Sunday, September 12, 2010

මොබිටෙල් සහ M-Tune වෙළද ප්‍රචාරය







ශ්‍රී ලංකාව තුල ඉතා ජනප්‍රිය දුරකථන ජාලයක් බවට මොබිටෙල් සමාගම පත්වී ඇතිබව නොරහසකි. නමුත් මෑතක සිට ඔවුන් දුරකථන සදහා ලබාදෙන M-Tune සේවාව ප්‍රචාරය කිරීමට යොදාගෙන ඇති ආකාරය දුරකථන පාරිභෝගිකයන්ට මහත් පීඩාවක් වී ඇත. මෙහිදී ඔවුන් තම සේවාව පිළිබදව දුරකතම ඇමතුමක් මගින් පාරිභෝගිකයාට ලබා දෙන අතර එම ඇමතුම ලබා දෙන වේලාවද ඔවුන්ගේ කැමැත්ත පරිදි සිදුවේ.
ඇතැම් විට මගීන්ගෙන් පිරී ඇති බස් රථයක ගමන් කිරීමේ දී අපහසුවෙන් උවද දුරකථන ඇමතුම ලබා ගත් විට එහි පවසන්නේ ඔවුන්ගේ එම ප්‍රචාරක දැන්වීමය.

ජංගම දුරකථනය ලග නොමැති අවස්ථාවක එය නාදවනවා ඇසුනුවිට පවා සියලු වැඩ කටයුතු අතහැර දුරකථනය වෙත දිව යන්නේ ඇතැම් විට එය හදිසි ඇමතුමක් විය හැකි බැවිනි. නමුන් එම ඇමතුමට ප්‍රතිචාර දැක්වු විට එහි පවසන්නේ ඔවුන් ගේ වෙළද දැන් වීමයි....

අපහට මොබිටෙල් ජංගම දුරකථන සමාගමේන් ඇසීමට ඇත්තේ අප ඔවුන් ගේ සේවාව ලබා ගත්තේ හදිසි අවස්ථාවන් සදහා අපහට ඇමතුම් ලබා ගැනීමටද...?, නැතිනම් ඔවුන්ගේ වෙළද ප්‍රචාරක ඇමතුම් සදහා සවන් දීමටද..??

13 comments:

  1. සම්පූර්ණ ඇත්ත... මේක නං මාරම හිසරදයක්!

    ReplyDelete
  2. මුන්ට කිව්වට අහන්නෙ නෑනෙ. ටී.ආර්.සී. එකටවත් පැමිණිලි කරමුද?

    ReplyDelete
  3. @උන්නැහේ (පිලේ පැදුර)හිසරදයක්ම තමයි... සමහරවිට කරන වැඩ ඔක්කොම නවත්තල ඔවුන්ගේ වෙළද දැන්වීම අහගෙන ඉන්න වෙනව..

    ReplyDelete
  4. @කුම්භකර්ණයාකාට පැමිණිලි කරත් ඔවුන් ඔවුන්ගේ ප්‍රචාරක කටයුතු දිගටම පවත්වාගෙන යාවි

    ReplyDelete
  5. Owa Ganan ganna apa machan ,,, Networt aka thiyaganna oya wagee dewal karanna wenawa,, Mobitel kiyanne Pansalak newey ,, Business Akak..

    ReplyDelete
  6. @Ymp3onlineමොනව කරන්න ද..?? අප්පිරියාවෙන් වුනත් ඕක අහගෙන ඉන්න වෙනවා..!!

    ReplyDelete
  7. @AKP Priyalබිස්නස් එකක් වුනාට පරිභෝගිකයව අපහසුවට පත්කිරීම එතරම් සුදුසු ක්‍රියාවක් නෙවෙයි....

    ReplyDelete
  8. mobitl mtune ekanam malama mamala wathayak...mama dawasak mobitel ekata katha karala ahuwa me calls ena eka disable karanna puluwanda kiyala....un "umbeeee" kiwuwa

    ReplyDelete
  9. @Anonymousඋම්බෑ කියන්නෙ නැතුව ඉතින් වෙන මොනව කියන්නද....???
    :) :) :)

    ReplyDelete
  10. ඒක ඇත්ත.
    ටී.ආර්.සී එකෙනුත් නීති දාන්නෙ දුරකථන සමාගම් වලට වාසි වෙන විදියට.අවම ගාස්තුයි කියල එකක් ගෙනාව.ඒකෙ‍නුත් අවාසි උනේ පාරිබෝගිකයින්ට.මේවයි පාරිබෝගිකයින්ට වන හිරිහැර නවත්වන්න නම් ඔවුන් පියවර ගන්නෙ නෑ.Internet වල කියන Speed එක නෑ.මේව ගැන නම් හොයන්නෙ නෑ.

    ReplyDelete
  11. @Roshanඕවා පටන් ගන්න කොට නම් කියන්නේ අඩුවට දෙනවා.. මෙච්චර ඇමතුම් කාලයක් නොමිලේ දෙනවා කියලා...ඒත් අරගෙන ටික කාලයක යනකොට තමයි වැඩේ තේරෙන්නේ.....

    ReplyDelete