Sunday, September 26, 2010

පරිසර හිතකාමී සන්ණිවේදන කුළුන....(ශ්‍රී ලංකාවේ)

මේ සන්ණිවේදන කුළුන තියෙන්නේ සිතුල්පව්ව රජමහා විහාරයේ..මම කතරගම යන ගමනේදී තමයි මගේ කැමරාවට හසුකර ගත්තේ... සිතුල්පව්ව රජමහා විහාරයේ කියන්නේ අලංකාර පරිසරයක් තුල පිහිටා තියෙන ප්‍රසිද්ධ පන්සලක්.. මේ පන්සල කරා දිනෙන් දින බොහෝ ජනයා ඇදී ඒම හේතුවෙන් ඔවුන්ට පහසුකම් නොඅඩුව සපයා දීමට උත්සාහ කර තිබෙනවා.. මේ අතර දුරකථන පහසුකම් ලබා දීමටත් කටයුතු කොට තියෙනව.. ඒ නිසා තමයි පන්සලේ කන්ද මුදුනේ දුරකථන කුළුනක් ඉදිකොට තිබෙන්නේ..

නමුත් ඉදිකිරීමේදී මුහුන දුන් ප්‍රධානම ගැටළුව තමයි ස්වාභාවික පරිසරයේ අලංකාරය ආරක්ෂා වන අයුරුන් නිර්මාණය කිරීම. මේ නිසා තමයි මෙය ඉදිකිරීමේදී පරිසරයේම පවතින දෙයක් ලෙස නිර්මාණය කිරීම. බැලූ බැල්මටනම් පෙනෙන්නේ මෙය ගහක් වගෙයි.. ලංකාව තුල ඇතැම් නිර්මාණ කිරීමේ දී පරිසරය විනාශ නොකර මේ ආකාරයෙන් ඉදිකිරීම් ගොඩනගනවා නම් කොතරම් අගේද....???

පින්තූර ලොකු කරල බලන්න ඕනේ නම් පින්තූරය උඩ click කරන්න





මීට කලින් ලිපියක විදුලි රැහැනක් ඇද තිබූ ආකාරය දැක්වෙන ලිපිය මෙතනින් බලන්න..

13 comments:

  1. මෙහෙම කණුවක් ජාතික කෞතුකාගාරේ හරියෙත් තියෙනවා නේද ?

    ReplyDelete
  2. ඒකත් මරු... අපි සිතුල් පව්වේ යන කාලේ ඔය කුළුණු නෙවෙයි මොබයිල් තිබුනෙත් නෑ මයෙ හිතේ.. ගඩොල් බෑයවල් නෙ තිබුනේ ඒ කාලේ..මොනව උනත් හොඳ අයිඩියා එකක්

    ReplyDelete
  3. අයිඩියා එකනම් නියමයි. නවීන තාක්ෂණය පරිසර හිතකාමී විදියට යොදා ගත්තොත් කාටත් සුබදායී වෙයි.

    ReplyDelete
  4. @sameerausaමේක දැකපු ගමන් මටත් හිතාගන්න බැරි උනා මේ මොකද්ද තියෙන්නේ කියල... මොනව උනත් තාක්ෂණය අපි හිතනවටත් වඩා වේගයෙන් වර්ධනය වෙනවා

    ReplyDelete
  5. @Praසන්னඒකනම් ඇත්ත කතාවක්... අදකාලයේ මොකක් හරි ඉදිකිරීමක් කරන කොට පරිසරය පිළිබදව කිසිම සැලකිල්ලක් දක්වන්නේ නෑ...

    ReplyDelete
  6. @Hasithaඒකනම් මම හරියටම දන්නේ නෑ

    ReplyDelete
  7. ෂං මේක ඇත්තක් ද කියලත් හිතෙනව...
    කොහොම උනත් හොඳ දෙයක්. පෝස්ට් කරල අපිත් එක්ක බෙදාගත්තට ස්තූතියි..

    ReplyDelete
  8. අද කාලේ ඉදිකිරීම් කරණකොට පරිසරය ගැන හිතන්නේ නැතැයී කියනා බොරුව දාලා තමයී අපේ ගමේ ගල් පලේ ගල් පලන්නේ. අද කාලේ අපි, පෙර කාලෙට වඩා පරිසරය ගැන බොහෝම හිතෙනවා. වත්තේ ගස් පවා ඉතිරි කරලා, ඒ වටේ ගෙවල් බැදීම අලුත් මොස්තරේත් වෙලා. අපිට වඩා දියුනු රටවල, මිනිස්සු වත්තේ ගස් වලට රක්ෂණයන් පවා ලබා ගන්නවා. මොකද, එක ගහකින් වත්තේ වටිනාකම විශාල ලෙස වැඩි වෙනවා. තවමත් පරිසරය ගැන තකන්නේ නැත්තේ පරණ පරම්පරාවේ උන්දෙලා තමයී.

    ReplyDelete
  9. @koluඔබේ අදහස්ට ස්තූතියි සහෝ... ඔබ කියනා අදහසේද යම් සත්‍යතාවයක් තිබේ.. නමුත් නුතනයේ මිනිසා විසින් පරිසරයට කර ඇති හානිය ගැන සැලකීමේදී අතීතයට වඩා නූතනයේ පරිසරය රැක ගැනීමට මහත් උත්සාහයක් දැරිය යුතුය. මන්ද දැනටමත් ස්වාභාවික පරිසරයේ බොහෝ ප්‍රමාණයක් මිනිසා විසින් විනාශ කර හමාරය. නමුත් අතීතයේ ජනගණය ඉතා අඩුවීම නිසා ඉදිකිරීම් අඩු වීම නිසා ස්වාභාවික පරිසරය බොහෝසෙයින් ආරක්ෂා වුනා..එසේම ඔවුන්ට පරිසරයට විශාල හානියක් කිරීමට තරම් කාර්යයන් තිබුනේ නෑ

    ReplyDelete
  10. ෂා.. මරුනේ.. මේක නම් නියම අදහසක්!

    ස්තූතියි මේක අපිත් එක්ක බෙදා ගත්තාට.

    ReplyDelete