Sunday, February 6, 2011

උපන් ලප හෙළි කරන රහස්..........

මේ ලිපිය නම් ලැබුනේ email බක්කිය බල බල ඉන්න අතරේදී.. මහා සාගරක් වගේ වැඩක් නැති දේවල් වලින් පිරිල තියෙන මගේ email බක්කියේ කොනක තිබිල තමයි මේක හම්බුනේ.. (බලන කොට ටිකක් හරි වැදගත් ඒවත් ඒකෙ ඇතුලෙ තියෙනව වගේ..) කොයි කවුරුත් ආසයිනේ තමන්ට වාසනාව අවාසනාව ඉදිරියේදී තියෙනවද කියල බලා ගන්න.... ඒකට ඉතින් සාස්තර අහනව වගේ තමයි මේකත්.. වැඩි කතා ඕනේ නෑ.. පහල තියෙන පින්තූර බලන්න..

මේකෙ ඇතැම් ඒවනම් අඩුයි හොදේ.....

උපුටා ගැනීම :: (රීජස්‌ටි ඩයිජස්‌ටි සඟරාව ඇසුරෙන්) සමන් චන්ද්‍රරත්න











උපන් ලපය වාසනාව හෝ අවාසනාව රැගෙන එන්නේ යෑයි විශ්වාසයක්‌ අප තුළ ඇත. උපන් ලපය නිසා ලැබෙන වාසනාව හෝ අවාසනාව තීරණය වන්නේ උපන් ලපය පිහිටා ඇති ස්‌ථානය, එහි පාට සහ එය කොතරම් විශාලද යන කාරණාව මතයි.

උපන් ලප පෙර ආත්ම භවයන්ගේ සිට අප කරපින්නා ගෙන එන කර්මය මේ ආත්මයේදී ප්‍රකාශනය වන ක්‍රමයක්‌ ලෙසද මතයක්‌ පවතී. උපන් ලප හෙළිකරන රහස්‌ පිළිබඳ අද අපි ඔබට ඉදිරිපත් කරමු.

ප්‍රථමයෙන් සිරුරේ ඉදිරිපස පිහිටා ඇති උපන් ලප පිළිබඳව අවධානය යොමු කරමු.

උපන් ලපය 01
ඔබේ ජීවිතය අභියෝගාත්මකය. අසීරු කාලවලට මුහුණ දෙනු ඇත. නමුත් ශරීරයේ ඉදිරිපස පිහිටා තිබෙන මෙවැනි උපන් ලප රතු පැහැති නම්, එයින් සංකේතවත් වන්නේ එම අභියෝග ජයගෙන ඉදිරියට යන බවයි.

උපන් ලපය 02
ඔබ පහසුවෙන් ම පීඩනයට හසුවන අයෙකි. විශේෂයෙන්ම ඔබ ආදරය කරන අය නිසා නිතර සිත් තැවුල් ඇති කර ගැනීමට ඉක්‌මන් වේ. නමුත් ඒ සෑමවිටම ගැඹුරු හුස්‌මක්‌
රැගෙන අනවශ්‍ය ළතැවිල්ල පා කර හරින්නට අමතක කරන්න එපා.

උපන් ලපය 03
ඔබ ජනප්‍රිය හා ප්‍රයෝජනවත් අයෙකි. එක පිට එක පැමිණෙන අභියෝග නිසා ඔබගේ ජීවිතය කාර්ය බහුල වනු ඇත. ඔබට වැඩවලින් අඩුවක්‌ නැත. එසේම සමාජශීලි බවෙන්ද ඔබ ඉදිරියෙන් සිටී. එයට හේතුව වනුයේ හොඳින් වගකීම් උසුලමින් ඉහළට යාමට ඔබ තුළ ඇති ආශාව නිසා ය.

උපන් ලපය 04

මෙම උපන් ලපය හිමි ඔබ ආහාර පුරුදුවලදී ප්‍රවේශම් විය යුතුය. විශේෂයෙන්ම උපන් ලපය කළු පැහැති නම් සහ හොඳින් කැපී පෙනෙයි නම් හොදින් සැලකිලිමත් විය යුතුය. අවේලාවලදී පමණ ඉක්‌මවා ආහාර නොගන්න. නමුත් මෙම උපන් ලපය ලා පැහැති නම් ඔබගේ සහකරු හෝ සහකාරිය ඔබට බෙහෙවින් ආදරය කරයි.

උපන් ලපය 05
ළයේ ඉහළ කොටසේ පිහිටා තිබෙන මෙම උපන් ලපයට හිමිකම් කියන අයට දුක්‌ කරදර ස්‌වල්පයක්‌ සහිත ප්‍රීතිමත් ජීවිතයක්‌ සංකේතවත් කරයි. නමුත් වයස අවුරුදු පනස්‌ ගණන්වල පසුවෙද්දී සෞඛ්‍යය ගැන නිරෝගීකම පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

උපන් ලපය 06
මෙම උපන් ලපය හිමි තැනැත්තා ලොකු සිහින දකින, ඉතාම අපේක්‌ෂා සහගත පුද්ගලයෙකි. ඔබගේ දෛව සටහනේ සාර්ථකත්වය ගැන ඉහළින් සඳහන් ව ඇති නම් එම සිහින සහ අපේක්‌ෂා අනාගතයේ යථාර්ථයක්‌ වනු ඇත.

උපන් ලපය 07
මෙවැනි උපන් ලපයක්‌ හිමිවන්නේ ත්‍යාගශීලී හා කරුණාබර හදවතක්‌ හිමි අයටය. එසේම ඔබ තමන් කරන කාර්යයේ අවංකකම හා විශ්වාසනීයත්වය
රැකෙන පරිදි කටයුතු කිරීමට වගබලා ගනී.

උපන් ලපය 08
උදරය මත ඇති මෙම උපන් ලප හැම අතින් ම වාසනාවන්ත ජීවිතයක්‌ සංකේතවත් කරයි. ඔවුන්ගේ ජීවිතය සැහැලුවෙන් ගලා යන්නකි. අවදානම් සහගත තත්ත්වයක්‌ අඩුය. ආරක්‌ෂිතය. උපන් ලපය ප්‍රමාණයෙන් කුඩා නම් මේ ගුණාංග තවත් ඉහළ යයි.

උපන් ලපය 09
උදරයේ පහළ කොටසේ ඇති මෙම උපන් ලපය හිමි තැනැත්තා ඉතාම සෞභාග්‍යවත් පුද්ගලයෙකු බව හඟවයි. එයද ප්‍රමාණයෙන් කුඩා වන්නේ නම් වාසනා ශක්‌තිය විශාල වේ. එම උපන් ලපය තද පැහැය මෙන්ම පැහැදිලිව දැකගත හැකි එකක්‌ විය යුතුය. නාභිය අසලින් ම පිහිටා තිබේනම් ඔහු විශාල ධනවතෙකු වනු ඇත.

උපන් ලපය 10
පුරුෂයෙකුගේ මෙම ස්‌ථානයේ උපන් ලපයක්‌ පිහිටා ඇති නම් ඔහුට දරු සම්පතින් අඩුවක්‌ නැත.

උපන් ලපය 11
පපු පෙදෙසේ පිහිටා ඇති මෙම උපන් ලපයෙන් කියෙවෙන්නේ කීකරු දරුවන් ඔබ වෙත සතුට
රැගෙන එන බවයි. එම නිසා ඔබට ආඩම්බර වීමට පුළුවනි.

උපන් ලපය 12
මෙම උපන් ලපය විශාල වාසනාවක්‌ උදාකර දෙනු ඇත. සැහැල්ලුවෙන් ගලා යන ජීවිතයේ අනපේක්‌ෂිත වාසනාවන්ගෙන් ද අඩුවක්‌ නැත. මෙම උපන් ලප යුගල ලෙස පිහිටා ඇත්නම් ධනවත්, සෞභාග්‍ය සම්පන්න ජීවිතයකට හිමිකම් කියයි.

උපන් ලපය 13
පුරුෂයෙකුට මෙම උපන් ලපය පිහිටා ඇතිනම් ඔහුට සුන්දර බිරිඳක්‌ ලැබෙයි. ස්‌ත්‍රියකට නම් කඩවසම් සැමියෙක්‌ ලැබෙනු ඇත. මෙම උපන් ලපය හිමි තැනැත්තා සුන්දර පෙනුමකට උරුමකම් ඇත්තෙකි.


මුහුණේ උපන් ලප හෙළි කරන රහස්‌




කැඩපතක්‌ ඉදිරියට ගොස්‌ ඔබේ මුහුණ දෙස හොඳින් බලන්න. ඔබේ මුහුණේ උපන් ලප පිහිටා තිබෙනවා ද? උත්තරය ඔව් නම් එම උපන් ලප පිහිටි ස්‌ථාන හොඳින් මතක තබා ගන්න. මේ සමඟ ඇති රූපයේ දක්‌වා ඇති ස්‌ථානවල ඔබගෙත් උපන් ලප පිහිටා තිබෙනවා ද? එසේ නම් එම අංක වලට අදාළව විස්‌තර කර ඇති රහස දැනගන්න. ඔබගේ මිතුරන් , ඥාතීන් ආදි අනෙක්‌ අය ගේ මුහුණෙන් හෙළිවන රහස්‌ දැන ගන්නට ඔබටත් පුළුවන්.

උපන් ලප අංක 01, 02, 03

දරුවෙකු ලෙස සිටියදී ඔබ විප්ලවීය ගති පැවතුම් තිබූ නිදහස්‌ සිතිවිලි වලින් හෙබි නිර්භීත අයෙකි. නිර්මාණශීලි හැකියාවන් සඳහා සහජ දක්‌ෂතා ඔබ සතුය. එම කුසලතා හා හැකියාවන් සාර්ථක කර ගැනීමට පුළුල් නිදහසක්‌ ඔබට තිබිය යුතුය. ඔබ දායකවන ඕනෑම කටයුත්තකදී පුරෝගාමියා වීමේ වාසනාව ඔබ සතුය. ප්‍රධානියෙක්‌ යටතේ සේවය කිරීමට එකඟ නොවන බව, ඔබගේ ස්‌වාමියා තමන්ම යන ආකල්පය මුදුන් පමුණුවා ගන්නෙකි. ඒ නිසාම ඔබට දිනක වාසනාව උදා වනු ඇත.

උපන් ලපය අංක 04

ආකර්ෂණීය පෞරුෂයක්‌ හිමි ඔබ ජනප්‍රිය චරිතයකි. නමුත් ජීවිතයේ වැදගත් අවස්‌ථාවන් වලදී තීරණ ගැනීමට පසුබට වීමට ඉඩ ඇත. තවද විකල්ප කිහිපයක්‌ ඔබ ඉදිරියේ ඇති විට සුදුසුම විකල්පය තෝරා ගැනීමට ඔබ අසමත් ය. ඕනෑම කාරණාවක්‌ සම්බන්ධව වාද කිරීමට ඉතා උනන්දු මුත් කිසිවෙකු හා අමනාපයෙන් සිටීමට කැමති නැත. සන්සුන් කමක්‌ නොමැති ඔබ ක්‌ෂණිකව කෝපයට පත්වන චරිතයකි.

උපන් ලපය අංක 05

ඇහි බැමට උඩින්a පිහිටා තිබෙන මෙම උපන් ලපය හිමි ඔබට ධන වාසනාව උදාවෙනු ඇත. ඒ සඳහා ඔබ සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩියෙන් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුමය. මිහිරි - චාටු කතාවෙන් ඔබේ ධනය සූරා ගන්න මාන බලන අය අපමණ ය. කිසිවෙකු පමණට වඩා විශ්වාස නොකිරීමට වග බලා ගත යුතුය. ඔබගේ සහජ ඥාණය භාවිත කරමින් ඔබේ ආදායම ප්‍රවේශම් කර ගන්න. මුදල් පාලනය කිසිවෙකුට භාර දීම නොකළ යුතුය.

උපන් ලපය අංක 06

ඇහිබැම මත උඩින් උපන් ලපයක්‌ හිමි ඔබ උපතින් ම කලාකරුවෙකි. නිර්මාණශිලිත්වය හා හොඳ බුද්ධියක්‌ ඔබ සතුය. කලා හැකියාව ඔබට ධනය, කීර්තිය සහ සාර්ථකත්වය උදාකරදේ. නමුත් ධන වාසනාව ළඟා කර ගැනීම සඳහා ජීවිකාවක්‌ ලෙස කලාවේ

නිරත නොවී විප්ලවීය අදහසින් නව නිර්මාණ බිහි කළ යුතුය. එවැනි විප්ලවීය අදහස්‌ අනුව නිර්භීතව නිර්මාණ වල නිරත වන්නේ නම් ඔබට ධන වාසනාව උදාවනු ඇත.

උපන් ලපය අංක 07 - පවුල් ප්‍රශ්න

ඇහි බැමට පහළින් ඇති උපන් ලපයක්‌ හිමි ඔබ පවුල් ප්‍රශ්නවලට මුහුණ දෙන කෙනෙකි. එම ප්‍රශ්න නිසාම ඔබ කනස්‌සල්ලට පත්විය හැකිය. රැකියාව සඳහා ද මෙම ප්‍රශ්න බලපෑම් කරනු ඇත. ඒනිසාම වහා ම ඔබ කළ යුතු වන්නේ පවුලේ ඥාතීන් සමඟ තිබෙන ප්‍රශ්න සාමකාමීව විස¹ ගැනීම යි.

උපන් ලපය අංක 08 - ප්‍රවේශමෙන්

අධික වියදම්කාරි බව නිසා ම ඔබේ ආර්ථික මට්‌ටම අසතුටුදායක ය. සූදුව කෙරෙහි යොමුවීමට ඉතා කැමැත්තක්‌ දක්‌වයි. නමුත් සීමාව දැනගෙන ඕනෑම දෙයක්‌ කළ යුතුය. ඕනෑම තරාතිරමේ කෙනෙක්‌ වරදට පොළඹවා ගැනීමේ ශක්‌තියක්‌ ඔබ සතු නිසා නොයෙක්‌ කරදර වලට පැටලීමට සිදුවෙයි. මෙම කාරණා - සැලකිල්ලට ගෙන ප්‍රවේශමෙන් කටයුතු කරන්න.

උපන් ලපය අංක 09 නිමක්‌ නැති කරදර

ජීවිත කාලය පුරාවට ම සංකීර්ණ ප්‍රශ්න වැලකට මුහුණ දීමට ඔබට සිදුවෙනවා ඇත. මෙම උපන් ලපය මගින් සංකේතවත් වන්නේ නිමක්‌ නැති කරදර ඔබ පසුපස හඹා එන බවයි. කල්පනාකාරීව කටයුතු කිරීමට වගබලා ගන්න

උපන් ලපය අංක 10- දරුපල වලින් හිඟයක්‌ නැත.

ඔබට දරු පලවලින් හිZඟයක්‌ නැත. දූ දරුවන් සහ දරු මුණුබුරන් රාශියක්‌ පිරිවරාගෙන සතුටින් ජීවත්වීමේ දුර්ලභ වාසනාව ඔබට හිමිය. සමීපතමයන්ගෙන් පවා උදව් උපකාර ලැබේ. ඔබට ලැබෙන සහකරු හෝ සහකාරිය ද මානසික වශයෙන් පවා ඔබව තෘප්තිමත් කිරීමට සමත් අයෙකු ය.

උපන් ලපය අංක 11 ශරීර සෞඛ්‍යයට අහිතකරයි.

විවිධ ලෙඩ රෝග වලට ගොදුරුවීමේ අවදානමක්‌ පෙන්නුම් කරයි. විශේෂයෙන් ම මෙම උපන් ලපය තද පාටට ලොකුවට පිහිටියේ නම් ඔබ තම ශරීර සෞඛ්‍යය ගැන නිතර අවධානයෙන් සිටීම ඔබගේ ශරීරය සෞඛ්‍යයට හිතකරවන්නට පුළුවනි.

උපන් ලපය අංක 12 - දීර්ඝායුෂ හිමිවේ

කට කොණවන්නට පිහිටා තිබෙන මෙම උපන් ලපය ඉතාම සාර්ථක සහ සමබර ජීවිතයක සළකුණකි. ධනය සමඟ නිරායාසයෙන් ම ඔබට ප්‍රසිද්ධිය ද ලැබෙනු ඇත. දීර්ඝායුෂ හිමි ඔබට ප්‍රීතිමත් පවුල් ජීවිතයක්‌ ද හිමි ය. මෙම උපන් ලපය කාන්තාවකට පිහිටා තිබෙයි නම්, ඇය අතිශයෙන්ම වාසනාවන්ත ය. එමෙන් ම මන බඳනා අයෙක්‌ වන්නී ය.

සුපරි හොලිවුඩ් නිළි කෝට්‌ හඩ්සන්ගේ මව වන ගෝල්ඩී හොන්ගේ ද මෙම ස්‌ථානයේ උපන් ලපයක්‌ පිහිටා තිබේ. අතීතයේ සුපිරි නිළියක්‌ වූ ඈ විවාහ පත්වූයේද සුපිරි නළු කර්ට්‌ රසල් සමඟ ය. ගෝල්ඩ් ගේ ජීවිතය හැම අතින් ම සාර්ථක ය. හැම අතින් ම පිරිපුන් ය.

උපන් ලපය අංක 13

ඔබගේම දරුවන් ඔබගේ ජීවිතයේ විශාලම කණස්‌සල්ල වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වන්න. ඔබ ඔවුන් සමග සමීප සම්බන්ධතාවයන් ගොඩ නගා ගත යුතුමය. ඔබගේ දුරස්‌ථ බව ඔබට ඇතිවන ප්‍රශ්නවල මුලයි.

උපන් ලපය අංක 14

ආහාර විෂ වීම පිළිබඳ ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුය. අසාත්මිකතා ඇති විය හැක. පමණට වඩා ආහාර ගැනිමෙන් වළකින්න.

පන් ලපය අංක 15

ඔබ තැනින් තැනට යන කෙනෙකි. නිතර ගෙවල් මාරු කරන්නෙකි. අලුත් දේවල්වලටත් අලුත්ස්‌ථාන වලටත් ඔබ ඉතා කැමතිය. ඉතා හොඳ ඇසක්‌ ඇති ඔබ නිරික්‌ෂණයේ සංචාරයේ හා ත්‍රාසජනක ක්‍රියාවන්ගේ යෙදීමේ හපනෙකි.

උපන් ලපය අංක 16

ආහාර පිළිබඳ සහ ලිංගික ජීවිතයේ ඇතිවිය හැකි ප්‍රශ්න පිළිබඳ ඔබ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අධික තරබාරුව නිසා ඔබ මානසිකව දුර්වල වීමටද ඉඩ තිබේ. ඔබ අනුරාගිය. සමහර විටෙක එක්‌ අයෙකුගෙන් සෑහීමට පත්වීමට අකමැතිය. නමුත් සදාචාරයට ගරු කරන ඔබ ඒ නිසාම එම හැඟීම් යටපත් කර ගන්නා අයෙකි. නමුත් ඒ පිළිබඳව පසු තැවෙමින් මානසික පීඩනයට ලක්‌වනු ඇත.

12 comments:

  1. 16, 17, 18,... ko ewwa tika dala naanee..????

    ReplyDelete
  2. @Anonymousඒකනම් ඇත්ත සහෝ....ලැබුන ලිපියේ තිබුනේ ඔය ටික විතරයි... ලප ගැන දන්නවනම් කියන්න තිබ්බා.. ඒත් දන්නෙ නෑනේ.. :D :D

    ReplyDelete
  3. අප්පට සිරි..මැක්ක්ස...හැබැයි මෙක බොරුවක් වෙන්න ඕන...මේ විදිහටම උනා නම් මම කෝටි පතියෙක්...
    ඒක නෙමේ පමල් අයියා...එනව නේ ආදි ශිෂ්‍ය රැස්වීමට...මේ මාසේ 20 තියෙන්නේ 2000-2010 කන්ඩායම.....

    ReplyDelete
  4. ayyoooo mata 23 oneeeeeeee...........

    ReplyDelete
  5. @රත්ගමයාමේවට ඉතින් බොර්රු කියලත් බෑ.. ඇත්ත කියලත් බෑ... රැස්වීමට එන්න බලන්න ඕන මලයෝ

    ReplyDelete
  6. @Anonymousසමාවෙන්න සහෝ... මට ලැබුන ලිපියේ තිබුනේ ඔය ටික විතරයි.... මම ඔය ලප ගැන කියන්න දන්නවනම් අනිව ඔය ටික මම ලියල හරි දානවා.... හිතාගන්නකො මෙතන නැති ටිකෙන් වාසනාව ගේනව කියල...... :D :D :D

    ReplyDelete
  7. ලප post එකක් නේ....!!!

    ReplyDelete
  8. @Anonymousඔව් සහෝ....මෙදාපාර දෙන්න හිතුවෙ ලප සීන් එකක් තමයි....!! :D :D :D

    ReplyDelete
  9. මූනේ ලප ගැනත් ඕනි

    ReplyDelete
  10. ape panthiyeth lapayek innava. minihage pune eka paththaka sampurnayenma lapayak. minihata meka kiyanna one.

    http://www.dushantech.blogspot.com/

    ReplyDelete