Monday, February 21, 2011

Mobile Phone පාවිච්චිකරන අයට


සතියකින් විතර Blog එක පැත්තෙ රවුමක් ගහන්න බැරිඋනා.. මොකද ඉතින් මට තියෙනවනේ අම්බානකට කරන්න වැඩරාජකාරිනේ.... :p වැඩරාජකාරි කියන්නේ ඉතින් Exam ලියන එකතමයි... යන්තම් අද Exam එක ඉවරයි.. ලිව්ව එකනම් ගොඩ වගේ.. (එහෙම තමයි ඉතින් හිතන්නේ.. :D :D :D) මොනව කරන්නද ඉතින්.. exam වලට පොලු තියල කොහොමද Degree ගන්නේ....

දන්නවනේ ඉතින් විභාගයක් ලංවෙනකොට සමහර අයට මැන්ටල් වගේ හැදෙනවනේ.. බොරුකියන්න ඕන නෑනේ මටනම් හැදෙනව.... :D :D :D කොහොමත් ටිකක් තියන එකනේ... හරි හරි.. කතාවට බහිමුකෝ.. මොකද මේක ලියන්න පටන් ගත්තේ මැන්ටල් කේස් ගැන ලියන්න නෙවෙයිනේ.....

අද මම මේ කියන එක සමහර විට කලින් බොහෝ දෙනෙක් අහල ඇති.. කොටින්ම කියනවනම් මමත් මේක කලින් දන්නවා.. ඒත් මට මේක ලගකදි තමයි මතක් වුනේ... සමහර විට මේක කියවන ඔයත් මේක පිලිබදව කලින් දැනගෙන මේ ලිපිය කියවන නිසා මේක නැවත මතක්වෙන්න ඇති. එහේම වුනානම් තමයි හොද..... හරි, මම කියන්නම් මට මේක එකපාරටම මතක් උනේ මොකද කියලා.. කලින් මම කිව්වනේ මට exam ලංවෙනකොට මැන්ටල් ගහනව කියලා... ඔය මැන්ටල් ගැහිල්ල මේ පාරනම් දෙගුණ තෙගුණ වෙලා ගියා.. ඒමොකද කියනවනම් මාත් එක්ක මගේ ලගම හිටපු,මම හුගක්ම ආදරය කරපු කෙනෙක් එකපාරටම මැන්ටල් ගහපු එක... කවුද ඒ.....??? වෙන කවුරුවත් නෙවෙයි ඉතින් මගේ ජංගම දු.ක තමයි.. ඒ මැන්ටල් ගැහිල්ල නිසා ඒක ඇතුලේ තිබ්බ මගේ දේපල ඔක්කොම නැතිවෙලා ගියා.... :( :( :(



මොනව උනත් කොහොම කොහොම හරි තවත් ලොකු game එකක් දීල යන්තම් ගොඩ ගත්ත කියමුකෝ..... දැන් phone එක දිහා බලන්න බෑ අප්පිරීයාවේ බෑ..... කාගෙන් හරි call එකක් එනකොට අල්ලල විසික්කරන්න හිතෙනවා.. සද්දෙ නිකන් ටකරන් තලනව වගේ...... ඔන්න ඔය වෙලාවෙදි තමයි මට මේ වෙබ් එක මතක් උනේ.. මම කලින්ම කිව්වනේ මේක මම කලින් දැන ගෙන හිටිය කියලා.. මෙකේ තියෙනවා ඕනම Phone එකකට අවශ්‍යකරන Wallpapers, Ringtones, Applications, Games. etc...... මෙන්න web එක .. ගිහිල්ලම බලන්න

http://www.zedge.net/

9 comments:

  1. ela... thnkzzzzzzzzzzzz.................

    ReplyDelete
  2. එල එල දෑන් ගොඩ දාගත්තාද,,?

    ReplyDelete
  3. @ඉලංදාරියාස්තූතියි සහෝ......දැන්න්නම් අවුලක් නෑ.. යන්තම් ගොඩ දාගත්තා...... :D :D :D

    ReplyDelete
  4. මේකනම් පට්ටම පට්ටයි...

    ReplyDelete