Sunday, July 10, 2011

[RCG]කා* මිස් ගේ ඉංග්‍රීසි පොත......




අපි A/L කරන කාලේ ඉංග්‍රීසී කරන්න ආවෙ මිස් කෙනෙක්. මේ මිස්ට කොල්ලො ආදරේට කියන්නේ කා* කීයලා.. (ආදරේටද කියල කියන්නනම් මම දන්නෙ නෑ) මොකද මේ මිස් සෑහෙන්න කලුයි..කොහොම කොහොම හරි ඉංග්‍රීසි උගන්නන්න ආවේ මේ මිස් තමයි.. මිස් උගන්නනවනම් බොහෝම හොදයි. ඒත් කොල්ලොන්ට ඒ මිස්ස වැඩිය අල්ලනේ නෑ..මොකද නීති වැඩී සෑහෙන්න...මතක ඇතිනේ ඒකාලේ ඉංග්‍රීසි වලට තිබ්බ general english කියන පොත.. පාඩම කරන කොට ඔය මිස් ගේ නීතිය අනුව ඔය පොත හැම කෙනෙක්ගෙම ලග තියෙන්නත් ඕන.ඔන්න ඔය නීතිය තමයි අපේ ගොයියොන්ට අල්ලන්නෙම නැත්තේ. මොකද ඉතින් පොත් දෙකක් තුනක් කිහිල්ලෙ ගහගෙන කට්ටියට මහ පත ඩික්ශන්‍රිය වගේ පොතක් උස්සන් ඒවිද..?? :ප් :ප් ඕකට ඉතින් කොල්ලො කරන්නේ කොහෙන් හරි පොත් ටිකක් හොයාගෙන ඇවිත් පන්තිය මුල්ලේ ගොඩගහල තියෙනවා.. එත කොට ඉතින් මිස් එන්න කලින් ටික දෙනෙක්ගෙ අතේ හරි පොතක් දෙකක් තියෙනවනේ... අනිත් කට්ටියට ඉතින් බුදුසරණයිම තමයි.. ඒක නිසා මිස් පංතියට එන්න කලින්ම කොහෙට හරි ගිහින් කොහෙන් කොහෙන් හරි පොත් උස්සගෙන එනවා.නැත්තම් කට්ටියගෙ වැඩේ තමයි බොරු හදාගෙන පංතියෙන් පනින එක.. දෙන්නෙක් IT රූම් එකේ වලක් කපාගෙන බැහැගෙන ඉන්නවා(දෙන්නෙක් කිව්වට ඉන්නෙ නම් මින්ගෙයි, සුදයි තමයි ) තවත් සමහර අයට අසාද්‍යයි..බොවෙන රෝග...නැත්තම් වෙන ලෙඩ.. එයාව අරන් යන්න තව හතර පස් දෙනෙක් වත් සෙට් වෙනවා..නැත්තම් ඉතින් libraryට ගිහින් පාඩම් කරනවා (හොද පාඩම් කිරිල්ල..කට්ටිය ගිහින් එතන තියෙන පත්තර ටික නම් හොද හැටි පාඩම් කරනවා )

ඔන්න එක දවසක් ඉංග්‍රීසී පීරියඩ් එක පටන් ගත්තා.. ඒත් මිස් එන පාටක් නෑ.. දැන් ඉතින් කට්ටියට ෆුල් ජොලි..මොකද ඉතින් දැන් ආතල් එකේ කයියක් එහෙම දාගෙන ඉන්න පුලුවන්නේ.කොහොම කොහොම හරි ටික වෙලාවක් ඉන්නකොට මිස් කඩාගෙන පැන්න පංතියට... ආපු ගමන්ම පාඩම පටන් ගත්තා.... මොන දෙයියන් ට කියන්නද..?? අපිට කිව්වට එදා මිස් ලගත් පොතක් නෑ.. දැන් මිස් කාගෙ හරි ලග තියෙන එක පොතක් දෙන්න කියල ඉල්ලනවා.එකෙක්වත් නෑ මිස්ගේ මූණ දිහා බලන්නේ..සමහර අය පොත අල්ලන් ඉන්නේ නිකන් වටින කියන දෙයක් ආරක්ෂාකරනව වගේ.මොකද කියනවනම් ඒපොත් වල සමහර වෙලාවට පිටු නෑ... තනිකරම කටු වැඩ තියෙන්නේ ඒකෙ. සමහර වෙලාවට පංතියේ කරන පාඩම පොතේ තිබුනද කියලවත් හොයාගන්න බෑ..හැබැයි පාඩම කරන වෙලාවට නම් පාඩම තියෙනව වගේ බලාගෙන ඉන්නවා... කොහොම කොහොම හරි ටිකක් වෙලා යන කොට මිස්ට පොඩ්ඩක් විතර තද උනා. ඉතින් යන්තම් මිස්ට පොතක් යැව්වා කියමුකො ඉස්සරහට....

"හරි ළමයි පෙල්ල ගන්න මේ පාඩම.. "

කියල කිව්ව විතරයි මිස්සේ මුණ සෑහෙන්න වෙනස් උනා..ඒ එක්කම දීපු පොත උඩින් යනවා දැක්කා... එච්චරයි.. දැන් ඉතින් ෆුල් හොල්මන් කට්ටිඋයටම මොකද්ද ඒ උනේ කියල.. කොහොම කොහොම හරි ඒ මිස් පාඩම කරාකියමුකෝ.. පීරියඩ් එක ඉවර වුන ගමන්ම කට්ටිය සෙට් උනේ අර පොත ලගට.. ගිහින් පොත ඇරල පාඩමට තියෙන ආසාවට පිටුව පෙරලුවා කියමුකෝ..... * **** ******** ***** ** * තිබ්බෙ මොනවද කියලනම් අහන්න එපා.....!!! :D :D :D :D :D



 සිගිරි අප්සර්වෝ ප්‍රතිනිර්මාණය කිරීමක්.........!!!!!






පාසල් ජීවිතයේ තවත් සොදුරු මතකයන්......
අජාට ගහපු එරිකගේ RPGඑක
කා* මිස් ගේ ඉංග්‍රීසි පොත......
කවුද අර ඇනේ තිබ්බේ....???
"සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.....
මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!!
කා* මිස්ට මිස් කෝල් ගැහිල්ල.....
*
*
නව Facebook fan page එකට LIKE එකක් දාල යන්න අමතක කරන්න එපා 


*
*



22 comments:

  1. heeeeeeeeeeeeeeeeeeeee

    ReplyDelete
  2. great kaliiiiiiiiiiiiiiiiii...............

    ReplyDelete
  3. මොනවද පොතේ තිබ්බේ? :P

    ReplyDelete
    Replies
    1. සිගිරි අප්සර්වෝ ප්‍රතිනිර්මාණය කිරීමක්

      Delete
  4. you got it? yaaaaaaaa Kaliiiiiiiiiiiiiiii we got u

    ReplyDelete
  5. අපේ කාලේ අච්චු පොත් ටිකයි ලැබිලා තිබුනේ එස්කොලේට ඉතින් මැඩම් ඒ ටික ළමයින්ට බෙදුවා. කැමති අය ගන්න කිව්වා නිසා මම කිව්වා මට අච්චු පොත එපා කියලා. කොහොමද මගේ උනන්දුව ඒ විෂයට

    ReplyDelete
  6. හලේ අපේ ජෙනරල් ඉංග්ලිශ් පොත් වල තමා අපේ උංගෙ පරිකල්පනය දිග ඇරලා තිබු පෝලිමට කාටුන් ඇදලා තියන එවා මොඩ් කරලා බලන්න එපෑ පොතේ ලස්සන..නැක දවසක් බලලා මට්ටුවෙලා ඊට පස්සෙ මිස් පොත ගේන්න බැරි උනොත් පාඩම කලේ නෑ :P :P

    ReplyDelete
  7. අපි නම් කලේ General English Book එක කබඩ් එකේ දල ගියපු එක. එක හැමෝටම ලේසි.මිස් ඇවිල්ලත් අපේ කබඩ් එක ඇරලා පොත් අරන් යනවා.

    ReplyDelete
  8. අපේ class එක තිබුනේ එල් බ්ලොක් එකේ. එතකොට කා* ආපු මුල් දවස් වල. අපේනම් හිටපු ළමයි 48 න් 20 ක් වත් ඉතුරු වෙන්නේ නෑ English පීරියඩ් එකට. (මට මතක විදියට එක පිට 2 ක් තිබුන.) .කා* එනකොට විනාඩි 2 ක් 3 ක් යනවා. එතකොට යන්න ඕන අය ගිහිල්ල . ටික දවසක් යනකොට කා* ට මේක තේරුණා. පස්සේ කා* එනවා කලින් පීරියඩ් එක ඉවර වෙන්න විනාඩියකට කලින්. දෙය්යනේ කියල අපේ class එකේ දොරවල් දෙකක් තිබුන. කා* එක දොරකින් එන කොට අපි අනිත් දොරෙන් දුවනවා. අනේ කා* ටික දුරක් එලවාගෙන ඇවිල්ල අයෙමත් ගිහිල්ල ඉන්න ටිකට උගන්නනවා.

    ReplyDelete
  9. මිස්ට කිසි කලාත්මක හිතක් නැනේ , අපි වැඩි දෙයක් කරලා තිබ්බේ නැ , සිගිරි අප්සර්වෝ ප්‍රතිනිර්මාණය කිරීමක් නේ

    ReplyDelete
    Replies
    1. අප්සරාවොන්ගේ අලුත් එකක් නේ.. :D :D

      Delete
  10. @sudantha | ąƪƗąȉɍඅප්සරාවොන්ගේ අලුත් එකක් නේ

    ReplyDelete
  11. KOMADA KALI MANI GE KANDA NEDA AMMOOOO MATHAK WENAKOTATH INNA BA MISS GE BRA SIZE 36 LU DAWASAK MAMA AHAGENA KIYANAWA SURANGI TA

    ReplyDelete
  12. @All in oneහොද උනන්දුවක් තිබිල වගේ මටනම් පෙන විදිහට..!! :ඪ් :ඪ්

    ReplyDelete
  13. @SAMEERAඕව්..පිරියඩ් දෙකක්ම තිබුනා...එකනේ අපේ ගොයියොන්ට එපා වෙන්නේ...ඒකත් තියෙන්නේ 7 - 8 පිරියඩ් ඒකේ..නියමෙට නින්දත් යනවා

    ReplyDelete
  14. අපේ නම් හිටියෙ ඔය විශයට නියම සෑර් කෙනෙක්!!!
    "ඔන්න මෙන්න....... මතකයිනේ.........
    අපේ සෑර් නම් නියමට ඉගැන්නුව :p , හැමදාම summarizing....

    ReplyDelete
    Replies
    1. ගෙට් අවුට් එලියට නේද??

      Delete
  15. අපේ නම් හිටියෙ ඔය විශයට නියම සෑර් කෙනෙක්!!!
    "ඔන්න මෙන්න....... මතකයිනේ.........
    අපේ සෑර් නම් නියමට ඉගැන්නුව, හැමදාම summarizing

    ReplyDelete
  16. oka mata mathaka naa ban ... mamai sathirayai aniwa choir kiyala maaru wenna athi.. hikz :)

    ReplyDelete