වශයෙන් විය හෑකීයි.නමුත් භූමිකම්පාවක් නිසා සුනාමි තත්වයක් අතිවේද යන්න කලින් කිව නොහෑකියි යන්නයි මගේ අදහස. *** i am not a professor, this comment is according to my knowledge and viewpoint.check the following link
    http://www.iris.edu/seismon/

    ReplyDelete
  16. ඒක හරි මචං.....ඒත් භූමි කම්පාව වැඩි ප්‍රබලත්වයකින් ඇතිවෙන්න පුළුවන්නම්...සුනාමියක් එන්නෙ නැහැ කියලත් කලින් කිව නොහැකියි නේද..??

    ReplyDelete
  17. මෙතුමාගේ උත්සහය අගය කලයුතු උනත්,මෙම ක්‍රමය ගැන විශ්වාසය තැබීමට තවම කල් වැඩි බවයි,මගේ අදහස,මොකද මේ ග්‍රහ පිහිටීමි හා භූමි කම්පා අතර සම්බන්දය තවම නිරීක්ශනයක් විතරයි. ඒ නිසා මේ අදහස තවම කල්පිතයක් විතරයි.අනාවැකි පලකරන්නේ විද්‍යාත්මකව සිද්දාන්ත උපයෝගී කරගෙන.කල්පිත හා සිද්දාන්ත අතර වෙනසවත් වටහා නොගෙන මෙවන් අදහස් ප්‍රකාශ කිරීම එතුමාගේ තත්වයටත් නොවටින බවයි මගේ අදහස...

    ReplyDelete
  18. දැන් ඕක ආවෙ නැත්තන්, ඕක කියපු එකාට මොකක්ද අපි කරන්නෙ

    ReplyDelete