Wednesday, May 25, 2011

කොහොමද සිදු උනේ...!!!

එහෙන් මෙහෙන් ලැබුන email වල තිබිල තමයි මෙක හොයා ගත්තේ.. අප වටා තියෙන පරිසරයේ නොදැනිම සිදුවන දේවල්..!!!!
























Tuesday, May 17, 2011

සුභ වෙසක් මංගල්‍යක් වේවා!!!


මොහාන්දකාරය දුරු වී ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් කරන ශ්‍රී සුභ වෙසක් මංගල්‍යයක් වේවා......!!!!!!!


මෙත් මල් පිබිදේවා..... සිත් තුල මෙත් මල් පිබිදේවා......!!!!! කරුණා ගුණ දේවා...... සිත් තුල කරුණා ඉතිරේවා........!!!!!


Monday, May 2, 2011

මෙන්න Facebook Password.......!!!!!!!


Net අවුලක් ගිහින් තිබ්බ නිසා කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්න බැරි උනා.... මොනව උන්ත් ඉස්සෙල්ලම එන තැන නේ Facebook.
Facebook කියන්නේ මොකද්ද කියල හැමෝම දන්නව ඇතිනේ.... දන්නෙ නැතිකෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් අත උස්සන්න බලන්න.... ආ.. හැමෝම දන්නව වගේ.... :D :D :D

කතාවට බහිමුකෝ.. Facebook එකේ ආරක්ෂාව රදාපවතින්නේ අපි ඒකට දාන මුර පදය (සිංහලෙන් කිව්වොත් Password එක ) මගින්නේ.. සුද්ද කියන විදිහටනම් හොද පාස්වර්ඩ් එකකට අකුරු දහයකුත් සලකුනකුත්, කැපිටල් අකුරකුත් කිසියම් අංකයකුත් යොදන්න ඕනනේ..

ඒත් මම දන්න එක්කෙනෙක් නම් සුද්දට පිස්සු කරගන්න කියල සිංහල ක්‍රමේට කටවත් සැක කරන්න බැරි නියම එකක් Facebook account එකට දාල තියෙනවා ( NIBM Galle DCSD 10.2 එකේ කට්ටියනම් ඒ කවුද කියල හොදට දන්නව ඇති..)

දාල තියෙන Password එක තමයි මාලුයි..පොලුයි...බතුයි... [maluipoluibathui]කාටද ඉතින් මේක ගෙස්ට් කරන්න පුලුවන්.... :( :( :( මේක දකින කොටනම් හිතෙනව සුද්දගෙ ක්‍රමේට වඩා මේක කොච්චර හොදද කියල.... :D :D :D :D
කලින් නම් තිබ්බේ නම් මල් ලොවේ මල් අතර [mallowemalathara] කියල....!!!

ඒකත් මරු... බලනකොට දාපු Password දෙකම මරේ මරු

Hint :: මේ හලෝ... මේක කිව්ව කියල NIBM එකෙදි මරන්න හදන්නනම් එපා හොදේ...!!!!

*
*
*

Sunday, April 24, 2011

Software Engineer කෙනෙක්ගේ ඉරණම..


මම මේ ලිපිය හොයා ගත්තේ මගේ email බක්කියේ තිබිලා.. ඒකියන්නේ මේක මම ලියපු අකක් නෙවෙයි.. ඔන්න ඒක කලින්ම කිව්වා...










........ඩඟරං ටං..... ඩඟරං ටං.....


"නෑ නෑ මල්ලි, තමුසෙලව ඇතුලට ගන්න බෑ. දන්නෙ නැද්ද ඕයි, දැන් අපිටත් එක්ක දඩ ගහනවා"
බස් කොන්දොස්තර මොරදෙන්නට විය.

"අනේ අයියෙ මම ඉක්මනට බැහැලා යන්නං..."
"ඔන්න ඔහෙ ඇතුලට ගනින් බං..." ඒ බසයේ රියදුරුය.
"හා හා නගිනවකෝ එහෙනං, අනේ මංද ඕයි තමුසෙලත්"
මූණ පුරා රැවුල වවාගත්, බෝතල් අඩි කණ්ණාඩි දමාගත් කොල්ලෙක් බසයට ගොඩවිය. ගංජා ගැසූවෙක් මෙන් එහෙට මෙහෙට පැද්දුන ඔහු, සතියක් පමණ නොනිදා සිටියකු මෙන් සෙස්සන්ට දිස්විය.ටී-ෂර්ට් එකක් හා ඩෙනිමක් ඇඳහුන් ඔහුගේ කරේ බෑගයකි. උරහිසේ තවත් බෑගයක් වූ අතර එහි ඉදිරිපස පොකට්ටුවට අත දැමූ ඔහු එළියට ගත්තේ විරිඳු රබානකි.
උගුරේ රැල් බුරුල් හැර සියලු දෙනාටම මංද හිනාවක් පෑ ඔහු, රබාන වාදනය කරන්නට ගත්තේය.

ඩං රඟර්ර්ර්ර් ටං ඩං රඟර්ර්ර්ර් ටං//

සරසවි නැත වරම් දීල තාලෙට කවි පද කියන්න [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ගණදෙවි නැත නුවණ දීල හරි පාරක් හොයා ගන්න [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
කිසි දෙවියෙක් හිටියේ නෑ අන්තිමෙ මා ගොඩට ගන්න [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
පිටරැටි සුද්දෝ හොයපුව තමයි හිටියෙ පිහිට වන්න

[ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ]

හමබ කරපු හැම සතේම institute පුදල තමා [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
අම්ම අප්ප එකතුවෙලා මෙතනටවත් ගත්තෙ මෙ මා [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
මොරටු, කොලඹ, කැළණියෙනුත් මං වගෙ උන් බුරුතු එනා [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
එහෙම එන්න මට බැරිවුනෙ මං පෙර කල කරුමෙ තමා

[ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ]

නැකැත් බලල පුංචි කාලෙ කිව්ව අකුරු මතක නැතේ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ජවා, සී, සී ප්ලස් ප්ලස් ඒ වෙනුවට මතක ඇතේ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ලැන්වේජස් ඕනෙ එකක් එක්කල මම ඔට්ටු වෙතේ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ASP, PHP කැස්සහමත් දොට්ට එතේ

[ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ]

ඩේටාබේස්, සර්වර් කේස් කරන්න නෑ කිසිම බයක් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ඇනලයිසින්, නෙට් වර්කින් මෙව්වෑනුත් ඕන එකක් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ප්‍රින්ට් කේස්, ඩිසයින් කේස් නන් පුලුවනි ටිකක් ටිකක් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
කොම්පියුටින් කිව්වෝතින් මම කරනව ඕන දෙයක්

[ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ]

වේකන්සියකට දැම්මම එකම එකට සීයක් උන් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
පෝලිම් විය ඇවිත් ඇවිත් ගන්නේ නෑ ඔක්කොම උන් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
පාරින් පාරට ඉන්නව දුසිම් දුසිම් අයි ටී උන් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ආරංචිය තව එනවලු ඉස්සරහට මං වගෙ උන්

[ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ]

චේන් කඩල, පොකට් ගහල නෑ මම හොර වැඩ කරන්නෙ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ෆිෂින් කරල, හැකින් කරල නෑ කෙනෙකුට දුකක් දෙන්නෙ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
මමම කරල මමම හදල පොඩි software එකක් දෙන්නෙ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
මෙ දුක අහල පිං සළකල පුලුවන්නං එකක් ගන්නෙ

[ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ඩං..... ]

රබාන බෑගයේ ඔබා ගත් ඔහු එම බෑගයෙන්ම ලැප්ටොප් කම්පුටරයක් හා සී.ඩී දෙකක් එළියට ගත්තේය.
ලැප්ටොප් එක දිගෑරගත් ඔහු, එහි තිරය ඉදිරියට හරවා නැවතත් කතාකරන්නට විය
මහත්තයෝ...,
මහත්තයෝ මේ තියන්නෙ මමම හදපු ඇප්ලිකේෂන් දෙකක්. මේ හැම එකක්ම කීප සැරයක්ම ටෙස්ට් කරලා බොහොම සාර්ථකයි කියල සහතික කරලා තියන්නෙ. මේ වගේ එකක් කඩෙන් ගන්න ගියොත් එකක් රුපියල් 500ක් 600ක් වෙනවා. මම මේ දෙකම දෙන්නෙ රුපියල් 700කට. කැමති කෙනෙක් ඉන්නවානං කතාකරල ඉල්ලන්න. මීට අමතරව වෙන ඕනෙම වර්ගයක සිස්ටම්, ඇප්ලිකේෂන්, වෙබ්සයිට් වගේ හැම දෙයක්ම මම කරනවා. මං වගේ කොල්ලෙක්ට ජීවත් වෙන්න පොඩි උදව්වක් කරන්න
පුලුවන්කමක් තියනවානනං ලොකු පිනක්...
එසේ කියූ ඔහු තවත් සී.ඩී කිහිපයක් අතට ගෙන බසයේ ආසන එකින් එක ලඟට ගොස් බසයෙන් බැසගිය අතර ඒ සිටි සෑම කෙනාටම තමගේ විසිටින් කාඩ්පතක් දීමටද අමතක නොකළේය.

මොරටු සරසවියෙන් තවත් සිරා වැඩක්.......... (University of Moratuwa)


මතක ඇතිනේ අසංක අයිය (අසංක උදාර දිසානායක) ලියපු සිංදුවක් කලින් පෝස්ට් එකක දැම්මා.

මෙතනින් බලන්න.

වාද භේද නැති වැටකොටු බැමි නැති ලොවක් හදමු අපි මිතුරනේ.....

ඒකටනම් ප්‍රතිචාර බොහෝමයි. ඔන්න අසංක අයියා මේපාරත් සිරා වැඩක් කරල තියෙනවා.. සිරා වැඩක් කියන්නේ තවත් අලුත් සිංදුවක් නිර්මාණය කරල තියෙනවා....
මෙතනින් යන්න


සිව් රඟ(DICF 2011 Theme Song)



'කවද හරි ඉංජිනේරුවෙක් වෙලා රටේ දියුනුවට වැඩ කරන ගමන්ම මේ වගේ ලස්සන ගීත අපිට අහන්න සලස්වන්න හැකියාව අයියට ලැබේවා කියල "පමල්ගේ සිතුවිලි" වලින් ආසිරි පතනව..... ඔයාලත් මේකට සුභ පතල යන්න අමතක කරන්න එපා.......!!!!!!'
*
*
*

Tuesday, April 19, 2011

Tsunami අනතුරු ඇගවීමේ පණිවිඩය ඔබගේ දුරකතනයටත්...


මේ කාලේ ඉතින් කාගේත් හිතේ පොඩි සැකයකට තියෙන්නේ tsunami ඒවි කියලනේ... ඉතින් කොයිකවුරුත් ඒ පිලිබදව ඉන්නේ විමසිල්ලෙන්නේ.. මට මගේ මිතුරෙකුගෙ මාර්ගයෙන් පොඩි වෙබ් ලිපිනයක් ලැබුනා... මේකෙ තියෙන්නේ tsunami තත්වයක් ඇතිවීමට ගියහොත් ඒ පිලිබදව තමාගේ දුරකතනය වෙත sms පණිවිඩයක් ලබා දීමයි... මේ සදහා මෙම වෙබ් අඩවියේ register වීමක් අවශ්‍ය වෙනවා....
ඔය ගොල්ලන්ටත් මේක අවශ්‍යම කියල හිතෙනවනම් register වෙන්න.....



වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න click here

*
*

මෙවර IPL තරගයේ ජය කාට හිමිවේවිද..???



මෙවර 2011 තරගාවලියේ ජයග්‍රහණය කාට හිමිවේවිද..???
ඔබගේ තීරණය






*
*



තිලකරත්න ඩිල්ශාන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට සුදුසුද...??????

*
*

තිලකරත්න ඩිල්ශාන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට සුදුසුද...??????


කලින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ සන්ගක්කාරගේ ඉවත්වීමේන් පසුව තිලකරත්න ඩිල්ශාන් නායකත්වය සදහා යොදා ඇත.


තිලකරත්න ඩිල්ශාන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට සුදුසුද...??????




Casino Party | VIPSLOTS CASINO | Mansion casino | web poll | Mt4


*
*

මෙවර IPL තරගයේ ජය කාට හිමිවේවිද..???

*