Saturday, July 2, 2011

Rebirth of the Eagle::රාජාලියෙකුගේ නැවත ඉපදීම


*රජාලියා ඔවුන්ගේ වංශයෙන් වැඩිපුරම කාලයක් ජීවත් වන පක්ෂියායි....!!!







*රජාලියෙකුට අවුරුදු 70ක් පමණ ජීවත් වෙන්න පුළුවන්.නමුත් ඔහුට මෙම ජීවිත කාලය ලබාගන්න ලොකු තීරනයක් ගැනීමට සිදුවෙනවා...!!!






*කාලයක් ගතවන විට මොවුන්ගේ නිය වර්ධනය වී වක්‍රවී ගොදුරු අල්ලා ගැනීමට අපහසු තත්වයක් උදාවෙනවා....!!!






*ඔහුගේ තියුණු හොටය දික් වී වක්‍රවී ආහාර ගැනීමට පවා අපහසු වෙනවා....!!!






*කාලයක් ගතවෙත්ම මොවුන්ගේ පියාපත්වල පිහටු වර්ධනයවී,ගොරෝසු වී,පපු ප්‍රදේශයෙද පිහාටු වර්ධනය වී පියාසර කිරීමට අපහසු තත්වයක් ඇතිවෙනවා....!!!





*මෙහිදී රජාලියට තමාගේ ජීවිතය අවුරුදු 70ක් දක්වා දික්කර ගැනීමට තීර්ණයක් ගැනීමට සිදුවෙනවා. ගොදුරු අල්ලාගැනීමට නොහැකිව කුසගින්නෙන් මරණය හෝ දින 150ක පීඩාකාරී,කටුක ජීවන රටාවකින් තම ජීවිතය කාලා ඉදිරියට දිගු කරගන්නවා ද..???




*තම ජීවිතකාලය දිගුකර ගැනීමට අවශ්‍ය රාජාලියන් ඉහල කදුමුදුන් වල තමාගේ කූඩුව කරා යනවා...!!!




*ඔහු ඔහුගේ හොටය ගැලවීයන තුරුම ගලක් මත අතුල්ලනු ලැබෙනවා....!!!




*මේහෙදී තමන්ගේ හොටය ගැලවී ගිය පසු නැවත අළුත් හොටයක් වර්දණය වෙනතුරු දැඩි පීඩාකාරී, වේදනාකාරී ජීවිතයක් ගතකරනවා. මෙම කාලය තුල ඔහුට ආහාර ගැනීම හා ජලයා පනය කිරීමට නොහැකි වෙනවා.අළුත් හොටයක් වර්ධනය වීමත් සමගම ඔවුන් තමාගේ හොටයෙන් තමාගේ දික් වී වක්‍රවූ නිය ඇද ගලවා දමනවා....!!!!





*නැවත්ත් අළුතින් නිය වර්දනය වූ පසු ඔහු එම නිය මගින් තමාගේ පපු පෙදෙසේ ඇති පියාසර කිරීමට අපහසු පිහාටු ගලවා දමනවා. ඉතාමත් වේදනාකාරී අත්දැකීමක්....!!!





*මෙසේ මාස පහක පීඩාකාරී, වේදනාකාරී ජීවිතයෙන් පසුව ඔවුන් නැවත්ත නව ජීවිතයක් පටන් ගෙන වසර 30ක් දක්වා ජීවත් වෙනවා....!!!


Thursday, June 30, 2011

[RCG] "සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.. හැබැයි සර් සද්දෙනම් ගෙම්බෙක් ගෙ වගේ"


පාසල් කාලේයේ තියෙන මතකයන්නම් කවදාවත්ම අමතක කරන්න බෑ..මොකද ඒ මතකයන් ඒතරම්ම සුන්දරයි.පංතියේ එකට හිටපු යාළුවො එක...කරපු වැඩ එහෙම මතක් වෙනකොටනම් තාමත් හිනා.....:: :D

අපේ එක තිබුනේ පතාලෙකනේ.. මම ඕක කලිනුත් කිව්වනේ.මෙන්න.ඔය පන්තියේ ඉන්න කොට නිකන් දැනෙනේ රිච්මන්ඩ් ඒකේ නෙවයි වගේ.. මොකද එකට ගියාම ඉස්කොලේට බොම්බයක් ගැහුවත් දැනෙන්නේ නෑ... :D :D

අපිට Chemistry කරන්න ආවේ සුමේධ සර්. මේ සර් නම් හරිම හොදයි..ළමයින් එක්ක එහෙම ගොඩක් සුහදව තමයි ඉන්නේ.ඒක නිසාම කට්ටිය හිටපු ගමන් සර්ට පොඩි විහිලුවක් කරල හොදට අහගන්න වෙලාවල් එහෙම නැත්තෙමත් නෑ..

Bio Lab එකක් කිවහම ඉතින් ඕකෙ බෝතල්වල දාල පුරවල තියෙනවනේ මස් කෑලියි.. ඇට කෑලියි.. අර අවයවයයි.. මේ අවයවයයි..හැම දෙයක්ම.. ඔය ඔක්කොම ටික ගොඩ ගහල තිබ්බේ පිටිපස්සේ රාක්කයක.ඔතන නිකන් නගර සභාවේ කුණු ගොඩ වගේ..දන්නවනේ ඉතින් කොල්ලො ඉන්න පංතිවල හැටි..කොස්සක් එහෙම ගෑවෙන්නේත් නෑ ඔය පංති වල ඔන්න ඉතින් එක දවසක් Chemistry පිරියඩ් එක පටන් ගන්න කලින් සුමේධ සර් ට පොඩි විහිලුවක් කරන්න කට්ටියම සෙට් වුනා.... මැනිය ගේ Phone එකේ සිරා Ring Tone එකක් තියෙනව ගෙම්බෙක් කෑගහන එකක්.. කට්ටියම ඉතින් කතාකර ගත්තේ එකේන් මොකක් හරි විහිළුවක් කරන්න. කට්ටිය කතාවුනේ මැනියගේ Phone එක අර නගර සභාව අස්සේ හංගන්න. ඔන්න ඉතින් කට්ටියම set වෙල අර ගෙම්බගේ tone එක ring tone එකට දාල වැඩේ set කරා... දැන් ඉතින් සර් පන්තියට ඇවිල්ලා පාඩම පටන්ගත්තා.. ටික වෙලාවක් ගියට පස්සේ කට්ටිය වැඩේට බැස්සා. දැන් කටත් නොදැනෙන්න කොල්ලෙක් ගේ phone එකකින් මැනියගේ phone එකට පොඩි missed call පාරක් දැම්ම... මරු.. ඇත්තටම ගෙම්බෙක් ඉන්නව වගේ... සද්දේ ඇහෙනව මහ හයියේන්.. ඒත් එන්නේ කොතනින්ද කියල හිතාගන්න බෑ. දැන් ඉතින් සර්ටත් එකපාරටම අප්සට්. සරුත් වට පිට බලනව මොකෙක්ද මේ කෑගහන්නෙ කියල.. ඔය අස්ස මැනිය,

"සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.. හැබැයි සර් සද්දෙනම් ගෙම්බෙක් ගෙ වගේ"
දැන් ඉතින් සරුත් මේ මොකෙක්ද කියල හොයවා.. මේකෙ හිනායන වැඩේ වෙන්නේ සර් phone එක තියෙන තැනට එනකොට සද්දෙත් නෑ.. එන්නේ කොහෙන්ද කියල හිතාගන්නත් බෑ..
"හරි ඕක අමතක කරල ආපහු පාඩමට යමු.. "

කියල කට ගන්න උනේ නෑ. ආපහු වදිනවා.. ඉතින් අපහු සර් සද්දේ අන්නේ කොතනින්ද කියල හොයනව... වැඩේ සෙට් කරපු කට්ටියත් ඩෙස් යට පුටුයට මොකාද මේ අපි නොදන්න සතා කියල පණදාගෙන හොයනවා.. ටිකක් වෙලා යනකොටනම් ඉතින් සර් ට පොඩ්ඩක් තඩ වුනා..

"තමුසෙලගේ පංතියේ හැටි බලන්වා.. සතෙක් තියා මොකෙක් හිටියත් හොයාගන්න පුලුවන්ද..??"

කියල නැවැත්තුව විතරයි අපහු සද්දෙ පටන් ගත්තා.දැන් ඉතින් සර්ට පොඩ්ඩක් විතර තද වෙලා තියෙන්නේ.. ඒත් ඉතින් කොල්ලො එකෙක්වත් බයවෙන්නෙ නෑ. මොකද ඉතින් සර්ට තරහ යන්නේ නෑනේ.(තරහ යනව කියල දැන ගත්තෙනම් අර ගේ වැඩෙන් තමයි )

"බෑ අය්සේ මේ වැඩේකරන්න..ඉස්සෙල්ල ඔය සතාව හොයාගෙන ඉවරයක් කරල දානවා"


සර් ගේ මේ කතාවට කොල්ලොන්ට ඊටත් වඩා හිනා.. ඔකෙන් සර් ට තේරුනා මේක කොල්ලොන්ගෙම මොකක් හරි මගඩි වැඩක් කියල...

" ඔහෙලත් එක්ක මේ වැඩේ මෙහෙම කරන්න බෑනේ... එහෙන් මෙහෙන් ගෙම්බො අල්ලගෙන ඇවිල්ල....පංතියට ගෙනත් දාලා.............."


දිග වචන මාලාවක්ම කියාගෙන ගියා... ඔය ටික ඇහුවට පස්සේ ඉතින් කට්ටියට කරපු වැඩේ දැන් නවත්තන්න ඕන කියල හිතුනා.. ඉතින් ඉටපස්සේ පිරියඩ් එක ඉවර වෙනකන්ම ගෙම්බ නම් කෑගැහුවෙ නෑ.. ඒත් සර් නම් අද වනකනුත් දන්නේ නෑ එදා කෑගැහුවෙ ගෙම්බෙක් නෙවෙයි මැනියගේ phone එක කියල...!!!






පාසල් ජීවිතයේ තවත් සොදුරු මතකයන්......
අජාට ගහපු එරිකගේ RPGඑක
කා* මිස් ගේ ඉංග්‍රීසි පොත......
කවුද අර ඇනේ තිබ්බේ....???
"සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.....
මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!!
කා* මිස්ට මිස් කෝල් ගැහිල්ල.....


*
*
නව Facebook fan page එකට LIKE එකක් දාල යන්න අමතක කරන්න එපා 


*
*

Thursday, June 23, 2011

[RCG]මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!!

මේ සිද්ධිය උනේ මම 12 වසරේ ඉන්න දවස්වල... ඔන්න ඉතින් අපි කරේ BIO නේ.. මොකද ඉතින් පොඩි කාලේ ඉදලම කිව්වේ ලොකු උනාම දොස්තර කෙනෙක් වෙනවා කියලනේ..ඔන්න මොන්ටිසෝරියේ ඉදන්ම කියපු එක කොහොම හරි කරන්න තමයි BIO කරේ.... සුදන්තයා,වජිර, මිංගේ,එරික,මොටා, පරමී,ජීවේ,Maxxa,ප්‍රෙඩියා,ඔටුවා සෑහෙන යාලුවො set එකක්ම set හිටිය අපේ පංතියේ.

හරි ඉතින් ඒක පැත්තකින් තියමු. BIO කරන කොට ඉතින් තියෙන සිරාම Subject එකක් නේ Chemistry කියන්නේ.. ආවර්තිතාවගුවත් පැත්තකින් එල්ලගෙන, අනුමාපන පාරකුත් දාගෙන කට්ටිය Chemistry කරා මතක ඇතිනේ.

අපේ class එක තිබ්බේ සිරාම place එකක. කොටින්ම කියනවනම් වලක. රිච්මන්ඩ් එකේ වලේ පන්තිය එහෙම අහල ඇති නේ. අන්න ඒවගේ තමයි මේ place තිබ්බේ. ආදරේට කියන්නේ පාතාලෙ කියල.
අපිට chemistry කරන්න ආවේ සුමේධ සර් කියල සර් කෙනෙක්. බොරු කියන්න ඕන නෑනේ. හරිම හොද සර්.. සමහර වෙලාවට chemistry තිත්ත උනත් කොහොම හරි පොවන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් දවසක් සර් පන්තියට ඇවිත් chemistry පාඩම කරනවා..කට්ටියක් බුදි..කට්ටියක් වෙන වෙන ලෝක වල..කට්ටියක් පාර දිහා බලාගෙන ඉන්නවා.... :p :p ඔන්න ඔය වෙලාවේ තමයි අපේ ඉසුරුවා (ආදරේට මේ සිද්දියෙන් පස්සේ කියන්නෙ pilot කියලා) පොඩි ගුවන් යානා හරඹයක් කරන්න හිතුවේ. මෑන් පොඩි කොළයක් නවල කියල පොඩි කාක්කෙක් හදා ගත්තා.කට්ටියට පොඩි fun එකක් දෙන්න කියල අපේ ඉසුරුව තමාගේම දහඩිය මහන්සියෙන් හදපු ගුවන් යානය ගුවන් ගත කරා.. අස්සාවේ බෑ.. clzඑකේ දාල තිබ්බ fan එකේ හුලං පාරට ඉසුරුවගේ ගුවන්යානය ලස්සනට ගුවනේ පාවෙලා ප්‍රෙඩියගෙ ඔලුව උඩින් ගිහින් සර් ගේ නහය ලගින් මේසේ උඩට land කරා.. කට්ටිය මේකෙන් හොද විනෝදයක් ගත්තට land කිරිල්ල ගැනනම් එච්චර ඇල්ලුවේ නෑ..දැන් කට්ටියම ෆුල් upst .ඔන්න ඔය වෙලාවේ තමයි අපේම කරුමෙට අපේ මිස් පන්තියට අවේ. මිස් ඉන්න office එකත් තිබ්බේ පන්තියේ එහා පැත්තෙමයි. දැන් සර් ට එකපාරටම අප්සට්. නිකන් මැස්සෙක් වගේ මොකෙද්ද එකෙක් නහය ලගින් ගියාවගේ දැනුලු.ඒත් මොකද්ද කියලා හිතාගන්න බැරිව ඉස්සරහ පේලියේ හිටපු අයගෙන් අහනවා. ඉස්සරහ හිටියේ අපේ ගොඩයයි,එරිකයි, වජිරයයි. කට්ටියම දන්නව ආවෙ මොකද්ද කියල. කියන්න පුලුවන්ද එකපාරටම කාක්කෙක් කියල. සර් අහනව අහනව ඉවරයක් නෑ.. අපේ කට්ටියත් නිකන් මුකුත් උනේ නැතිගානට බාලාගෙන ඉන්නවා.ටිකක් වෙලා යනකොට සර් දැක්ක මේසෙ උඩට ලස්සනට land කරල තිබ්බ අපේ pilot ගෙ ගුවන් යානය.දැන් කට්ටිය ෆුල් හොල්මන්. ඒත් මේ සර් කවදාවත් අපිට බැනලත් නෑ.. ගහලත් නෑ. එකනිසා කට්ටිය පොඩි හිනාවක් එහෙම එහෙන් මෙහෙන් දැම්ම. ඔන්න ඔය වෙලාවෙ තමයි සර්ගෙ ඇත්ත තත්වෙ එළියට පැන්නේ. කවුද දන්නේ සර්ට ඔච්චර යකා නගිනව කියලා. පටන් ගත්තනේ

"මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක් තොපිල දැන ගනින් කියල..!!! "

ඔය ටික පටන්ගන්න කොට නම් අපේ ගොයියොන්ට උතුර දකුණ මාරු උනා.. හත්වලාමේ මේ ඉන්නේ අපි හිතන් හිටපු සර් ද කියලා... බනිනවා බනිනවා ඉවරයක් නෑ.. ඔය වෙලාවෙ මම හිටියේ දෙවෙනි පේලියේ. මගේ එහාපැත්තේ ඔටුවා. අපි ඩබලගේ මැදින් තමයි ප්‍රෙඩිය හිටියේ. ඉසුරුවගේ ගුවන් යානේ ආවේ ප්‍රෙඩියග ඔළුව උඩිනේ. දැන් සර් හිතන් ඉන්නේ කාක්කා එව්ව ප්‍රෙඩිය කියලා. ප්‍රෙඩියට දැන් ලෝක ලෙඩේ.හරියට අපේ පොලිසියේ අය නොකරපු වැරදිත් හොරාගෙන් කොහොම හරි කියව ගන්නව වගේ ප්‍රෙඩියගෙ බෙල්ලෙන් අල්ලල වැරැද්ද පිලිග්න්න කියල කියනවා. මටත් දැන් ෆුල් අප්සට්. ඇයි මගේ එහාපැත්ත් ඉන්න මනුස්සයනේ නැගිට්ටුවෙ.මමත් දැන් film එක බාලාගෙන ඉන්න අතරේ මටයි ඔට්ටටයි හොද බාල්දියක් පෙරලුනා.

"තමුසෙල දෙන්න නේ දෙපැත්ත හිටියෙ..තමුසෙල දෙන්න දන්නව ඇතිනේ...?????"

ඔන්න උත්තර දීපන් කො දැන්. බයටම වගේ අපි දෙන්න නෑ කිව්වා.කිව්ව නෙවෙයි කිය උනා..වෙන මොනව කියන්නද. ඇත්ත නේ කිව්වේ. ඉටපස්සේ ඉතින් ආපහු යුද්දෙ පටන් ගත්ත..බණිනවා බණිනවා ඉවරයක් නෑ.. අපේම අවාසනාවකටම තමයි ඉතින් අපේ මිසුත් එහා පැත්තට ආවේ.. මිසුත් දැන් හොරෙන් මොකද්ද වෙන්නේ කියල බලාගෙන ඉන්නවා. ටිකක් වෙලායනකොට තමයි සර්ට තෙරුනේ මුන්ට බැනල නිකන් ලේ පුච්චගන්න මොකටද කියල. තොපිලට ඕන විදිහකට ඉගෙන ගනින්.. එච්චරයි කියනව ඇහුනේ සර් ගියා.ඔන්න ඉතින් සර් ගිහිපු ගමන්ම අපේ මිස් අවා..ඇවිත් සර් ගෙ ඉතුරු හරිය පටන් ගත්තා.. අපේ මිස්නම් කොල්ලො කරන කියන වැඩ ගැන දන්න නිසා පස්සෙ හොදින්ම කිව්ව ගිහින් සමාව ගන්න කියල...එන පොට හොද නැතිනිසා කට්ටියම ඉසුරුව යුද්දෙට යවන්න ලෑස්තිකරනව වගේ කියන්න ඕන ඒවත් කටපාඩම් කරල සර් ලගට යැව්වා.ඉසුරුවගේ වාසනාවද කියල කියන්නනම් දන්නෙ නෑ.. සර් ලගට යන කොට පරණ අපේ සර්මයි එතන හිටියෙ..:ප් :ප් අන්තිමේදි ඉතින් පන්තියම ගිහින් සර්ට වැදල සාමාව ගත්ත..නැතුව ඉතින් වෙන මොනව කරන්නද..?? පස්සේ තමයි හිතුනේ සර් අහපු වෙලාවෙම කාක්කෙක් එව්වා කියල කිව්වෙනම් ගුවන් යානා ගැන හොද දේශනයක් එහෙම දෙනව ෂුවර්.. හැබැයි සර්ට තද වෙලා ඉන්න වෙලාවේ අපේ ඉසුරුව නැගිට්ටේනම් ඉතින්...... හිතාගන්නවත් බැරිවේවි....!!!!


පාසල් ජීවිතයේ තවත් සොදුරු මතකයන්......
අජාට ගහපු එරිකගේ RPGඑක
කා* මිස් ගේ ඉංග්‍රීසි පොත......
කවුද අර ඇනේ තිබ්බේ....???
"සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.....
මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!!
කා* මිස්ට මිස් කෝල් ගැහිල්ල.....


*
*
නව Facebook fan page එකට LIKE එකක් දාල යන්න අමතක කරන්න එපා 


*
*

Wednesday, June 15, 2011

කස්ටගෙ දෙකක් අහගත් පසු පී ඇමයා... එන්නේ පු*ට පැට්‍රල් ටික ගැසු සැටියා.....


මෘදුකාංග ඉංජිනේරු නමින් හදුන්වන පහත් කුලේ රැකියාවක නියුක්ත වූවන් පිරිසක් තම පාලුව කාන්සිය මකා ගැනීම සදහා රාත්‍රී කාලයට එහා කියුබිකල් එකේ තම සගයාට ඇසෙන සේ කියන කවි මෘදු කවි නම් වේ.

"
ඉන්නේ නාවලයි AC එකක් යට...
කන්නේ බිස්කටුයි රට චොකලට් රහට...
බොන්නේ නෙස්කැෆේයි පූරුවෙ කල පවට...
යන්නේ කවදාද මවුපියො දකින්නට...

ගූගල් කරලමයි සිස්ටම් හදන්නේ...
එම Code බලාලයි ඇස් දෙක රිදෙන්නේ...
ASE නෙමෙයි SE බර අදින්නේ...
පිටරට එවුන්ටයි අපි වැඩ කරන්නේ...

අම්මාපල්ල QA අත වරද නැත...
අපේ තියෙන වැරදී උන් හදුනගතී...
DEV ලා කරල Code වලට හානි නැතී...
ස්ට්ය්ල්‍ර කරනාවුන් නරකා දියේ යතී...

කස්ටන් එකක් වැඩ කරනෙක ලේසි නැතී...
උන්ට ඕනදේ උන්වත් නොදැන ඉතී...
කරනා දෙයක අඩුවක්මය දකිනු ඇතී...
PM කාරයගෙ නිතරම ඔලුව කතී...

කස්ටගෙ දෙකක් අහගත් පසු පී ඇමයා...
එන්නේ පු*ට පැට්‍රල් ටික ගැසු සැටියා...
දවසෙම මූගෙන් අහගන්නට වෙන හැටියා...
SE උනේ පෙර පවකට දෝ සැකයා...

රික්වයර්මන්ට් මෙලෝ දෙයක් නොදන්නේ...
ස්ටෑන්ඩර්ඩ්ස් හැම විටකම සොයන්නේ...
කෝඩ් රිවිව් කරපු ගමන් කෙලවෙන්නේ...
ආකියගේ මවුපියනුයි සිහිවෙන්නේ...

හොරයට බොරුවට වංචාවන්ට නැතිය ඉඩක්...
කීව ඒ එකත් එකවිදිහක පොලෝසියක්...
පොඩ්ඩ එහා මෙහ උනොතින් ලොකු නඩුවක්...
ස්කේල් ඩවුන් කියල ගෙදර යවන හැඩක්...

රැයක් නැත දවාලක්,නින්දක් නැතිය...
කෑමක් නැතිය මහ රෑ ගෙදරට එතිය...
ඉතිං පුංචි දේටත් තරහා යතිය...
අයි ටී ඉන්ංජිනේරුවො ගැන මට දුකය...

රෑ එක දෙක වෙනකල් ඇහැරන් ඉන්නේ...
තව චිත්තර පටිත් බලලයි නිදියන්නේ...
.පෙම්බර ඇත්තගෙ වැඩ කිඩ ගැන දන්නේ...
ගහ දන්නා නිසා කොල ඕනෑ නෑනේ...

සති අන්තෙට ගෙදරින් එළියට ගන්න...
කඹයක් ගෙනත් ඇද්දත් බැරිවෙයි ගන්ඩ...
මේවගෙ උන්දැලා කරකාරෙට ගන්ඩ...
අපි හින්දම හොදයි මේවා ඉවසන්ඩ...
"

E-Mail හරහා ලැබුන ලිපියකි
*
පෙර කවියට මෙතැනින් පිවිසෙන්න
*

Wednesday, June 8, 2011

කොළඹ සන්නිය


බොහෝ දෙනෙක් බලල ඇතිනේ කොළඹ සන්නිය චිත්‍රපටය. කොච්චර බලුවත් එපාවෙන්නෙ නෑ... කොටින්ම කියනවනම් පට්ටම පට්ටයි. බොහෝ දෙනෙක් දැනටමත් මෙක බලල ඇති. සිනහවෙන් පිරිච්ච චිට්‍රපටයක් කියල කියන්න පුළුවන්..... :D :D :D :D

මේ චිත්‍රපටයේ තේමාව වන්නේ සමාජයේ සිටින මිනිසුන් ගැන... පිටිසර ගමක් ඉන්න අන්දරේට හට ඉතාවටින මැණිකක් ලැබිල එය විකුණල ලැබෙන මුද්ලින් කොළඹැ පදින්චියට යනවා.. කොළඹ ජීවිතය පුරුදු නැති මොවුන් එහිදී පටන් ගන්න අළුත් ජීවිතය ඉතා රසවත් ලෙස මෙහි අඩංගුයි. වැඩිකතා ඕන නෑ... ගිහිල්ලම බලන්න.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
කොළඹ සන්නිය
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
*
*
*

Wednesday, May 25, 2011

කොහොමද සිදු උනේ...!!!

එහෙන් මෙහෙන් ලැබුන email වල තිබිල තමයි මෙක හොයා ගත්තේ.. අප වටා තියෙන පරිසරයේ නොදැනිම සිදුවන දේවල්..!!!!
























Tuesday, May 17, 2011

සුභ වෙසක් මංගල්‍යක් වේවා!!!


මොහාන්දකාරය දුරු වී ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් කරන ශ්‍රී සුභ වෙසක් මංගල්‍යයක් වේවා......!!!!!!!


මෙත් මල් පිබිදේවා..... සිත් තුල මෙත් මල් පිබිදේවා......!!!!! කරුණා ගුණ දේවා...... සිත් තුල කරුණා ඉතිරේවා........!!!!!


Monday, May 2, 2011

මෙන්න Facebook Password.......!!!!!!!


Net අවුලක් ගිහින් තිබ්බ නිසා කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්න බැරි උනා.... මොනව උන්ත් ඉස්සෙල්ලම එන තැන නේ Facebook.
Facebook කියන්නේ මොකද්ද කියල හැමෝම දන්නව ඇතිනේ.... දන්නෙ නැතිකෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් අත උස්සන්න බලන්න.... ආ.. හැමෝම දන්නව වගේ.... :D :D :D

කතාවට බහිමුකෝ.. Facebook එකේ ආරක්ෂාව රදාපවතින්නේ අපි ඒකට දාන මුර පදය (සිංහලෙන් කිව්වොත් Password එක ) මගින්නේ.. සුද්ද කියන විදිහටනම් හොද පාස්වර්ඩ් එකකට අකුරු දහයකුත් සලකුනකුත්, කැපිටල් අකුරකුත් කිසියම් අංකයකුත් යොදන්න ඕනනේ..

ඒත් මම දන්න එක්කෙනෙක් නම් සුද්දට පිස්සු කරගන්න කියල සිංහල ක්‍රමේට කටවත් සැක කරන්න බැරි නියම එකක් Facebook account එකට දාල තියෙනවා ( NIBM Galle DCSD 10.2 එකේ කට්ටියනම් ඒ කවුද කියල හොදට දන්නව ඇති..)

දාල තියෙන Password එක තමයි මාලුයි..පොලුයි...බතුයි... [maluipoluibathui]කාටද ඉතින් මේක ගෙස්ට් කරන්න පුලුවන්.... :( :( :( මේක දකින කොටනම් හිතෙනව සුද්දගෙ ක්‍රමේට වඩා මේක කොච්චර හොදද කියල.... :D :D :D :D
කලින් නම් තිබ්බේ නම් මල් ලොවේ මල් අතර [mallowemalathara] කියල....!!!

ඒකත් මරු... බලනකොට දාපු Password දෙකම මරේ මරු

Hint :: මේ හලෝ... මේක කිව්ව කියල NIBM එකෙදි මරන්න හදන්නනම් එපා හොදේ...!!!!

*
*
*