Thursday, June 30, 2011

[RCG] "සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.. හැබැයි සර් සද්දෙනම් ගෙම්බෙක් ගෙ වගේ"


පාසල් කාලේයේ තියෙන මතකයන්නම් කවදාවත්ම අමතක කරන්න බෑ..මොකද ඒ මතකයන් ඒතරම්ම සුන්දරයි.පංතියේ එකට හිටපු යාළුවො එක...කරපු වැඩ එහෙම මතක් වෙනකොටනම් තාමත් හිනා.....:: :D

අපේ එක තිබුනේ පතාලෙකනේ.. මම ඕක කලිනුත් කිව්වනේ.මෙන්න.ඔය පන්තියේ ඉන්න කොට නිකන් දැනෙනේ රිච්මන්ඩ් ඒකේ නෙවයි වගේ.. මොකද එකට ගියාම ඉස්කොලේට බොම්බයක් ගැහුවත් දැනෙන්නේ නෑ... :D :D

අපිට Chemistry කරන්න ආවේ සුමේධ සර්. මේ සර් නම් හරිම හොදයි..ළමයින් එක්ක එහෙම ගොඩක් සුහදව තමයි ඉන්නේ.ඒක නිසාම කට්ටිය හිටපු ගමන් සර්ට පොඩි විහිලුවක් කරල හොදට අහගන්න වෙලාවල් එහෙම නැත්තෙමත් නෑ..

Bio Lab එකක් කිවහම ඉතින් ඕකෙ බෝතල්වල දාල පුරවල තියෙනවනේ මස් කෑලියි.. ඇට කෑලියි.. අර අවයවයයි.. මේ අවයවයයි..හැම දෙයක්ම.. ඔය ඔක්කොම ටික ගොඩ ගහල තිබ්බේ පිටිපස්සේ රාක්කයක.ඔතන නිකන් නගර සභාවේ කුණු ගොඩ වගේ..දන්නවනේ ඉතින් කොල්ලො ඉන්න පංතිවල හැටි..කොස්සක් එහෙම ගෑවෙන්නේත් නෑ ඔය පංති වල ඔන්න ඉතින් එක දවසක් Chemistry පිරියඩ් එක පටන් ගන්න කලින් සුමේධ සර් ට පොඩි විහිලුවක් කරන්න කට්ටියම සෙට් වුනා.... මැනිය ගේ Phone එකේ සිරා Ring Tone එකක් තියෙනව ගෙම්බෙක් කෑගහන එකක්.. කට්ටියම ඉතින් කතාකර ගත්තේ එකේන් මොකක් හරි විහිළුවක් කරන්න. කට්ටිය කතාවුනේ මැනියගේ Phone එක අර නගර සභාව අස්සේ හංගන්න. ඔන්න ඉතින් කට්ටියම set වෙල අර ගෙම්බගේ tone එක ring tone එකට දාල වැඩේ set කරා... දැන් ඉතින් සර් පන්තියට ඇවිල්ලා පාඩම පටන්ගත්තා.. ටික වෙලාවක් ගියට පස්සේ කට්ටිය වැඩේට බැස්සා. දැන් කටත් නොදැනෙන්න කොල්ලෙක් ගේ phone එකකින් මැනියගේ phone එකට පොඩි missed call පාරක් දැම්ම... මරු.. ඇත්තටම ගෙම්බෙක් ඉන්නව වගේ... සද්දේ ඇහෙනව මහ හයියේන්.. ඒත් එන්නේ කොතනින්ද කියල හිතාගන්න බෑ. දැන් ඉතින් සර්ටත් එකපාරටම අප්සට්. සරුත් වට පිට බලනව මොකෙක්ද මේ කෑගහන්නෙ කියල.. ඔය අස්ස මැනිය,

"සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.. හැබැයි සර් සද්දෙනම් ගෙම්බෙක් ගෙ වගේ"
දැන් ඉතින් සරුත් මේ මොකෙක්ද කියල හොයවා.. මේකෙ හිනායන වැඩේ වෙන්නේ සර් phone එක තියෙන තැනට එනකොට සද්දෙත් නෑ.. එන්නේ කොහෙන්ද කියල හිතාගන්නත් බෑ..
"හරි ඕක අමතක කරල ආපහු පාඩමට යමු.. "

කියල කට ගන්න උනේ නෑ. ආපහු වදිනවා.. ඉතින් අපහු සර් සද්දේ අන්නේ කොතනින්ද කියල හොයනව... වැඩේ සෙට් කරපු කට්ටියත් ඩෙස් යට පුටුයට මොකාද මේ අපි නොදන්න සතා කියල පණදාගෙන හොයනවා.. ටිකක් වෙලා යනකොටනම් ඉතින් සර් ට පොඩ්ඩක් තඩ වුනා..

"තමුසෙලගේ පංතියේ හැටි බලන්වා.. සතෙක් තියා මොකෙක් හිටියත් හොයාගන්න පුලුවන්ද..??"

කියල නැවැත්තුව විතරයි අපහු සද්දෙ පටන් ගත්තා.දැන් ඉතින් සර්ට පොඩ්ඩක් විතර තද වෙලා තියෙන්නේ.. ඒත් ඉතින් කොල්ලො එකෙක්වත් බයවෙන්නෙ නෑ. මොකද ඉතින් සර්ට තරහ යන්නේ නෑනේ.(තරහ යනව කියල දැන ගත්තෙනම් අර ගේ වැඩෙන් තමයි )

"බෑ අය්සේ මේ වැඩේකරන්න..ඉස්සෙල්ල ඔය සතාව හොයාගෙන ඉවරයක් කරල දානවා"


සර් ගේ මේ කතාවට කොල්ලොන්ට ඊටත් වඩා හිනා.. ඔකෙන් සර් ට තේරුනා මේක කොල්ලොන්ගෙම මොකක් හරි මගඩි වැඩක් කියල...

" ඔහෙලත් එක්ක මේ වැඩේ මෙහෙම කරන්න බෑනේ... එහෙන් මෙහෙන් ගෙම්බො අල්ලගෙන ඇවිල්ල....පංතියට ගෙනත් දාලා.............."


දිග වචන මාලාවක්ම කියාගෙන ගියා... ඔය ටික ඇහුවට පස්සේ ඉතින් කට්ටියට කරපු වැඩේ දැන් නවත්තන්න ඕන කියල හිතුනා.. ඉතින් ඉටපස්සේ පිරියඩ් එක ඉවර වෙනකන්ම ගෙම්බ නම් කෑගැහුවෙ නෑ.. ඒත් සර් නම් අද වනකනුත් දන්නේ නෑ එදා කෑගැහුවෙ ගෙම්බෙක් නෙවෙයි මැනියගේ phone එක කියල...!!!






පාසල් ජීවිතයේ තවත් සොදුරු මතකයන්......
අජාට ගහපු එරිකගේ RPGඑක
කා* මිස් ගේ ඉංග්‍රීසි පොත......
කවුද අර ඇනේ තිබ්බේ....???
"සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.....
මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!!
කා* මිස්ට මිස් කෝල් ගැහිල්ල.....


*
*
නව Facebook fan page එකට LIKE එකක් දාල යන්න අමතක කරන්න එපා 


*
*

6 comments:

  1. කොල්ලො තමා කොල්ලො!

    ReplyDelete
  2. හික්ස්. බක බක බක ගාල හිනා ගියා

    ReplyDelete
  3. හප්පා නියම සර් කෙනෙක් නේ එල එල

    ReplyDelete
  4. රිච්මන්ඩ් කොල්ලෝ ගැන කවර කතාද :P

    ReplyDelete
  5. රිච්මන්ඩ් වේනස

    ReplyDelete
  6. සියල්ල රිච්මන්ඩ් නමටය.....

    ReplyDelete