Saturday, September 18, 2010

අපි කළු කරොත් වැරදිද........????????



දන්නවනේ ඉතින් ලංකාව ගැන...... හැමදාම මොකක් හරි අලුත් නීතියක් දොරට වඩම්මලා නේ දවස පටන් ගන්නේ.. මේකෙන් ඉතින් ගොඩක් වාසිවන්නේ පොලීසියේ කට්ටියට තමයි.(හැමෝම නෙවෙයි,සමහරක් අයට ) හොද කෙලින් පාරක වාහනේ ටිකක් හයියෙන් යන්න බෑ.. මීටරේ ගහල කියනව තොගේ වේගේ වැඩී හයිස්පීඩ් කියලා.... පාරේ තියෙන සුදු ඉරක් කපන්න බෑ.. හරියට ඒව උඩින් ගියාම ඉරි ගෙවෙනව වගේ.. ඉරි කපන එක ඉතින් වැරදි තමයි.. ඔය නීති නැත්තම් ඉතින් කොටි ඉන්න කාලේදි කිව්වා වගේ කොළඹ ගිහින් ගෙදර එනකම් ෂුවර් නෑ වගේ පාරට ගිහින් එනකම් ෂුවර් නෑ කියල කියන්න වෙනවා..ඉරක් තියෙන තැනක බස් එකක් නවත්තල තිබුනොත් ඉතින් බස් එක යනකම් අපි බස් එකේ පිටිපස්සට වෙලා ඉන්න ඕන.. මොකද ඉරි කපන්න බෑනේ.. :D :D

දැන් ලගකදි ඉදල ක්‍රියාත්මක වෙන අළුත් නීතිය තමයි වාහනයක ඇති වීදුරු කළු කරන්න බෑ කියන එක.. මේක දැනට සමහර පළාත් වල ක්‍රියාත්මක වෙන බව අසන්නට ලැබෙනවා.. සොරිම තමයි..මේ නීතිය අනුව වාහනයක නිෂ්පාදිත සමාගම විසින්ම වීදුරු කළු කර ඇති වාහන මෙම නීතියෙන් බේරෙනවා.. මේකට අහුවෙන්නේ අවුවේ යනකොට ඇතුල රත් වෙන එක ටිකක් හරි අඩුකරගන්න, AC එකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න උත්සාහ කරන අයට තමයි. වෙන නීති වල වගේම මේ කළු නීතියටත් අහුවුන ගමන්ම ඉතින් දඩ කොලේ ලියවිල ඉවරයි.

කොටි ත්‍රස්ථවාදීන් උතුර රජ කරන කාලේදිනම් ආරක්ෂක හේතුන් මත මෙම නීතිය තිබ්බද කොහෙද..??( මටනම් එහෙම එකක් මටක නෑ..)

බොහෝ අය වාහනයක වීදුරුවක් අදුරු කරන්නේ,
*ඇතුලත රත් වීම වළක්වා ගැනීමට
*AC එකෙන් උපරිම ප්‍රයෝජනයක් ගැනීමට
*අලංකාරය සදහා

මේ මොනව උනත් මේ නීතියත් වලංගු වෙන්න සාමාන්‍ය ජනතාවට තමයි.. මැති ඇමතිවරුන් වගේ පුද්ගලයන්ට මේ නීතිය නෑ... මොකද ඒ අය අවුවේ යනකොට කළු වෙනවනේ..

3 comments:

  1. නුවරදී අපේ අක්කාගේ වෑන් කටුව නවත්තලා පොලෝසියෙන් සද්දේ දාලා තිබුණා කලු කොරලා තියෙන ඒවා ගලවන්න කියලා.. හැබැයි තාම ගැලෙවේවේ නම් නෑ.. හිහ් හිහ්

    මහ අසාධාරණ නීතියක් මේක!

    ReplyDelete
  2. බල්ලට ගිය නීතියකුයි... පොලිසියකුයි විතරයි තියෙන්නේ

    ReplyDelete
  3. @Anonymousඒකනම් ඇත්ත... සමහර නිලධාරීන් නිසා ඕක ඔහොම වෙනව...

    ReplyDelete