Friday, September 3, 2010

සේයි සාධු ගෙට් ඉන්ටුද බෝට් ඇන්ඩ් කම්.......




මතකනේ මම අර ජයසිරි මහත්තයා ගැන කියපු කතාව.. මතක නැත්තම් මේතනින් බලන්න. ඔන්න ඉතින් ජයසිරි මහත්ත්ය සුද්දට සින්දුවක් කියල මාරු උනානේ..

ඔන්න ඉතින් පහුවෙනිදා දවසෙත් ජයසිරි මහත්තයව එයාගෙ පුතාල සහභාගීවන උත්සවයකට යන්න උනා...කලින් දවසෙත් සුද්දට හොද ආතල් වැඩක් දුන්න නිසා ජයසිරි මහත්තයා මේ උත්සවයට කිසිම බයක නැතුව ගියා.....

ඔන්න ටික වෙලාවක් යනකොට කලින් දවසේ ජයසිරි මහත්තයට හම්බුන ටොපිය හම්බුනා... ඒකියන්නේ සින්දුවක් කියන්න.... ජයසිරි මහත්තය ඉතින් හොද සින්හල භාෂා ගුරුවරයෙක් නිසා ජන කවියක් කියන්න පටන් ගත්තා... හැබැයි මේ පාර ජන කවිය කිව්වේ. සින්හලෙන්..කිව්වේ,
" ඔන්න මලේ ඔය නාමල නෙලා වරෙන්......
අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන්...
කැළනි ගගේ ඔරු යනවා බලා වරෙන්....
සාධුකාර දී ඔරුවක නැගී වරෙන්......"
කවිය කියල ඉවර උනාට එතන හිටපු සුද්දොන් ගේන් කිසිම ප්‍රතිචාරයක් නෑ... ජයසිරි මහත්තයට මේ ක මහ අවුලක්... පස්සේ තමයි මතක් උනේ මම ඉන්නේ සුද්දො ඉන්න තැනක කියල...

ඔන්න ඉතින් ජයසිරි මහත්තය කලින් කියපු කවිය මෙන්න මෙහෙම කියන්න පටන් ගත්තා.......

"බ්‍රදර් බ්‍රදර් දැට් නා ෆ්ලවර් ප්ලග් ඇන්ඩ් කම්
බ්‍රාන්ච් බ්‍රේක් ලෙග් ස්ලෝ බයි කීප් ඇන්ඩ් කම්
කැළනි රිවර් බොට්ස් ගොඉන් සී ඇන්ඩ් කම්
සේයි සාධු ගෙට් ඉන්ටුද බෝට් ඇන්ඩ් කම්"

ඔක කිව්ව විතරයි සුද්දො ටික "වෙරි ගුඩ් වෙරි ගුඩ්" කියල කෑගහන්න පටන් ගත්තා.........

5 comments: