Monday, September 27, 2010

ebay පාර්සල් තැපැල් කාර්යාලයෙන් නවත්තන්නේ ඇයි...??? [ebay සහ ලංකාවේ තැපැල් සේවය]


අදත් ඔන්න ebay ගැන.. මට මේ දවස්වල ebay ම තමයි. මොකද මගේ Coby Mp4 Player එකට කෙලියනේ.. එක ඕනෙනම් මෙතනින් බලන්න. බොහෝ දෙනාට තියෙන ගැටළුවක් තමයි ebay එකෙන් එන අපේ සමහර බඩු Post Office එකෙන් නවත්තන්නෙ ඇයි කියලා. අද ඒක ගැන මම දන්න විස්තර ටිකක් කියන්න්නම්.

අද වෙනකොට අපේ කට්ටියට ebay එක ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.. ඉස්සර මම ebay වෙබ් එකටත් යන්න බයයි.. හදිස්සියේවත් මොකක් හරි ක්ලික් වෙලා මට සල්ලිගෙවන්න වෙයි කියලා.. මාරම බයක් තමයි..

හරි අපි මාතෘකාවට බහිමුකෝ.. හුගදෙනෙක් ebay වලින් බඩු ගැනීමේදී ඔවුන්ගේ බඩු ගෙදරටම එනවා.. නමුත් සමහර බඩු අපි තැපැල් කාර්යාලයට ගිහින් ගැනීමට සිදුවෙනවා. Phone වගේ එකක් ගෙන්න්වනවනම් බොහෝ දුරට තැපැල් කාර්යාලයෙන් නවත්තගන්නවා. මොකද රජයට ඒ වෙනුවෙන් අපි බදු ගෙවන්න සිදු වීම නිසා. ඇතැම් විට භාණ්ඩයේ විශාලකම නිසා ද මෙසේ තැපැල් කර්යාලයෙන් නැවැත්වීම සිදු වෙනවා... (අපේ කටිය Lap, Xbox ගේන කොට නම් මේ කට්ට සෑහෙන්න කෑවා..) ඔය වෙලාවට ඉතින් තැපැල් කාර්යාලයට ගිහින් බදු ගෙවීමෙන් අනතුරුව අපේ භාණ්ඩය නිදහස් කර ගැනීමට හැකියාව පවතිනවා..

ඇතැම් අවස්ථාවන් හිදී පාර්සලය ලංකාවට පැමිනීමේදී කැඩි තිබීමක් සිදුව තිබුනහොත් එවිටද අපගේ පාර්සලය ලබා ගැනීමට තැපැල් කන්තෝරුවට යෑමට සිදුවෙනවා. මේසේ පාර්සලය නැවැත්වීමේන් අනතුරුව ඒ පිලිබදව නිවසට ලිපියක් මගින් දැනුම් දීම සිදුවෙනවා....

එමෙන්ම ඇතැම් සැකකටයුතු අවස්ථාවන් හිදී ද මෙසේ නැවැත් වීම සිදුවෙනවා... කිසියම් හෝ ආකායකින් තැපැල් කාර්යාලයට යාමට සිදු උවහොත් රේගු නිළධාරීන් ඉදිරියේ අපේ පාර්සල කැඩීමක් සිදුවෙනවා..

බොහෝ විට Top-rated sellers මගින් භාන්ඩ ගැනීමේ දී ඔවුන් පාර්සලයේ ඇතුලත ඇති දෑ පිළිබදව සදහනක් කරනවා..නමුත් ඇතැම් sellers මගින් භාණ්ඩ ලබා ගැනීමේදී ඔවුන් පිටත Gift හෝ Toys යන්න සදහන් කර එවීම මගින් බොහෝ විට තැපැල් කාර්යාලයේ නැවතීම වළකිනවා. මේය අපි භාණ්ඩය ලබා ගැනීමේදී අදාල seller සමග කතා කොට කර ගනීමට සිදුවෙනවා...

මා මේ ලිපිය පල කරේ මගේ අද්දැකීම් වලට අනුවයි.. මේම ලිපිය සදහා ඔබ දන්නා තොරතුරුද ඇතුලත් කර දැණුම බෙදා ගැනීමට එක් වන්න......

23 comments:

  1. වැදගත් ලිපියක් !!

    ReplyDelete
  2. habi ban mona wediyata mark karat nawathi eka nawathinawa

    lanawe gift da toye da kiyala na hodata TAX gahanawa

    ReplyDelete
  3. @punsisinetඔව් ඉතින්.. තව ටික කාලයකින් ලංකාවේ හුස්ම ගන්නවටත් Tax ගහවි

    ReplyDelete
  4. අනේ මන්ද බන්.
    වටිනාකමින් වැඩි බඩු ගෙන කොට තාම කේස් එක එන්නේ.

    ReplyDelete
  5. @gani01වටිනා කමින් වැඩි ඒව ගේනවනම් DHL හරි Fedex වලින් හරි ගේන්න..එතකොට ආරක්ෂාව හොදයි

    ReplyDelete
  6. ඕනෑම රටක් ඇතුලට භාණ්ඩයක් එනකොට ටැක්ස් ගහන එක සාමාන්‍ය දෙයක්. කස්ටම් ඔ‍ෆිසර්ස් ලා ගාව පොඩ්ඩක් Talks දීලා tax එක අඩු කර ගන්න ඕන. හරිම වදයක් වෙන්නෙ නවත්ත ගත්ත item එකෙ RJ45 හරි RJ11 හරි port එකක් තිබ්බොත් තමයි. ඉතින් TRC ගිහිල්ල Clearance අරන් එන්න ඕනේ. ඉතින් යමල්ලකො නිවාඩු දාගෙන. ඇයි TRC එකට බැරි එයාලගෙ officer කෙනෙක් එතන තියන්න....?

    ReplyDelete
  7. eBay සම්බන්ධයෙන් ඔබ ලියු ලිපි දෙකම කියෙවුවා...

    මාත් දැන් සෑහෙන කාලෙක ඉඳන් eBay හරහා නොයෙකුත් දේ ගෙන්වගෙන තියෙනවා... මගේ අත්දැකීම් අනුව ගත්තත් ඔබ කියල තියෙන දේවල් හරියටම හරි...

    ReplyDelete
  8. @sansarasiduස්තූතියි ඔබේ අදහසට....

    ReplyDelete
  9. @Anonymousekanam aththa thamae..munta barida manda mokek hari ewanna...

    ReplyDelete
  10. මම නම් eBay වලට අලුත්. order කරපු පලවෙනිම භාණ්ඩේ තාම අවේ නෑ.order කරේ Sept 3 වෙනිදා.මට නම් ඕක එයිද කියලවත් sure නෑ.කොයිකටත් මම seller ට කිව්වා.එයා තව සතියක් බලලා අවේ නැත්නම් full refund එකක් දෙන්නම් කිව්වා.මොනවා උනත් ලංකාවේ තැපැල් සේවය ගැන කියලා වැඩක් නෑ.පුදුම හොරු තොගයක් ඉන්නේ.

    ReplyDelete
  11. @ගිශාන්ස්තූතියි ඔබේ අදහසට...කොහොමත් සමහර බඩු වලට එන්න මාසයක් පමණ කාලයක් යනවා.. නමුත් ඇතැම් බඩු සතියකින් විතර එනවා.. එමෙන්ම සමහර බඩු සතියෙන් දෙකෙන් ලංකාවට ආවත් ගෙදරට එන්න තව කාලයක් යනවා...

    ReplyDelete
  12. @Anonymousස්තූතියි ඔබේ අදහසට.. බොහෝවිට Phone එකක් ගෙන්නුවොත් නම් මේ කට්ට කන්නම වෙනවා.. එතකොට ඉතින් ඒක ගන්න කොළඹම යන්න වෙනවා.. නමුත් ඇතැම් විට මොකක් හරි ෂේප් එකක් දාගෙන වැඩේ කරගන්නත් පුලුවන්.

    ReplyDelete
  13. Ebay 1n badu ganda credit card 1k thiyendama onada? Wena krama thiyenawada? wdrdil@gmail.com

    ReplyDelete
  14. අම්මෝ, post office එකේ වුන් හොඳයි, අර පාහර custom කුනු කන කාක්කන් ගෙන් තමා බේරෙන්න බැරි.. මාව දවස් 4 වටේ යැව්වා.. මාත් එක්කම ඊලගට හිටපු බිස්නස්කාරය ගෙ -phone 3ම clear කරල යැව්ව.. මාව TRC යවලා, imports & exports controller office එ‍ක‍ට‍ ය‍ව‍ල‍ ර‍ස්‍ති‍යා‍දු‍ ක‍ර‍ල‍ ත‍ව‍ NTB tax එකම 2පාරක් ගහල තමා release කලේ.. ඒ එක phone එක්කට.. හොඳම වැඩේ තමා එවන බොක්ස් එකේ CUSTOM DECELERATION එකේ GIFT හරි වෙන ඒ වගේ මොකක් හරි ලියන්න කියල SELLER ට කියන එක.. ලෙසියෙන්ම ගෙදරට එනවා කිසිම අවුලක් නැතිව.. :)

    ReplyDelete
  15. @Fido_D seller එහෙම කියල ගැහුවොත් හුගක්ම ලේසි.. ඒත් එක්කම seller ta කියල භාණ්ඩයේ වටිනාකම අඩුවෙන් ගහල එවන්න කිව්වත් හරි..ඒත් ඔය කොහොම කරත් සමහර බඩු ලංකාවෙදි අනිවා ගලවල බලනවා..හොද බඩුවක් උනොත් ඉතින් ඒකට මාටියා තමයි.. මම ගෙන්වපු බඩු වල කවරයේ සෙලෝටේපය ගැලවී තිබුනා කියල හැමදාම ගහල එවනවා... කතුරකින්වත් කපාගන්න බැරි සෙලෝටේප් නිකන්ම ගැලවෙන්න විදිහක් නෑනේ....

    ReplyDelete
  16. DHL වලින් ගෙන් වන විට මවුන් ගෙවන්න ඔන කොහමද

    DHL වලින් phone එකක් ගෙන් නුවත් TAX ගෙවන්න වෙයිද

    ReplyDelete
    Replies
    1. එවැනි සමාගම් වලනම් නීති තදයි..ඔබට අනිවාර්යයෙන්ම TAX ගෙවීමට සිදු වෙනවා

      Delete
  17. මචන් ebay එකෙන් බඩු ගෙන්නව ගන්න හැටි කියල දීපන්.

    ReplyDelete
  18. machn nodana thibba dewal tikak mae blog post ekn dana gathha........ekata akta katath godak thanks...

    dan mage kathwa.....:D

    mage friend knk nm phone ekak genna gaththa but second hand ,habai gedaratama badu avilla...kisima avulak nthuwa.....

    so mamath last week order kala phone ekak..seller ekka katha karala gift ekak vidihata adu ganakata claim karanna kiyala kivuva,...but menna ada mata letter ekak ava colombo post office ekn......badu ehe nathra vela....

    dan ithn invoice ekath aran yanna venwa...ethkota mara upset eka venne...item ek thynne eka ganak..mage invoice eka thyenne thwa ganak...:P kohamahari ekath hada gahtha seller ta kiyala.....

    dan mekai avula.....okata TAX kochhcra gahaida manda......palce ekka man dakka 13%k gahanawa kiyala kohama veida danne naha......TRC letter ekak ganna veida danneth naha...kavuruhari dannwanm kiyanna.....ganna oneda kiyala....

    habai phone hari vena mokakhari gennagaddi DHL,TNT wage evalin gennuwoth TAX wadinwalu mara vidihata.....man dakka place ekka dla thibba 23,000 k phone ekata 8000k tax vaduna kiyala...hondama dae thami noraml post ekn genna gana eka.....habai me matiya gahana scene nm ithn chtr.....anith ayage item horen horen ganna evuntanm ithn hariyannema naha...gewanna venawa ovalta...........

    ReplyDelete
  19. අනේ යාළුවනේ මට ලොකු උදවුවක් ඕනේ..
    මට රට ඉදල Phone එකක් ආවා. Fedex ප්‍රවාහන සේවයෙන් තමයි ආවේ. ඒ ත් phone එකක් නිසා රේගුවෙන් එවන්නේ නැ... විදුලි සංදේශ නියාමක කොමිසන් සභාවෙන් ලියුම් එහෙමත් ඕනෙලු. මට මේ පිළිබද ලොකු අවබෝදයක් නැ.. දන්න කෙනෙක් ඉන්නවා නම්, මේ විදියට ආපු phone ගත්ත කෙනෙක් ඉන්නවා නම් මට උදව් කරන්නකෝ...... මේ ගැන පලවෙච්චි ලිපි පිළිබද link එහෙම තියෙනවා නම් ඒවත් එවන්න. (මට comment කරන්න විදියක් නැ, මගේ කොමන්ට් බ්ලොක් කරලා; ඔයාලට පුළුවන් විදියට මට උදව් කරන්න)

    ReplyDelete
    Replies
    1. mata call ekk denna saho, man kiyala dennam - 071 7635426

      Delete
    2. mata call ekk denna man udau karannam - 071 7635426

      Delete