Thursday, July 7, 2011

[RCG]කවුද අර ඇනේ තිබ්බේ....???




මේකත් පාසල් කාලයේ සිදු වුන සිදුවීමක් තමයි. Bio පාඩමේ අන්තිම හරියේ විතර තියෙනවා ක්ෂුද්‍ර ජීව විද්‍යාව කියල සිරා පාඩමක්. මේකෙ එක තැනක තියෙනවා නාගරික ජල පිරි පහදුවක සිදුවීම ගැන ඉගෙන ගන්න.කොහොම කොහොම හරි මේක ගැන පංතියේ ඉගෙන ගත්ත කියමුකෝ. ඒත් ඉතින් අපේ රන්ජනී මිස් අපිට තියෙන ආදරේටම අපිව ජලපිරි පහදුව කරන විදිහ පෙන්නන්න එක්කගෙන යන්න කතාකරගත්තා. මොකද ඉතින් ගාල්ලේ වක්වැල්ල ට ගිහින් ඕක බලන එක ඒ හැටි අමාරුවකුත් නෙවෙයි.. මහ දුරකුත් නෙවෙයි නිසා....!!!!

ඔන්න ඉතින් කට්ටියම සෙට් වෙලා දිනයකුත් දාගෙන ඉස්කෝලෙ බස් එකත් අරගෙනම ගියා ඔය අපි නොදන්න ජල පිරිපහදුව බලන්න.. :ඪ් :ඪ් :ඪ්:ඪ් හිතුවට වඩා ඉතින් මරයි වගේ.. අරෙහෙන් වතුර එනවා...මෙහෙන් වතුර එනවා.... නිකන් නිකන් පිස්සු වගේ.. මොනව උනත් ඉතින් මරු....

දැන් ඉතින් කට්ටියම ජල පිරිපහදුවේ සිදුවන මේ ක්‍රියාවලිය පියවරෙන් පියවර බලනවා.. එතන වැඩකරන නිලධාරියෙක් තමයි අපිට ඒ ක්‍රියාවලිය විස්තරකරල දුන්නේ.මොනව උනත් හරි හිතහොද මනුස්සයා... අපි උඩ බලාගෙන හිටියත් මිනිහ අපිට හොදට කියල දෙනවා...

ඔතන තිබුනා මරු වැඩක්.. මහා ලොකුවට ටැංකියක් වගේ එකක් .. ඕකෙ වටේ පිල්ලක් තියෙනවා.. මේ පීල්ල දිගේ ලොකු රෝදයකුත් එක්ක (හරියට කොච්චියේ රොදයක් වගේ )ලොකු පංකා දෙකක් කැර කෙනවා.. මේකෙන් තමයි ඒ ටැංකියේ තියෙන ජලය කලත්තන්නේ.. ඕක ඉතින් මුලු දවසේම අර ටැංකිය වටේම යනවා..බලන් ඉන්නත් ඉතින් මරු ඒකනම්... ඔන්න ඉතින් එතනින් යන්න හදන කොට ඔට්ටයි, අකුරයි අරකේ එල්ලිල වටේ යනවා...මොනව උනත් ඒකෙ එල්ලුනහම පොඩි නෙවියි ලොකු ජොලියක් තියෙනවා..!!!!
කොහොම කොහොම හරි ඒක බලලා ඉලග තැනට ගියා..ඔන්න ඉතින් දැන් එතන විස්තරය... මෙතන වෙන්න මේකයි.. අරකයි.. දැන් ඉතින් කට්ටියම බලාගෙන ඉන්නවා. ටික වෙලාවක් යන කොට මොකක් හරි අවුලක් ගිහින් වගේ කියල වට පිට බලන කොට තේරුනා...මොකද වැඩකරන කට්ටිය එහාට දුවනාවා.. මේහාට දුවනවා...තෙරුන විදිහටනම් මොකක් හරි අවුලක් වගේ... තික වෙලාවක් යනකොට කවුඩ එක්කෙනක් ඔරවගෙන එනව අපේ පැත්තට. නිකන් ගහගන්න වගේ ආපු ගමන්ම

"කවුද අර ඇනේ තිබ්බේ....??? "

දැන් ඉතින් කට්ටියටම ෆුල් හොල්මන්... (ඒත් ඉතින් සමහර අයට විතරයි :D :D) අර අපු මනුස්සයත් ඉතින් දැන් කන්න වගේ බලාගෙන ඉන්නවා..කොහොම කොහොම් අහරි ටිකක් වෙල ඉන්න කොට අර මනුස්සය කතාකරා මිස්ට...

"මිස් එන්න ලමයින්ගෙ වැඩක් පෙන්නන්න...!! "

දැන් ඉතින් මිස්ටත් නිකන් මොකද්ද මොකද්ද වගේ.. ඇයි ඉතින් එකපාරටම මෙහෙම දෙයක් කියන කොට..... ඔන්න ඉතින් කට්ටියම එක්කගෙන ගියා අර කලින් මම කිව්වෙ කොච්චි රොදයක් වගේ එකක් තියෙන තැනක් ගැන. අන්න එතන්ට.. කර කැවි කැවි තිබ්බ ඒ අට්ටලේ නම් දැන් කැරකෙන්නෙ නෑ..හැබැයි ඒක ඇරෙන්න අනිත් ඔක්කොම ටික නම් කලින් තිබ්බ වගේමයි.. ඔන්න ඉතින් අර මනුස්සය අපිව එක්කගෙන ගියා රෝදෙ ලගටම... " මළා... මෙන්න ඒකේ මහ පරාල ඇනයක් හිරවෙලා....!!! " ඒක නිසා අර අට්ටලේ අර ටැංකිය වටේ යන්නේ නෑ...!! දැන් ඉතින් අර මනුස්සයා අපහු කියවන්න පටන් ගත්තා..

"කවුද මේක තිබ්බේ...."

එකෙක්ගෙන් වත් සද්දයක් නෑ...

"කවුද මේ ඇනේ මෙතන තිබ්බේ..???"


ඒත් සද්දයක් නෑ..

"බලනවා ඉස්කෝලෙටත් එක්ක ලැජ්ජයි නේද...??"


මිනිහ ඉතින් කියවනවා කියවනවා ඉවරයක් නෑ.. අපි නිකන් අපිට නෙවෙයි වගේ ඉනවා.. අර මනුස්සයට ඉතින් එපා උනා.. මොකද ඉතින් මුන්ට කෑ ගහල මොනව කරන්නද.?මොකද එ මනුස්සයා කෑ ගැහුවට අපේ එකෙක්වත් කටක් හොල්ලන්නෙ නෑ නේ...පස්සේ ඒ මනුස්සය ගියා.. ඉට පස්සෙ පටන් ගත්තෙ අපේ මිස්..

" *** *** * * * * ***** * * **** *** ***"


බැනුම් පෝලිමයි.දැන් ඉතින් කවුරුවත් වැරද්ද පිලි ගන්න අදහසකුත් නෑ... කොහොම කොහොම හරි ටික වෙලාවක් ඉන්න කොට මිස් කිව්ව කවුරු හරි ගිහින් සමාව ගන්න කියලා.. ඒත් එකෙක්වත් නෑ යන්නේ.. ඔය අස්සෙ වජ්ජි ගෙ කතාව තමයි මරු... (වජිර ගැනනම් ඉතින් මතක් වෙනකොතත් දුකයි.. මොකද අපිත් එක්ක හිටපු හොද යලුවෙක් හදිස්සියේම අපිව දාලා මේ ලෝකයෙන් වෙන්ව ගියා) අපේ පංතියේ කොල්ලෙක් හිටිය මිනිහට ටිකක් හොදට සින්දු කියන්න පුලුවන්..

"මිස් අපි සවින්දව යවල සිංදුවක් කියවල මොකක් හරි කරගම්මු"

ඕක කිව්ව විතරයි අන්තිමේදි මිස්ට ආපහු යකා නැග්ග..

"** * * *** *** * ***** ** * *****"


කොහොම කොහොම හරි අන්තිමේදි කට්ටිය අකටම ගිහින් සමාව ගන්න තීරණය කරා...හිතුවේ අපහු ලුණු ඇඹුල් ඇතිව අහගන්න පුලුවන් වෙවි කියලා...කොහොම කොහොම් අහරි කට්ටියම ගියා කියමුකෝ. ගියෙත් අර සවින්දය ඉස්සරහට දාලා.. මොකද බැන්නොත් ඉතින් සිංදුවක් කියල්ල... :ඪ් :ඪ් :ඪ් :ඪ්
ගිහිපු ගමන්ම පටන් ගත්තෙ

"පුතාලා ආවද...?? "

මොකද්ද ඒ වෙනස..??

"පුතාල එහෙම කරන එක හරි නෑ නේද..?? ඉස්කෝලෙටත් හොද නෑ නේද....?? "

මොකද්ද මේ ලොකු වෙනස...වැරදි එක්කනා ලගටද ඇවිත් තියෙනේ...නෑ නෑ හරි එක්කෙනා ලගට..හිතුවෙ හොද හැටි අහගන්න වෙයි කියලා ඒත් එහෙම නම් උනේ නෑ අපේ වාසනාවටද කොහෙද..?? කියපු විදිහටනම් ඇණේ බරපතලකම..මොකද ඒකේ මොටරයට මොකක් හරි උනානම් ඉතින් ගල්ලේම වතුර නෑ.... මොනව උනත් ඉතින් යන්තම් ඇග බේරගෙන අපහු ඉස්කෝලෙට අවා.. මගදිත් ඉතින් මිස්ගෙන් කට්ටිය හොදට අහගෙන ආවේ.. ඔය අස්සෙත් අපේ එකෙක් කියනව

" මිස් අපි ගාල්ලේ සමුද්‍ර කෞතුකාගාරයත් බලන්න යමුද??"

" *** ** ** * * ** ** * *** ***** *** **** *** ** * ***** ****"







පාසල් ජීවිතයේ තවත් සොදුරු මතකයන්......
අජාට ගහපු එරිකගේ RPGඑක
කා* මිස් ගේ ඉංග්‍රීසි පොත......
කවුද අර ඇනේ තිබ්බේ....???
"සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.....
මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!!
කා* මිස්ට මිස් කෝල් ගැහිල්ල.....


*
*
නව Facebook fan page එකට LIKE එකක් දාල යන්න අමතක කරන්න එපා 


*
*



2 comments:

  1. රිච්මන්ඩ් නේ?වජිර අයියගේ යාලුව ගීනාත් අයිය මගෙ බොක්කක්.
    http://www.kopikade.net/2009/08/blog-post_25.html

    ReplyDelete