Monday, July 9, 2012

රිච්මන්ඩ් රළ 2008 සංවිධානය කල වික්ටර් රත්නායකයන්ගේ ගාලු පුර අවසන් ස ප්‍රසංගය අතිසාර්ථකයි

රිච්මන්ඩ් රළ 2008 මගින් සංවිධානය කල ගාලු පුරවරේ අවසන් වරට පවාත්වන වික්ටර් රත්නායකයන්ගේ '' ප්‍රසංගය අතිසාර්ථක ලෙස ජූලි 7 වන දින  සවස 6:30 ට කරාපිටිය වෛද්‍යපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත් විය.


සවස 6.30 ආරම්භ කරන ලස මෙම ප්‍රසංගයට නැරඹීමට බොහෝ ජනකායක් පැමින සිටි ආකාරය දක්නට ලැබුනි.. ශාලාව තුල තිබූ සියලු ආසන පිරී ගියද මෙම ප්‍රසංගය නැරඹීමට බොහෝ පිරිස් උද්යෝගීමත් වූ අතර අවසානයේ ඇතැම් පිරිස් ආසන නොමැතිවද මෙම අවසාන ස ප්‍රසංගය නැරඹීමට කැමැත්ත ප්‍රකාශ කර සිටියහ.
ඔවුන්ගේ ඉල්ලිමද ඉටු කල සංවිධායක මණ්ඩලය ඔවුනටද මෙම අවසාන ස ප්‍රසංගය නැරඹීමේ අවස්ථාව උදාකර දුන්හ..මේ සියල්ලන්ගෙන්ම පෙනි යන්නේ රළ 2008 සංවිධානය සංවිධානය කල මෙම ප්‍රසංගයේ සාර්ථක බාවයයි.


රිච්මන්ඩ් රළ 2008 සංවිධානය මගින් මෙම 'ස' ප්‍රසංගය සංවිධානය කිරීමේදී විවිධ බාදක කම්කටොලු රැසකට මුහුණ දීමට සිදු වුවද රිච්මන්ඩ් රළ 2008 සියලු සාමාජිකයන් එකාවන්ව අත්වැල් බැද සිදු කල මෙම දැවැන්ත කාර්යය සියලු දෙනාට ආදර්ශමත් ක්‍රියවක් විය.මෙම ප්‍රසංගය සංවිධානය කිරීමේදී ඇතැම් පිරිස් මෙම ප්‍රසංගය නැවැත් වීමට උත්සාහ කලද රිච්මන්ඩ් රළ 2008 සාමාජිකයින් එකාවන්ව, එකම සහෝදර කැළක් මෙන් අත්වැල් බැද සිදු කරන ලද දැවැන්ත ක්‍රියාව අවසානයේ සියල්ලන්ගේම දහඩිය මහන්සියේ ප්‍රතිඵලයක් විය


මෙම දැවැන්ත කාර්යයට විශාල පිරිසක් තම වටිනා කාලය කැප කල අතර ඔවුනට හිස නමා ආචාර කල යුතුය. කරාපිටිය වෛද්‍යපීඨ ශ්‍රවණාගාරය විශාල ජනගගක් ගැලුවේ මෙම සියලු පිරිසගේ සහයෝගය හා එකමුතුකම නිසාය.


මේම ප්‍රසංගය සිදුකර ගතව නොහැකිව පරාජය දැකීමට බලාසිටි පිරිසක්ද නැතුවාම නොවේ.නමුත් ඔවුන්ට තවමත් බලා සිටීමට සිදුව ඇත.මන්ද රිච්මන්ඩ් රළ 2008 විශාල ජයක්ග්‍රහණයක් දැනටමත් ලබා අවසන්ය.


අපි රිච්මන්ඩ් මාතාවගේ දරුවන්ය..එමෙන්ම රිච්මන්ඩ් රළ 2008...සියලු බාධක බිද දමමින් නොනැවති ඉදිරියටම.......!!!!!































'ස' ප්‍රසංගයේ සියලුම ඡායාරූප 




*
*
*


RICHMOND රළ 2008

web::   www.richmondrala.org

email:: info@richmondrala.org

*
*
*





5 comments:

  1. රළ 2008 වැඩක් කරොත් ඉතින් තිතටම තමයි

    ReplyDelete
  2. මැක්සා මැක්සා

    ReplyDelete
  3. suba pathum....."Siyalla Richmond namatai nowe kisiwak thamanata".....All the bst Aiyala.........

    ReplyDelete
  4. Niyamai kollo! sira....
    RALa vadak karoth supiri thama..

    ReplyDelete
  5. රළ 2008 කියන්නෙ දැන් ඉතින් ලොවෙත් නැති සෙට් එකක් තමා... ඒකෙ 2ක් නෑ...

    ReplyDelete