Thursday, March 17, 2011

ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය පුපුරායාවිද...???


ඔන්න ඉතින් කාලයක් තිස්සේ නැවතිල තිබ්බ මගේ බ්ලොග් ලිවිල්ල මම ආපහු පටන් ගත්තා.. මේක දැකපු සමහර අය හිතනව ඇති අපෝ ඔන්න ආපහු පටන් ගෙන කියලා..... :D :D :D කොහොම උනත් ලියන්න තියෙන ලිපියනම් ඉතා කණගාටුදායක ආරංචියක් තමයි. කොයිකවුරුත් දන්නව ඇතිනේ ජපානයට සිදු වූ භූමිකම්පාව සහ සුනාමිය නිසා සිදු වූ විපත. මේ වනවිටත් ජපානයේ සාමාන්‍ය ජන ජීවිතය අවුල් වී ගිහින්. දැනට මෙම භූමිකම්පා හා සුනාමිය හමුවේ 3676 දෙනෙකු මිය ගොස් ඇති අතර නිළ නොවන මට්ටමින් පවසන්නේ මෙය 25000 දක්වා ඉහලයා හැකි බවයි. මේ වනවිටත් රටවල් 70 ක පමණ සහන සේවක කණ්ඩායම් සහන සේවාවන් වල නිරත වී සිටී.. දැනට පවතින අධික සීතල තත්වයත් සුළග නිසාත් ඔවුන්ගේ සහන සේවාවන් හට බාධා වී ඇති අතර පානය කිරීමට සුදුසු පානීය ජලය නොමැති කමත්, විදුලි බලය නොමැතිකමත් හා අධික සීතල තත්වය නිසාත් එරට ජනයා මහත් පීඩාවට පත් වී ඇත.

මෙම සුනාමි තත්වය නිසා ජපානය මුහුන දී ඇති ප්‍රධානම ගැටලුව වී ඇත්තේ ඔවුන් සතුව ඇති ෆුකුෂිමා න්‍යශ්ටික බලාගාරය පිපිරීයාමට ආසන්න වීමයි. මෙම බලාගාරයේ ප්‍රතික්‍රියාකාරක හයක් ඇති අතර 3 වන ප්‍රතික්‍රියාකාරක මේ වනවිටත් පුපුරා ගොස් ඇත.. 4 වන ප්‍රතික්‍රියාකාරක යේ ජලමට්ටම මේවනවිට පහත බහිමින් පවතින අතර 5 සහ 6 ප්‍රතික්‍රියාකාරකයෙහි නිපදවෙන උෂ්ණත්වය මේ වනවිට සීග්‍රයෙන් වැඩිවෙමින් පවතී

න්‍යශ්ටික බලාගාරයක න්‍යශ්ටික ප්‍රතික්‍රියා සිදුවන විට අධික තාපයක් නිපදවෙන අතර එම තාපය පාලනය කිරීමට විවිධ ක්‍රම උපයෝගී කර ගනී. නමුත් සුනාමි තත්වය හමුවේ මෙම බලාගාරය පිහිටි ප්‍රදේශයේ විදුලි බලය නොමැති කමින් බලාගාරයෙන නිපදවෙන අධික තාපය පාලනය කිරීමට ඔවුන්ට නොහැකි වී තිබේ. මේ වනවිටත් ඔවුන් මුහුදු ජලය යොදාගෙන සිසිල් කිරීමේ කටයුතු සිදුකරද එම ක්‍රියාව එතරම් සාර්ථක වී නොමැත. මේ වනවිට ඔවුන් එම බලාගාරයේ සිදුකරන සියලුම මෙහෙයුම් නවතා ඇත. බලාගාරයේ සිටින සියලුම සේවකයන් ද ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. එක් ප්‍රතික්‍රියාකාරයක සිදුවූ පිපිරීම නිසා මේ වනවිට බලාගාරය තුල ගිනි ගැනීමක් ද සිදුවේ.. ජපනය ප්‍රකාශ කරන පරිදි ඔවුන්ට මෙම බලාගාරය පිපිරීම නැවැත්විය නොහැකිය. ඒ බව ප්‍රකාශකරමින් ජපානයේ අකීටෝ අධිරාජ්‍යයා සියලුම ජපන් වැසියන්ගෙන්ම මෙන්ම සියලුම ලෝක වාසීන් ගෙන් සමාව අයද සිටී. ඔවුන් ප්‍රකාශ කරන පරිදි මෙය පුපුරා ගියහොත් කිලෝමීටර 20 ක් දුරට මෙහි බලපෑම සිදුවන අතර 4277 ක් පමණ වැසියන් මිය යාමට හැකිබවයි. මේ නිසා මෙම බලාගාරය අවට මිනිසුන් ඉවත් කිරීමට කටයුතු යොදා ඇති අතර කිලෝමීටර 30 ක පමණ ප්‍රදේශයක් අවධානම් කලාපයක් ලෙස නම් කොට ඇත.


එක් ප්‍රතික්‍රියාකාරකයක් පුපුරායාමෙන් පසු




ෆුකුෂිමා බලාගාරයේ එක් ප්‍රතික්‍රියාකාරකයක් පුපුරා ගිය අයුරු...






ෆුකුෂිමා බලාගාරයේ එක් ප්‍රතික්‍රියාකාරකයක් පුපුරා යෑමෙන් පසුව...







පෙර ලිපිය :: :: :: ජපානයට සුනාමිය පැමිනීමෙන් පසු දසුන්...

*
*

4 comments:

  1. එහෙම උනොත් නම් ජපානෙට විශාල හනියක් තමයි වෙන්නේ.....

    ReplyDelete
  2. @Nadunඒකනම් ඇත්ත සහෝ... මොනව වේවිද කියල ඉතින් දැන් කාලයටබාරයි....

    ReplyDelete
  3. හපොයි හරිම බයානක තත්වයක්..

    ReplyDelete