Monday, May 31, 2010

මුණු පොත Hack කරන්නේ කොහොමද ............????


මගෙන් ගොඩක් අය අහනව මුණු පොත Hack කරන්නේ කොහොමද කියල.... ඒත් ඉතින් මට කියන්න තියෙන්නේ "මම දන්නේ නෑ කියල තමයි... !!" දන්නව නම් මටත් කියල දෙන්න..... ඒක නිසා ඔය Q එක ගැන තවත් අහන්න එපා...



Friday, May 28, 2010

වෙසක් හා ආසියාවේ ආශ්චර්යය


හුගක් අය කියන්නේ වෙසක් දවසේ වෙසක් බලන්න යන්න ඕනෙනම් ඉතින් යන්න ඕන හොදම තැන කොළඹ වෙසක් බලන්න කියල....
ඒක නිසා තමයි මම ගාල්ලේ වෙසක් පැත්තක තියල ගෙදර කට්ටියත් එක්ක කොළඹ වෙසක් බලන්න ගියේ... ගලු පාර දිගේ බම්බලපිටිය, කොල්ලුපිටිය හරහා දිගට ගියාට කියන තරම් වෙසක් සැරසිලි කොළඹ දකින තිබුනේ නෑ. බලන්නම තිබුනේ චීන්නුන්ගෙ ලයිට් විතරයි.. ඊට පස්සේ ගියා ගන්ගාරාමේ වෙසක් බලන්න.. එතනනම් වෙසක් සැරසිලි හුගක් තිබුනා
ඊට පස්සේ ගියා Galleface පැත්තේ... ගියාට මොකද ඇගිල්ලක් ගහන්න වත් ඉඩක් නෑ.. එක cancle කරල ගියා පිටකොටුව පැත්තේ තියෙනව කිව්ව තොරණ බලන්න.. හොයාගෙන හොයාගෙන යනකොට ආරචි වුනේ bus stand එක ඇතුලේ තොරණක් තියෙනව කියල..එකේ ඇතුලට යන්න ඕන නිසා bus stand එක ඉස්සරහම තියෙන බැස්ටියන් මාවත දිගේ හෙමින් හෙමින් වාහනේ ඉස්සරහට ගියා... මමත් ඉතින් වට පිට බල බලා ගියේ මේ තොරණ කොහේද තියෙන්නෙ කියල.... කොච්චර බැලුවත් තොරණක් තියා තොරණක ලයිට් එකක් වත් පේන්න නෑ..ඔන්න එතකොටම මහා සද්දයක් එක්කම වාහනේ මොකද්ද එකක වැටුන...තොරණ බැලිල්ල පැත්තක තියල ඉක්මනටම වාහනෙන් එලියට බැහැගත්ත මොකද්ද උනේ කියල බලන්න.. අප්පට සිරි වෙන්න ඕන ...එතකොට තමයි දැක්කේ වාහනේ ආසියාවේ ආශ්චර්යමත්ම මහා වළක වැටිල.. අනේ ඉතින් මොනව කරන්නද පාරේ හිටපු කට්ටියක් කතාගෙ ඉතින් පොඩි තල්ලුවක් (පොඩි කියන්නේ ඉතින් පොඩිමත් නෙවෙයි.. මහ තල්ලුවක් ) දාල වහනේ ගොඩ දාගත්ත.... ගොඩ දාගත්තු ගමන් තමයි දැක්කේ එකේ ඇතුලේ ලයිට් දාල නැති තොරණ... මට තොරණේ ලයිට් දාල තිබුනේ නැති වුනා තොරණේ තරු පත්තුවෙනව වගේ දැක්ක..

පස්සේ තමයි හිතුනේ ලoකාව ආසියාවේ ආශ්චර්යමත්ම රට වෙන්න මහා වලවල් කපාගෙන කරන උත්සාහයන්....



Facebook Vedio chat


Facebook Vedio chat තියෙනව කියල ලින්ක් එකක් මට අද යාලුවෙක් එව්වා... හැබයි එක හරියට වැඩ කරනවද කියල නම් මට බලන්න බැරි උනා..... ඕනනම් උත්සාහ කරල බලන්න....

මෙතනින් කොටන්න
>
>


Tuesday, May 25, 2010

නොමිලේ මුණු පොතේ සැරිසරමු..........














මේක හරියන්නෙ හැබැයි මොබිටෙල් පාවිච්චි කරන අයට විතරයි....
වෙනදා phon එකෙන් මුණු පොතට යන්න තියෙන m.facebook.com ලින්ක් එක වෙනුවට 0.facebook.com කියන ලින්ක් එක type කරන්න විතරයි තියෙන්නේ...
හැබැයි වෙනදා වගේ මුණු පොතේ තියෙන පින්තුර මුකුත් පෙන්න්නන්නේ නෑ.. ඒකට එකේ තිය්න photo කියන ලින්ක් එක කොටන්න වෙනවා.... ඒත් ඒක කොටල පින්තූර බලනවට නම් සල්ලි අයකරගන්නව..............
උත්සාහකරල බලන්න.....!!!!!!!!!!




Monday, May 24, 2010

වෙබ් පිටුවක් සම්පුර්ණයෙන්ම භාගත කරමු....

අද මම කියන්න යන්නේ වෙබ් පිටුවක් සම්පුර්ණයෙන්ම download කරන්නෙ කොහොමද කියල... මේක කරන්න කලින් පොඩි software කට්ටක් පරිගනකයට install කරගන්න වෙනවා.. ඒක www.httrack.com වෙබ් අඩවියෙන් download කරගන්න පුළුවන්.

මේ එකෙන් අපට ඕන වෙබ් එකට සම්බන්ධ සියළුම වෙබ් පිටු පරිගනකයට download කර ගන්න නිසා internet නැතිව වුනත්(offline ඉන්නකොට ) internet වල ඉන්නවා වගේ වෙබ් පිටුව තුල සැරිසරන්න පුළුවන්..

මුලින්ම SW එක download කරගන්න වෙනව......



1 පියවර

පළමුව SW එක පරිගනකයට install කරගන්න...








2 පියවර

SW එක විව්ර්‍ත කර ඊලග පියවරට යන්න..




3 පියවර

මෙහි Project Name යටතේ ඔබට අවශ්‍ය නමක් ලබා දිය හැක...
Base Path තැනින් පරිගනකය තුල වෙබ් පිටුව වීමට අවශ්‍ය තැන තොරා දිය හැක.




4 පියවර

මෙහි Action මගින් වෙබ් පිටුව සේව් කරන්නේ කුමන ආකාරයට දැයි තොරා දිය හැක..

*Download web site(s)- සම්මත සැකසුම් අනුව වෙබ් එක පරිගනකයට සේව් වේ..
* Download web site(s) + questions -වෙබ් එක සම්මත සැකසුම් අනුව පරිගනකයේ සේව් වන අතර එම වෙබ් එකට අදාළ ඇතැම් ලින්ක් download කිරීමට මත්තෙන් ඒවා download විය යුතු දැයි විමසයි..
*Get individual files -මෙමගින් තනි වශයෙන්file download කරගත හැක..
*Download all sites in page(multiple mirror)-මෙහිදී අදාල වෙබ් පිටුව සම්පුර්ණයෙන්,වේගයෙන් download කරගත හැකි වේ.

Web Address යටතේ download වීමට අවශ්‍ය වෙබ් පිටුවේ ලිපිනය ලබා දෙන්න..




5 පියවර

මෙහි "Disconnect when finished" තේරීම මගින් වෙබ් පිටුව download වීමෙන් පසුව නෙට්වර්ක් සම්බන්ධතාවය විසන්ධි කල හැක.

එමෙන්ම "Shutdown PC when finished" තේරීම මගින් පරිගනකය ස්වයන්ක්‍රියව shutdown කිරීමට හැක.



6 පියවර

වෙබ් පිටුව download වීම ආරම්භ වේ....





Friday, May 21, 2010

ශ්‍රි ලoකා ටෙලිකොම් වෙතින් අගනා පණිවිඩයක්



"අකුණු සැර වැදීම නිසා ඔබගේ පරිගනකයට හා ADSL උපකරණ වලට හානි සිදුවිය හැකි බැවින්, අකුණු ගසන විට ADSL උපකරාණ සියල්ල දුරකතන මාර්ගයෙන් විසන්ධි කර තබන්න....
එසේම සියළුම විදුලි සැපයුම් ගලවා දමන්න....."

~~Sri Lanka Telecom~~

Wednesday, May 19, 2010

අලි මදිවට හරක්.......




මේ දවස්වල ඉතින් අම්බානක වහිනවනේ..... කාළගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව කියන්නේ මේ වැස්ස තව ටික දවසකින් පායනව කියල... ඒත් තව ටික කාලෙකින් නිරිත දිග මෝසම පටන් ගන්නවලු... එතකොටත් ඉතින් වැස්සම තමයි... මොනව කරන්නද..???? අලි මදිවට හරක් වගේ තමයි.....

මොනව උනත් කියන්න තියෙන්නේ එක දෙයයි..... ගෙදරින් පිට යනකොට කුඩයක් අරගෙන යන්න.... :) :) :) :) :)



Monday, May 17, 2010

රණවිරු සතිය නිමිත්තෙන්.........

අපි රණවිරු සතිය නිමිත්තෙන් අපේ මුහුණු පොතේ පින්තුරයට ජාතික ධජයක් දමමු...........!!!!!!!!!!!!!!!!!!


මෙන්න සිහ ධජය...





මෙය ඔබේ මුණු පොතතේ profile පින්තුරය සදහා upload කරන්න