Thursday, August 19, 2010

පුවර් කමත් ටේලය නොට් බුලා වැනී..............


"ජයසිරි මහතා හොද සිoහල භාෂා දැනුමක් ඇති දක්ෂ ගුරුවරයෙකි. හෙතෙම අවුරුදු 40 ක පමණ සේවයකින් පසු විශ්‍රාම ලැබීය. දරුවන් සිටිනුයේ එoගලන්තයේය.

ඔහුට දරුවන් හා ටික දිනක් ගත කිරීමට එoගලන්ත්යට එන ලෙස දරුවන් ඉල්ලීම් කලද ඔහු එහි යාමට තරමක් අදිමදි කලේ ඔහුට හොද ඉoග්‍රීසි දැනුමක් නොතිබුන නිසාය.

එහි ගොස් සමාජයෙන් කොන්වීමට ඔහු කැමති නැත. එහෙත් දරුවන්ගේ දැඩි ඉල්ලීම මත ඔහු අකමැත්තෙන් හෝ එoගලන්ත්යට ගියේය. එහිදී එරට හිතවතුන් සමග එක්වන්නට අවස්ථාව ලබුනද සෑමවිටම කැඩුණු ඉoග්‍රිසි වචන පාවිච්චි කර ඔවුන් මග හැරියහ.

එහෙත් එක් දිනක් සාදයකදී එහි ආචාර්යවරයකු ශ්‍රී ලoකාවේ ජනප්‍රිය ජන කවියක් කියන ලෙස ඉල්ලීමක් කලේය. ඔහුගේ ඉහමොළ රත්විය. එතන වෙනත් ශ්‍රී ලාoකිකයකු නොවුයේ ඔහුගේ වාසනාවට යැයි ඔහුට සිතුනි. ඕනෑම දෙයකට ඇග බේරා ගැනීමට කපටි බුධියක් ඔහු සතුව තිබූනිසා වට පිට බලා මෙම ජනප්‍රිය ජන කවිය තාලය වෙනස් කොට ගායනා කලේය.



"වෙල් යායක බුල් ඩබලක් කතා උනී
ඉන් වන් බුලෙක් ටේලය නොට්ව වැනි වැනී
ටේලය හෑස් බුලා ඉන්සෙක්ට බැට දුනී
පුවර් කමත් ටේලය නොට් බුලා වැනී"


දරුවන්ට සිනාව නවතාගත නොහැකි වුවද සුද්දෝ "වෙරි ගූඩ්" යැයි කෑගසීය."

8 comments:

  1. very good'''' sha sinhala walath ape wachana thiyanawa ne kiyala sudda hithanna athi neda?

    Singlish walin liwata amanapa nowanna

    ReplyDelete
  2. සෝයි කථාව. ඔන්න මං බස් එකේ දැම්මා.

    ReplyDelete
  3. හී හී ෂෝක් කවිය :)

    ReplyDelete
  4. @RanDilතෑන්ක් යූ .....!!!!තෑන්ක් යූ .....!!!!

    ReplyDelete
  5. @wathඒක නිසානේ සුද්දා වෙරි ගුඩ් කියල කිව්වේ....

    ReplyDelete
  6. එල කතාව...................නියමයි

    ReplyDelete
  7. @Cheenaතෑන්ක් යූ .....!!!!තෑන්ක් යූ .....!!!!

    ReplyDelete