Tuesday, August 31, 2010

මේහෙම වැඩකරන අය දොස්තරලද..??? කොන්දොස්තරලද....??


   
  මේ සිද්දිය අද පත්තරෙ බලද්දි තමයි අහුවුනේ.මේක වෙලා තියෙන්නේ ගම්පහ මැදගම සුනන්දාරාම විහරයේ. එහේ ඊයේ දේශීය වෙද්‍ය සායනයක් තිබිල තියෙනව.එකට බොරැල්ලේ ආයුර්වේදේ ශික්ශන රෝහලේ විශේෂඥ වෛද්‍යවරියන් හතර දෙනෙකුත් ඇවිල්ල තියෙනව.
ඔන්න ඔතනදි තමයි මේක වෙලා තියෙන්න. සාමන්‍යයෙන් ඕනම කෙනෙක් පන්සලකට ඇතුළුවෙනකොට පාවහන් ගලවන සිරිතක් තියෙනවනේ. ඒත් මෙම වෛද්‍යවරියන් හතර දෙනා පාවහන් පිටින් ම පන්සලට ඇවිල්ලා තියෙනව. ඔය වෙලාවේදි නායක හිමියන් ඇවිත් කියල තියෙන්නේ ජනාධිපතිත් පන්සලට එනකොට පාවහන් ගලවල එන නිසා පන්සලට එනකොට පාවහන් ගලවල එන්න කියල.ඔය වෙලාවෙදි ඔය වෛද්‍යවරියන් හතර දෙනාට පොඩ්ඩක් යකා නැගල තියෙනවා. හමුදුරුවෝ කියපු ඒ දේට ප්‍රතිචාර දක්වල තියෙන්නේ ඔවුන් ආපු සායනයටත් සහභාගීවීම ප්‍රතික්ශේප කිරීමේනුයි. ඔවුන් ඒ සමගම තමන් පැමිණි වාහනයට වෙලා පැය 5ක් ඉදල තියෙනව. ඔය වෙලාවේදි එතනට ආපු දේශීය වෙද්‍ය නියෝජ්‍ය ඇමති ඇවිල්ල සායනයට සහභාගිවෙන්න කියල ඉල්ලීමක් කරල තියෙනව. ඒත් ඔවුන් එම සායනයට සහභාගි වීම ප්‍රතික්ශේප කරල තියෙනව. මෙම කට්ටියගේ මේ ක්‍රියාව නිසා අසරණ වැඩිහිටි වීශාල පිරිසක් ඉතා අපහසුතාවයකට පත්වෙලා තියෙනව...

අනේ ඇත්තටම මෙහෙම වැඩකරන (කොන්)දොස්තරලත් ල0කවේ ඉන්නවනේ......

8 comments:

  1. මුන් දොස්තරල උනේ මුන්ගෙ සල්ලි දීල ඉගෙනගෙන වෙන්න ඈති.

    ReplyDelete
  2. hariyata hari mun kondostharala thamai.eth e rekiyawatawath mun hoda nehe.me lipiya eththanam mun oya karanawa kiyana dosthara kamenuth ain karanna ona.kalakanni.yakku thamai den spirithalawala inne.eth eatharin hoda dhevivaru wage kattiyath innawa.

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. @Heroමචන්... කමෙන්ට් දානකොට පොඩ්ඩක් සoවරන දාන්න.... නිකන් සරල ආතල් ගන්න හදන්න එපා....

    ReplyDelete
  5. @dineshමොනව වුනත් මචන් මේ වගේ වැඩ කරන එක ලැජ්ජ නැති වැඩක්...

    ReplyDelete
  6. @TL LANKA WEBසිරවටම වගේ.. දැන්නම් සමහර රෝහල් වල ඉන්නේ නම් හොද හොද යක්කු තමයි...

    ReplyDelete
  7. ආ වීරයෙක් විදිහට ඉන්න ජෝකර් ඇවිල්ල වගෙයි මේකටත්..
    හී​රෝ මොකෝ බන් වෙලා තියෙන්නේ. අමු කැවිලද

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete