Sunday, February 13, 2011

අර කන්ද මුදුනේ ගෙයක් හදාගෙන ලුණුයි බතුයි කාල ජීවත් වෙමු අනේ....!!!

මේක අද TV එකේ News වලදි තමයි අහන්න ලැබුනේ (ඔන්න මම TV එකෙ News බලනව හොදේ)

අපි දෙන්නා අන්න අර පේන කන්දෙ උඩ පොඩි ගෙයක් හදාගෙන ලුනුයි බතුයි කාල ජීවත් වෙමු.. ...!!!!
ඕක ඉතින් ඉස්සර ආදරවන්තයින්ගේ ලග රැදුනු වචන මාලවක්නේ.... හැබැයි දැන් මේක වෙනස් කරන්න තමයි වෙලා තියෙන්නේ.. ලුනුයි බතුයි කන එකනම් කරන්න වෙනවා.. මොකද ඉතින් මේ දවස්වල බඩු මිල වැඩියිනේ... හැබැයි කදු උඩ ගෙවල් හදන එකනම් දැන් කරන්න වෙන්නේ නෑ... දන්නවනේ මේ ලගකදි ලංකාවේ තැනින් තැන සිදුවුන විපත් ගැන.. කදු නාය ගිහින්... ගෙවල් යටවෙලා... මිනිස්සු මැරිලා.... මේවගේ සිද්දි බොහෝමයි...මතකනේ මහනුවර පැත්තෙ සිදුවුන සිදුවීම් පෙල... අන්න එක නිසා දැන් කදු මුදුන්වල අවදානම තත්වයන් පවතින තැන් වල නිවාස ඉදිකිරීම තහනම් කරල තියෙනවා... එකියන්නේ ඒ වගේ තැනක නිවාස ඉදිකිරීමට පවා අවසර ලබා දෙන්නේ නෑ... යම් පෙදෙසක පළාත් පාලන නිළධාරියා එවැනි නිවාසයක් සෑදීමට අවසර ලබා දී එම නිවසට කිසියම් හෝ හානියක් සිදුවූ විට එහි සම්පූර්ණ අලාභය ඔහුවිසින් ගෙවීමට නීති හදල තියෙනවා.. ඉතින් කොහොමද වැඩේ... දැන් ඉතින් තියෙන්නේ අන්න අර පේන තැනිතලාවෙ ලොකු ගෙයක් හදාගෙන ලුණුයි බතුයි කාල ජීවත් වෙමු....!!! කියල තමයි :D :D :D

5 comments:

  1. අයියෝ...අපරදේ..... මාත් හිතුවෙ කන්දක් උඩ ගෙයක් හදාගන්න...

    ReplyDelete
  2. මොන අපරාදයක් ද මේ.... ඒත් කමක් නෑ.. නයාගිහින් නිකන් යටවෙල මැරෙන්න ඕන නෑනේ.....!!1

    ReplyDelete
  3. @Nadunමොනව කරන්නද සහෝ..... දැන් ඉතින් දුක් නොවී තැනිතලාවක් හොයාගන්න.....

    ReplyDelete
  4. @Anonymousඒකනම් ඇත්ත.. මොකටද නිකන් මැරෙන්නේ..... :D :D

    ReplyDelete