Sunday, July 10, 2011

[RCG]අජාට ගහපු එරිකගේ RPGඑක


ඇත්ත නම නම් කියන්න නම් බෑවගේ... ආදරේට කට්ටියනම් කියන්නේ එරිකා කියල..මොනව උනත් ක්‍රිකට් පිස්සෙක්..( හැබැයි බිම දිගේ එන බෝලෙකටවත් ගහගන්න බෑ.. මේක ගැනත් කතාවක් තියෙනව ඉස්සරහදි කියන්නම් :p :p :p)

මේ කතාවත් උනේ 12 වසරෙ ඉන්න කොට..ඒ කියන්නේ අර පතාලේ තියෙන ලැබ් එකේ දි..මතක නේද තැන. එදා සිගිති දිනයට කලින් දවසේ.. හැම පාරම වගේ බොහෝ වෙලාවට 12 වසරෙ කට්ටියට තමයි සිගිති දිනේට හදන කූඩාරම් නිර්මාණය කරන්නේ.මේ කාලේ අපේ ඉස්කෝලෙ අලුතෙන් ****. කොල්ලෝ කියන්නේ අජබු කියල. කෙලින්ම දෙන්නේ හමුදා නීති. වැරැද්දකට අහුවුනොත් ඉතින් එක්කො බොක්කුවක් යට රින්ගවාවි,නැත්තම් කුණු අස්කරන්න දාවි.. නැත්තම් ඉතින් පොත් ටිකත් ඔලුව උඩ තියාගේන රිපන් එක ඉස්සරහ ඉන්න වේවි.(රිපන් එක කිව්වේ රිච්මන්ඩ් එක ඇතුලෙම වෙනමම තියෙන බාලිකා විද්‍යාලයක් ) ඔන්න ඔය වගේ මහ එපා කරපු දඩුවම් තමයි දෙන්නේ... රිච්මන්ඩ් ගිහිපු අයනම් හොදටම දන්නව නේ දෙන දඩුවම්....

කොහොම හරි කට්ටිය දැන් අපේ පුෂ්පා මිස් එක්ක එකතු වෙලා කූඩාරම නිර්මාණය කරන හැටි කතාවෙනවා... අපේ පංතිය තියෙන්නේ පාතාලෙක නේ...ඒකනිසා පාරේ යන කෙනෙකුට එකපාරටම පංතිය ඇතුලෙ මොනව වෙනවද කියල හිතාගන්න බෑ..දැන් කට්ටියම මිස්ගෙ වටේ ඉදගෙන මොකද්ද කරන්නේ කියලා කතා වෙනවා..ඔය අස්සේ අපේ කතානායකයා.. එරිකා ආව පංතියට..ඇවිත් පොඩ්ඩක් වටේ කැරකි කැරකි හිටියා.. මේ වෙලාවෙදි තමයි අජබු පංතිය ඉස්සරහින් ගියේ... කට්ටියට ඉතින් පොඩ්ඩක් පොඩ්ඩක් විතර හොල්මන්..මොකද ඕනම කොල්ලෙක් අජබුව පොඩ්ඩක් දැක්කොත් ඉතින් බය වෙනවානේ... මේකාලේ ඉතින් රටේ යුද්දේ යන නිසා හැමෝටම යුද මානසිකත්වයක් තමයි තිබුනේ. කොහොම කොහොම හරි එරිකා අජාව දැක්ක විතරයි....
"ටිෂ්....ෂ්...ෂ්...ෂ්....දඩෝං............!!!!!!"

අපොයි.. මොකද ද ඒ..හරියට හෙණ ගහුව වගේ.. බලන කොට තමයි වැඩේ තේරුනේ..එරික පොඩි ර්‍ඵ්ඝ් පාරක් ගහල අජබුට.( ගැහුව කිව්වෙ කටින් හොදද..!! ) මොනව උනත් කරුමෙට අජාට ඕක ඇහුනා. දැන් අජා වටපිට බලනවා කොහෙන්ද ඒ සද්දෙ ආවේ කියලා.. ඒකත් කරුමෙ කියන්නේ අපේ පංතිය දිහා බලල අජා ආව පංතියට..මොනව උනත් ඒකත් වාර්තාවක්. මොකද අපි මේ පංතියට ආවට පස්සේ අජා ආපු පලවෙනි වතාව. දැන් පඩිපෙලත් බැහැගෙන ආවා කියමුකො පංතියට. එක පාරටම කළු ගලක් වගේ මතු උනා පංතිය ඉස්සරහින්.
ආපු ගමන්ම ඇහුවේ

"කවුද අර කෑගැහුව මනුස්සයා..."

මොකෙක්වත් නෑ කතාකරන්නේ. සාමාන්‍යයෙන් අජා ප්‍රශ්ණයක් ඇහුවට කවුරුත් උත්තර දෙන්න යන්නේ නෑ. මොකද උත්තර දෙන්නත් ඕන හමුදා නීතිය අනුව.. ඇග කෙලින් කරගෙන.. කෙලින් බලාගෙන.. හෙන නීති ගොඩයි... එකක් හරි වැරදුනොත් ඉතින් ඉල්ලගෙන කෑමක් තමයි. ඒක නිසා කට්ටිය කරන්නේ කට පියාගෙන ඉන්න එක තමයි.ඔය අස්සේ අපේ තාරකට හිනා ගියා අජා අහපු කතාවට. තාරක කියන්නේ අපේ පංතියේ හිටපු අහිංසකම කොල්ලේක්.ඉන්නවද නැද්ද කියල දන්නේ නෑ පංතියේ.. එක පාරටම හිනාගිහිපු නිසා අජා හිතුවේ තාරක තමයි සද්දෙ දැම්මේ කියලා... දැන් ඉතින් තාරකයල ලෙඩේ.. කෙලින්ම හමුදා නීතිය. හැබැයි ඒ වෙලාවෙම මරණ දණ්ඩනය උරුම වුනේ නෑ.

"තමුන් හෙට මිස් එක්ක මගේ ඔෆිස් එකට එන්න.."


පස්සේ අජා ගියා පංතියෙන්. දැන් ඉතින් හැමොටම ෆුල් අප්සට්... කාටත් කරදරයක් නැති තරකයට උන වැඩේට. කොමේ එරිකා.. එරික ඉන්නව පැත්තකට වෙලා... අපේ මිස්ටත් දැන් දුකයි.. මොකද නොකරපු වැරැද්දකට තාරකය අහුවුන එක ගැන. හැබැයි ඉතින් තාරකයව ඒ වැරැද්දට අහිකරපු මනුස්සය ගැනනම් ඒ වෙලාවෙ හැමොම සිහිකරා..!!! :p :p :p :p මොනව උනත් අන්තිමේදි මිස් එක්ක තාරකයට අජා ලගට යන්නම උනා.. මිස් කියල කියල මරණ දණ්ඩනයෙන් බෙරගෙන තිබුනා.. ඒත් බරපතල වැඩ සහිත සිරදඩුවමක් නම් හම්බෙල තිබුනා...!!



පාසල් ජීවිතයේ තවත් සොදුරු මතකයන්......
අජාට ගහපු එරිකගේ RPGඑක
කා* මිස් ගේ ඉංග්‍රීසි පොත......
කවුද අර ඇනේ තිබ්බේ....???
"සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.....
මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!!
කා* මිස්ට මිස් කෝල් ගැහිල්ල.....


*
*
නව Facebook fan page එකට LIKE එකක් දාල යන්න අමතක කරන්න එපා 


*
*

8 comments:

  1. එරිකා නියමෙටම ටගට් එක අරන් RPG එක යැව්වෙ අජාගෙ ____.

    ReplyDelete
  2. lassanai...
    school time is the best time of the whole life time.it is a common thing for all of us.
    thanks for sharing Ur loving memories with us.

    ReplyDelete
  3. ai oyawage unta iskolawalata enna denne
    iskole kiyanne hamudaa pasalak nevine
    gahala elawanna ne thibune

    ReplyDelete
  4. @sanojඔව් බං.. සද්දෙ විතරයි තිබුනේ.. වැදුනෙ ඉතින්

    ReplyDelete
  5. පට්ට කතාවක් නේ. කොහොමහරි එරිකා බේරුනා. මූව එල්ලන්න වටින්නේ. ඔය රිපන් එක කියලා කියන්නේ ගාල්ලේ රිපන් බාලිකාව ගැන නේද ?

    ReplyDelete
  6. @මධුරංගගාල්ලේ රිපන් බාලිකාව ගැන තමයි.. ගාල්ලටම එකයි :D :D :D

    ReplyDelete
  7. අපෝ අජා ගැනනම් කියලා වැඩක්නැ,

    ReplyDelete